💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 32 🍁💙

213 30 5
By du-mi-001






හිමින් හිමින් ඉස්සරහට යනකොට එකපාරටම ඉස්සරහට ආපු කෙනාට බය වෙලා කලබලේට එතන තිබ්බ යකඩ බටයක අත වැදිලා ඒක බිම වැටුනෙ ජැක්සන්ගේ වගේම ඩීල් කරන්න ආපු අනිත් අයගෙත් අවදානෙ අපේ පැත්තට හැරෙද්දි.

වුකී ඔප්පා 😳 එයා මොනාද මෙහෙ කරන්නෙ . ඊටත් එයා සුකී ඔන්නි ලග මේ දවස් ටිකේම ඉදපු නිසා ලාස්ට් මිශන් එක ගැන අපි ඔප්පට කිව්වෙ නෑ . ඒත් ඉතින් ඔප්පා ඇවිත් . මන් රහසින් ඔප්පගෙන් ඇහුවෙ මෙහෙ මොකක්ද කරන්නෙ කියලා . එතකොට එයා කිව්වෙ සුකී ඔන්නිට කරපු දේට පලිය ගන්න එයත් ඉන්න ඕනි කියලා .

ජැක්සන් ලග ඉදපු කෙනෙක් සද්දෙ ඇහිච්ච පැත්තට එද්දි අපි හැමෝම පුලු පුලුවන් තැන වල හැංගුණේ දැම්ම අපි ඇටෑක් කලොත් එතන කට්ටිය වැඩි වෙන නිසා . ඊටත් ගෝල්ඩ් අරන් ඇවිත් තිබ්බ ෆොරින්ග් කට්ටියක් . ඉතින් එයාලා එක්කත් මේ වෙලාවෙ ප්‍රශ්න දා ගන්න ඕනි නෑනෙ .

ජැක්සන්ගේ කෙනා අපි ඉන්න හරියට ආපු ගමන් තැන තැන හැංගිලා ඉදපු අපි ඔක්කොම ඒ මනුස්සයට ගන් දික් කරද්දි ඒ මනුස්සයගෙ කට වුකී ඔප්පා අතින් වහ ගත්තා . ඊට පස්සේ ඒ මනුස්සයට කියලම මොකුත් ප්‍රශ්නයක් නෑ කියලා ජැක්සන්ට කියවලා සුහෝ අතේ තිබ්බ කිනිස්සෙන් හිමීට බෙල්ල කපලා එතනම නිහඩ කලේ ඉස්සරහට අපිට ප්‍රශ්නයක් නොවෙන්න.

තවත් විනාඩි දහයකට විතර පස්සේ ෆොරිනස්ලා සල්ලි අරන් එතනින් පිට වෙනකොටම ෆැක්ට්‍රි එක තුන් පැත්තකින් වට කරලා තිබ්බ අපි එකම වෙලාවෙ ෆැක්ට්‍රියට කඩා පැන්නා. වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ජැක්සන් වගේම එයාගෙ ගෝලයොත් කලබල වෙද්දී ජැක්සන් ඉස්සර වෙන්න කලින් අපි ඇටෑක් කලා .

දෙපැත්තෙම කට්ටිය පැය බාගයක් විතර ෆයිට් කලත් තාමත් දෙපැත්තෙන් එක පැත්තක වත් කට්ටිය අඩපන වෙච්ච පාටක් නම් පේන්න තිබ්බෙ නෑ . ඒ නිසාම රිතූ එයාගෙ දෙවෙනි සැලැස්ම ක්‍රියාත්මක කලා .

මගෙ එකම එක සංඣාවකින් ඩේව් වගේම ශේනුත් හංගගෙන ඉදපු දුම් බෝම්බ ජැක්සන්ලා ලගට දාලා තමන්ගෙ කට්ටිය එක්ක මූණු ආවරණය කර ගත්තෙ හැම දේම කලින් ප්ලෑන් කරලා තිබ්බ නිසා .

ඒත් රිතූ නොදැන තව දෙයක් සිද්ද උනා . ඔව් ජැක්සන් එයාගෙ අමතර ගාඩ්ලටත් පනිවිඩේ යවලා එයාල එනකම් ෆයිට් එක දිග් ගැස්සුවා කියලා රිතූලා දැනගෙන ඉදියේ නෑ .

තවත් විනාඩි දහයක් විතර යනකොට ජැක්සන්ගේ තව ටීම් එකක් ෆැක්ට්‍රි එකට කඩන් පනිනකොට රිතූගෙ කට්ටියත් දිගට හරහට වෙඩි තියන්න් ගත්තෙ වෙඩි තියෙන්නේ නැතුව මේ කට්ටිය කන්ට්‍රෝල් කරන්න බැරි නිසා . දෙපැත්තෙන්ම එක පිට එක වෙඩි හුවමාරු වෙද්දී හැමෝටම හොරෙන් ජැක්සන් එතනින් පනින්න හදනවා කවුරුවත් දැක්කෙ නෑ . ඒත් මුල ඉදලම ජැක්සන් ටාගට් කරගෙන ඉදපු රිතූගෙ ඇස් වලින් ඔයා කොහොමද ජැක්සන් බේරෙන්නෙ.

