🖤 75 🖤

332 49 20
                                    

ඔයා මොනාද කන්න කැමති ප්‍රින්සස්?

ෂෙලීව වඩාගෙන ආව ජන්කුක් චුටි කෙල්ලව කිචන් ෆැන්ට්‍රිය උඩින් ඉන්දන ගමන් අහනකොට ෂෙලි ජන්කුක් දිහා බලන් හිටියෙ බයෙන්.

ඔයා මාව ආයිත් කරුවල කාමරේ හිර කරන්නේ නෑ නේද? එතන ගොඩක් කරුවලයි මට ගොඩක් බය හිතුණා.

ෂෙලි බයෙන් කියනකොට ජන්කුක් චුටි කෙල්ල ළඟට ලං වෙලා ඒ ලොකු අත් අතරට ෂෙලිගෙ රෝස පාට කම්බුල් හිර කර ගත්තා.

නෑ ප්‍රින්සස් ඩෑඩ් ආයිත් මගේ චුටි ප්‍රින්සස්ව ඒකෙ හිර කරන්නේ නෑ. ප්‍රොමිස්. ඩෑඩ්ට සමාව දෙන්න.

ජන්කුක් ලොකු දුකක් එක්ක මුලු හදවතින්ම පසුතැවෙන ගමන් කියනකොට ෂෙලි ජන්කුක්ගෙ ආදරෙන් පිරුනු ඇස් දිහා බලන් හිටියා. ජන්කුක් මොන දේ කරත් චුටි ෂෙලි ජන්කුක්ගෙ බෝල ඇස් ළඟ ගොඩක් දුර්වලයි. ඒ බෝල ඇස් වලට ආදරේ හිතෙනවා.

මන් සමාව දෙන්නම්. ඒත් ඔයා මගේ ඩෑඩ් නෙමෙ නේ.

හ්ම්ම් මන් කොහොමද ඒ ගැන ඔයාට පැහැදිලි කරන්නේ ෂෙලි. මායි ඔයාගෙ ඇත්තම ඩෑඩ්.

ජන්කුක් අත් මිටි කරන් තරහා උපරිමෙන් පාලනේ කරන ගමන් කතා කරේ ෂෙලි ඉදිරියේ කේන්ති ගන්න එකෙන් චුටි කෙල්ල තවත් තමන්ට බයවෙන නිසා. ජන්කුක්ට තරහයි. ඒ තරහා ගොඩක්ම තිබ්බෙ මිෂෙල් එක්ක. මිෂෙල් අවුරුදු හයක් තිස්සේ ෂෙලීව හංගන් නොහිටියනම් අද ෂෙලි මේ වගේ ප්‍රශ්නයක් ජන්කුක්ගෙන් අහන්න නොතිබෙන්න තිබ්බා.

ජිමින්ව තාත්තා වගේ මවා පාලා ඇත්ත තාත්තා වුණ ජන්කුක්ව ෂෙලිගෙන් ඈත් කරේ මිෂෙල්! ඒ තරහා ජන්කුක්ගෙ හිතේ ගොඩක් තදින්ම තිබ්බා.

ජන්කුක්ගෙ වචන එක්ක චුටි ෂෙලීට පුදුම හිතුණත් ෂෙලි මුකුත් නොකියා ජන්කුක් දිහා බලන් හිටියෙ ඒ කලු බෝල ඇස් තවත් බෝල කරගෙන. ඒ දිහා බලන් හිටිය ජන්කුක්ගෙ මුණේ ඇඳුනේ ලස්සන හිනාවක්.

ඉතිං කියන්නකෝ මොනාද මගේ ප්‍රින්සස්ට ඕනේ?

ම්ම්ම් බනානා මිලක් එකක්. ඒ මගේ ෆෙවරිට්.

ෂෙලි සතුටෙන් කියනකොට ජන්කුක් ෂෙලිගෙ සතුටෙන් දිලිසෙන ඇස් දිහා බලන් හිටියෙ ආසාවෙන්.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now