💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 48 🍁💙

252 32 0
By du-mi-001

අවසානය... 😪

අතීතෙ මතක වල ගිලිලා ඉදපු මම මේ ලෝකෙට ආවෙ මගෙ උරහිසට තද වෙච්ච අතක් නිසා . කදුලු පිරුන ඇස් ඒ රූපෙන් අහකට අරන් ඔලුව උස්සලා බැලුවේ හැමදාම වගේ මෙතන ඉන්නෙ යුන්ගි හියුන්ග් කියලා මම දන්න නිසා .

😸 අපි යමු . සෙමට්‍රි එකට යන්න පරක්කු වෙනවා.

🐰 හ්ම්ම්ම්......

ඇස් වල තිබ්බ කදුලු පිහදගෙන, ඒ අත ඇතෑරලා යුන්ගි හියුන්ග් එක්ක එලියට ආවෙ සුමී රිශී එක්ක ලෑස්ති වෙලා යන්න එලියටත් බැහැලා ඉදපු නිසා .

🌻 අජ්ජුම්මා රොකීගෙ බෙහෙත් එයාගෙ කැම එකට කලවම් කරලා අපේ රූම් එකෙන් තියන්න. මොකද රොකීට එලියට එන්න බැරි වෙයි . එයා ගොඩක් අමාරුවෙන් අද ඉන්නෙ.

අපි එනකොටම ඇහුනෙ රිශීගෙ කටහඩ . මොකද දැන් ටික දවසක ඉදලා රොකී අසනීපෙන් . කෑම කන්නෙවත් අඩුම නැගිටින්නවත් බෑ රොකීට. ඒ දවසෙන් පස්සේ රිතූ නැති නිසාද දන්නෑ රොකීත් ටික ටික අසනීප වෙන්න ගත්තා 😥😥😥  කොච්චර බෙහෙත් කලත් තාම අඩු නෑ . සමහර විට එයාගෙ වයස එක්ක වෙන්න ඇති .

🌻 යුන්ගි ඔප්පා ඔයා එහෙනම් යන්න . මන් යූ ජන් ඔප්පා එක්ක එතනට ගිහින්ම එන්නම්.

😸 හරි එහෙනම් ගිහින් පරිස්සමින් එන්න.

රිශී යූ ජන් හියුන්ග් එක්ක යද්දි සුමීත් රිශී අතේ තිබ්බ රතු රෝස මල් පොකුරක් අරගෙන ඉස්සර උනේ මේ දවසට එයාගෙ මාම්ගෙ අඩුව පුරවන්න  හැමදාම එයා  එතනටත් මල් තියන්න යන නිසා .

මායි යුන්ගි හියුන්ග්නුයි සෙමට්‍රි එකට යනකොටත් ජින් හොබී  ජුන්  හියුන්ග්ලා වගේම දෝයුන් හාජින් දෙන්නත්  ඇවිත් ඉදියේ . ටික වෙලාවකින් ටේහියෝන් යූන් එක්කම ආවෙ හැමදාම වගේ ඇස් වල කදුලු පුරෝගෙන . හැමදාම පරක්කු වෙන ජිමින් හියුන්ග්ත් ආවට පස්සේ එක එක්කෙනා පිලිවෙලට සුදු ඩේසි මල් සොහොන් කොත වටේ තියලා ආචාර කලේ යූන්ගෙත් ඇස් වලින් කදුලු එනකොට . යූන් එතන තිබ්බ ෆොටෝ එක අතගාන කියවනවා අහන් ඉන්න එක අපි හැමෝටම ගොඩක් අමාරු  උනා . මොකද ඉපදුණු දවසෙ ඉදලා ඔම්මා නැතුව හැදෙන යූන්ට එයාගෙ ඔම්මට කියන්න ගොඩක් දේවල් තියෙනවනෙ. ඔව් ඒ සොහොන් කොත මොලී නූනගෙ .

අපේ බෑන්ග්ටන් ෆැමිලි එක දැන් ගොඩක් ලොකු නිසා මොලී නූනගෙ සොහොන් කොත පේන්නෙ නැති තරමටම සුදූ ඩේසි මල් වලින් වැහිලා ගිහිල්ලා. මොකද හැමෝම මල් ගෙනත්නෙ.

