💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 33 🍁💙

195 32 0
By du-mi-001


කට කොනකට හිනා වෙච්ච රිතූ විසිල් එකක් ගහපු ගමන් සුහෝ එක්ක ආපු කෙනා දැකලා අර මිනිහගෙ ඇස් ලොකු උනේ වෙන්න යන්නෙ හොද දෙයක් නෙවෙයි කියලා එයාටම තේරිච්ච නිසා වෙන්න ඇති .

ඔව් ඒ රොකී . දැන් එයාට හොදටම හොද වෙලා . සුහො කරපටියක් දාලා අල්ලගෙන ඉදියත් සුපුරුදු සුවදක් ආපු නිසා රොකී කලබල වෙලා බුරන්න ගත්තෙ මුලු ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකම දෙදරන තරම් සද්දෙට. ඒත් රිතූගෙ එක වචනෙකින් සන්සුන් උන් රොකී සුහෝ එක්ක පැත්තකට උනේ රිතූගෙ එයාගෙ වැඩ ටික කර ගන්න.

මේ වෙනකොටත් ජැක්සන්ගේ මිනිහට දාඩිය දාලා තිබ්බෙ රොකී නිසා . එයා කලින් රිතූලෑ ගෙදරට පැනපු වෙලෙත් රොකීගෙන් අමාරුවෙන් බේරිලා ආවත් කකුල සතියක් විතර යන්කම් හොල්ලන්න බැරුව තිබ්බෙ රොකීගෙ වැඩ නිසා .

🌹 ඉතින් මොකෝ වෙන්නෙ. මොකද බය වෙලා ආ.......😏

" ම මට යන්න දෙන්න . මන් මන් මේ මොක්වත් දන්නෙ නෑ . 😥 "

🌹 දන්නෙ නෑ . හහ්......... එහෙනම් කොහොමද මගෙම ගෙදරට පැන්නෙ ආ....... මගෙ ගෙදරටම එන්න කොච්චර හයියක් තියෙන්න් ඕනිද . ඊටත් එක් දවසක් නෙවෙයිනේ නේද . මොලී ඔන්නි මරන්න්ත් ඕඩර් එක දුන්නෙ උබනෙ.

" ම මම නෙව්. බොස් බොස් තමයි මරන්න කිව්වෙ. අනේ ප්ලීස් මට යන්න දෙන්න . 😥😥 "

ජැක්සන්ගේ මිනිහා අත් එකතු කරලා වැදලා රිතූගෙන් ඉල්ලුවත් රිතූගෙන් ඒ මිනිහට හම්බුනේ කම්මුල් පාරක් විතරයි .

🌹 උබට යන්න දෙන්න තමා මන් මෙතනට ගෙනාවෙ . හැබැයි ඒ ගෙදර නම් නෙවෙයි . අපායට 😏

උබ මොනාද හිතන් ඉන්නෙ ආ....... මන් කිසිම දෙයක් දන්නෙ නෑ කියලද. හහ්........ උබ දවස් කීයක් මගෙ ගෙදර වටේ කැරකුනාද නේද මගෙ රොකී මරන්න . ඒත් කර ගන්න බැරි උනානෙ.  මන් ඒ හැමදේම දන්නවා.

ඊටත් උබ ගොඩක් සතුටු උනාලු අර බීච් එකේදි උබලගෙ බලු කුක්කෙක් අතින් රොකීට වෙඩි වැදුනා කිව්වම. උබ පාටිත් දැම්මලු නේද . දැන් වන්දි ගෙවපන්.

සිතූ එහෙම කියලා සුහොට ඉගි කලේ රොකීගෙ කර පටිය ගලවන්න් කියලා . කරපටිය ගලවපු ගමන් රොකී රිතූ ලගට දුවන් ආවෙ සද්දෙට බුරන ගමන්. මොකද රොකී දැනටමත් අර මිනිහව අදුනගෙන ඉදියේ . ඒ නිසා රිතූගෙ සිග්නල් එක එනකම් රොකී ඉදියේ නොයිවසිල්ලෙන්.

🌹 හරි දැන් අපි බලමු රොකීට මොනාද ඕනි කියලා  😏 අයියෝ ඩේව් ඔයා ඇයි මෙයාගෙ දකුණු කකුලට වෙඩි තිබ්බෙ. වමට වෙඩි තියන්න එපෑ. මොකද අපේ රොකීගෙත් දකුණු කකුලටනෙ වෙඩි වැදුනේ. එහෙනම් මෙයා වගේ අපිටත් පාටි දාන්න තිබ්බා 😂😂😂😂 ඕකේ කමක් නෑ .

රොකී ....... ලෙෆ්ට්

කියලා රිතූ කියනකොටම මෙච්චර වෙලා රිතූගෙ කමාන්ඩ් එක එනකම් බලන් ඉදපු රොකී ගොරව ගොරව අර මනුස්සයගෙ වම් කකුල රැල් වෙන්න කැපුවෙ අර මිනිහා මර හඩ දීලා කෑ ගහද්දි . අන්තිමට කාලා කාලා දනහිස ලගින් අර මනුස්සයගෙ කකුල වෙන් කලාට පස්සේ කට දෙපැත්තෙන් අර මිනිහගෙ ලේත් පෙරාගෙන රොකී රිතූ ලගට ආවෙ එයාගෙ වැඩේ ඉවරයි කියන්න වගේ .

