🖤 33 🖤

334 41 16
                                    


ජන්කුක් කිසි කතාවක් නැතුව වාහනේ ඩ්‍රයිව් කරන එක මිෂෙල්ට ලොකු දුකක් ගෙනවා. අඩුම ජන්කුක් එයාට බැන්නෙවත් නෑ. හැඟීම් රහිත මුණකනි වාහනේ ඩ්‍රයිව් කරන ජන්කුක් දිහා මිෂෙල් කීපවතාවක්ම බැලුවත් ජන්කුක් මිෂෙල් දිහා බලන්නවත් වද වුණේ නෑ.

' එයාට තරහා ගිහින්ද? ඒත් ඇයි එයා සද්ද නැතුව ඉන්නෙ? මට දුකයි ජන්කුකි ඔයා ඔහොම ඉන්නකොට.'

මිෂෙල් බිම බලන්ම හිතුවා. ජන්කුක් යුනි එක ඇතුලේ හැසිරුණ විදිහ මිෂෙල්ට මතක් වුණා.

' එයා මට ලව් කියලා කිව්වෙත් නෑ. ඒ කියන්නේ මාත් එක්ක ජන්කුකි ඉන්නෙ තරහෙන්.'

ජන්කුක් දිහා ඇස් කොනින් බලන ගමන් මිෂෙල් හිතුවා. ඒත් මිෂෙල් හිටියෙ තියන නිහඩියාව එක්ක ඔලුව අවුල් කරගෙන.

ජන්කුකි.

-----

මිෂෙල් කතා කරත් ජන්කුක් අඩුම මිෂෙල් දිහා බැලුවෙවත් නෑ. ඒක කෙල්ලට ලොකු දුකක් වුණා.

ජන්කුකි මියානේ. මට ඒ වෙලාවේ තරහා ගියා. මට සමාව දෙනවා නේද?

-----

ඒත් ජන්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. ජන්කුක් මිෂෙල් කියලා කෙනෙක් නැති විදිහට වාහනේ ඩ්‍රයිව් කරනවා.

අනෙ ඔහොම කතා නොකර ඉන්න එපා. ම්. මට දුක හිතෙනවා.

-----

මිෂෙල් ඔලුව බිමට බර කරන් ඇස් වලින් එළියට එන්න පොරකන කඳුලු ජන්කුක්ට නොපනෙන්න වෙව්ලන හඬකින් කිව්වත් ජන්කුක් සද්දයක්වත් කරේ නෑ. කොච්චර කතා කරත් ජන්කුක්ගෙන් වචනයක් ගන්න බෑ කියලා තෙරුණ මිෂෙල් නිහඩ වුණා.

විනාඩි ගාණක් ඇතුලත ජන්කුක්ගෙ අවුඩිය ඇවිත් ජොන් මැන්ශන් එකේ ගාඩ්න් එකෙන් ජන්කුක් නැවැත්තුවා. මිෂෙල්ව ගණන් නොගත්ත ජන්කුක් වාහනෙන් බැහැලා ගියේ මිෂෙල්ව වාහනේ ඇතුලේ තනි කරලා.

එයා ඉන්නෙ මාත් එක්ක තරහින්. ප්ලිස් ගෝඩ් මට එයාව යාලුකර ගන්න උදව් කරන්න. 

වේගෙන් මැන්ශන් එක ඇතුලට ඇවිදන් යන ජන්කුක් දිහා බලන් මිෂෙල් කිව්වේ දුකෙන්.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now