ටිකකින් රිශී සුමී දෙන්නත් ආවම ටික වෙලාවක් සෙමට්‍රි එකේම ඉදලා අපි හැමෝම එන්න ආවෙ හවසට යූන්ගෙ බර්ත් ඩේ පාටි එකට කලින් ශොපින් කරන්න . හියුන්ග්ලා නූනලා හැමෝම එක්ක කාලෙකින් එකතු උන නිසා හැමෝම සතුටින් .

ගෙදර ආපු ගමන් බබා නිදි කරවලා සැන්ඩි නූනයි ජින් හියුන්ග්නුයි හැමදාම වගේ අජ්ජුම්මා එක්ක කිචන් එකට රිංග ගත්තා කෑම හදන්න කියලා . හා ජිනාත් ඒ පස්සෙන් යද්දි අපි කට්ටිය සරසන වැඩ කලේ දැනටමත් ගොඩක් හවස් වෙලා නිසා .

නම්ජුන් හියුන්ග් එක්ක සුමියි , ජිමින් හියුන්ග්නුයි බැලුම් පුම්බද්දි රිශියි ටේහියුන්ග් , යූ ජන් හියුන්ග් එක්ක  ගාඩ්න් එකට ආවෙ කට්ටියම අවුට් ඩෝ ඩිනර් එකක් ගන්න ඕනි උන නිසා .

යූන් එක්ක මම එලියට ආවෙ ටේහ්‍යුන්ග් හියුන්ග්  හැමදාම වගේ ළමයා කැමති චොක්ලට් කේක් වෙනුවට ස්ට්‍රෝබෙරී කේක් එකක් ගෙනත් තිබ්බ නිසා ඒක මාරු කරන් එන්න. වෙලාවකට මේ තාත්තයි පුතයි තේරුම් ගන්න හරිම අමාරුයි . මොකද තාත්තා කවුද පුතා කවුද කියලත් වෙලාවකට හොයා ගන්න අමාරුයි දෙන්නගෙ හැසිරීම නිසා  😂  අවුරුදු අටක කොල්ලෙක් ඉන්න තාත්තෙක් වෙලත් ටේහ්‍යුන්ග් හියුන්ග් තාමත් හැසිරෙන්නෙ පොඩි ළමෙක් වගේ . 

කේක් එකත් අරන් අපි ගෙදර යනකොටත් ගේ අස්සෙ ලොකු කලබලයක්.  ලිවින්ග් රූම් එකේ ලෝක යුද්දයක්. දොර ලගටම වෙලා මායි යූනුයිත් ඒ ෆිල්ම් එක බැලුවේ මෙහෙම ෆිල්ම්  කිසිම දවසක බලන්න බැරි නිසා  😂

👶 චිමී සම්චොන් ...... ඕක ඔහොම නෙවෙයි මේ බ්ලූ බැලූන් තුනක් මැද්දට වයිට් එකක් දාන්න. ඊට පස්සේ ගැට ගහන්න. පින්ක් ඒවා අස්සට ග්‍රීන් දාන්න එපා අනේ කිසිම ගැලපීමක් නෑනෙ . දෝයුන් සම්චෝන් ඔච්චර ලොකුවට පුම්බන්න එපා අනේ එතකොට ඉක්මනට  පුපුරනවා.

🐣 ඒත් ප්‍රින්සස් මෙහෙමත් ලස්සනයිනෙ. බලන්නකෝ.

👶 චිම්...... ඔයාට මන් කැමති විදිහට කරන්න බැයි නම් යූ ජන් සම්චොන්ට මෙතනට එන්න කියලා ඔයා ගාඩ්න් එක ඩෙකරේට් කරන්න යන්න .

🐣 හරි හරි කියන විදිහට කරන්නම් වදේ 😒😒

👶 ජුනී සම්චොන් ......... අයියෝ අනේ ඔයා ඩිස්නි ප්‍රින්සස් කෙනෙක් වගේ දිලිසෙනවා . ඔය කුඩු මූණෙ ගා ගන්න එපා යවන්න අමාරුයි . මේ සනී ආන්ටිගෙන් කෝල් එකක් .

👶 යුන්ගි මාමේ අනේ නිදාගෙන ඉන්නෙ නැතුව මේ බැලූන්ස් පුම්බන්න හෙල්ප් කරන්නකෝ.