මෙච්චර වෙලා මේ දේවල් දිහා බලන් ඉදපු මිස්ට බෙකීටත් රිතූගෙ දරුණුකම තේරුනේ දැන් තමා . ගාඩ්ලත් බොහොම අමාරුවෙන් මේ දේවල් දිහා බලන් ඉදියත්  සුහෝ නම් බලන් ඉදියේ පොඩි හිනාවක් මූනෙ තියාගෙන .

🌹 සුහෝ.... රොකී අරන් ගිහින් නාවලා එයාව ගෙදර ගිහින් දාන්න. ඔප්පායි අනූ අක්කි ගෙදර ඉන්නවා. එයාලට කියන්න රොකී ආස හැමදේම අද එයාට දෙන්න කියලා . මොකද අද රොකීට පාටියක් මන් ගානෙ 😏

සුහෝ රොකී අරන් යද්දි  සිහියත් අසිහියත් අතරෙ ඉදපු අර මනුස්සය දිහා බලපු රිතූ යූ ජන් දිහා බැලුවේ මන් ඉවර කරන්න ඔයා කරනවද වගේ බැල්මකින් . ඒ බැල්ම තේරුම් ගත්ත යූ ජන් තව දෙතුන් දෙනෙක් එක්ක අර මින්හා පිටිපස්සෙ ග්‍රවුන්ඩ් එකට අරන් ගියෙ එයාගෙ අතින්ම ඉවර කරන්න . මොකද මොලී එක්ක මැරිච්ච අනිත් ගාඩ් එයාගෙ  මස්සිනා . ඊටත් යූ ජන්ගෙ වයිෆ් නැති වෙලා තියෙන්නේ මේ මිනිහගෙ වාහනේට හැප්පිලා. ඒ දවස් වල මූ මැර බලෙන් ඒවා යට ගහපු නිසා යූ ජන්ට කරන්න දෙයක් තිබිලා නෑ . ඊටත් මොලී වගේම ඒ ගර්ලුත් ඒ දවස් වල ප්‍රෙග්නට් . ඉතින් මූ නිසා යූ ජන්ගෙ වයිෆ් බබා වගේම දැන් මස්සිනත් නැති උන නිසා රිතූ යූ ජන්ටම ඒ මිනිහා ගැන බලා ගන්න දුන්නෙ රිතූට වඩා ඒ මිනිහා එක්ක ලොකු වයිරයක් යූ ජන්ට තියෙන නිසා . 

රොකී අර මිනිහ රැල් කරද්දි ඒ සද්දෙට යම්තම් ඇස් ඇරපු රිශාන් හිමි හිමින් නැගිට්ටෙ එයාගෙ කැඩිච්ච කකුලත් අල්ලගෙන . වට පිට බලපු රිශාන් දැක්කෙ එයා දිහා බලන් ඉන්න රිතූ වගේම හොදට ගහලා දලා පුටුවක ගැට ගහලා ඉන්න ජැක්සන් .

රිශාන් නැගිටිනවා දැක්ක රිතූ ඩේව්ට  කිව්වෙ රිශාන් එක්ක ඇවිත් ආයිමත් එයා ගැටගහලා තිබ්බ පුටුවෙන් ඉන්දවන්න කියලා . ඉතින් රිතූගෙ කීමට ඩේව් රිශාන එක්ක එද්දි රිතූ ලගටම ආපු රිශාන් ඩේව්ගෙ ඉනේ තිබ්බ ගන් එක අරන් ඩේව්වත් තල්ලු කරලා තනි කකුලෙන් හිටගෙන  රිතූට ඒම් කලේ කාටවත් හිතන්නවත් කලයක් නොදී.

රිශාන් රිතූට ගන් එක ඒම් කරද්දිම මුලු ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඉදපු හැම ගාඩ් කෙනෙක්ගෙම ගන් රිශාන්ට එල්ල උනේ එයාලගෙ බොස් ආරක්ෂා කරන්න එයාල බැදිලා ඉන්න නිසා . ඒත් රිතූ එයලගෙ ගන් පහල දාන්න කියලා රිශාන්ගෙ ඇස් දිහා බලාගෙනම රිශාන්ට අඩියෙන් අඩිය ලන් උනේ රිශානුත් රිතූගෙ ඇස් දිහාම බලන් ඉද්දි .

බෙකී රිශී වුකී වගේම හිටපු ගාඩ්ලා ඔක්කොම කටවලුත් ඇරගෙන බලන් ඉන්නෙ මෙතන මොකක්ද වෙන්නෙ කියලා .

