💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Last Part 🍁💙

587 42 17
By du-mi-001

ඔයාලා හිතුවෙ රිතූ නැති උනා කියලා නේද 😥 නෑ ...... රිතූ පනපිටින්  ඉන්නවා . ඒත් මැරුන කෙනෙක් වගේ .

.

.

.

              Flashback .......

         

.

කට්ටියම එක එක දේවල් ඇහුවත් ආදි වචනයක්වත් කිව්වෙ නෑ . ඒ වෙනුවට එයාගෙ ඇස් දෙකෙන් කදුලු පෝලිම් දෙකක් ගලාගෙන ගියෙ එතකොටම  එලියට ආපු ඩොක්ටර් චෝයි දිහාට හැමෝම හැරෙද්දි .

👩‍⚕‍ I'm sorry Mr. Jeon .....😥

🐰 නෑ  එහෙම වෙන්න බෑ 🥺🥺 මේක මේක බොරුවක් . ඩොක්ටර් කියන්න මට මේක බොරුවක් කියලා . එකපාරක් කිව්වම මේක බොරුවක් කියලා කියනවා 😭😭😭

👩‍⚕‍ I'm sorry Mr. Jeon ..... ඒත්  ......................................................................................................................................................... ඒත් අපිට එයාගෙ ජීවිතේ බේර ගන්න පුලුවන් උනත් එයා කවදා ආයිමත් නැගිටීද කියලා කියන්න බෑ .

🐰 මෝහ් ........😳

🐨 ඩො ඩොක්ටර් චෝයි ඔයා මොනවද මේ කියන්නෙ  😥

👩‍⚕‍ඔව් මිස්ට ජියෝන් ...... රිතූ තාමත් ජීවත් වෙනවා ඒත්  මැරුන කෙනෙක් වගේ ඉන්න වෙයි එයාට.

🐰 ඩොක්ටර් ඔයා මොනාද කියවන්නෙ. රිතූ බේර ගන්න පුලුවන් උනාද. එතකොට එතකොට මගෙ රිතූ ජීවත් වෙනවද. ඒත්

🐨 ඩොක්ටර්  ප්ලීස් තේරෙන විදිහට කියන්න මොකක්ද උනේ කියලා . අපේ රිතූ හොදින් නේද .

👩‍⚕‍ ඔපරේෂන් එක ගොඩක් හොදට කරගන්න පුලුවන් උනත් හදිස්සියෙම ඔපරේෂන් එක අතරෙදි එයාට හාට් ඇටෑක් එකක් ආවා .ඒ නිසා එයාගෙ සිටුවේශන් එක ගොඩක් නරක අතට හැරුනත් එයාගෙ ජීවිතේ බේර ගන්න අපිට පුලුවන් උනා . ඒත් දැන් එයා ඉන්නෙ මොන වගේ තත්වෙකද කියලා හරියටම කියන්න බෑ අපිට . පැය විසිහතරක් යනකම් එයාට සිහිය ආවෙ නැත්තං එයා කෝම එකකට යයි . ඒ නැතත් එයාට සිහිය ආවොත් කවදාවත් ආයිමත් කලින් වගේ එයාට නැගිටින්න බැරි වෙයි . මොකද අපි හිතුවට වඩා තත්වෙ ගොඩක් සීරියස් . ඉතින් එයා පැරලයිස් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී.

🐰 ඩො ඩොක්ටර් ........😥

🐨 හරියටම එයා නැගිටින කාලයක් කියන්න බැයිද ඩොක්ටර් .

👩‍⚕‍ I'm sorry mr. Namjoon  ...... එයා අදද, හෙටද, තව සතියකින්ද, මාසෙකින්ද, අවුරුද්දකින්ද, අවුරුදු කීපෙකින්ද, නැත්තං සදහටම  මෙහෙම නිදාගෙන ඉදීද කියලා හරියටම කියන්න බෑ . මොකද ඒක තීරනේ කරන්න ඕනි එයා . ඉතින් අපිට තියෙන්නේ රිතූ ඉක්මනට නැගිටින්න කියලා ප්‍රේ කරන්න .

" ඩොක්ටර් එයා නැගිටින දවසක් කියන්න බැයිද  😥 "

👩‍⚕‍මෙහෙමයි මිස්ට අශේන් ...... හරියටම කියන්න බෑ . ඒත්  පුලුවන් තරම් එයා එක්ක කතා කරන්න . මොකද එයාට අපි හැමෝම කියන දේවල් ඇහෙනවා. එයා ඉක්මනට නැගිටින්න කියලා ප්‍රේ කරන්න . මන් හිතනවා රිතූ ගොඩක් ඉක්මනට නැගිටී කියලා . මොකද එයා ගොඩක් ශක්තිමත් ගර්ල් කෙනෙක් . 😊

🐨 Thanks Doctor . Thank you very much .....

" Thanks Doctor ....😥 "

ඩොක්ටර් චෝයි එහෙම කියලා යන්න ගියත් මෙච්චර වෙලා අඩ අඩ ඉදපු කාටවත්ම ඒ දේවල් හරියට ඇහෙන්න නැතුව ඇති . යුන්ගිගෙ බල කිරිල්ලටම අනූ දෝයුන් දෙන්නව හොබී නම්ජුන් ගෙදර අරන් ගියත් රිශී යවාගන්න එයාට බැරි උනා . මොකද රිශී අසනීපෙන් ඉදපු නිසාත් අඩලා අඩලම මහන්සියට කෙල්ල යුන්ගි අතේම ෆේන්ට් උනා 😔😔😔

රිතූ VIP රූම් එකකට මාරු කලත් ජන්කුක් අශේන් දෙන්නා රිතූ ලගින් එක මොහොතකට වත් අයින් උනේ නෑ . ඒත් ආදිගෙ බල කිරිල්ලටම රෑ වෙලා අශේන් ජන්කුක් එක්ක ආයිමත් ඩෝම් එකට ආවෙ රෑට ආදි රිතූ ලග ඉන්නම් කියපු නිසා .

පහුවදා උදේම හැමෝම රිතූ බලන්න ගියත් ඒ හැමෝම අපිට ආවෙ කදුලු වගුරවලා. අශේන් එයාලගෙ තාත්තට විස්තරේ කියලා තිබ්බ නිසා එයලගෙ තාත්තා වගේම හශේන් , ශේන් දෙන්නත් පුලුවන් ඉක්මනට කොරියා වලට ආවත් එයාල පරක්කු වැඩී. මොකද ඒ කිසිම කෙනෙක් දකින්න, එයාල එක්ක කතා කරන්න රිතූ ඇහැරලා ඉදියේ නෑ .