🐨 සුමී මන් ගිහින් මේ ටික හෝදගෙන එන්නම්. මගෙ කටේ එක්ක.

👶 හෝබී සම්චොන් ........ ඕක තව චුට්ටක් උඩින් එල්ලන්න. ඔයා විතරයි මන් කියන විදිහට කරන්නෙ 😒

🐴 මේ හරියෙන් ඇතිද ප්‍රින්සස් ......

          සුමී හැමෝටම උපදෙස් දිදී ලිවින්ග් රූම් එක ඩෙකරේට් කරනවා. ඒ අස්සෙ ජිමින් හියුන්ග් බැනුම් අහන්නෙ එයාට ඕනි විදිහට බැලුන් සෙට් කරලා. ජුන් හියුන්ග් දිලිසෙන කුඩු ඇග පුරාම හලාගෙන. මට හිතෙන්නෙ ඒකත් කඩලා. යුන්ගි හියුන්ග් හැමදාම වගේ සොෆා එකේ නිදි, එතකොට අහින්සක හොබී හියුන්ග් ස්ටූල් එකක් උඩ නැගගෙන බැලුන් එල්ලනවා.

මායි යූනුයි මූණට මූණ බලාගත්තෙ ඇතුලෙ වෙන දේවල් දැකලා. සද්ද නැතුව අපි දෙන්නා කිචන් එකට යන්න හදනකොටම මහ සද්දයක් එක්ක තුන් හතර දෙනෙක් කෑ ගහනවා ඇහුනෙ ගාඩ්න් එකේ ඉදපු අයයි කිචන් එකේ ඉදපු අයයි ඔක්කොම ලිවින්ග් රූම් එකට දුවද්දී  😳

🐼 යාහ්හ්හ්හ් ........ කිම් නම්ජුන් ................

ජින් හියුන්ග්ගෙ සුපුරුදු කින්කිනි නාදෙ ඇහෙනකොට ඉක්මනට දොර ලග ඉදපු අපි  දෙන්නත් ලිවින්ග් රූම් එකට දිව්වා. ඒ යද්දිත් යුන්ගි හොබී හියුන්ග්ලා සෝෆා එකේ සර්පයො දෙන්නෙක් වගේ වෙලිලා . එතකොට ජුන් හියුන්ග් අනූ නූනගෙ ඇග උඩ, ජිමින් හියුන්ග් සෝෆා එක යට. දෝයුන්  සුමී දෙන්නා හොල්මන් දැකලා වගේ බය වෙලා .

         හරියටම උනේ මොකක්ද කියලා හිතා ගන්න බෑ නේද 🤣🤣🤣 ඉන්න මම කියන්නම්.

නම්ජුන් හියුන්ග් ඇග පුරාම ගෑවිලා තිබ්බ  දිලිසෙන කුඩු ටිකත් අතකින් පිහදාන ගමන් ෆෝන් එකත් කනේ තියාගෙන රූම් එකකට යන්න ගියෙ කටේ ඉදලා තිබ්බ දිලිසෙන කුඩු හෝද ගන්න. ඒත් ලග තිබ්බ ස්ටූල් එකක කකුල වැදිලා ඒක උඩ තිබ්බ වාස් එක බිදෙන්න නොදී අල්ල ගන්න ගිහින් කිචන් එකේ ඉදලා වීදුරු වගයක් අරන් ගාඩ්න් එකට යන්න ආපු අනූ නූනගෙ ඇගේ හැපෙන්නෙ අතේ තිබ්බ වීදුරු ටිකත් එක්කම අනූ බිම වැටෙද්දි . ඒ සද්දෙට බය වෙලා ස්ටූල් එකක් උඩ බැලුන් එල්ල එල්ල ඉදපු හොබී හියුන්ග් කෑ ගහගෙන නිදන් ඉන්න යුන්ගි හියුන්ග් ගෙ ඇගට වැටෙන්න ඔක්කොටම වඩා සද්දෙට යුන්ගි හියුන්ග් ට කෑ ගැස්සෙද්දි .