" ඕයි රිශාන් .... වෙඩි තියපන් මිනිහෝ බලන් ඉන්නෙ නැතුව . මොන මගුලක්ද ඔය කරන්නෙ. අපි මැරුනත් මේකි එක්කම මැරිලා යන්. ඉතින් තියපන් බලන් ඉන්නෙ නැතුව . "

රිශාන් කේන්තියෙන් ගන් එක රිතූට ඒම් කරන් ඉද්දි ජැක්සන් කෑ ගහන්න ගත්තෙ මැරුනත් රිතූ එක්කම මැරෙන්න ආසාවෙද කොහෙද 🤭 ඒත් ඉතින් එයා දන්නෙ නෑනෙ රිශාන්ට කවදාවත් රිතූ මරන්න බෑ කියලා 😁

😈 ආශ්............

කේන්තියෙන් කෑ ගහපු රිශාන් ගන් එක ආයිමත් ඩේව් පැත්තට විසික් කලේ රිතූගෙ ගන් එක රිශාන්ගෙ නලලට ඒම් වෙද්දී .


කට කොනෙන් පල් හිනාවක් දාපු රිශාන් ......

😈 මන් දන්නවා ප්‍රින්සස් .... මට ඔයාව වගේම ඔයාට මාවත් මරන්න බෑ කියලා  😏

🌹 එහෙමද හිතන් ඉන්නෙ. එහෙනම් ඔයාට වැරදිලා  😏

😈 පුලුවන් නම් වෙඩි තියන්න. නලලට නෙවෙයි . මෙතනට . ඒත් ඔයට බෑ . මන් ඔයා ගැන දන්නෙ අද ඊයෙක ඉදලා නෙවෙයිනේ 😄

එහෙම කියපු රිශාන් එයාගෙ නලලට ඒම් වෙලා තිබ්බ ගන් එක අරන් පපුවට තියා ගත්තෙ රිතූ කවදාවත් එයාට ශූට් කරන්නෙ නෑ කියලා දන්න නිසා .

ජැක්සනුත් පැත්තකට වෙලා කෑ ගහන්නෙ අතට ආපු චාන්ස් එක රිශාන් නැති කර ගත්ත නිසා . ඊටත් රිශානුයි රිතුයි සින්හලෙන් කතා කරපු නිසා රිශීට ඇරෙන්න කිසිම කෙනෙකුට මේ දේවල් තේරුනේ නෑ .

ජැක්සන්ගේ කතාව ඉවසන්නම බැරි තැන අතේ තිබ්බ ගන් එකෙන්ම මිනිහගෙ ඔලුවට එකක් ගැහුවෙ එතකොට වත් ඒ කට වහ ගනී කියලා 😁

මෙච්චර වෙලා තනි කකුලෙන් හිටගෙන ඉදපු රිශාන් වැටෙන්න යද්දි රිශී එයාගෙ අතකින් අල්ලලා ඉන්දෙව්වෙ එයා ඉන්න තත්වෙ එක්ක නැගිටලා ඉන්න් හොද නැති නිසා .

🌹 මන් හිතනවා ඔයාට මට කියන්න ගොඩක් දේවල් ඇති කියලා .

😈 මොන වගේ දේවල්ද ......😏😏😏😏......

🌹මෙච්චර කල් මට හොරෙන් කරපු හැමදේම වගේ .

😈 දැන් ඔයා හිතනවද මන් ඒ දේවල් කියයි කියලා . ඊටත් මන් මොකුත් කලේ නෑ .

🌹 එතකොට ඔයා කියන්නෙ පරිස්සම් වෙලා ඉන්න කියලා , ජැක්සන් මටයි මගෙ ලගින් ඉන්න අයටයි ඇටෑක් කරන්න ලෑස්ති වෙද්දී , වගේම අන්තිමට ඊයෙ ජැක්සන් ෆැක්ට්‍රි එකේ ඉන්නවා කියලා කිව්වෙත් ඔයා නෙවෙයි කියලද ආ.......

😈  ඔව් මම නෙවෙයි ඒ දේවල් කලේ. ඊටත් මන් මොකටද එහෙම කරන්නෙ . 😏 ඔයා ලගින් ඉන්න අයට මොනා උනත් මට මොකද.

🌹 එහෙනම් මේ ෆෝන් එකත් ඔයාගෙ නෙවෙයිද. මේකෙන් මට එවලා තියෙන මැසේජ් එව්වෙත් ඔයා නෙවෙයි කියලා නෙ දැන් කියන්නෙ  😏

😈 ආශ්....... හරි හරි මන් තමයි එව්වෙ. ඒ මොකටද කියලත් ඔයා දන්නවනෙ 😒

🌻 එතකොට රිතූ ඒ හැමදේම කිව්වෙ මෙයාද. 😳

" යාහ්..... උබ වල් බල්ලා..... #%$*    තෝද මන් කරන හැමදේම මන් ලගටම වෙලා මේකිට කිව්වෙ. උබ කොහොමද මන් ලගටම වෙලා ඉදලා මට මෙහෙම කලේ ආ....... "

🌹 ඕහ්.... ජැකී ජැකී ජැකී......  මන් හිතන්නෙ ඔයා නොදන්න දෙයක් තියෙනවා  😏 ඔයා දන්නෙ නැද්ද මේ ඉන්නෙ මගෙ ස්ටෙප් බ්‍රදර් කියලා  😏 ඊටත් මෙයාගෙ පලවෙනි වගේම එකම ආදරයත් මේ රිතූ  😏 ඉතින් එයා කොහොමද මන් මැරෙනකම් බලන් ඉන්නෙ. නේද රිශාන්  😂😂😂😂

රිතූ කියන දේවල් ජැක්සන් , මිස්ට බෙකී වගේම ගාඩ්ලත් කට ඇරගෙන අහගෙන ඉදියේ මේ දේවල් රිතූගෙ පලවෙනි ගාඩ්ලා දහය ඇරෙන්න වෙන කවුරුවත් දන්නෙ නැති නිසා .

