💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 41 🍁💙

285 37 0
By du-mi-001

කුකීගෙ ආරක්ශාවට ප්‍රශ්නයක් නැති උනත් අනිත් අය හැමෝම සේෆ්ද කියන එක ප්‍රශ්නයක් .

රිතූ නිදි නිසා කුකීත් රිතූගෙ බෙඩ් එක ලගින් පුටුවක් තියාගෙන ඉදගෙන රිතූගෙ කැනියුලා එක ගහපු අතකින් පරිස්සමින් අල්ල ගත්තෙ අවුරුදු දෙකහමාරකට පස්සේ .

අවුරුදු දෙකහමාරකට කලින් තිබ්බ ඒ ලස්සන , ඒ ශක්තිය රිතූ ලග දැන් නෑ කියලා මැලවිලා ගිය ඒ මූණෙනුයි ශක්තියක් නැති ඒ අතපය වලිනුයි තේරුනත් කුකී ඒ කිසිම දෙයක් ගනන් නොගෙන රිතූගෙ ඒ අතින් හාදුවක් තිබ්බෙ ඇස් වලින් ගලන් යන කදුලුත් එක්ක.

කුකීට තිබ්බෙ එයා ගැනම කේන්තියක්, දුකක්. මොකද එයාට මීට වඩා මේ දේවල් ගැන හොයලා බලන්න තිබ්බ නේද කියලා මේ දවස් ගානට සිය දහස් වාරයක් කුකීගෙ හිත එයාටම දොස් පවරන්න ඇති . රිතූ ඇහැරෙයි කියලා අනිත් අතින් කට වහගෙන සද්දෙ ඇහෙන්නෙ නැතුව කුකී  ඒ රිතූගෙ මැලවුණු මූණ දිහා බලාගෙන කොච්චර වෙලාවක් අඩන්න ඇතිද . ඒක දන්නෙ ඒ පාලු කාමරේ බිත්තියි රිතූගෙ ඇගට හයි කරලා තිබ්බ මැශිනුයි විතරයි  😥

කුකීගෙ කදුලු වලට පුංචි විරාමයක් හම්බුනේ රිතූගෙ රූම් එකට ආපු දුමී නිසා . එයා කුකීටයි රිතූටයි රෑට කෑම අරන් ඇවිත් තිබ්බත් කුකී ඉදපු විදිහට එයාගෙත් ඇස් වලට කදුලු ආවෙ එයාගෙ චූටි මල්ලි මේ විදිහට අඩනවා එයාටත් බලා ඉන්න බැරි නිසා .

ගෙනාපු කෑම ටිකත් පැත්තකින් තියලා කුකී ලගට ආපු දුමී කුකීගෙ උරහිසකින් අත තිබ්බෙ මේ වෙලාවෙ කුකීට ඒකත් ලොකු සැනසීමක් කියලා දන්න නිසා . ඒ තප්පරේම කුකී දුමීට වාරු වෙලා අඩන්න ගත්තෙ හිතේ තියෙන හැම දුකක්ම එයාගෙ නූනට කියන ගමන්. මොකද මෙච්චර කාලෙකට දුමී විතරයි වචනයක් වත් නොකිය නිහඩවම කුකීගෙ දුක අහගෙන ඉදියේ .

🐰 නූනා  😥 අනේ නූනා එයාට නැගිටින්න කියන්නකෝ..... නැගිටලා මට බනින්න කියන්න , ගහන්න කියන්න  . ඒත් මන් සද්ද නැතුව ඉන්නම්. අනේ නූනා එයාට නැගිටලා කතා කරන්න කියන්නකෝ. එයා එහෙම ඉන්නකොට මන් කොහොමද නූනා ඉවසන්නෙ. මේකද මන් කරපු වැඩ වලට හම්බෙන දඩුවම. 😭 මේ හැමදේම මගෙ වැරදි . හැමෝම කිව්වට මමයි ඇහුවෙ නැත්තෙ. දැන් ආයිමත් මගෙ වැරදි නිසා එයයි දුක් විදින්නෙ. 😭😭😭😭

" ශ්....... කුකී . මේ අහන්නකෝ දීලා තියෙන බෙහෙත් නිසයි රිතූට නින්ද ගිහින් තියෙන්නේ . තව ටිකකින් එයාට ඇහැරෙයි .  ඊටත් මන් එදත් ඔයාට කිව්වා නේද කිසිම දේකට වැරැද්ද ඔයාගෙ පිට දා ගන්න එපා කියලා . ඒ දේවල් උනේ ඔයාගෙවත් රිතූගෙවත් වැරැද්දක් නිසා නෙවෙයි පැටියෝ 🥺🥺🥺🥺  "

ලග තිබ්බ සෝෆා එකෙන් කුකීව වාඩි කරලා දුමීත් ඒ ලගින් වාඩි උනේ කුකී එයාටම දොස් පවර ගන්න නිසා . ඒත් මේ කිසිම දේකට සම්පූර්ණයෙන්ම වැරදි කාරයා කුකී නෙවෙයිනේ . රිතූත් වැරදි . ඒ වගේම අනිත් අයත්. එක්කෙනෙක්ට විතරක් වැරැද්ද පටෝලා කාටවත් බේරෙන්න බෑ . මොකද හැමෝගෙම වැරදි නිසයි අද මේ විදිහට මේ ජීවිත දුක් විදින්නෙ. 😥

කුකී දුමී එක්ක කියලා අඩද්දි ඒ දෙන්නම නොදැක්කත් රිතූගෙ ඇස් වලින් කදුලු බින්දු දෙකක් ගලාගෙන ගිහින් කොට්ටෙට වැටිලා නොපෙනී ගියෙ එයත් මේ හැමදේම අහගෙන ඉන්නවා කියන්න වගේ. ඔව් රිතූ නිදි නෑ . කුකී එයාගෙ අත අල්ලගෙන අඩද්දිම රිතූට ඇහැරුනා. ඒත් එයා නිදි වගේ ඉදියේ කුකීට මූණ දෙන්න බැරි නිසා . මොකද එහෙම උනොත් කුකීට වඩා ඇඩෙන්නෙ එයාට කියලා එයා දැනගෙන ඉදියා .  