දවස් දෙක තුනක් එකම විදිහට ගෙවිලා ගියත් හැමෝම පුලුවන් විදිහට හිත හදා ගත්තෙ සුමී නිසා . විශේෂයෙන්ම ජන්කුක් . කොච්චර අමාරු උනත් ජන්කුක් ශක්තිමත් උනේ රිතූ එයාගෙන් ඉල්ලපු අන්තිම දේ සුමී බලාගන්න කියන එක නිසා .

ඒත් ඔය අතරෙ රිතූගෙ තාත්තා රිතූ වගේම සුමීවත් ආයිමත් ලංකාවට අරන් යන්න හැදුවෙ තව දුරටත් එයාල කොරියා වල ඉන්න ඕනි නෑ කියලා . ඒත් යුන්ගි අශේන් වගේම ජන්හියුන්ග්ගෙ මැදිහත්වීමෙන් සුමී ජන්කුක් එක්ක තියන්න රිතූලගෙ තාත්තා කැමති උනත් එයාගෙ දුව ආයිමත් අරන් යන්න එයාට ඕනි උනා .

ඒත්  රිතූ අරන් යන එක එයා ඉන්න තත්වෙත් එක්ක ටිකක් බයානක නිසා ඩොක්ටර් චෝයිගෙ වගේම ආදිගෙත් කීමට රිතූගෙ තාත්තා එයාව මෙහෙ තියන්න කැමති උනා . මොකද ආදිත් රිතූ එක්කම මෙහෙ නවතිනවා කියපු නිසා එයාලගෙ තාත්තා ඒකට කැමති උනත් හශේන්ට නම් ඕනි උනේ එයාගෙ නංගිව කොහොම හරි ආයිමත් අරන් යන්න . මොකද තාත්තා වගේම රිතූගෙ චූටි අයියා කැමති උනේ නෑ ජන්කුක් පේන මානෙකවත් රිතූ තියන්න.

මාස තුන හතරක්  මේ විදිහට ගියත් රිතූගෙ කිසිම වෙනසක් තිබ්බෙ නෑ . ජන්කුක් සුමී , යුන්ගි රිශී වගේම අනිත් හැමෝමත් මේ කාලෙ පුරාවටම රිතූ නැගිට්ටවන්න ගොඩක් උත්සහා කලත් ඒත්  රිතූ ඒවට ප්‍රතිචාර දැක්කුවෙ නෑ .

ඔය කාලෙදි රිශීටත් එයාගෙ ගෙදරින් ප්‍රශ්න ආවත් රිශීට රිතුයි සුමී දාලා ආයිමත් යන්න ඕනි උනේ නෑ . ඒ නිසාම යුන්ගි ලෝකෙටම හොරෙන් රිශීව මැරි කලේ ගෙවල් දෙකේම ආශිර්වාදය මැද්දේ .

ආදිටත් හදිස්සියෙම ආයිමත් ලංකාවට යන්න උන නිසා රිතූගෙ තාත්තා ආයිමත් එයාව ලංකාවට අරන් යන්න හැදුවත්  සුමීගෙන් රිතූ ඈත් කරන්න එපා කියලා ජන්කුක් වගේම අනිත් හැමෝමත් ඉල්ලපු නිසා එයා රිතූව තියලා යන්න කැමති උනත් කවද හරි රිතූ නැගිටිනකම් රිතූ ජන්කුක්ගෙ ගෙදර තියන්න නම් එයා කැමති උනේ නෑ . මොකද ඒකට හේතුව ජන්කුක්ගෙ ඔම්මා .

ඒත් යුන්ගි රිතූව එයාගෙ ගෙදර අරන් ගිය නිසා හැමෝගෙම ප්‍රශ්න විසදුනත් රිතූට නම් සනීප උනේ නෑ . ඒත් හැමොම හැමදාම බලාගෙන ඉදියේ රිතූ අද නැගිටී හෙට නැගිටී කියලා .

.
.
.

               Flashback End .....





.

.

Rithu Pov  🌹🌹🌹..........

.

උණුසුම් අතක ස්පර්ශයක් මගෙ අතට දැනුන නිසා මට ඕනි උනේ නැගිටලා ඒ කවුද බලන්න . ඒත් මට මගෙ ඇග තියෙනවා කියලා දනෙන්නෙ නෑ . ඒ කෙනා කතා කරනවා හීනෙන් වගේ ඇහුනත් මට එයාට කතා කරන්න බෑ . ඇස් ඇරලා ඒ කවුද කියලා බලන්න මට බෑ . මගෙ අතින් අල්ලගෙන ඉන්න ඒ කෙනාගෙ අත අල්ලන්න ඕනි උනත් මට බෑ .

ඒ අතේ උනුහුම  දැනුනත් හරියටම ඒ කවුද කියලා අදුන ගන්න පුලුවන් කමක් මට තිබ්බෙ නෑ . ඒත් එයාගෙ කටහඩ , ඔව් ඒ ජන්කුක් . මට දැනුනා මන් ලග ඉන්නෙ මගෙ කුකී . ඒ හුස්ම වැටෙන රටාව. ඒ ස්පර්ශයන් ,  ඒ කටහඩ , ඒ හැමදේම මගෙ ජන්කුක්ගෙ . ඔව් දැන් මට පුලුවන් ඒ කෙනා අදුන ගන්න . ඒ මගෙ ජන්කුක් . එයා කතා කරන්නෙ මාත් එක්ක .

එයා අල්ලගෙන ඉන්න මගෙ අතට එයාගෙ කදුලු වැටෙනවා කියලා දැනුනත් ඒ කදුලු පිහදාන්නවත් , එයාට අඩන්න එපා කියන්නවත් මට බැරි උනා . මට මගෙ ඇගිල්ලක්වත් හොලව ගන්න බැරි උනා 😔😔😔

ටික වෙලාවකින් යුන්ගි ඔප්පගෙ කටහඩ ඇහෙද්දි මට ගොඩක් සතුටු හිතුනෙ එයාලත් මගෙ ලගම ඇති කියලා හිතුන නිසා .

නලලට දැනුන උනුසුම් ස්පර්ශයත් එක්ක මගෙ අත අල්ලගෙන ඉදපු කුකීගෙ අතින් මගෙ අත ඇතෑරෙනවා දැනුනත් මට ඕනි උනේ නෑ ඒ අත අතාරින්න . ඒත් ඒ අත අල්ල ගන්න පුලුවන්කමක් මට තිබ්බෙත් නෑ .