" එතකොට උබලා තරහකාරයො නෙවෙයිද 😳😳😳 මෙච්චර කල් මට බොරුද කලේ . "

🌹 අයියෝ නෑ . අපි තරහයි . හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ MJ යි රිශානුයි අතරෙ මිසක් රිතුයි රිශානුයි අතරෙ නෙවෙයි . 😏

🌹 ඕකේ මිස්ට ජැක්සන් ....... ඔයාට යන්න වෙලාව හරි . තව ප්‍රශ්න අහන්න එපා . එලි වෙන්න කලින් අපිත් ගෙවල් වලට යන්න ඕනිනේ නේද 🤣🤣🤣 මිස්ට  බෙකී ... මොකද කියන්නෙ . දැම්ම ඉවර කරමු නේද . වුකී ඔප්පා අරක ගේන්න.......

රිතූ එහෙම කිව්වම බෙකීත් ඔලුව වැනුවෙ තව වෙලා ජැක්සන්ට ජීවත් වෙන්න දෙන්න ඕනි නැති නිසා . ඒත් එක්කම වුකී ගිහින් අරගෙන ආවෙ පොඩි පෙට්ටියක් .

ඒකෙ තිබිලා රිතූ එලියට ගත්තෙ පොඩි ටියුබ් වගයක්. ඒවාගෙ පාට පාට රසායනික ද්‍රව්‍ය පිරිලා තිබ්බෙ මොලීගෙ දක්ශකම් නිසා .

ඔව් මොලී කියන්නෙ රසායන විද්‍යාව ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් . එයා සෝල් ආවෙත් එයාගෙ අලුත් ජොබ් එක කරන්න . ඒත් ඉතින් ජැක්සන් නිසා ඒ හැමදේම එයාට නැති වෙලා ජීවිතෙනුත් යන්න උනානෙ. ඒත් ඊට කලින් මොලී මේ දේවල් ලෑස්ති කරලා තිබ්බෙ. එයා මුල ඉදලම කිය කිය ඉදියේ ජැක්සන්ගේ මරනෙ එයාගෙ අතින් වෙන්න ඕනි කියලා . මොකද එයාගෙ ජූන් වගේම එයාගෙ හැම හීනයක්ම බොද වෙලා ගියෙ මේ ජැක්සන් නිසා . දැන් අද අන්තිමට කිසිම දෙයක් නොදන්න අහින්සක පැටියෙක් අම්මා අප්පා නැතුව මේ ලෝකෙ තනි වෙලා ඉන්නෙත් මේ ජැක්සන් නිසාමයි.

මොලී , ජූන් විතරක් නෙවෙයි . තව කී දෙනෙක්ට තමන්ගෙ යාලුවො , සහෝදරයො , අදරේ කරන අය, දෙමාපියො , දරුවො අහිමි වෙලා ඇතිද මේ ජැක්සන් නිසා . ඉතින් අද එයා ඒ හැමදේකටම වන්දි ගෙවන්නයි හදන්නේ 😏😏😏😏

රිතූ අතට ගත්තෙ බෙහෙත් බෝතලයක් එක්ක සිරින්ජ එකක් . ඒක මොලී එයාගෙ අත් දෙකෙන්මයි හැදුවෙ ජැක්සන් විනාශ කරන්න. රිතූ ඒකේ එක ඩෝස් එකක් අරන් ජැක්සන් ලගින් හිට ගත්තෙ මිස්ට බෙකී දිහාත් බලන ගමන්.

🌹 ඉතින් මිස්ට ජැක්සන් ....... ඔයා ට්‍රයි කරන්න ගේනාපු ඩ්‍රග්ස් දැන් අපි ඔයාගෙන්ම ට්‍රයි කරලා බලන්න හදන්නේ 😏😏😏😏 මොකද කියන්නෙ ලෑස්තිද. මොලී ඔන්නි ඉද්දි මේක ඔයා වෙනුවෙන්ම එයාගෙ අත් දෙකෙන්මයි හැදුවෙ .

ජැක්සන්ගේ ඇස් බයෙන් ලොකු වෙද්දී රිතූ වුකී දිහා බැලුවේ මේක එයාගෙ අතින්ම ජැක්සන්ට ඉන්ජෙක්ට් කරන්න කියලා . මොකද රිතූට වඩා වුකීට ඒකට අයිතියක් තියෙනවා . මොකද අහක ඉදපු සුකීත් දැන් හොස්පිටල් එකේ ඇදක් උඩට වෙලා ඉන්නෙ මේ කාලකන්නියගෙ වැඩ නිසානෙ.