පැය ගානක් අඩලා අඩලා දුමීගෙ උරහිසේම නින්ද ගිහින් ඉදපු කුකී දිහා බලලා දුමී ලොකු හුස්මක් පිට කලේ මේ වෙලාවෙ එයාටත් කරන්න දෙයක් නැති නිසා . මොකද හැමෝටම වඩා හොදට එයා දැනගෙන ඉදියා මේ කාලෙ පුරාවටම කුකී කොච්චර දුක් වින්දද කියලා . මොකද හියුන්ග්ලා ඉස්සරහ ප්‍රශ්නයක් නෑ වගේ රගපාලා බීලා බීලා දුක අමතක කරන්න හැදුව කුකීට වඩා මේ අවුරුදු දෙකහමාරෙ පුලුවන් හැම වෙලාවකම අම්මගෙ උනුහුම හොයන පොඩි එකෙක් වගේ  දුමී අස්සට ගිහින්  අඩන කුකී ගැන දුමී දැනගෙන ඉදියා .



Rithu Pov 🌹🌹🌹.........




කුකී දුමී ඔන්නි  එක්ක කියපු හැමදේම මන් අහගෙන ඉදියේ . මොකද කුකී මගෙ අතින් අල්ලගෙන අඩද්දිම මට අහැරුනා. ඒත් මන් දිගටම නිදි වගේ ඉදියේ කුකීට මූණ දෙන්න තරම් ශක්තියක් මට තිබ්බෙ නැති නිසා . ටිකකින් අඩලා අඩලා කුකීට නින්ද ගිහින් නිසා මන් හිමීට නැගිට්ටා. කුකීව සෝෆා එකට හේත්තු කරලා දුමී ඔන්නිත් මන් ලගට ඇවිත් මට නැගිටින්න උදව් කලේ තාමත් මගෙ ඇගට ශක්තියක් නැති නිසා . මාව ඇදේ ඇන්දට හේත්තු කරලා ඔන්නි මගෙ අතින් අල්ල ගත්තෙ ගොඩක් ආදරෙන්.

" රිතූ .... දැන් කොහොමද ඔයාට 😊 "

🌹  දැන් හොදයි ඔන්නි . ප්‍රශ්නයක් නෑ . ඔප්පලා ගියාද.

" හ්ම්ම්..... කට්ටියම ගියා. හැමෝටම හොස්පිටල් එකේ ඉන්න බෑනෙ . ඉතින් කුකී නැවතුනා. "

🌹 හ්ම්ම්ම්.......

" රිතූ මන් දෙයක් අහන්නද. ඔයා කුකී එක්ක තාම තරහද. "

🌹 මන් කවදාවත් එයා එක්ක තරහ වෙලා ඉදියේ නෑ ඔන්නි . එයයි මාව අවිශ්වාස කරලා ඇතෑරලා දැම්මෙ.

" රිතූ ඔයා දන්නවද මේ අවුරුදු දෙකහමාරෙ කුකී කොච්චර දුක් වින්දද කියලා ම්ම්ම්..... ඊටත් කුකී ඒ කරපු කිසිම දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි . ඒ හැමදේම උනේ ඔයාලගෙ නරක වෙලාව නිසා . දන්නවද හැමෝටම කුකී හොදින් කියලා පෙන්නුවත් එයා හැමදාම ඇඩුවා. ක්ලබ් ගිහින් බීලා නාස්ති වෙනකොට ඒකෙන් එයාව ගලෝගන්න ඔප්පලා ඉදියට කුකීට එයාගෙ දුක කියන්න කෙනෙක් ඉදියේ නෑ . අඩුම ජන්හියුන්ග් වත් කුකී එක්ක කතා කලේ නෑ . හැමෝම ඉදියේ කුකී වැරදි කියන මතේ. ඉතින් එයා ගොඩක් ඒ නිසා මානසිකව වැටුනා. එයා හැමදාම ඇවිත් මාව බදාගෙන අඩනවා. මොකද එයා කියන්නෙ හියුන්ග්ලා ඉස්සරහ ඇඩුවොත් එයාලත් දුක් වෙනවා කියලා . ස්ටේජ් එකේ හිනා වෙලා , කැමරා ඉස්සරහ සතුටින් වගේ ඉදියත් හැමදාම කුකී ඉදියේ ගොඩක් ලොකු දුකක් හිතේ තියාගෙන . එයා අඩපු නැති දවසක් නැති තරම් ."

දුමී ඔන්නි ඒ කියපු දේවල් ඔක්කොම මන් දන්නවා කියලා කියන්න ඕනි උනත් ඔන්නිටම කියන්න දීලා මන් අහගෙන ඉදියා 😔 මොකද මන් හොදටම දන්නවා මේ කාලෙ කුකී කොච්චර දුක් වින්දද කියලා . කුකී මන් ගැන හෙව්වෙ නැති උනාට පහුගිය කාලෙ කුකීට ඔලුවෙ කැක්කුමක් හැදුනත් මට ඒක දැනගන්න පුලුවන් උනා .

දුමී ඔන්නි මාත් එක්ක කතා කරලා ගියාට පස්සේ මන් නැගිටලා රූම් එකේ ග්ලාස් වින්ඩෝ එක ලගට ගියෙ ඈතින් පේන සෝල් වීදිවල යන පුංචි වාහන දිහා බලන්න. කඩ සාප්පු වල ලයිට් දාලා හරිම ලස්සනයි .  එලි දිහා බලන ගමන් කල්පනා ලෝකෙක ඉදපු මම මේ ලෝකෙට ආවෙ මගෙ ඇග වටේ එතිච්ච ජැකට් එක නිසා . ඒකෙ සුවදින්ම ඒක කුකීගෙ කියලා දන්න නිසා මන් හැරෙන්නෙ නැතුව දිගටම ඈතින් පේන ලයිට් දිහා බලාගෙන ඉදියේ කුකීට මූණ දෙන්න තරම් ශක්තියක් මට නැති නිසා . ඒත් එයා කතා කරද්දි තව දුරටත් අහක බලාගෙන ඉන්න මට බැරි උනා 😔😔😔

🐰 රි  රිතූ ඇවිත් කෑම කාලා ඉන්න. නූනා කෑම ගෙනත් දුන්නා. 🙂 කාලා බෙහෙත් ටික බොන්න ඕනි .