මගෙ නලලට උනුසුම් හාදුවක් දීලා ජන්කුක් යුන්ගි ඔප්පා එක්ක යන්න ගියා උනත් මටත් ඕනි උනේ එයාල පස්සෙන් යන්න . මගෙ සුමී ගැන , රිශී ගැන , අනිත් කට්ටිය ගැන අහන්න මට ඕනි උනා . ඒත් නැගිටින්න , කතා කරන්න තියා ඇගිල්ලක්වත් හොල්ලන්න මට බැරි උනා 😔😔😔 ගොඩාක් වෙලා මම නැගිටින්න උත්සහා කලත් මට බැරි උනා 😔😔😔 ඇස් අරින්න ඕනි උනත්  ගම් ගාලා වගේ ඇලිලා තියෙන ඇස් දෙක ඇරගන්න මට බැරි උනා 😔😔😔

කොච්චර වෙලාවක් ඇස් ඇරගන්න , නැගිටින්න උත්සහා කලාද කියලා මන් දන්නෙ නෑ . ඒත් මන් ඇහැරුනේ ලොකු සද්දයක් ආපු නිසා . මොකද කලින් නැගිටින්න උත්සහා කරලම මට ආයිමත් නින්ද ගිහින් . රූම් එකට එලියෙන් සද්දෙ ආවත් ඒ මොකක්ද කියලා මට හිතා ගන්න බැරි උනා . මොකද හොබී ඔප්පා ජින් ඔප්පා යුන්ගි ඔප්පා ඔක්කොම කෑ ගහන සද්ද එක්ක කවුරු හරි හයියෙන් හිනා වෙනවත් මට ඇහුනා. කට්ටිය ඔක්කොම එලියෙ ඉන්නවා කියලා කටහඩවල් වලින් තේරුනත් මට නැගිටලා එයාලා ලගට යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ .

ඒත් මට මගෙ ඇස් ඇරගන්න පුලුවන් උනා . රූම් එකේ තිබ්බ එලියට එකපාරට ඇස් හුරු කර ගන්න අමාරු උනත් ටිකකින් ඒක හරි ගියා. නැගිටින්න ඕනි උනත් මගෙ අත පය තියෙනවා කියලා මට දැනුනෙ නෑ . ඇගෙ පැත්තක්ම නෑ වගේ මට දනුනෙ. යාම්තම් දකුණු අත හොලව ගන්න පුලුවන් උනත් අනිත් අත නෑ වගේ දැනුනෙ.  අමාරුවෙන් ඇරගත්ත ඇස් වලින් රූම් එක වටේම බැලුවේ මේක මට පුරුදු පරිසරයක් නෙවෙයි නිසා . ඒත් රූම් එකේ තිබ්බ ෆොටෝ වලින් නම් මට ගොඩක් ලොකු කාලයක් මගෑරිලා කියලා තේරුනේ රූම් එක පුරාවටම ගහලා තිබ්බ ෆොටෝ නිසා .

ටිකකින් කවුරු හරි රූම් එකට ආපු නිසා මන් ආයිමත් ඇස් පියා ගත්තෙ  තාමත් මට මගෙ ඇග දැනෙන්නෙ නැති නිසා . මොකද හැමෝවම බය කරන්න මට ඕනි උනේ නෑ . ආපු කෙනා ඇවිත් මාව තද කරලා බදා ගත්තෙ මගෙ පපුව උඩින් ඔලුව තියා ගන්න ගමන්.

👶 මාම්........ we miss you  😭😭😭

ඒ මගෙ සුමී . මගෙ පුංචි කෙල්ල . දැන් එයා ගොඩක් ලොකුයි . එයා මාව බදාගෙන ඉන්න විදිහටම මටත් එයාව බදා ගන්න ඕනි උනත් ඇයි මට මගෙ අත් හොලවන්න බැරි  😥 පුංචි කෙල්ල ගොඩක් දේවල් කිය කිය ගොඩක් වෙලා ඇඩුවා. ඒත් එයාව නලවගන්න මට කරන්න දෙයක් තිබ්බෙ නෑ . මගෙ ඇස් වලින් කදුලු පෝලිමක් ගලාගෙන ගියත් අඩ අඩ ඉදපු දෝනී නම් ඒක දකින්න නැතුව ඇති .

තමන්ගෙ දුව ඉකි ගගහා අඩද්දි ඒ ළමයගෙ හිත සැනසෙන්න වචනයක් කියන්න . ඔලුව අත ගාලා අඩන්න එපා කියන්න මට පුලුවන් උනේ නෑ . ටිකකින් එයාම අඩන එක නවත්තලා ඇදෙන් ඉදගෙන මගෙ අතකුත් අල්ලගෙන කතා කරන්න ගත්තා . අද දවසෙම කරපු ඔක්කොම එයා කටර් එකක් වගේ කියෙව්වා.

🐰 ප්‍රින්සස් තාම නිදා ගත්තෙ නැද්ද ම්ම්......

ජන්කුක්ගෙ කටහඩ ඇහෙනකොට මට එයාට කතා කරන්න , ඇස් ඇරලා බලන්න ඕනි උනත් මන් ඇස් පියාගෙනම ඉදියා . තාත්තයි දුවයි කියවන ඒවා අහගෙන ඉදපු මගෙ ඇස් වලින් ආයිමත් කදුලු ගැලුවෙ මට ඒ කදුලු නවත්තගන්න බැරි උන නිසා . මොකද

👶 එහෙනම් සුමීට මාම් අමතක වෙන එකක් නෑ නේද .

🐰 ඔයා ලගම මාම් ඉන්නවනෙ මැණික 😥  සුමීට මාම් ගොඩක් මතක් වෙනවද මැණික . ඔයාට මාම් කෙනෙක් ඕනිද 😥

👶 මට නිව් මාම් කෙනෙක් ඕනි නෑ ඩැඩා . මොකද මට මගෙ මාම් ඉන්නවනෙ . ඩැඩා මන් නිසා නිව් මාම් කෙනෙක් ගෙනාවොත් මගෙ මාම්ට ගොඩක් දුක හිතෙයි. මොකද ලොකු මාමි කිව්වනෙ අපි කියන ඔක්කොම මාම්ට ඇහෙනවා කියලා . ඉතින් මන් කැමති නෑ මගෙ මාම් දුක් වෙනවට. ග්‍රැනී කියනවා වගේ ඩැඩාට නිව් වයිෆ් කෙනෙක් ඕනිද ඩැඩා .