වුකී ඇවිත් අර සිරින්ජර් එකේ තිබ්බ ඩ්‍රග් ඩෝස් එක ජැක්සන්ට ඉන්ජෙක්ට් කරද්දි මිනිහා මර හඩ තියලා කෑ ගැහුවෙ මුලු ඇතුලාන්තයෙන්ම පිච්චෙනවා වගේ හැගීමක් දැනෙද්දි .

මොකද ජුන්ව මරලා අවයවත් අරගෙන අන්තිමට මිනියවත් හොයා ගන්න බැරි වෙන්න මේ මිනිස්සු එයාව පුච්චලා තිබ්බා. ඉතින් මොලී ඒ නිසාම මාස ගානක් දගලලා මේ ඉන්ජෙක්ෂන් එක හැදුවෙ ජැක්සන් වෙනුවෙන්මයි.

ඇගට ගියාම කොච්චර ලොකු වේදනාවක් දැනුනත් අබ්‍යන්තර අවයව වලට මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නැති වෙන්න හදන්නත් මොලීට පුලුවන් උනා . මොකද මෙච්චර කල්  ජැක්සන් මිනිස්සුන්ගෙ අවයව එක්ක සෙල්ලම් කරපු නිසා රිතූට ඕනි උනා කවදා හරි ජැක්සන්ගේ අවයව වලිනුත් මිනිස්සු ජීවත් වෙනවා දකින්න. ඒ නිසයි කලින් බලෙන්ම එයාගෙ සයින් එකත් ගත්තෙ ඒකට අවශ්‍ය ඩොකියුමන්ට් වලට.                        

ඩ්‍රග් එක ඉන්ජෙක්ට් කරලා විනාඩි ගානක් යන්නත් කලින් ජැක්සන් අඩ අඩ හෙන පිස්සුවක් නටන්න ගත්තෙ ඒ ඩ්‍රග් එකේ සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට . මොකද මේක හදන්න මොලී ගොඩක් යූස් කලේ ෆ්ලැකා කියන ඩ්‍රග් එක .

( මතකද ළමයි අර කලින් එපියක රිතූලා ඩ්‍රග්ස් ටිකක් ඉස්සුවෙ. ඒකෙ තිබ්බ බෙකීට නොදී අරන් තියා ගත්ත ඩ්‍රග් එක තමා ෆ්ලැකා. ෆ්ලැකා ගැන විස්තරේ ආයිමත් දාන්නෙ නෑ ඒකේ තියෙන නිසා . )

ජැක්සන් නටන පිස්සුව දිහා බෙකීයි ගාඩ්ලයි ඔක්කොම කටවල් ඇරගෙන බලන් ඉදියේ මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව . ඒත් රිශී ඒ ගොල්ලන්ගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්න නිසා එයාල කටවල් පියාගෙන වෙන දේ බලන් ඉදියා .

තව සිරින්ජර් එකක් අරන් රිතූ ඊලඟට ලන් උනේ රිශාන් ලගට.

😈 ඔයා ඔය මාවත් මරන්නද හදන්නේ 😏😏😏😏

🌹 ඇයි මට එහෙම කරන්න බැයිද 😒😒😒😒😒

😈 නෑ පුලුවන් . ඒත් මැරෙන්න කලින් අවසන් කැමත්ත අහන්න කැමති නැද්ද .

කිසිම බයක් නැතුව රිශාන් කතා කරද්දි රිතූත් අහගෙන ඉදියේ එයාටත් ඒ වෙලාවෙ කියන්න දෙයක් තිබ්බෙ නැති නිසා . 

🌹 හරි එහෙනම් . එක චාන්ස් එකක් දෙන්නම්. මොකක්ද අන්තිමට කරන්න ආස. ඕනි දෙයක් ඉල්ලන්න.




😈 😏 මට කෝල් එකක් ගන්න ඕනි . අන්තිම පාරට කෙනෙක්ට දෙයක් කියන්න තියෙනවා .

🌹 හරි එහෙනම් . රිශී ... මෙයාගෙ ෆෝන් එක දෙන්න .

😈 නෑ රිශී . ඔය ෆෝන් එක මාව මතක් වෙන්න ඔයා තියා ගන්න. මන් මේකෙන් ගන්න්ම්.

එහෙම කියලා රිශාන් එයාගෙ ජැකට් එකේ පොකට් එකක හංගලා  තිබිලා තව ෆෝන් එකක් ගත්තා . ඊට පස්සේ එයා එක මොනවද මන්දා ටයිප් කරලා රිතූ දිහා බලලා හරිම ලස්සනට හිනා වෙලා කෝල් එකක් ගත්තෙ එයාගෙ අන්තිම කැමැත්ත විදිහට .

ඒත් ඒ වෙලාවෙම් රින්ග් උනේ රිතූගෙ ෆෝන් එක . රිශී ලග තිබ්බ ෆෝන් එකේ තිබ්බ නම දැකලා බය වෙච්ච රිශී  රිශී රිතූට දුන්නෙ මෙච්චර කාලෙකට මේ නම්බර් එකෙන් කෝල් ඇවිත් නැති නිසා .