කුකී බිම බලාගෙනම  කියලා ආපිට යන්න හැරුනත් ඊට කලින් ඉක්මන් උන මගෙ අත කුකීව නැවැත්තුවා .

🌹 කුකී ........

මටත් නොදැනි ඒ වචන මගෙ කටින් පිට වෙද්දී කුකී එහෙමම නතර උනේ බිම බලාගෙනමයි. මන් දන්නවා මට වගේම එයාටත් මට මූණ දෙන්න බෑ කියලා. ඒත් කවදා වෙනකම් අපි අපෙන් හැංගිලා ඉන්නද 😥

🌹 කුකී මියානේ 😥 .......

එකපාරටම මගෙ අතින් ඇදලා ගත්ත කුකී මාව ඒ ඇගට තියලා තද කරලා බදා ගත්තෙ හරියට මන් එයාව දාලා යයි කියලා වගේ . මගෙ කදුලු මට පාලනේ කර ගන්න බැරි වෙද්දී මෙච්චර කාලයක් පෙරුම් පුර පුරා බලාගෙන ඉදපු ඒ උණුසුම ලැබිච්චි තප්පරේම මන් කෑ ගහලා අඩන්න ගත්තෙ අවුරුදු දෙකහමාරක් හිතේ හිර කරගෙන ඉදපු වේදනාව පිට කරන්න ඕනි නිසා . ඒ පපුවෙ මූණ හංගගෙන මන් අඩද්දි මගෙ අතට වැටිච්ච උණු කදුලු බින්දු නිසා කුකීත් අඩනවා කියලා දැනුනත් ඔලුව උස්සලා බලන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ . ඒ නිසා දිගටම කුකී බදාගෙන අඩනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් මේ වෙලාවෙ මට ඕනි උනේ නෑ .

පැය ගානක් දෙන්නට දෙන්නා තුරුල් වෙලා අඩපු අපි ඈත් උනේ කුකී මාව ඒ පපුවෙන් ඈත් කරලා මගෙ කදුලු පිහදපු නිසා .

🐰 ශ්.... දැන් ඇති . කෝ ඉතින් . ඔයාට අඩන්න හොද නෑ මැණික 😥 ඒ නිසා ප්ලීස් දැන් ඇති  🥺🥺

🌹 කු   කුකී ... සුමී 🥺🥺

🐰 මන් දන්නවා . හැමදේම දන්නවා. මට සමාවෙන්න මැණික 😥  හැමදේම මන් නිසා . කෝ දැන් අඩන්න එපා ඉතින් . එන්න කෑම කාලා ඉන්න. බෙහෙත් බොන්න තියෙනවා .

මන් හිතුවෙ සුමීව එයාගෙන් ඈත් කලාට කුකී මට බනී කියලා . ඒත් එයා ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ . ඒ වෙනුවට මාව ඇදෙන් ඉන්දවලා ඔන්නි ගෙනත් දීපු කෑම එක මටත් කවන ගමන් කුකීත් කෑවෙ කදුලු අතරින් හිනා වෙන ගමන්. මගෙ බෙහෙත් ටිකත් දීලා කුකී සෝෆා එකට යන්න හැදුවත් මන් එයාව අතින් අල්ලලා නතර කලේ මෙච්චර කාලෙකට පස්සෙ හම්බුන කුකීගෙ උණුහුමින් ඈත් වෙන්න මට ලෝබ හිතුන නිසා .

🌹 කුකී ප්ලීස් මෙතන ඉන්න පුලුවන්ද  🥺🥺

හැමදාම වගේ ලස්සනට හිනා වෙච්ච එයා ඇදේ පැත්තකි  ඉද ගත්තෙ මන් ඒ පපුවට හේත්තු වෙලා ඇස් පියා ගද්දි . කාලෙකට පස්සෙ සැනසීමෙ ඇස් පියා ගන්න පුලුවන් උනා . මට නින්ද යනකම්ම  කුකීගෙ ඇගිලි මගෙ කොට කොන්ඩේ පිරිමැද්දේ විඩෙන් විඩේ ලොකු හුස්මවල් පහල දාන ගමන්. මන් දන්නවා මගෙ ලෙඩේ නැත්තං අනිවාර්යයෙන්ම කුකී මන් කොන්ඩේ කපපු එකට බනිනවා . මොකද තාත්ති , අයියලයි වගේම කුකීත් මගෙ කොන්ඩෙට මටත් වඩා ආදරේ කලා. ඒත් මේ ලෙඩේ නිසා කොන්ඩේ යන්න පටන් ගත්තම තාත්තිගෙන් ඒක හංගන්න ඕනි නිසයි මන් කොන්ඩේ කැපුවෙ . නැත්තං මන් හංගන ගොඩක් දේවල් තාත්ති චූටි අයියයි දැන ගන්නවා. මේ ටික කාලෙකට මන් හින්දා එයාලා ගොඩක් දුක් වින්දා. ඉතින් තවත් දුකක් එයාලට දෙන්න මට ඕනි උනේ නෑ  😥😥😥😥