🐰 මට ඔයාගෙ මාම් දුන්න ආදරේ මැරෙනකම්ම ඇති ප්‍රින්සස් . මොකද ඔයාගෙ ඩැඩාගෙ ෆස්ට් වගේම ලාස්ට් ලව් එකත් ඔයාගෙ මාම්. ඊටත් ඔයාගෙ මාම් මට මේ කටකාර පුංචි බෝනික්කියක් දීලා ගිහින් තියෙද්දි තව වයිෆ්ලා මොකටද.මේ හල්මොනි ඇති මට.

කුකීගෙයි සුමීගෙයි කතාව මුල ඉදලා අහගෙන ඉදියත් මට පුලුවන් උනේ සද්ද නැතුව අඩන්න විතරයි . මගෙ නලලටත් හාදුවක් තියලා මාවත් සුමී එක්කම තුරුල් කරන් ජන්කුක් නිදා ගත්තා . ඒ දෙන්නම නිදි කියලා තේරුනාට පස්සේ මම ඇස් ඇරලා ඒ තාත්තයි දුවයි දිහා කොච්චර වෙලාවක් බලා ඉදියද දන්නෑ . ඒත් ඒ දෙන්නගෙන් ඇස් අහක් කරන්න මට ඕනි උනේ නෑ . ඉතින් මන් බලාගෙනම ඉදියා 😁

.

.

.

.

.

.

.

.

.

හැමදාම වගේ අදත් උදේම මන් ඇහැරුනේ ජින් හියුන්ග් දොරට තට්ටු කර කර ගේ උඩ යන්න කෑ ගහපු නිසා . කොච්චර කල් ගියත් පරන පුරුදු අමතක කරන්න බෑ. ඒකනෙ කොහෙ හිටියත් ජින් හියුන්ග්  ඇහැරවන්න එනකම් අපි ඔක්කොම නිදා ගන්නෙ. 🤭 මොකද ඉතින් කාලෙකට පස්සෙනෙ එකට ඉන්නෙ. ඉතින් එදාට හියුන්ග්ට වද දෙන එක තමා අපි ආසම වැඩේ.

🐼 කුකියාහ්...... කුකියා ...... මේ දොර අරිනවා. නැගිටලා ලෑස්ති වෙනවා. හොදටම පරක්කු වෙලා . අද පොඩි එකී ස්කූල් යන්න ඕනි මනුස්සයෝ.

🐼 ටේටේ..... තමුසෙටත් බුලත් දෙන්න ඕනිද . ඔය තාත්තයි පුතයිත් ඉක්මනට ලෑස්ති වෙලා පහලට එනවාලා ස්කූල් යන්නෙ නැද්ද අද. කසාද බැදලා ගියත් මුන්ගෙන් මට ගැලවීමක් නෑනෙ අම්මපා. කෝ මේ ගෙදර අයිතිකාරයා..... යුන්ගියාහ්....... නැගිටපන් මනුස්සයෝ එලි වෙලා ......

හියුන්ග් කෑ ගගහා ගියාම මාත් නැගිට්ටෙ සුමී ස්කූල් යවන්න ලෑස්ති කරන්න ඕනි නිසා . ඒත් දැකපු දේත් එක්ක මන් ඇදෙන් බිමට වැටුනෙ මගෙ ඇස් මටම වංචා කරනවද කියලා හිතිච්ව නිසා . ඒත් නෑ . ඇස් දෙක පිහදාලා බැලුවත් ඒක එහෙමමයි.

🐰 සුමී ... සුමී . ප්‍රින්සස් නැගිටින්නකෝ.

බෝනික්කිටත් නැගිට්ටෙව්වෙ මට පේන දේ ඒ විදිහටම එයාටත් පේනවද බලන්න . නැත්තං මට පිස්සු හැදිලා .

👶 මොකද ඩැඩා කෑ ගහන්නෙ. නිදා ගන්න දෙන්නකෝ අද ස්කූල් යන්න බෑ මට . ග්‍රැනී වත් ඔච්චර සද්දෙට කෑ ගහන්නෙ නෑ .

🐰 සුමී ..... සුමී නැගිටින්නකො අනේ ඔයාගෙ ඩැඩාට පිස්සු හැදිලා . සුමී ......

මන් ඇද පල්ලෙ ඉදගෙනම සුමී ඇහැරෙව්වත් මේ කෙල්ල මට බැන බැන නිදා ගත්ත . මන් ආයිමත් කතා කලාම නම් නැගිට්ටා.

👶 පිස්සු නෙවෙයි ඊයෙ බීපුවා වැඩි වෙලා ඩැඩා . අයියෝ ඔයා එක්ක බෑ අනේ . නැගිටින්න කියලා මාව අල්ලගෙන ඉන්නෙ ඇයි අනේ . අත ගන්නකොට දැන් මට නැගිටින්න.

ඇද පල්ලෙ ඉන්න මම කොහොමද සුමී ඔයාව අල්ලගෙන ඉන්නෙ. ඒ කියන්නෙ මට පේන එක ඇත්තක්ද.අවුරුදු පහකට පස්සේ රිතූ ආයිමත් නැගිටලා. හැමෝගෙම ප්‍රාර්ථනා මල් පල ගන්වලා රිතූ ආයිමත් නැගිටලා. මගෙ රිතූ නැගිටලා.

මන් ඇස් අරිනකොටත් මන් දැක්කෙ සුමීගෙ ඇග උඩින් අතකුත් තියාගෙන මගෙ දිහා බලාගෙන හිනා වෙවී ඉන්න රිතූ . ඒත් ඒක එහෙම වෙන්න පුලුවන්ද . ඒත් එක්කම

👶 ඩැඩා.............. 😫  මා මා මාම් නැගිටලා . නැත්තං මන් තාම නිදාගෙනද ඉන්නෙ. මේක හීනයක්ද ඩැඩා .

🌹 හීනයක් නෙවෙයි දෝනී . මාම් නැගිටලා ඉන්නෙ. 😊

🐰👶 රිතූ ...... මාම්.......

බය වෙලා වගේ රිතූ දිහා බලාගෙන ඉදපු අපි දෙන්නම රිතූ කතා කලාම  එකපාරටම රිතූගෙ ඇගට පැනලා බදා ගත්තෙ ඒ වෙලාවෙ අපිට දැනුන සතුට වචන කරන්න අකුරු තිබ්බෙ නැති නිසා .

අපි දෙන්නගෙ සද්දෙට අනිත් අයත් රූම් එක ලගට ඇවිත් බලා ඉන්නෙ ඇස් අදහා ගන්න බැරුව වගේ .
               



        Author Pov .......    