🌻 රිතූ ..... EL  😳😳 ... ඒත් කවදාවත් නැතුව අද මොකද .......

🌹 මෝ...... 😳 EL ....... පොඩ්ඩක් ඉන්න . ඒ කියන්නෙ 😏

එහෙම කියලා රිතූ බැලුවේ රිශාන් දිහා. තාමත් අර හිනාවෙන්ම රිතූ දිහා බලන් ඉදපු රිශාන් ඇස් වලින්ම රිතූට ඉගි කලේ කෝල් එක ආන්සර් කරන්න කියලා . රිතූත් මොකුත් නොකිය ෆෝන් එක කනේ තියා ගත්තා .

📱EL :  ඉතින් ප්‍රින්සස් ....... කොහොමද ......

📱🌹 හහ්...... මට සැකයක් තිබ්බා ඒ ඔයා කියලා .

📱EL :  එහෙනම් මන් මෙච්චර කල් කියන්න බලන් ඉදපු ටික අන්තිම මොහොතෙ කියන්නම්. ඔයාට මතකද ඉස්සල්ලම අපි හම්බෙච්ච දවස. එදා මන් ඔයාව ඉස්සල්ලම දැක්කෙ මන් ආපු අලුත් ස්කූල් එකේදි. කාර් එකෙන් බැහැලා මම මමී එක්ක එනකොට යාලුවො ටික වට කරගෙන ඉදපු ඔයාගෙ ඔය ඇස් ගොඩක් ලොකු සතුටකින් දිලිසුනා. ඒ ඇස් ගොඩක් ලස්සනයි . ඒත් මමී මගෙ අතින් අල්ල ගත්තම ඔයාගෙ ඒ ලස්සන ඇස් එක තප්පරේකට ගැස්සුනා මන් දැක්කා. 😥 ඒ වගේම පලවෙනි පාරට ඒ හිනාවෙන තරු ඇස්වල කදුලු මන් එදාම හවස ස්කූල් ගේට් එක ලගදි  දැක්කා. ඒ ඔයාගෙ අයියලා දෙන්නා මමී හම්බෙන්න ආව වෙලාවෙ මමී ඔයාගෙ චූටි අයියට අත උස්සපු වෙලේ.

මට ඒ වෙලාවෙ ඔයාට දුක් වෙන්න එපා කියන්න ඕනි උනත් මට හයියක් තිබ්බෙ නෑ . මොකද මම දුර්වලයි. මන් බය උනා මන් එහෙම කලොත් මමී ඔයාලව වගේම මාවත් අතෑරලා දායි කියලා . ඔයාට මතකද ඊට පස්සේ හැමදාම මන් ඔයාට වද දුන්නා. ඒ හැමදේම මට කරන්න කිව්වෙ මමී. මොකද එහෙම කලේ නැත්තං එයා මාවයි අයියයි අපේ චූටි නංගි දාලා යනවා කියලා කිව්වා. ඉතින් මන් බය උනා . ඔයාලට වගේම මටත් මමී නැති වෙයි කියලා . 😥 මොකද මට තමයි අයියටයි නංගිටයි වැඩියෙන්  මමීගෙ ආදරේ හම්බුනේ . ඉතින් මන් බය උනා මමී කියපු දේවල් නොකලොත් එයාගෙ ආදරේ මට නැති වෙයි කියලා . ඉතින් මන් හැම වෙලේම ඔයාගෙ හිත රිද්දුවා. ඒත් කවදාවත් ඔයා මන් ඉස්සරහා කදුලු බින්දුවක්වත් බිම වැට්ටුවෙ නෑ . ඒ වෙනුවට රිශී ශේන් දෙන්නා එක්ක ඔයාගෙ දුක කියලා අඩනවා මන් ඕනි තරම් දැකලා තිබ්බා. ඒ වෙලාවට ඔය දිලිසෙන තරු ඇස් වල කදුලු පිහදලා අඩන්න එපා කියන්න ඕනි උනත් මට ඒක කරන්න පුලුවන් උනේ නෑ .

මට පුලුවන් උන එකම දේ දුරින් ඉදන් ඔයාගෙ කදුලු දිහා බලාගෙන දුක් වෙන්න විතරයි . ඔයා දන්නවද ඔයා එහෙම අඩපු දවස් වලට මාත් කොච්චර තනියම ඇඩුවද කියලා . නෑ ඒවා වැඩක් නෑ .

මට හැමදාම ඕනි උනේ ඔයා හිනා වෙලා සතුටින් ඉන්නවා දකින්න. ඉතින් මන් ඔයාගෙ බර්ත් ඩේ , ඔයාට ස්පෙශල් දවස් වලට ගිෆ්ට් එක්ක පුංචි පනිවිඩයක් එව්වා මතකද. පලවෙනිම දවසෙ මන් එහෙම එව්වම ඔයා ගොඩක් කලබල උනා . ඔයා හෙව්වා එවිල් ලවර් කවුද කියලා . ඊට පස්සේ ඔයා ගොඩක් සතුටු උනා . ඉතින් ඒ සතුට එහෙම තෑගි එව්වම දිලිසෙන ඒ තරු ඇස් දකින්න මට හැමදාම දකින්න ඕනි උනා. ඒත් මන් කවදාවත් ඔයා ඉස්සරහට ආවෙ නැත්තෙ මන් බය උනා ඔයා මාව ප්‍රතික්ශේප කරයි කියලා .