උදේම වෙනද පුරුද්දට ඇහැරුනත් සුපුරුදු උනුහුමක් ලග තිබ්බ නිසා තව ටිකක් ඒ උනුහුමට ගුලි උනේ නැගිටින්න ලෝබ හිතෙද්දි . මොකද කුකීත් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හොදට නිදාගෙන ඉදියේ 😊 තවත් පැය බාගයක් විතර ඒ විදිහට ඉදලා කුකීට චූටි කිස් එකකුත් දීලා  මන් නැගිට්ටෙ ඉක්මනට ගෙදර යන්න ලෑස්ති වෙන්න. මොකද මගෙ පුංචි කෙල්ලගෙන් ඈත් වෙලා මුලු රැයක්ම මන් ඉදපු පලවෙනි වතාව. සමහර දවස් වලට තාත්ති , යුන්ගි ඔප්පා , චූටි අයියා , වුකී ඔප්පා එක්ක එහෙම සුමී රෑට ඉදියට මාත් ඒ අහල පහලම ඉදපු නිසා ඒක එච්චර දෙයක් නෙවෙයි . ඒ අද අපි තැන් දෙකක. ඉතින් ඉක්මනට ගෙදර ගිහින් මගෙ සුරංගනාවිගෙ මූණ බලන්න මන් ඉදියේ ඉවසිල්ලක් නැතුව .

කුකී ඇහැරෙන්නෙ නැති වෙන්න ගිහින් මන් වොශ් එකකුත් දාගෙන එනකොට ජන්හියුන්ග් ඔප්පා තව ඩොක්ටර් කෙනෙක් එක්ක ආවෙ මගෙ රිපෝට්ස් අරගෙන . මොකද අද ගෙදර යන්න පුලුවන් කියලා ඩොක්ටර් චෝයි කිව්වනෙ. හැබැයි ඉතින් කුප්ප හිනාවක් තියාගෙන ජන්හියුන්ග් ඔප්පා කුකීට ලන් වෙච්ච එක නම් මට ඇල්ලුවේ නෑ .

" යාහ්හ්හ්හ් ඒයි නැගිටිනවා. යකෝ ලෙඩ්ඩු බලා ගන්න ආපු මිනිහා ලෙඩාගෙ ඇද බදාගෙන ඉදලා හරියනවද. ඕයි . නැගිටිනවා. "

බෙඩ් ටේබල් එකේ තිබ්බ වතුර එකෙන් ටිකක් කුකීට ඉහින ගමන් ජන්හියුන්ග් ඔප්පා කෑ ගැහුවෙ කුකී හොල්මන් දැක්කා වගේ දඩිබිඩියේ ඇදෙන් බිමට පනිද්දි 😂 ටික වෙලාවක් යනකම් උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉදපු කුකී රතු වෙලා බෙල්ල පිටිපස්ස අතගාන ගමන් බනී හිනාව දැම්මෙ මටයි ජන්හියුන්ග් ඔප්පටයි එකපාරට හිනා යද්දි .

ජින් ඔප්පයි සැන්ඩි ඔන්නි ඇවිත් ඉදපු නිසා මායි කුකී ඒ දෙන්නා එක්ක ගෙදර ආවෙ කාලෙකට පස්සෙ හැමෝම ආයිමත් එකතු වෙන නිසා . මෙච්චර දවසක් හැමෝම ඉදියත් කුකී ඉදියේ නෑ . ඒත් අද කලින් වගේම ආයිමත් හැමෝම එකට. දවල් වෙනකොට හොබී ඔප්පා ගිහින් අනූ අක්කිවත් එක්ක ආවෙ එයාගෙ වැඩ ටික ඉවර වෙලා කෙලින්ම මෙහෙට එන නිසා . හවස් වෙනකොට දෝයුන් හාජින් වගේම  වුකී ඔප්පයි සුකී ඔන්නීත් ආවෙ අවුරුදු තුනකට පස්සේ සුකී ඔන්නි ආයිමත් කට්ටියට එකතු වෙන නිසා . දැන් මට ඉස්සර වගේම ලොකු පවුලක් ඉන්නවා.

කාලෙකට පස්සෙ හැමෝම සතුටින් ඉස්සර වගේම ඉන්නවා. ඒත් එක්කෙනෙක් අඩුයි . මගෙ මොලී ඔන්නි 🥺 . එයත් ඉදියා නම් ඉස්සර වගේම අපේ පවුල සම්පූර්ණයි . රිශීගෙ බලකිරිල්ලටම සුහෝ ඔප්පා රොකීවත් ගෙනත් දාලා තිබ්බෙ ගොඩ කාලයක් රොකී අපිට මිස් උනා කියලා දන්න නිසා . රෑ වෙලා කට්ටියම ගාඩ්න් එකට ආවෙ ඩිනර් එක ගාඩ්න් එකේ ඇරේන්ජ් කරලා තිබ්බ නිසා . ඒත් අද රෑ හැමෝම සතුටින් ඉදියට හෙට උදේට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා කියලා අපි කවුරුවත් දැනගෙන ඉදියේ නෑ .

හොබී ඔප්පයි , හාජිනුයි ආපු වෙලේ ඉදලා කන එක පැත්තක දාලා සෙල්ෆි ගහනවා. නම්ජුන් ඔප්පා දෙතුන් පාරක් දෙන්නටම කිව්වා පරිස්සමින් සෙල්ෆි  ගහන්න කියලා . මොකද බැරි වෙලා එක ෆොටෝ එකක් පබ්ලිශ් උනොත් ඔක්කොම ඉවරයිනෙ.සුකී ඔන්නි අවුරුදු තුනක් නිදාගෙන ඉදලා සුමී එක්ක දැන් සෙල්ලම. කෙල්ලත් ඔන්නිට ගොඩක් එකතුයි. මොකද මෙච්චර කල් නිදාගෙන ඉදපු එයාගෙ සුකී ඔම්මා නැගිටලනෙ. දෝයුන් , වුකී ඔප්පා , යුන්ගි ඔප්පා කට්ටිය වෙනම කතාවල.