දන්න වැඩ දාලා අල්ල ගත්ත වාස් එකත් එක්ක හොබී පැත්තට හැරුන නම්ජුන්ට බැලුන් එකක් පෑගිලා ඒක පුපුරන සද්දෙට එයත් බිම වැටිච්ච අනූගෙ ඇගටම වැටෙන්නෙ අර බේර ගත්ත වාස් එකත් කුඩු කරගෙනමයි. ඔය අස්සෙ ජින්ගෙ පොඩ්ඩාත් අඩන්න ගත්තෙ කට්ටියගෙ සද්දෙට කොල්ලා ඇහැරිලා නිසා .

තප්පර ගානක් ඇතුලත් වෙච්ච දේවල් කල්පනා කර කර ඉදපු හැමෝම හරි සිහියට ආවෙ ජින් හියුන්ග්ගෙ රැප් එකට 😂😂😂😂

දඩි බිඩි ගාලා ජුන් හියුන්ග් අනූගෙ නූනගෙ  ඇගෙන් නැගිටිද්දි සැන්ඩි නූනා අනූ නූනව නැගිට්ටෙව්වෙ තාම බිදිච්චි වීදුරු කටු ගොඩේ කෙල්ල ඉදපු නිසා . ඒත් තාම හොබී යුන්ගිගෙ ඇගේ එල්ලිලා කෑ ගහන්නෙ යුන්ගි හොබී අයින් කරලා නැගිටින්න දගලද්දි  😂

සුමීටයි ජිමින් හියුන්ග්ටයි දෝයුන්ටයි වෙච්ච දේවල් හරියට මීටර් වෙච්ච ගමන් දෙන්නා එක්ක පෙරලි පෙරලි හිනා වෙන්නෙ සොෆා එකෙනුත් බිම වැටිලා. ඒත් තුන් දෙනාටම ඒක නම් ගානක් නෑ වගේ . ඒ දේවල් දැකලා යූ ජන් හියුන්ග් රිශී දෝයුන් තුන් දෙනාගෙ හිනාවත් එකතු උනාම .................

කාලෙකට පස්සෙ හැමෝම හදවතින්ම හිනා උනා . හැමොටම බැනලා ජින් හියුන්ග්  අජ්ජුම්මා එක්ක ආයිමත් කිචන් එකට ගියාම අනිත්  හැමෝමත් එයාලගෙ වැඩ ඉක්මනට ඉවර කලේ ගෙදර කාගෙ උනත් වීදුරු සෙට් එක බිදපු එකට ජින් හියුන්ග්  ඔක්කොටම කෑම දුන්නෙ නැතොත් කියලා 😁

අද හැමොම යුන්ගි හියුන්ග්ගෙ ගෙදර නවතිනවා කියපු නිසා ඩිනර් එකත් අරගෙන කතා කර කර ඉදියා . ඒත් එකපාරටම

👶 ඩැඩා මන් දෙයක් ඉල්ලුවොත් මට ඒක ගෙනත් දෙනවද.

🐰 අනිවාර්යයෙන්ම ගෙනත් දෙනවා. දැන්  මගෙ බෝනික්කිට මොනාද දැන් ඕනි .

🐴 ඕනි දෙයක් ඉල්ලන්න සුමී . ඔයාගෙ ඩැඩා ඔයාට ඕනි දෙයක් ගෙනත් දෙයි . නැත්තං මේ හොබී සම්චොන් ගෙනත් දෙන්නම්. ඕනි දෙයක් . 😌

👶 මට ජින් සම්චොන්ගෙ බබා වගේ චූටි මල්ලියෙක් ඕනි . එතකොට මටත් පුලුවන් ස්කූල් එකේ යාලුවො වගේ මල්ලි එක්ක සෙල්ලම් කරන්න . අර මගෙ යාලුවා සෝයොන් එයාලගෙ ඔම්මත් මල්ලියෙක් ගෙනත් . එයා නම් ලොකු බබෙක්.

හොබී හියුන්ග් වැඩ්ඩා වගේ කිව්වට සුමී ඉල්ලපු දේත් එක්ක බිබී ඉදපු වතුර එකත් හිර උනා . හියුන්ග්ලා නූනලා ඔක්කොම හිනා වෙද්දී අනූ නූනා ඇද්ද හොබී අහනකොට හොබී හියුන්ග්ගෙ මූණ බලන්න ලස්සනයි  😂

🐰 මෝහ්..... මල්ලියෙක් . මාම් නැතුව මන් මල්ලිලා කොහෙන් ගේන්නද ප්‍රින්සස් . මොකද බබාලා කඩේ ගන්න නෑනෙ 😥

👶 එහෙනම් චිම් චිම් කිව්වෙ  ඩැඩාලට කිව්වම මල්ලි බබාලා ගෙනත් දෙනවා කියලා  😁 ඉතින් මටත් ඕනි මල්ලි කෙනෙක් .

