🖤 43 🖤

202 41 13
                                    


AFTER TWO MONTHS.

මාස දෙකක් ගෙවිලා ගියෙ ගොඩක් සමකාමිව. ඒත් කතාවක් තියෙනවනෙ කුණාටුවකට කලින් පරසරෙ ගොඩක් සන්සුන් කියලා. අන්න ඒ වගේ සමහර හිත් සතුටින් හිටියත් තවත් හිත් හිටියෙ වෛරයෙන් මත්වෙලා. ගෙවන හැම විනාඩියෙම ඒ හිත් අනෙකාගෙන පලිගන්න විදිහ හිතමින් හිටියා.  

මිෂියා මට තාම හිතා ගන්න බෑ ජන්කුක් හියුං ඔයාට තනියම මාත් එක්ක යන්න දුන්න කියලා.

මිෂෙල් ජිමින් හිටියෙ යුනි ඉවරවෙලා ගේට් එක ළඟ.  මුණේ කවදාවත් නැති විදිහට සතුටෙන් පුරවන් ඉන්න මිෂෙල්ගෙන් ජිමින් අහනකොට කෙල්ලගේ මුණේ ඇඳුනේ ලස්සන හිනාවක්.

මන් කිව්වෙ ජිමිනි කූ අපි හිතුව තරම් නරක නෑ. එයා හරි හොදයි.

හ්ම්ම් ඒත් ඉතින් හරි අමුතුයි වගේ.

හුස්මක් පිඹලා ජිමින් කියනකොට මිෂෙල් ඇහිබැමක් උස්සලා කොල්ලා දිහා බැලුවේ 'ඒ ඇයි.' කියලා අහන්න වගේ.

නෑ ඉතින් මෙච්චර කාලෙකට ජන්කුක් හියුං ඔයාට තනියම කොහෙවත් යන්න දුන්නෙ නෑ නෙ ඒකයි.

තනියම නෙමෙ ජිමිනි අර බලන්න.

ජිමින් කියපු කතාවත් එක්ක මිෂෙල් පිටිපස්ස හැරිලා ඇස් වලින් පෙන්නුවේ එයාලට තරමක් ඈතින් ඉන්න ජන්කුක්ගෙ ආරක්ෂකයින්ව.

ගාඩ්ස්ලා නේද?

ඔව්. කූ මාව ඔයත් එක්ක ඇවිදින්න යන්න ප'මිෂන් දුන්නෙ ගාඩ්සලට පෙන මානේ ඉන්න කියලා. 

මිෂෙල් කට චුට්ටක් ඇද කරලා කියනකොට ජිමින් හිනාවෙලා කෙල්ලගේ කොන්ඩේ ඇවිස්සුවා.

අද මිෂෙල්ට ගොඩක් සතුටු දවසක් මොකද අද කෙල්ලට ජන්කුක් අවසර දුන්නා ජිමින් එක්ක ඇවිදින්න යන්න. ජන්කුක් වුණත් වැඩි අකමැත්තක් නොපෙන්නා කෙල්ලට යන්න දුන්නෙ හැමදාම කෙල්ලව ගේ අස්සට හිර කරන් ඉන්න බැරි නිසා. ඒත් ජන්කුක් මිෂෙල්ට යන්න දුන්නෙ ලොකු ලෙච්ච එකකට පස්සෙ.

~ ලව් මන් ඔයාට යන්න දෙන්නේ ඔයාගෙ සතුට වෙනුවෙන්. ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට ලව්. ඒ නිසා මන් ඔයා පස්සෙන් දාලා ඉන්න ගාඩ්ලාව මග අරින්න බෑ. එයාලට පෙන මානේ ඔයා ඉන්නන් ඕනෙ. අනිත් දේ ඔය ජිමින් කාරයගෙ ඇගේ ඔනවටත් වඩා එල්ලෙන්න යන්න එපා. මොකද ඌ කොල්ලෙක් ඔයා කෙල්ලෙක්නේ ලව්. විශේෂම දේ හවස් වෙන්න කලින් ගෙදර එන්න ඕනේ. මන් ඔෆිස් ගිහින් එන්න කලින් ඔයා ගෙදර ඉදි කියලා මන් හිතනවා ලව්. පරිස්සමින් මැණික. ඔයාට කරදරයක් වෙනවා මට බලන් ඉන්න බෑ. ඕකේ.~

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now