ඒත් මන් අදටත් ඔය තරු ඇස් වලට ආදරෙයි . දැකපු පලවෙනි මොහොතෙ ඉදලම. එදා ඒක ආදරයක් කියලා නොතේරුනත් මට පස්සේ තේරුනා ඒ ආදරේ කියලා . මගෙ පලවෙනි ආදරේ . මුරණ්ඩු , නිතරම කේන්ති යන පිටින් නපුරු උනත් ඇතුලතින් ගොඩක් සංවේදී ලස්සන කෙල්ලෙක් මටත් හොරෙන් හොරකම් කරලා තිබ්බා.

ඒත් දැන් ඔයාට මටත් වඩා ආදරේ කරන කෙනෙක් හම්බෙලා තියෙනවා. ගොඩක් අවස්ථා වල මන් ඒකෙ මගෙ ඇස් වලින්ම දැක්කා. ඉතින් ඒ ආදරේ කවදාවත් නැති කර ගන්න එපා . කිසිම දෙයක් ගැන හිතලා දුක් වෙන්නත් එපා . මේ හැමදේම ඇතෑරලා එයා එක්ක සතුටින් ඉන්න. එයා ගොඩක් හොදින් ඔයාව බලා ගනී. පුලුවන් නම් හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න . හැමදාම සතුටින් ඉන්න. මගෙ පලවෙනි ආදරේට මගෙන් සුබ පැතුම්. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න . ඔය තරු ඇස් වලට කදුලු ලස්සන නෑ .

එහෙනම් මගෙ අන්තිම කැමැත්ත මෙච්චරයි . හැමදාම සතුටින් ඉන්න. මන් කවදාවත් ඔයාට වයිර කරන්නෙ නෑ . පුලුවන් නම් විතරක් මට සමාවෙන්න . ඒ වගේම මමීටත් සමාව දෙන්න .

එහෙනම් ඔයාගෙ එවිල් ලවර් නවතින්නම්. 🙂 මැරෙනකම්ම මගෙ පලවෙනි ආදරේ ඔයාම විතරක් වෙයි 😍

රිශාන් ඒ ටික කියලා ෆෝන් එක කට් කරනකොට රිතූගෙ ඇස් වලින් කදුලු පෝලිම් දෙකක් පහලට කඩා වැටුනෙ රිශීත් පැත්තකට වෙලා හොදටම අඩද්දි . රිශාන් මුලින් වගේම තාමත් හිනා වෙලා රිතූ දිහා බලන් ඉන්නවා. හැමෝම මේ දේවල් දිහා කටවල් ඇරගෙන බලන් ඉදියත් කිසිම කෙනෙකුට මේවා නොතේරුනේ රිශාන් හැමදේම කිව්වෙ සින්හලෙන් නිසා .

අඩ අඩම රිශී ගිහින් රිශාන් හග් කරද්දි රිතූත් එතනට ගියෙ ඇස් වලින් බේරිච්ච කදුලු පිහදගෙන. රිශාන් රිතූගෙ අත් දෙක අල්ලගෙන .....

😈 රිශී .... ඔයා දන්නවද . මන් දැකපු හොදම යාලුවා තමා ඔයා . දුකේදි වගේම සතුටෙදිත් ඔයා රිතූ එක්ක ඉදියා . මටත් ඔයා වගේ යාලුවෙක් ඉදියා නම් මට අද මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා. ඉතින් හැමදාම එයා ලගින් ඉන්න හොද යාලුවෙක් වෙලා . මෙච්චර කල් ඉදියා වගේම  🙂 මට සතුටුයි ඔයා වගේ කෙනෙක් එයා ලග ඉන්න නිසා ☺️☺️☺️☺️☺️

🌻 ඒත් අයියෙ ඔයා  😥

😈  හිතන්න එපා කෙල්ල. හැමදේම දැන් ඉවරයි . ඉතින් රිතූ දැන් ඔය ඉන්ජෙක්ෂන් එක මට  දෙනවද.

🌹 මන් මට ...... මට සමාවෙන්න . මට වෙන කරන්න දෙයක් නෑ . 😔😔😔

😈 හිතන්න එපා . හැමදාම සතුටින් ඉන්න. ඒත් පුලුවන් නම් මටයි මමීටයි සමාව දෙන්න . 😔

රිශාන් එහෙම කියද්දි රිතූ රිශාන්ට එයා අතේ තිබ්බ සිරින්ජර් එක ඉන්ජෙක්ට් කලේ රිශාන්ගෙ ඇස් ටික ටික පියවිලා යද්දි . එයාට අන්තිමට ඇහුනෙ රිතූගෙ අන්තිම වචන ටික .