මන් ජිමින් හියුන්ග් දිහා ඔරෝලා බලද්දී ජින් හියුන්ග් ජිමින් හියුන්ග්ගෙ ඔලුව එකක් ගැහුවෙ තව ටිකක් කොට වෙන්න.

🐼 ඔයාගෙ චිමීට පිස්සු . දන්නවද එයා ඔය බිම වැටෙනවා නේද . දවසක් එහෙම වැටෙද්දි ඔලුව පැලුනා. එදා ඉදලා එයාට වෙලාවකට පිස්සු . ඉතින් චිමී කියන ඒවා අහන්න එපා ඔයා හොදද.

🐣 යාහ්හ්හ්හ් ජින් හියුන්ග් .

👶 ඒත් මට මල්ලියෙක් ඕනි . අර සෝයෝන්ගෙ ඔම්මලා එයාගෙ මල්ලි ගෙනාපු තැන පේරන්ට්ස්ලා නැති බබාලා ගොඩක් ඉන්නවලු . අපිට කැමති කෙනෙක් ගිහින් තෝරගෙන එන්න පුලුවන් කිව්වා. ඉතින් මටත් එතනින් මල්ලි බබෙක් ගෙනත් දෙන්නකෝ.

🐰 බබාලා තෝරගෙන එන්න පුලුවන් තැනක් 🙂 එහෙම තැන් තියෙනවද හියුන්ග් .

🐨 සමහර විට ඕපනේජ් එකක් වෙන්න ඇති කුකියා . එහෙම තැන් වලනෙ එක එක වයසෙ බබාලා ඉන්නෙ.

👶 ඩැඩා ඔයා මට එතනින් මල්ලියෙක් ගේනවා නේද 🤩🤩🤩

🐰 ආහ්.... මේ .... බ බලමුකෝ ප්‍රින්සස් . මන් පස්සේ ගෙනත් දෙන්නම් . දැන් ගිහින් නිදා ගන්න .

පොඩි දෙන්නා එක්ක ගෑණු ළමයි ටික ඔක්කොටම ඇතුලට ගියෙ අපි  ටික පුංචි ඩ්‍රින්ක්ස් පාටියක් දාන්න හදපු නිසා . සුමීත් ඉදලා ඉදලා ඉල්ලන්නෙ මාර දේවල් තමා . දැන් ඉතින් මල්ලියෙක් ගෙනත් දෙන්නත් එපෑ 😫 ටික වෙලාවකින් ජිමින් ජින් හොබී තුන් දෙනාට ටිකක් ගානට වැදිලා තිබ්බෙ දෝයුන් තාමත් අතට ගත්ත වීදුරුව දිහා බලාගෙන කල්පනා කරද්දි .

🐨 දෝයුන් ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ.

🐣 ප්‍රශ්නද හියුන්ග් නැත්තෙ. මන් කිව්වා අර කොච්චි කරලට කර ගහන්න එපා කියලා . කෝ ඇහුවද. 😫😫😫 මුට ඒ බෝම්බෙ බැදගන්න හදිස්සි උනානෙ . දැන් ඉතින් හිරෙ ගියා වගේ තමා කොල්ලා ඉන්නෙ.😖😖

🐴 ඕයි ජිමිනා ..... උබට වැඩී නම් ගිහින් නිදා ගනින් . මෙතන කියෝනවා මට නිද ගන්නත් නෑ . 😫

🐼 කොල්ලා දැන් ලොක්කෙක්නෙ . ඉතින් ප්‍රශ්න තමා ජීවිතේ . කසාද බැන්දම ඔහොම තමා කොල්ලො  😫😫 පේන්නෙ නැද්ද මේ මම.