බය වෙලා වගේ රිතූ දිහා බලාගෙන ඉදපු  දෙන්නම රිතූ කතා කලාම  එකපාරටම රිතූගෙ ඇගට පැනලා බදා ගත්තෙ ඒ වෙලාවෙ එයාලට දැනුන සතුට වචන කරන්න අකුරු තිබ්බෙ නැති නිසා .

ඒ  දෙන්නගෙ සද්දෙට අනිත් අයත් රූම් එක ලගට ඇවිත් බලා ඉන්නෙ ඇස් අදහා ගන්න බැරුව වගේ . ඒත් ............ ඒත් රිතූ හිනාවෙනවා විතරයි . කිසිම රියැක්ශන් එකක් නෑ. ඒ නිසාම කුකියි සුමීයි ඉක්මනට එයාගෙ ඇගෙන් අයින් උනේ අනිත් අයත් ඇවිත් බය වෙලා බලා ඉද්දි.

🌻 රිතූ .... ඔයා නැගිටලා. 🥺🥺

🐼 දෙයියනේ මගේ කෙල්ල නැගිටලා....🥺🥺

🌹 කුකී .... මට නැගිටින්න උදව් කරන්නකෝ.

රිතූ කියපු පමාවට ජන්කුක් රිතූව ඇද වියලට හේත්තු කලේ නම්ජුන් ඉක්මනට ඩොක්ටට කෝල් කරද්දී .

        Time past .......

" මිසිස් ජියෝන්..... ඔයාට ඔලුව එහෙම රිදෙන්නෙ නෑ නේද. "

🌹 එහෙම නම් ප්‍රශ්නයක් නෑ ඩොක්ටර්. ඒත් මට මගෙ කකුල් දැනෙන්නෙ නෑ. මගේ වම් අතත් පන නෑ වගේ දැනෙන්නෙ.

" ඒක නම් ගොඩ කාලයක් එකම තැන ඉදපු නිසා වෙන්න ඇති. ඒත් කෝකටත් අපි චෙකප් එකක් කරලා බලමු . "

එදා රිතූ නැගිට්ටත් එයාට කකුල් දෙකෙන් හිටගන්න බැරි උනා.ඒක කාලයක් එක තැන ඉදපු නිසා කියලා හිතුවත් තත්වෙ ඊට වඩා ගොඩක් වෙනස් උනා. මොකද රිතූ එක තැන ඉදපු නිසා නෙවෙයි එහෙම වෙලා තියෙන්නෙ. එයා පැරලයිස් වෙලා.

ඒත් ජන්කුක්ගෙ වගේම අනිත් හැමෝගෙම මහන්සියෙන් අවුරුද්දකට විතර පස්සෙ රිතූ ගොඩක් හොද තත්වෙට ආවත් එයාට නැගිටින්න ඉනෙන් පහල පන තිබ්බෙ නෑ. හොදම ඩොක්ටර්ස්ලා ගෙන්නලා ට්‍රීට්මන්ට්ස් කලත් රිතූට සනීප උනේ නෑ.

ඒ නිසාම එයාල එන විදිහකට ජීවිතේට මූණ දෙන්න හිතා ගත්තා. මොකද වීල් චෙයා එකක ඉදියත් රිතූට අනිත් හැම වැඩක්ම තනියම කර ගන්න පුලුවන් උනානෙ.

ඒත් දවසක් හදිසියේම රිතූගෙ තාත්තා ඇවිත් කියපු දෙයක් නිසා අන්තිම වතාවටත් උත්සාහයක් අරන් බලන්න අපි ලංකාවට ආවා. මොකද රිතූගෙ තාත්තා කිව්වෙ ඒගොල්ලන්ගෙ රටේ දේශීය ව්‍යිදය ප්‍රතිකාර කරමු කියලා .

අන්තිමට කොහොම අවුරුදු දෙකක් යනකොට රිතූට කලින් විදිහටම තනියම ඇවිදින්න පුලුවන් උනා .

.
.
.

          Flashback End ........





.
.
.
.
.
.
.
.
.
.
.
.

After 3 Year Later 🍁💙 .......

.
.
.
.



ඉතින් මේ වෙනකොට ලෝකයක් වසගයට පත් කරපු  BTS  කියන නම ඔයාලා නොදැන ඉන්න විදිහක් නෑ . මොකද අදටත් නිරන්තරයෙන් පුවත් මවන පිරිසක් තමා  BTS   බෝයිස්ලා.

මීට අවුරුදු හතරකට කලින් එයාල ඩිස්බෑන්ඩ් උනත් මේ වෙනකොටත්  නිරන්තරයෙන් කතා බහට ලක් උන,වෙන,  චරිත ටිකක් තමයි ඒ.

ඉතින් අදත් ඔවුන්ට ඉතා විශේෂ දවසක්. මොකද අද තමයි  park jimin  එහෙමත් නැත්තං ආමිලගෙ සෙක්සි ලව්ලි කියුට් ජිමින්ශීගෙ වෙඩින් එක .

ආරන්චි මාර්ග වල හැටියට කන්ඩායම් සාමාජිකයන් අතරින් අන්තිම යුග දිවියට පා තබන්නෙ අපේ ජිමින්ශී. ඒත් තවමත් අපිට ජියෝන් ජන්කුක් එහෙමත් නැත්තං මෑක්නේ ලයින් එකේ බාලම සාමාජිකයා ගැන කිසිම තොරතුරක් නෑ . නමුත් ඔහු විවාහක බව නම් බොහෝ දෙනා දන්නවා ඇති කියලා හිතනවා.

එහෙනම් රැදී ඉන්න අප සමගින්ම. ලද සැනින් එසැනින් mr. Park jimin  ගෙ විවාහ උත්සවයෙ තොරතුරු සජීවීව ඔබ සැමට ගෙන ඒමට. මම .................
.
.
.
.

      Jungkook pov 🐰🐰🐰.....

එයාපෝට් එකේ තැන තැන තිබ්බ ටීවී වල ගිය එකම නිව්ස් එක උනේ ජිමින් හියුන්ග්ගෙ වෙඩින් එක. ඒවට අවදානය දෙන්න වෙලාව නාස්ති කරන්නෙ නැතුව මාත් , සුමීයි, වුකී හියුන්ග්නුයි,යූ ජන් හියුන්ග්නුයි එක්ක ඉක්මනින් එලියට එන්න ආවේ දැනටමත් අපි ඔක්කොම ගොඩක් පරක්කු නිසා.