ඩිනර් එක අරගෙන ඊට පස්සේ කට්ටිය ඩ්‍රින්ක්ස් පාටියකුත් පටන් ගත්තෙ කාලෙකට පස්සෙ හැමෝම එකතු උන නිසා . වෙනදට නම් මාත් ඔතනට පැනලා කට්ටිය එක්ක ඩ්‍රින්ක්ස් ගත්තත් දැන් එහෙම කරන්න බෑ . මොකද දැන් මට ඩ්‍රින්ක්ස් තහනම්  😑 හැබැයි ඉතින් කට්ටිය බොද්දි මගෙ අතයි කටයි නලියනවා වගේ . රෑ දහය විතර වෙනකොට කට්ටියගෙ පාටිය ඉවර උනේ කෙලින් ඉන්නවත් බැරි තරමට කට්ටිය ඩ්‍රින්ක්ස් අරන් . අන්තිමට සැන්ඩි ඔන්නි සුකී ඔන්නි අනූ අක්කි එක්ක කට්ටියව ගේ ඇතුලට ගේන්න උනෙත් මට .

කුකී කලින්ම සුමී එක්ක නිදා ගන්න ගිය නිසා මාත් රූම් එකට ගියෙ නිදා ගන්න . වෙනදට රොකී එක්ක ඇද බෙදා ගන්න රන්ඩු වෙන කුකී අද සුමී එක්ක තුරුල් වෙලා නිදන් ඉන්නෙ හා පැටව් දෙන්නෙක් වගේ . රොකීත් රූම් එකේ පැත්තක බිම හාන්සි වෙලා ඉදියේ කවුරු ආවත් මේ රූම් එක ඉස්සර වගේම මගෙ කියලා කියන්න වගේ . 😂 මාත් ගිහින් කුකී සුමී දෙන්නට බ්ලැන්කට් එකත් දාලා ඒ ලගින් හාන්සි උනේ අවුරුදු ගානකට පස්සේ මගෙ පවුල සම්පූර්ණ වෙච්ච සතුටත් එක්ක. ඒත් එක්කම කුකී සුමීට උඩින් එයාගෙ අත දාලා මාවත් තුරුල් කර ගත්තෙ මාත් සැනසීමෙ ඒ දෙන්නට තුරුල් වෙද්දී . හැබැයි අපි කවුරුවත් හිතුවෙ නෑ උදේ පාන්දරින්ම ලොකු ප්‍රශ්නයක් අපිව හොයාගෙන එනවා කියලා .






උදේම අපි හැමෝම නැගිට්ටෙ ගාඩ්ලා ඇවිත් ඇහැරවද්දි. ඒ වෙනකොටත් ඔප්පලා හැමෝගෙම ෆෝන්ස් රින්ග් වෙන්න අරන් තිබ්බෙ ලොකු කරදරයක  පෙරනිමිති විදිහට . නැගිටපු ගමන් ෆෝන් එකෙන් වැඩ පටන් ගන්න හාජින් ඇස් ජිල්බෝල සයිස් කරන් ෆෝන් එකට එබිලා කෑ ගහන්න ගත්තෙ ගෙදර මිනිස්සු බීරො කියලා හිතාගෙන වගේ . ඒත් ඉතින් අපේ ෆෝන් වලටත් ආපු නොටිෆිකේශන් බැලුවම අපි හැමෝම මූණට මූණ බලා ගත්තෙ මේක කොහොමද උනේ කියලා .

ඒකෙ තිබ්බ රිශීගෙයි යුන්ගි ඔප්පගෙයි සුමීගෙයි ෆොටෝ එකක් . හොස්පිටල් එකේදී පෙරේදා හවස කාර් එකට නගින එකක්. ඒත් එක්කම ගෙදරට එනකම්ම එයාල තුන් දෙනාගෙ ගහපු ෆොටෝ , මීට අවුරුදු තුනකට කලින් හොස්පිටල් එකේදී පබ්ලිශ් වෙච්ච ෆොටෝ ඉදන් උඩට ඇදලා තිබ්බෙ යුන්ගි ඔප්පා මැරි කරලා බබෙකුත් ඉන්නවා කියන නිව්ස් එකත් එක්ක. මොකද එදා ෆොටෝ වල වගේම මේ ෆොටෝ වලත් රිශීගෙයි යුන්ගි ඔප්පගෙයි මූණු ගොඩක් පැහැදිලිව පෙනුනා.

සමහරු යුන්ගි ඔප්පට විශ් කරලා තිබ්බ අතරෙ බහුතරයක් යුන්ගි ඔප්පටයි රිශීටයි බැනලා කමෙන්ට් දාලා තිබ්බෙ බොරුකාරයො විදිහට නමකුත් දීලා .

මේ වෙනකොටත් ඔප්පලගෙ කම්පැනි එක ඉස්සරහා ආමිලා සිය ගානක් එකතු වෙලා කියලා ටීවී එකේ ගිය නිව්ස් වලින් පෙන්නුවා. මේ වෙනකොට කොරියාවෙ වගේම ලෝකෙ ගොඩක් රටවල් වල බ්‍රේකින් නිව්ස් එක උනේ මේක.

" නම්ජුන්ශී ලොකු ප්‍රශ්නයක් . කට්ටිය මේ ගෙදර හොයාගෙන . අපි ඉක්මනට මෙහෙන් යන්න ඕනි . 😥 "

🐯 ටිකක් ඉන්න කෝ රිශී. 😳 එයා නෑනෙ .

ඒත් එක්කම හැමෝම බැලුවේ රිශී කෝ කියලා . ඒත් ගෙදර හැමතැනම බැලුවත් රිශී ඉදියේ නෑ . කෝල් ගත්තත් රිශී ෆෝන් එක ඉස්සුවෙ නැති නිසා අපි හැමෝම ඉදියේ ගොඩක් බයෙන්. මොකද දැනටමත් රිශීව ආමිලට අහු වෙලා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බා.