🐣 මන් ඉන්නෙ මට ඕනි තැන. හියුන්ග් ගිහින් නිදාගන්න.  ඕයි ටේහුනා.. ඔබේ මොලී බූට් එක තියලා යන්න ගියා නේද . ඔහොම අඩන්න එපා බන්. අපි දෙන්නම අඩමු කෝ එන්න 😭

හොබී ජිමින් දෙන්නා වෙරි මරගාතෙ කියවද්දි දෝයුන් හිනා වෙලා ප්‍රශ්නයක් නෑ කිව්වත් ආපු වෙලේ ඉදලා ජන්කුක් යුන්ගි ජුන් තුන් දෙනාටම කොල්ලගෙ වෙනසක් තේරුනා .

" මට නූනව ගොඩක් මතක් වෙනවා හියුන්ග් . එයා නැතුව පාලුයි  🥺🥺 "

ටික වෙලාවකින් දෝයුන්ම එයාගෙ හිතේ තිබ්බ දේ කියලා දැම්මෙ ජන්කුක් වගේම නම්ජුනුත් ලොකු හුස්මක් පිට කරද්දි .

යුන්ගි යූ ජන් එක්ක ජිමින් හොබී ජින් රූම් වලට ගිහින් දාද්දි ජන්කුකුත් නැගිටලා ගේ ඇතුලට ආවෙ පරන මතක ආයි ආයිමත් මතක් වෙද්දී .

🐰 ප්‍රින්සස් තාම නිදා ගත්තෙ නැද්ද ම්ම්......

👶 සුමී ඩැඩා එනකම් ඉදියේ 😊

🐰 ම්ම්ම්...... ඉන්නකො එහෙනම් ඩෑඩ් වොශ් එකක් දාගෙන ඉක්මනට එන්නම් . ඩෑඩ් ලග ගදයි .

පුංචි කෙල්ල කිචි කිචි ගගා හිනා වෙද්දී  ජන්කුක් ඉක්මනට වොශ් රූම් එකට ගියෙ කෙල්ල ජන්කුක් එනකම් නිදා ගන්න බලා ඉන්නෙ හිතේ මොනා හරි ප්‍රශ්නයක් තියෙන නිසා කියලා දන්න නිසා .

🐰 ප්‍රින්සස් මොකද මේ ආ...... ඔයා ප්‍රශ්නෙකද ඉන්නෙ මැණික . ඇයි අද නින්ද යන්නෙ නැද්ද . අද මාම් ලගනෙ ඔයා ඉන්නෙත් . ඉතින් මොකෝ මේ .

වොශ් එකක් දාගෙන ආපු කොල්ලගෙ උණුහුමට තුරුල් උන බෝනික්කිගෙන් කොල්ලා ඇහුවෙ කෙල්ල මෙහෙම කරන්නෙ හිතේ මොකක්ම හරි තියෙන නිසා කියලා දන්න හින්දා.

👶 සුමීට මාම් මතක් උනා ඩැඩා  😥 මට මාම් එක්ක ඉදපු දවස් මතක නෑනෙ  🥺🥺 මට මාම්ව අමතක වෙයිද ඩැඩා . මට බයයි මාම් අමතක වෙයි කියලා .

🐰 එතකොට ඔයා ගොඩක් පොඩීනෙ ප්‍රින්සස් . ඒකයි ඔයාට එහෙම වෙන්නෙ. ඒත් ඔයාට මාම් අමතක වෙන්නෙ නෑ . මොකද මාම් ඔයා එක්කම ඉන්නවනෙ නේද . මේ බලන්නකො . මාම් ඔයා එක්කම ඉන්නවනෙ මැණික . මගෙ චූටි කෙල්ල බය වෙන්න එපා . සුමීට මාම් අමතක උනොත් ඩෑඩ් මාම් ගැන මතක් කරන්නම් හොදද.

👶 එහෙනම් සුමීට මාම් අමතක වෙන එකක් නෑ නේද . ඒත් මාම් ඉදියා නම් මල්ලි බබෙක් ගෙනත් දෙයි මට .

🐰 ඔයා ලගම මාම් ඉන්නවනෙ මැණික 😥 ඊටත් මන් කිව්වනෙ මල්ලි කෙනෙක් ගෙනත් දෙන්නම් කියලා . අපි ඉක්මනට යමු ලස්සන මල්ලි කෙනෙක් තෝරගෙන එන්න.හොදද.  සුමීට මාම් ගොඩක් මතක් වෙනවද මැණික . ඔයාට මාම් කෙනෙක් ඕනිද 😥

කෙල්ල දීපු උත්තරෙත් එක්ක ඇස් වලට උනපු කදුලු බින්දු පුංචි කෙල්ලට හොරෙන්ම පිහදාගෙන කෙල්ලගෙ ඔලුව අත ගාන ගමන් රිතූ ගැන පුංචි කෙල්ලට කියන්න ගත්තෙ කතන්දරයක් කියනවා වගේ .