අද හැමෝටම සුබ දවසක් මොකද අද තමා අපේ ජිමිනිගෙ වෙඩින් එක . ලෝකයක් වසග කරපු සෙක්සි ලව්ලි කියුට් ජිමින් යුග දිවියට පා තබන ඒ සුන්දර දිනය. ඉතින් අද ගොඩක් අයට ගොඩක් විශේෂ දවසක් .අපි ඩිස්බෑන්ඩ් වෙලා අවුරුදු හතරකට වැඩි උනත් තාමත් ආමිලගෙ ආදරේ නම් අපිට එදා වගේම කිසිම අඩුවක් නැතුව හම්බෙනවා. මේ වෙනකොට අපේ අනිත් හැමෝම මැරි කරලා ඉදියෙ. ඩිස්බෑන්ඩ් උනාට පස්සෙ  හැමෝම තම තමන්ගෙ , කැමති පාරවල් වල ගියා. මටත් සෝලෝ ආටිස් කෙනෙක් විදියට ආයිමත් ෆීල්ඩ් එකේ ආරාදනා ආවත් මන් ඒවා සුහදව ප්‍රතික්ශේප කලේ මගේ පවුල නිසා . ඒත් අපි කවුරුත් සින්දු කියන එක ඇතෑරියෙ නෑ . පුලුවන් වෙලාවල් වලදි අපි ආමිලට අපේ අලුත්  සින්දු දුන්නා.

ජින් හියුන්ග්ට දැන් පුතත් එක්ක තව චූටි ප්‍රින්සස් කෙනෙකුත් ඉන්නවා. එතකොට යුන්ගි, හොබී හියුන්ග්ලා දෙන්නත් අනූ නූනයි රිශීවයි මැරි කලා. ඒ දෙන්නගෙම වෙඩින් එකම දවසෙ තිබ්බත් ඒක මීඩියා වලට දුන්නෙ නැත්තෙ ඒ වෙනකොටත් අනූ නූනයි රිශීයි ෆොරිනර්ස්ලා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බ නිසා.

රිශීටයි යුන්ගි හියුන්ග්ටයිත් දැන් අවුරුදු දෙකක දගම දග කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ටුවින්ස්ලා නිසා රිශීයි යුන්ගි හියුන්ග්නුයී ඉන්නෙ ජීවිතේම එපා වෙලා. මොකද කොල්ලො දෙන්නා ලගින් තප්පරයක් අහක බැලුවොත් ලොකු විනාසයක්. එතකොට හොබී හියුන්ග්ට නම් හියුන්ග් වගේම ලස්සන හිනාවක් තියෙන අවුරුද්දක විතර චූටි කෙලි පොඩ්ඩක් ඉන්නවා.

එතකොට ජුන් හියුන්ග් සනී නූනා ජැපෑන් ඉදලා ආපු ගමන්ම මැරි කලේ හියුන්ග්ගෙ ඔම්මලා ඉක්මනින් මැරි කරන්න කියපු නිසා. එයාලටත් දැන් අවුරුදු දෙකක විතර වෙන යක්ශ කොල්ලෙක් ඉන්නවා. කියන්න සතුටුයි හියුන්ග් වගේම අල්ලන අල්ලන එක විනාසයි. දවසක් හොබී හියුන්ග්ගෙ කෙල්ලගෙ ඇගිල්ලක් ලේ එන්නම හපලා තිබ්බා. 🤣

වුකී හියුන්ග්ටයි සුකී නූනටයිත් බබාලා දෙන්නෙක් ඉන්නවා. එයාල නම් ඉතින් වැඩියම ඉන්නෙ ලංකාවෙනෙ. එතකොට මගේ හියුන්ග්ටයි දුමී නූනටයිත් තව බබෙක් ඉන්නවා.

( Author - දුමී ගැන ප්‍රශ්න තිබ්බ අයට සතුටු ඇති දැන් 😒 )

ටේටේ හියුන්ග්නුත් මැරි කලා දැන් අවුරුද්දකට කලින්. යූන් නිසාම ආයිමත් කසාදයක් ඕනි නෑ කියලා ඉදපු හියුන්ග් යූන් නිසාම ඒ ගර්ල් මැරි කලේ එයාට වඩා හොද ඔම්මා කෙනෙක් යූන්ට ආයිමත් හම්බෙන්නෙ නෑ කියලා එයාම තීරණය කරපු නිසා වෙන්න ඇති.

අපේ කොට හියුන්ග්ගෙ නූනා හම්බුන විදිහ නේද . ඇත්තටම ඒ නූනා හම්බෙලා තියෙන්නෙ යූන් නිසා .මායි, යූ ජන් හියුනුයි රිතූගෙ ට්‍රීට්මන්ට්ස් එක්ක බිසී වෙලා ඉද්දි , ජිමින් හියුන්ග් තමා සුමීයි, යූ ජන් හියුන්ග්ගෙ බබයි ස්කූල් එහෙම එක්ක ගියෙ. ඉතින් ඒ යනකොට තමා සුමීගෙ ක්ලාස් ටීච සෙට් කරගෙන තියෙන්නෙ  😉😉😉 හැබැයි ඇත්තම කතාව හියුන්ග් නූනා බලන්න තමා ළමයි ගිහින් දානවා වගේ ගිහින් තියෙන්නෙ  🤣 අපිත් පස්සෙ ඇත්ත දැනගත්තෙ.  මොකද සුමීට කලින් එයා යූන්ගෙ ක්ලාස් ටීච නිසා යූන් පික් කරන්න ස්කූල් ආපු දවසක තමා සෙට් වෙලා තියෙන්නෙ . පස්සෙ ළමයි ගිහින් දාන මුවාවෙන් නූනා හම්බෙන්න ගිහින් .

කල්පනා ලෝකෙ ඉද්දිම අපි එයාපෝට් එකෙන් එලියට ඇවිත් තිබ්බත් නොහිතපු විදියට කැමරා උස්ස ගත්ත දෙතුන් දෙනෙක් අපි ඉස්සරහට ආවේ අපේ ගමන තවත් පරක්කු කරන ගමන්.

🐰 ආශ්...... හියුන්ග් ..... මොකද අනේ මේ මිනිස්සු මෙතන කරන්නෙ. හරිනම් මෙයාල ඉන්න ඕනි ජිමින් හියුන්ග්ගෙ වෙඩින් එක තියෙන තැනනෙ 😒

🤵 මන් දන්නෙ කොහොමද කුකී. මාත් ඔයා එක්කනෙ ඉදියේ.

" අද කවුද මන්දා තානාපති කෙනෙක් එනවලු. ඒ නිසා වෙන්න ඇති ."

🐰 ශික් අපිත් හොදම වෙලාවට තමා ඇවිත් අහු උනේ. වෙලාවට අර කට්ටිය කලින් ගියෙ. නැත්තං ඔතනින් බේරිලා එනවා බොරු.