" රිශී උදේම ජොගින් ගියා. 😳 එන ගමන් සුපර්මාර්කට් එකටත් ගිහින් එනවා කිව්වෙ ගෙදර පානුයි කිරියි ඉවර නිසා . "

යූ ජන් ඔප්පා  කියනකොට අපි හැමෝම ඔලුවෙ අත ගහ ගත්තෙ ඉස්සර ඉදලම  හැමදාම උදේම රිශී ජොගින් යන නිසා . ගෙදර ඉන්න ගාඩ්ලා යවන්නත් බැරි නිසා කරන්න පුලුවන් එකම දේ විදිහට මන් ඩේව්ට කෝල් කලේ පුලුවන් ඉක්මනට රිශී හොයා ගන්න කියලා . මොකද අපි කාටවත් දැන් රිශී හොයන්න ගෙදරින් එලියට යන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ . මේ වෙලාවෙ ගේ ඇතුලෙ ඉන්න අපේ ආරක්ශාවට වඩා එලියෙ ඉන්න රිශීගෙ ආරක්ශාව ගැන අපි හැමෝම බය උනේ 😥😥😥





Author Pov 🖋️🖋️🖋️........




මේ කිසිම දෙයක් දන්නෙ නැති රිශී උදේම ජොගින් ගිහින් එන ගමන් සුපර්මාර්කට් එකට යන්නෙ කිරියි පානුයි ගන්න. ෆෝන් එක සයිලන්ට් දාලා නිසා කට්ටිය කොච්චර කෝල් ගත්තත් එයාට ඇහුනෙ නෑ . ඊට වඩා හෙඩ්සෙට් එක දාගෙන සින්දු අහන කෙල්ලට වටේ පිටේ වෙන දේවලුත් එච්චර ගානක් නෑ . රිතූගෙ කෝල් එකෙන් පස්සේ ඩේව් එයාගෙ මිනිස්සු ටිකක් එක්ක ඉක්මනට රිතූගෙ ගෙවල් තියෙන ලේන් එකට එන්නෙ හැමදාම ජොගින් යන්නෙ ඒ පාරෙ කියලා දන්න නිසා .

රිශී සින්දුවකුත් අහ අහ ගත්ත බඩු කවරෙත් උස්සගෙන වෙනද පුරුද්දට පාර දිගේ ආවත් දකින දකින කෙනා කෙල්ල දිහා අමුතු විදිහට බල බල කතා කරන එක කෙල්ලට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ. ඒත් ඉතින් ඒවා ගනන් ගන්නෙ නැතුව පුරුදු විදිහට ඇවිදගෙන ආවෙ කට්ටිය නැගිටලා ඇති කියලා හිතලා.

ඒත් ගෙදර කිට්ටුවට එනකොට රිශී දැක්කෙ ගේ අහල පහල බෝඩ් කෑලි උස්සගෙන ඉන්න මිනිස්සු වගයක් වගේම රිපෝටර්ලා ටිකක්.  මොකද ඒ වෙනකොටත් ආමිලා දෙතුන් සීයක් රිතූගෙ ගේ ලගට එකතු වෙලා තිබ්බෙ කොල්ලො ටික එහෙ ඉන්න නිසා . වෙලා තියෙන්නේ හොද දෙයක් නෙවෙයි කියලා තේරිච්ච රිශී අනිත් පැත්ත හැරිලා ආපිට යන්න හැදුවත් කලු ඇදගෙන මූණු වහ ගත්ත හැඩි දැඩි පිරිමි ටිකක් කෙල්ලගෙ මග හරස් කලේ රිශීට යන්න බැරි වෙන්න.

එතන ඉදපු එක්කෙනෙක් ලේන්සුවක් අරන් ඉස්සරහට එනකොට රිශීට වෙන්න යන දේ තේරිච්ච නිසා කෙල්ල පැනලා දුවන්න හැදුවත් තව එක්කෙනෙක් එයාව අල්ල ගත්ත නිසා රිශීට දුවාගන්න පුලුවන් උනේ නෑ . කරන්න තිබ්බ එකම දේ මේ මිනිස්සුන්ට ගහලා හරි පැනලා යන එක නිසා අතේ තිබ්බ බඩු මලු ටික බිම දාලා කෙල්ල අර මිනිස්සු එක්ක ගහගන්න පටන් ගත්තෙ කොහොම හරි මෙතනින් බේරිලා පැනගන්න තිබ්බ ඌමනාවට.

ඈත තියාම රිශී හොය හොය ආපු ඩේව්ලා රිශී ෆයිට් කරනවා දැකපු නිසා වාහනෙන්  බැහැලා ඒ දිහාට දුවගෙන ආවෙ ආමිලා නිසා පාරෙ ට්‍රැෆික් වැඩි වෙලා තිබ්බ නිසා .

🤺 රිශී ........

🌻 ඩේව් ඔප්පා .......

ඈත තියාම ඩේව්ලා රිශීට කතා කරගෙන  දුවගෙන ආවත් ඩේව්ලා එනවා දැකපු අර මිනිස්සු ඉක්මනට රිශී අල්ලලා සිහි නැති කරගෙන වාහනේට දා ගත්තෙ රිශී කෑ ගහද්දි . පාරෙ වාහන අතරින් දුවගෙන ඇවිත් රිශී ඉදපු තැනට එනකොටත් ඩේව්ලා පරක්කු වැඩී මොකද ඒ වෙනකොටත් ලග තිබ්බ අතුරු පාරකින් දාලා රිශීව අරගෙන ඒ මිනිස්සු යන්න ගිහින් ඉවරයි . ගොඩක් දුර ඒ වාහනේ පස්සෙන් දිව්වත් පාරෙ තිබ්බ ට්‍රැෆික් එකත් එක්ක ඩේව්ලට වාහනේ මගෑරුනා .

මේ අතරෙ රිතූලා ගේ ඇතුලෙ හිර වෙලා ඉදියේ ඉදපු ගාඩ්ලා ටික දෙපැත්තෙ ගේට්ටු දෙක ගාඩ් කරද්දි .

Rithu Pov  🌹🌹🌹......