🌹 මට සමාවෙන්න ඔයාට ආදරේ කරන්න බැරි උනාට. ඒත් පොඩි කාලෙ ඉදලම ඔයාට පන වගේ ආදරේ කරන කෙනෙක් ඔයා ලගම ඉන්නවා . එයාව හොයා ගන්න. එයාටත් ඕනි උනේ ඔයා හොද කෙනෙක් වෙනවා දකින්න. පුලුවන් නම් හැමදේම අතෑරලා හොද කෙනෙක් වෙන්න බලන්න. මට අම්මිට සමාව දෙන්න නම් බැරි වෙයි. ඒත් මන් ඔයාට සමාව දෙන්නම්. සතුටින් ඉන්න. මාවයි මේ හැමදේමයි අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න . 😔

රිශාන්ගෙ ඇස් පියවිලා යද්දි රිතූ ඩේව්ට කිව්වෙ රිශාන් ගිහින් දාන්න කියලා . ඊට පස්සේ තාමත් විකාර නට නට ඉදපු ජැක්සන් ලගට ගිහින් එයාවත් වාහනේකට දාගන්න කිව්වෙ එයාගෙ වැඩෙත් ඉවර කරන්න.

ප්ලෑන් එකේ විදිහට ජැක්සන් එයාගෙ වාහනේට දාලා වාහනේ ස්ටාට් කරලා හයිවේ එකට ගිහින් දැම්මෙ මේක ඇක්සිඩන්ට් එකකින් උන මරනයක් කියලා පෙන්නන්න. බෙකීට කලින් කියලා තිබ්බ විදිහට එයා ජැක්සන්ගේ වාහනේ පස්සෙන් ගියෙ ජැක්සන්ගේ මරනෙ ඇස් වලින්ම බලා ගන්න එයාට ඕනි වෙච්ච නිසා . කලින් ප්ලෑන් කරලා තිබ්බ විදිහට බෙකීගෙ මිනිහෙක් හයිවේ එකේ හයිස්පීඩ් ඩ්‍රයිව් කරන් ආපු ට්‍රක් එකට ජැක්සන්ගෙ වාහනේ හැප්පිලා කුඩු වෙලා යද්දි කට කොනකට ගත්ත හිනාවත් එක්ක මිස්ට බෙකී බලන් ඉදියේ එයාගෙ පලිගැනීම  සර්තකයි කියන්න වගේ .හැබැයි එයා එයාගෙ වල කපා ගන්නවා කියලා බෙකී දැනගෙන ඉදියේ නෑ .

හැමදේම ඉවර කරලා ඉතුරු වැඩ ටික ඩේව්ට බලා ගන්න කියලා රිතූ රිශී වුකී එක්ක ගෙදර ආවෙ හිතේ ලොකු සැනසීමක් වගේම දරා ගන්න බැරි දුකක් එක්ක. බෙකී කෝල් කරලා ජැක්සන් ඉවරයි කියලා කෝල් එක ආවම රිතූ සැනසුම් සුසුමක් හෙලුවෙ අදින් මේ ජීවිතේ ඉවර කරන්න ඕනි කියලා හිතලා.

ජැක්සන්ගේ මරනෙ හැමදේකම අවසානෙද......  එතකොට  හැමදේම ඉවරද. රිතූට සැනසීමක් දැනෙයිද. නෑ . රිතූගෙ ජීවිතේ කනපිට පෙරලෙන දේ වෙන්නෙ මෙතනින් පස්සේ කියලා රිතූ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති .



.
.
.
.
.
.
.

.....................................................................

කවර් එක මගෙ පොඩ්ඩාගෙන් 🙂 ආදරෙයි හා ජිනා 😘

ඉතින් මාගෙ ආදරනීය රීඩර්ස් මොකෝ වෙන්නෙ.

හැමදේම ඉවරද. රිශාන්ට මොකක්ද උනේ 😥😥😥 ප්‍රශ්න පටන් ගන්නෙ දැන්ලු ඕන් 😂😂😂

කට්ටිය ජැක්සන් මරන්න එපා කිව්වත් මන් කලින් ඉදලම එයා මරන්න අනේ ඉදියේ 😊 සොරි . ඒත් රිශාන් ගැන මට දුකයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

තව කොටස් දෙකයි මේ ටික . ඊට පස්සේ ආයිමත් අපි වර්තමානෙට යනෝ හොදේ 😁😁  සුමී බබාට එයාගෙ ඩැඩා මුනගස්සන්න තියෙනවා 😁😁😁

ඉතින් බෝනස් එකක් ඕනිද හවසට . රිශාන්ට මොකද උනේ කියලා දැනගන්න ආස නැද්ද  🙃 ලීස නිකන් ඉදිද එයාගෙ අයියා මරලා දැම්මට පස්සේ .......... ප්‍රශ්න ගොඩයි අනේ මටත් . හිතන්න එපා . ඔහොමම ඉන්න. මන්ම උත්තර කියන්නම් 😏😏😏😏😏😏😏😏😏

Continue Reading

You'll Also Like

Fake Love By :)

Fanfiction

150K 3.5K 50
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
37.2K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
534K 19.2K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
810K 49.5K 114
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...