🖤 01 🖤

1K 58 6
                                    

බොස්.

හ්ම් කියන්න.

අරුව අපෙ ප්ලෙස් එකට ගෙනාවා බොස්.

මෙච්චර වෙලා තමන්ගෙ කාර්යාලයේ පුටුවක් උඩ ඉදගෙන එක් අතකින් ඡායාරූපයක් ඇතැතිව සිටි ඒ පුද්ගලයා තමන් ඉදිරිපිට සිටින ගෝලයා දෙස බැලුවේ කට කොණේන් නන්වාගත් සිනාහවකුත් සහිතවයි....

හරි මන් එන්නම්.

එසේ පැවසු එම පුද්ගලයා තම පැලද සිටි කණ්ණාඩි යුගලය ගලවා මේසය උඩින් තබා ඉඳන් සිටි ස්ථානයෙන් නැගිට්ටේ තම ළඟම සේවකයා ඇවිත් තමාට කියු ඒ අමුත්තව බැලීමට යන්න.
.

.

.

බොස් මෙ තමයි ඌ.

තමන්ගෙ ළඟම සේවකයා එසේ පැවසු විට කලු වෙස් මුහුණකින් මුහුණ ආවරණය කර ගත් එම පුද්ගලයා ටිකින් ටික ලං වුණේ තමන්ගෙ ඉදිරිපිට පුටුවක ගැට ගසා සිටින තරමක් තරුණ පිරිමියා දෙසටයි...

හරි අපි කෙලින්ම කතාවට බහිමුකො. මට කියපන් මගේ ඩ්‍රග්ස්ටික කෝ.

කලු වෙස් මුහුණ පැලඳ සිටි එම පුද්ගලයා එසේ ඇහුවත් ඔහුගෙ ඉදිරිපිට ගැට ගසා සිටින පුද්ගලයගෙන් ඔහුට හමුවුණේ කට කොණේ රැඳුනු හිනාවක් පමණි.....

මන් තොගෙන් ප්‍රෂ්ණයක් ඇහුවා ඒකට උත්තර දියන්!!!

කලු වෙස් මුහුණ පැලඳ සිටි පුද්ගලයා තමන්ගෙ කේන්තිය පාලනය කර කතා කරන්න හැදුවත් තමාගෙ ඉදිරිපිට සිටින පුද්ගලයා නිසා ඔහුගෙ කේන්තිය වැඩි වන එක පමණයි සිදු වුයේ.

ඇයි මම කිව්වේ නැත්තම් උබ මට මොනා කරන්නද? ආ කියපන් ඉතිං.

මොනා කරන්නද නේද? හ්හා උබ මට ඇත්ත කිව්වේ නැති වුණොත් තොගේ ඔය අඩු ටික අමු අමුවෙම කපලා දානවා!!!.

කලු වෙස් මුහුණ පැලඳ සිටි පුද්ගලයා එසේ පැවසු විට අනෙක් තරුණයගෙ මුහුණේ තිබුණු සමච්චල් සහගත හිනාව මැකි ගොස් මුළු මුහුණම අඳුරු වී ගියේ එක් ක්ෂණයකිනි.....

මොකද උබ බයවෙලා ආ. දැන්මම බය වෙන්න එපා. මොකද මන් උඹට තාම මුකුත් කළේ නෑ. ඉතිං හොඳ එකා වගේ කියපන් මගේ ඩ්‍රග්ස් ටික කෝ.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now