ඩේව්ට කෝල් කරලා රිශී හොයාගන්න කිව්වෙ මේ වෙලාවෙ අපි කාටවත්ම ගෙදරින් එලියට යන්න පුලුවන් කමක් තිබ්බෙ නැති නිසා . ඒ අස්සෙ කවදාවත් නැති විදිහට යුන්ගි ඔප්පා හොදටම කලබල වෙලා එහෙට මෙහෙට ඇවිදින්න ගත්තෙ රිශීට කරදරයක් වෙලා ඇති කියලා . මොකද මේ වෙනකොටත් අපේ ගෙදර දෙපැත්තෙන්ම ඔප්පලගෙ ආමිලා වට කරලා ඉදියේ කෑ ගහන ගමන්. ටීවී එකේ ගිය බ්‍රේකින් නිව්ස් වලත් පෙන්නුවෙ ඔප්පලගෙ කම්පැනි එක ඉස්සරහත් මිනිස්සු ගොඩක් බෝඩ් උස්සගෙන පිකටින් කරනවා.

අන්කල් සේජින් ඔප්පා  එක්ක අපේ ආරක්ශාවට ගාඩ්ලා ටිකක් එවන්නම් කිව්වෙ අපි හැමෝම කම්පැනි එකට ගෙන්න ගන්න. මොකද මේ වෙලාවෙ ආරක්ශිත එකම තැන ඔප්පලගෙ කම්පැනි එක විතරයි . ඒ අස්සෙ දෝයුන් හාජින් දෙන්නා වගේම සුකී ඔන්නි අනූ අක්කි හැමෝමත්  හොදටම බය වෙලා ඉදියේ ඊලඟට මොනා වෙයිද කියලා .

මන් ආයිමත් පාරක් ඩේව්ට කෝල් කලේ රිශී හම්බුනාද අහන්න. ඒත් ඩේව් කියපු දේ නිසා මන් එහෙමම ලග තිබ්බ පුටුවකට කඩා වැටුනෙ මෙහෙම දෙයක් කවුරුවත් කීයටවත් බලාපොරොත්තු උනේ නැති නිසා  😥😥😥 රිශී කිඩ්නැප් කරලා . මන් ඔප්පලට ඒක කියන්න කලින්ම දාලා තිබ්බ ටීවී එකේ ඒකත් නිව්ස් එකක් විදිහට ගියෙ ලග හිටපු මිනිස්සු ඒක වීඩියෝ කරලා තිබ්බ නිසා .

දැන් යුන්ගි ඔප්පාගෙ නිව්ස් එකට වඩා ඉක්මනට පැතිරුනේ රිශී කිඩ්නැප් කරපු වීඩියෝ එක . ඒක දැකපු යුන්ගි ඔප්පා හොදටම කලබල වෙලා රිශී හොයන්න යන්න දැගලුවෙ කොයි ලෝකෙන් හරි රිශී හොයා ගන්න ඕනි කියලා . මගෙ ඔලුවෙ කැක්කුම ආයිමත් වැඩි උනේ මේ ස්ට්‍රෙස් එක මට දරා ගන්න බැරි නිසා .

ආයිමත් සැරයක් නහය තෙත් වේගෙන එනවා තේරිච්ච නිසා මන් ඉක්මනට රූම් එකට දිව්වෙ මේ කලබල අස්සෙ කට්ටිය තවත් කලබල කරන්න ඕනි නැති නිසා . සුමී තාම නිදි නිසා ඉක්මනට වොශ් රූම් දිව්වෙ නහයෙන් වෙනදට වඩා ලේ එනවා කියලා මට තේරිච්ච නිසා . මගෙ පස්සෙන්ම ආපු කුකීත් ඉක්මනට ඇවිත් සර්වියට් පේපර්ස් ටිකක් අරන් ලේ ටික පිහදුවෙ මගෙ ඇස් වලින් නවතින්නෙ නැතුව කදුලු එද්දි . මොකද මේ වෙලාවෙ මන් ඉදියේ ගොඩක් බයවෙලා . ඒ මන් ගැන නෙවෙයි රිශී ගැන . මොකද පොඩි කාලෙ ඉදලා මගෙම සහෝදරියක් වගේ හැමදේකදිම මගෙ ලගින්ම ඉදියේ රිශී . වෙලාවකට යාලුවෙක් , අම්මා කෙනෙක් , සහෝදරියක් වගේ දුකේදි සැපේදි හැම දේකදිම මන් ලග ඉදියේ රිශී . ඉතින් එයාට මොනා හරි වෙයි කියලා මට ගොඩක් බයයි.

🌹 කුකී රිශී  😭😭😭 ප්ලීස් කුකී මට රිශී හොයලා දෙන්න. ප්ලීස් ප්ලීස් 🥺🥺

🐰 අනේ රිතූ ප්ලීස් අඩන්න එපා 🥺🥺 එතකොට ඔයාට අසනීප වැඩි වෙයි . අනේ අපි රිශී හොයාගමු. ප්ලීස් අඩන්නෙ නැතුව ඉන්නකෝ 😥

කුකීට තුරුල් වෙලා විනාඩි ගානක් අඩපු මම කදුලු පිහදගෙන පහලට ආවෙ සේජින් ඔප්පා එක්ක අන්කල් ගාඩ්ලා එවලා තිබ්බ නිසා . ඒත් එක්කම ඩේව් එක්ක තව ගාඩ්ලා දහයක් විතර අමාරුවෙන් අර මිනිස්සු අතරින් පොර කාලා ගෙදරට ආවෙ අපිව කම්පැනි එකට එක්ක යන්න .

ඔප්පලා ඔක්කොම මාක්ස් කැප් දාලා ඉදපු නිසා සේජින්ශී අපිටත් මාක්ස් කැප් දා ගන්න කිව්වෙ වැඩි ආරක්ශාවට . ඉස්සල්ලම ඔප්පලා එක්ක ගිහින් ඊට පස්සේ අපිව එක්ක යන්න තීරනේ කලේ හැමෝටම එකපාර යන්න බැරි නිසා .