වාහනේට නැගපු ගමන් මන් හියුන්ග්ලගෙන් ඇහුවෙ හදිසියේම මීඩීයා අපේ ඉස්සරහට ආපු නිසා.

"දැන් අනිත් ඔක්කොම ගැන කිව්වා යූන් සුමී ගැන කිව්වෙ නෑ කියලා හිතනවා නේද . ඒත් අපි කාටවත් ඕනි උනේ නෑ සුමීයි යූනුයි ගැන මීඩියා වලින් දැන ගන්නවට. මොකද ෆීල්ඩ් එකේ ඉද්දිම අපිට බබාලා ඉදියා කිව්වොත් අපිට කම්පැනි එකට වගේම දරුවන්ගෙ ජීවිත වලටත් ඒක ප්‍රශ්නයක් වෙයි කියලා අපි හිතුවෙ. ඊටත් ඒ කාලෙ ෆීල්ඩ් එකේ ඉදපු අයගේ බබාලට කියපු කරපු දේවල්, හදපු කතා එක්ක අපි බෑන්ග්ටන් පවුලෙ ලොකුම ළමයි දෙන්න කාගෙන්වත් කතාවක් අහ ගන්නවට අපි කවුරුත් කැමති උනේ නෑ . ළමයි දෙන්නටත් ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බෙ නෑ . මොකද අදටත් කොච්චර ළමයි හිටියත් අපි හැමෝගෙම ආදරේ වැඩියෙන්ම හම්බෙන්නෙ ඒ දෙන්නට. "

හියුන්ග්ලා දිගට හරහට කෝල් කරන නිසා ඉක්මනින් ලෑස්ති වෙලා අපි කට්ටියත් හොටෙල් එකට ආවෙ  මගේ කොට හියුන්ග්ගෙ වෙඩින් එක මම නිසා පරක්කු කරන්න බැරි නිසා  😁

මේන් ගේට් එක ලග ඉදලම මීඩියා වලින් පිරිලා ඉදියෙ මේ වෙනකොටත් එයාපෝට් එකේ ගත්ත ෆොටෝ වයිරල් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති. වාහනේ නවත්තනවත් එක්කම ගාඩ්ලා දොර ඇරපු නිසා මන් ඉක්මනට බැහැලා එයාටත් බහින්න මගේ අත දුන්නෙ වටේම තිබ්බ කැමරා ඔක්කොම අපි දිහාට හැරෙද්දි.

ඇවිත් ඉදපු මීඩියා වලින් ප්‍රශ්න දාහක් ඇහෙද්දි මම රිතුයි අපේ චූටි පුතයි  එක්ක ඇතුලට ආවෙ හියුන්ග්ලා ඔක්කොම අපි එනකම් බලා ඉන්න නිසා.

" දැන බලනවා නේද පුතෙක් කොහෙන්ද කියලා. මෙහෙමයි ඉතින් ................. එදා සුමී කියපු විදිහටම රිතුයි මායි බබෙක් අරන් හදා ගන්න කැමති උනා . මොකද රිතූත් කිව්වෙ අම්මා තාත්තා නැති ළමෙක්ට දෙමාපියො වෙන එක ලොකු පිනක් කියලා. ඉතින් යූ ජන් හියුන්ග් දන්න රිතූලගෙ ගැන්ග් එක කලින් ඉදලම ආදාර කරපු ඕපනේජ් එකකින් අවුරුද්දක විතර බෝල ලස්සන, හුරතල්  කොලු පැටියෙක් ගේන්න අපිට පුලුවන් උනා.
ජීවිතේ ඉතුරු කාලෙ අපිත් එක්කම තනියම ගෙවන්න තීරනේ කරලා ඉදපු යූ ජන් හියුන්ග්ටත් අවුරුදු පහක විතර කොලු පැටියෙක්ට හිත ගිහින් එයාව හදා ගන්න ගත්තා. "

යූ ජන් හියුන්ග්නුයි එයාගෙ බබයි එක්ක සුමී ආපු ගමන් යුන්ගි හියුන්ග් කෙල්ලගෙ අතින් අල්ලගෙන වටයක් කැරකෙව්වෙ මගේ කෙල්ල අද චූටි ප්‍රින්සස් කෙනෙක් වගේ කියන ගමන්. මොකද ජිමින් හියුන්ග්ට ඕනි උනා එයාගෙ වෙඩින් එකේ ෆ්ලවර් ගර්ල්ට සුමී ගන්න. ඉතින් කෙල්ල අද ඇත්තටම ප්‍රින්සස් කෙනෙක් වගේ.

හියුන්ග්ගෙ වෙඩින් එකට ඇක්ටර්ස්ලා, සිගර්ස්ලා, අපේ කම්පැනි එකේ අපි ලගින්ම ඉදපු අය, නෑයො, යාලුවො ගොඩක් ඇවිත් ඉදියත් ඒ හැමෝගෙම හොට්ම නිව්ස් එක උනේ ජියෝන් ජන්කුක්ගෙ වයිෆුයි බබයි 😏😏😏.

චාරිත්‍ර ඉවර වෙලා ජිමින් හියුන්ග් ඇවිත් ඉදපු කට්ටියත් එක්කත් කතා කරලා  නූනා එක්කම අපි ඉන්න තැනට ආවේ අපි කට්ටිය එක්ක, වුකී හියුන්ග් , සුකී නූනා, දෝයුන් , හාජින්, යූ ජන් හියුන්ග් ඔක්කොම ඉදපු නිසා. අවුරුදු දෙකකට පස්සේ අද තමා අපි හැමෝම ආයිමත් එකට එකතු උනේ. මොකද රිතූගෙ ට්‍රීට්මන්ට්ස් නිසා මේ අවුරුදු දෙකම අපි ඉදියෙ මෙහෙ නෙවෙයිනේ .

අනූ නූනයි රිශියි, සැන්ඩි නූනයි රිතූ අල්ලගෙන බර කතාවක් . දෝයුනුත් ඒ අස්සෙ රිතූගෙ අතක එල්ලිලා පොඩි එකා වගේ හුරතල් වෙනවා. නාකි කෝලම් 😒.

ඇත්තටම මේ ගෑණු කට්ටිය එකට එකතු උනාම නම් ආයි නෑ....... අපි, ළමයි ඉන්නවද කියලා දන්නෙත් නෑ.ඒ තරමට කතාව.

🐣 අඩේ මගේ මැණික....... Miss you ........🥺🥺🥺

ජිමින් හියුන්ග් ආපු ගමන් රිතූ බදා ගත්තෙ ඇස් වල කදුලුත් පුරෝගෙන.