තමන්ගෙ උනුහුමට තුරුල් වෙලා නිදාගෙන ඉන්න බෝනික්කි දිහා බලලා ලොකු හුස්මක් ගත්ත කොල්ලා රිතූගෙ නලලටත් කිස් එකක් දීලා එහෙමම තමන්ගෙ ෆෝන් එක අතට ගත්තෙ හිතට ආපු වචන ටික අකුරු කරන්න .

.
.
.

හැමෝම එක්ක මම බොරුවට හිනා වෙනවා....
ඒත් මම ඇතුළාන්තයෙන් ම කඩා වැටිලා...
මට ඒ සියල්ල අවසන් කරන්න වුවමනයි...

                   එන්න..

අපි නැවතත් එකට ඇවිද ගෙන යමු...
අපි නැවත එකට හිනා වෙමු .........
අපි  නැවත වරක් රණ්ඩු වෙමු.....

       ඔබ නැති ව මම තනිවෙලා...
       මට නැවතත් කතා කරන්න...
       මට ඔයා නැතුව ගොඩක් පාලුයි...
       
මගෙ සියලු සතුට ජිවත් වූයේ ඔබ සමග පමණයි..
මගෙ බලාපොරොත්තු නැවත අවදි කරන්න..
මේ හඩන සිත නැවත සිනාහවෙන් පුරවන්න..
     
        දෑස් හැර වරක් මා දෙස බලන්න ....
        නැවත වරක් අප ලගට පැමිණෙන්න....
         මට ඔයා නැතුව ගොඩාක් පාලුයි....
      
අපෙ එක ම බලාපොරොත්තුව වෙනුවෙන් විතරක් මං ජිවත් වෙන්නම්..
ඔබෙ මට දුන් වටින ම දායාදය එයයි .......
මේ ආදරය ඔයා වෙනුවෙන් ම විතරයි..

                           සාරන්හේ 
                        My First Love 💙


හිතට ආපු පුංචි සිතුවිල්ල අකුරු කරලා wevers  පෝස්ට් එකක් දාපු කොල්ලා ෆෝන් එකත් ඕෆ් කරලා නින්දට වැටුනෙ තමන්ට තුරුල් වෙලා ඉන්න පුංචි බෝනික්කිව තව ටිකක් ලගට ගන්න ගමන් තුන් දෙනාම වැහෙන්න ශීට් එක පොරවලා කොල්ලා ආයිමත් අතීත මතක අස්සෙ හිර උනා 😔😔😔

.
.
.
.
.
.












හරි හරි වෙනද ඒවට වඩා කොටයි තමා 😌 ඒත් සප්‍රයිස් එකක් දෙන්නම්. බෝනස් එකක් මොකද කියන්නෙ.

කොරන්ට දෙයක් නෑ  😪 මැරුන මිනිස්සුන්ට පන දෙන්න මට බෑ ළමයි 😪😪

එහෙනම් පසුවදනින් හම්බෙමු.

අහන්න තියෙන ඕනිම දෙයක් අහන්න. අද ඔක්කොටම උත්තර දෙනවා 😌

මේ  fb එකේ අන්තිම කොටස දාපු වෙලේ මගේ පොඩ්ඩි මට හදලා එවපු කවර් එක . 😍😍😍

ආදරෙයි ගීත් බබා 😘

Continue Reading

You'll Also Like

1.8K 555 30
"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද්ධ වෙන දෙයක්..ඒත් මේ වගේ හැමවෙලේම අත්වැර...
24.2K 3.6K 17
මොකක්ද මේ වැඩේ තේරුම ජිමින් ?තමුසේ එක එක ගෑනු හුරතල් කරන්න යන්නේ ගෙදර වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා අමතක වුනාද ඔහේට? මන් තමුසෙව මැරි කරේ නැහැ නේ තමුසෙනෙ...
2.3M 119K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
21.7K 4.6K 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්...