🐨 සේජින් හියුන්ග් ගෑණු ළමයි ටික අපිට මැද්දෙන් එක්ක ගියානම් හොද නැද්ද . මොකද කීයටවත් එයාවල වෙනම අරන් යන්න බැරි වෙයි .

නිදාගෙන ඉදපු සුමී කුකී ගිහින් වඩාගෙන ආවත් වුකී ඔප්පා සුමීව ගත්තෙ මෙතන මීඩියාත් ඉන්න නිසා කුකී සුමී වඩන් ඉන්නකොට ප්‍රශ්න තව වැඩි වෙයි කියලා . කොහොම හරි ගාඩ්ලා කට්ටිය අයින් කරලා අපිට යන්න පාර හදලා දුන්නෙ ගොඩක් අමාරුවෙන් . ඩේව්ට එයා එක්ක ආපු කට්ටිය එක්ක දෝයුන් හාජින් ,  අනූ අක්කි එක්ක සුකී ඔන්නි  ගාඩ් කරන්න කියලා මන් කිව්වෙ එයාල දැනටමත් හොදටම බය වෙලා ඉදපු නිසා .

ටේ ඔප්පයි ජින් ඔප්පයි සැන්ඩි ඔන්නි ඉස්සල්ලම ගියෙ දැනටමත් ජින් ඔප්පා ඩේටින් කියන එක ප්‍රසිද්ධ කරලා තිබ්බ නිසා . එයාල ප්‍රශ්නයක් නැතුව ගිය නිසා  ඊට පස්සේ දෝයුන් හාජින් අනූ අක්කි එක්ක ජිමින් හොබී ඔප්පලත් ගියත් මගදි හාජින්ගෙ මාක්ස් එක ආමිලා ඇදලා ගලෝලා දාලා තිබ්බෙ කෙල්ලගෙ මූනත් තුවාල වෙන විදිහට . ඊලඟට වුකී ඔප්පා, සුකී ඔන්නි එක්ක සුමීවත් අරන් යද්දි මන් කුකීවත් එයාල එක්ක යැව්වෙ යුන්ගි ඔප්පා දාලා මට යන්න බැරි නිසා .  ඩේව්ට සුකී ඔන්නි බලාගන්න කිව්වෙ මොනා උනත් වුකී ඔප්පා සුමීව පරිස්සම් කරනවා කියලා දන්න නිසා .

හැමෝම ගියත් අන්තිමට යුන්ගි ඔප්පයි මායි නම්ජුන් ඔප්පයි ඉතුරු උනා . නම්ජුන් ඔප්පා මටත් යන්න කිව්වත් කලින්ම කුකීව යවලා මන් නතර උනේ මෙතන අනිවාර්යයෙන් ප්‍රශ්නයක් වෙනවා කියලා දන්න නිසා . මොකද අනිත් හැමෝම යනකම් ලොකු ප්‍රශ්නයක් උනේ නෑ . ඒත් මට පොඩි බයක් තිබ්බා යුන්ගි ඔප්පා යද්දි කට්ටිය මොන විදිහට රියැක්ට් කරයිද කියලා . මොකද ගොඩක් අය ඉදියේ යුන්ගි ඔප්පා එක්ක කේන්තියෙන් . නම්ජුන් ඔප්පත් ඒක දන්න නිසාම වෙන්න ඇති හැමෝම යවලා නතර උනේ . ඇත්තටම නම්ජුන් ඔප්පා කියන්නෙ නියම නායකයෙක් කියලා එයා ආයි ආයිත් මේ වගේ දේවල් වලින් ඔප්පුකරලා පෙන්නනවා.

ලොකු හුස්මක් ගත්ත නම්ජුන් ඔප්පා ඉස්සර වෙද්දී මායි යුන්ගි ඔප්පයි පස්සෙන් ආවෙ අපිට පිටිපස්සෙන් සේජින් ඔප්පත් එද්දි . අනිත් හැමෝටම වඩා ලොකු ගාඩ් එකක් එක්ක ගෙදර ගේට් එකෙන් එලියට එනවත් එක්කම ආමිලා ගොඩක් කලබල කරන්න පටන් ගත්තා . ඒත් එක්කම ඈතින් මගෙ මූණටම එන වතුර බෝතලයක් දැකලා මන් ඇස් පියා ගත්තත් කොහෙද ඉදලා දුවගෙන ආපු ඩේව් ඒක මගෙ ඇගේ වදින්න නොදී මාව කවර් කර ගත්තා . ඒත් එක්කම මගෙ එහා පැත්තෙ ඉදපු යුන්ගි ඔප්පා දිහා බලද්දී එයා ..........






.
.
.
.
.











මොනා වෙලා ඇතිද ළමයි  😥 රිශීත් කිඩ්නැප් කලානේ.

ඇත්තටම හොස්පිටල් සීන් එක දාලා ඉවර කරන්න හැදුවෙ . ඒත් මට ඒක ගලප ගන්න බැරි උනා 😔😔😔 ඊටත් මන් තාම සෑඩ් එන්ඩින්ග් ද හැපි එන්ඩින්ග් ද කියන දෙක අතරේ දෝලනේ වෙනවා. ඉතින් හිතා ගන්න බැරි නිසා පොඩි විකාරයක් දාලා කතාව දිගට ඇද්දා ආයිමත්  😥😥😥😥

ඇදෙනවා වැඩී කියලා දන්නවා . ඒත් හොස්පිටල් සීන් එක ලියන්න  මූඩ් එකක් නෑ ළමයි  😕😕😕 තව එකක් තියෙනවා කියෝගෙනම යන්න බබාලා 🙂🙂


කවර් එක මගෙ ගීත්ගෙන් 🙂🙂 ඒක ලස්සනයි පොඩ්ඩො 😍

Continue Reading

You'll Also Like

533K 19.1K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
30.9K 4.6K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
5.5K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
2.3M 119K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...