🐯 ජිමිනා...... අද උබේ වෙඩිම බන්. ශික් අඩන්න ලැජ්ජ නැද්ද .

🐣 අනේ පලයන් යන්න . මගේ නංගී අවුරුදු දෙකකට පස්සෙ දැක්කෙ. ඒ සතුටට ඇඩෙනවා තමා 😌

🐼 ජිමිනා බඩ්ඩක් පෙන්නන්න එනවකෝ......

ජින් හියුන්ග් ඇහැක් ගහලා ජිමින් හියුන්ග්ට කතා කරපු විදියට අපි හැමෝම වැඩ නවත්තලා ඒ පැත්තට හැරුනෙ මොකෝ බලන්න. බැලින් නම් ඈත ඉදලා අයිස්ක්‍රීම් කප් එකකුත් කකා හා ජින් වැනිවැනි අපි දිහාට එනවා.

" යා යා හියුන්ග් ..... ඔය වැඩේ නම් කරන්න එපා 😥 මේ ටිකේ මන් ගෙදර ඉන්නෙත් පන බයේ. වචනයක් වැරදුනත් ඇති 😫 ප්ලීස් හියුන්ග් ඕක නම් කරන්න එපා. මෙතන අපිට ඉන්න නැති වෙයි "

දෝයුන් කොච්චර එපා කිව්වත් ජිමින් හියුන්ග් අහනවද. නෑ....... ඉතින් අපිත් බලාගෙන ඉදියෙ හොද නාට්‍යයක් කාලෙකින් බලන්න බැරි උන නිසා. මොකද හා ජින් ප්‍රෙග්නට්. පාත්ත පැටියෙක් වගේ ඇවිදිනකොට හරි කියුට්. හැබැයි දෝයුන් නම් කියන්නෙ චුට්ට බැරි උන ගමන් යකා වැහෙනවා කියලා  🤣 කාලෙ හැටිනෙ කියලා අපි කොල්ලගෙ හිත හැදුවත් කොල්ලා මේ දවස් වල කෙල්ලට පට්ට බයයි.

  හා ජින් හිනා වෙවී ඇවිත් අයිස්ක්‍රීම් එක කකාම අපි ලගින් ඉද ගත්තෙ ජිමින් හියුන්ග්

🐣 මන් බැලුවා මේ දෙපැත්තට පැද්දි පැද්දි කොට පාත්තයෙක් වගේ අයිස්ක්‍රීම් එකක් කකා එන්නෙ කවුද කියලා . බැලින්නම් අපේ කොච්චි කරලනෙ 😏😏

🐣 ජින් හියුන්ග් මේ කන කෑමෙ හැටියට නම් මට ආයිමත් කෑම ඕඩර් කරන්න වෙයි වගේ. මන් බලාගෙන ආපු වෙලේ ඉදලා කනවා. 😌

🐣 ආහ්.............ඌයියා රිදුනා....😫😫

" රිදෙන්න තමා ගැහුවෙ 😌 "

🐯 ඇද්ද කොටා .....

🐰 ඉල්ලගෙන කෑවෙ 🤣

ජිමින් හියුන්ග් කට නිසාම හොද සෙරෙප්පු පාරක් කෑවෙ සද්ද නැතුවම හා ජිනා එයාගෙ සෙරෙප්පුව ජිමින් හියුන්ග්ගෙ ඔලුවට ඒම් කරපු නිසා 🤣🤣 වෙලාවට මීඩියා වලින් හෝල් එක ඇතුලට ආවෙ නැත්තෙ. නැත්තං හොට්ම නිව්ස් එක වෙන්නෙ ඕක 🤣🤣🤣

කට්ටියම ඩාන්සින්ග් ෆ්ලෝ එකට යන්න හැදුවෙ ටිකක් එන්ජෝයි කරන්න.

🐣 අද මම ඉස්සල්ලම නටන්නෙ මගේ රිතූ එක්ක. එන්න යන්න රිතූ ......

🌹 යාහ්........ මට බෑ..... දන්නවනෙ මට ලස්සනට නටන්න බෑ කියලා. මේ ඔන්නි එක්ක නටන්න.  ඊටත් මේ පුතා දාලා එන්න බෑ අනේ.

🐣 යන් යන් මන් උගන්නලා ගන්නම්. ඔයා එනකම් කොල්ලා අනූ නූනා බලා ගනී. අද ඕනි නෑ ජීවිත කාලෙම මෙයා එක්ක නටන්න බැරියෑ 😉 යමු යමු.

🐰 රිතූ ඔය හීල්ස් දෙක ගලෝලා යන්න තාම ඕවා දාගෙන වැඩිය ඇවිදින්න හොද නෑ ඔයාට.

ජිමින් හියුන්ග් ඇදගෙන යද්දී මන් රිතූගෙ හීල්ස් දෙක ගලෝ ගත්තෙ තාම එයාට හීල්ස් දාගෙන ඇවිදින්න හොද නැති නිසා. මොකද එයාට හරියටම කාගෙවත් උදව්වක් නැතුව ඇවිදින්න පුලුවන් උනේ ලගදිනෙ.

.
.
.
.
.
.
.













ඉවරයි ඉවරයි ඉවරෙටම ඉවරයි  😁😁😁😁

අම්මෝ මාර සැනසීමයි. 😌😌😌



















































නෑ නෑ ඉවර නෑ .



















































තව චුට්ටක් තියෙනවා 🙂





























පසුවදන බලන්න. 🥺🥺🥺




















බායි 😘😘😘😘














ඉතින් අන්තිම කොටස නිසා වචනයක් කියාගෙනම යන්න .  කමෙන්ට් එකක් දාන්න බැරි නම් ඉමෝජියක් හරි කමක් නෑ .

මගේ කතාව ගැන හිතෙන ඕනිම දෙයක් . හොද නරක, චෝදනා බැනුම් , වැරදි තැන් තියෙනවා නම් ඒ ඕනිම දෙයක් කියන්න. 🙂


Continue Reading

You'll Also Like

838 153 26
"හිතුවට වඩා මගෙ ජීවිතෙ ඔයා නිසා වෙනස් උනා ජිමින්.. ඒ හැම දේකටම ගොඩක් තෑන්ක්ස්.."
30.9K 4.7K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
1.2K 346 14
•••මට හැගෙනවා ඒවා මා තුළ වැඩෙනවා.... මේ පිපෙන මල් සියල්ලත් ඔබ වගෙයි සුන්දරයි... මරණීයයි...🌹
Fake Love By :)

Fanfiction

155K 3.6K 50
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...