ජැක්සන් පනින්න හදන්නේ කියලා හැමෝටම කියලා රිතූ ජැක්සන් ගිය පැත්තටම ගියෙ අද ජැක්සන්ට පැනලා යන්න දෙන්න බැරි නිසා . ඒත් ජැක්සන්ගේ අලුත් නැට්ට වගේ ඉන්න එකා රිතූගෙ ඉස්සරහට ආවෙ රිතූට ජැක්සන් පස්සෙන් යන්න බැරි වෙන්න. ඒත් ජැක්සන්ගේ කෙනා එයාගෙ බොස් ආරක්ෂා කරනවා වගේම ඩේව්ත් එයාගෙ බොස්ට් ඕනි දේ කර ගන්න ජැක්සන්ගේ දෙවෙනියා ඉස්සරහට ඇවිත් ෆයිට් කරන්න ගත්තෙ රිතූට ජැක්සන් පස්සෙන් යන්න ඉඩ හදලා දෙමින්.

රිතූගෙ හැමෝම බ්ලූටූත් වලින් සම්බන්ද වෙලා ඉදපු නිසා ශේන්ට මෙතන වැඩ බලා ගන්න කියලා රිතූ ජැක්සන් පස්සෙන් ආවා. රිතූ තනියම ජැක්සන් පස්සෙන් ආපු නිසා ඩේව්ත් ජැක්සන්ගේ දෙවෙනියා ඇතෑරලා රිතූ පස්සෙන් ගියෙ වුකීගෙයි ශෙන්ගෙයි බලකිරීමට . මොකද ජැක්සන් වගේ කෙනෙක් තනියම හැන්ඩ්ල් කරන්න රිතූට අමාරුයි .

ටිකක් කැලේ හරියට වෙන්න තිබ්බ ෆැක්ට්‍රියෙන් පැන්න ජැක්සන් ඉක්මනට දුවන් ආවෙ එයාගෙ වාහනේ ලගට. ඒත් ජැක්සන් පස්සෙන් ආපු රිතූ ජැක්සන්ගේ කාර් එකේ රෝද වලට වෙඩි තියපු ජැක්සන්ට පැනලා යන එක කරන්න බැරි උනා .

ජැක්සන් කාර් එකට මුවා වෙලා රිතූට වෙඩි තියද්දී රිතූත් ලග තිබ්බ ගහකට මුවා වෙලා ජැක්සන්ට වෙඩි තියන්න්න ගත්තා . ඒත් රිතූ අහක බලපු එක තප්පරේට ජැක්සන් හැංගිලා ඉදපු කාර් එක ලගින් අයින් වෙලා පැනලා ගියෙ ලග තිබ්බ මුඩුක්කු නිවාස පැත්තට .

රිතූත් ජැක්සන් ගිය පාර හොය හොය ගිය රිතූව ගන් එකක් ඔලුවට තියලා එකපාරටම ඇදලා අරන් බිත්තියකට හේත්තු කර ගන්නෙ රිතූ හිතන්න්ත් කලින් . ඔව් ඒ ජැක්සන් .

" ඉතින් බේබි ඩෝල් 😏 කියන්න මොනා හරි තියෙනවද. දැන් මොකද කියන්නෙ. "

🌹 😏😏😏

ජැක්සන්ට අහු උනත් රිතූගෙ සමච්චල් හිනාව වත් ආඩම්බර කමවත් අඩුවක් නම් තිබ්බෙ නෑ . මාක්ස් එක නිසා රිතූ හිනා වෙනවා ජැක්සන් නොදැක්කත් ඒ ඇස් වල පුංචිමවත් බයක් නෑ කියලා නම් ජැක්සන් දැක්කා.

" ඉතින් ...... මට ඔයාගෙ ඔය ලස්සන මූණ පෙන්නන්නෙ නැද්ද . මන් ගොඩක් ආසාවෙන් ඉදියේ මුලු කොරියාවම හොල්ලන් ඉන්න මට ඇටෑක් කරන්න එඩිතර උන ඒ ලස්සන කෙල්ල කවුද කියලා බලා ගන්න . මෙච්චර කල් මන් ෆොටෝ විතරනෙ දැකලා තිබ්බෙ. "

ජැක්සන් එහෙම කියලා රිතූගෙ මාක්ස් එක ගලෝලා විසික් කරනවත් එක්කම රිතූ ජැක්සන්ගේ අතට ගහලා එයාගෙ ගන් එකත් ජැක්සන්ට ඒම් කරන්නෙ දෙන්නට දෙන්නා මූණට මූණ ගන් දෙක අල්ලගෙන ඉන්න විදිහට .

" බයි බායි ප්‍රින්සස් 😏 මට හොද ප්‍රතිවාදියෙක් ඉදියා කියලා මන් මතක තියා ගන්නම් 😏 "

ජැක්සන් එහෙම කියලා රිතූට ශූට් කලා . ටික වෙලාවක් යනකම් මුලු පරිසරයම ඉදිකට්ටක් වැටෙන තරම් නිහඩ වෙලා තිබ්බ්ත් එකපාරටම රිතූ ලග තිබ්බ බිත්තියකටත් ගගහා පෙරලි පෙරලි හිනා වෙන්න ගත්තා 😂😂

වෙච්ච දේ හිතා ගන්න බැරුව ජැක්සන් රිතූ දිහයි එයාගෙ ගන් එක දිහයි මාරුවෙන් මාරුවට බලන්නෙ වෙච්ච දේ තේරුම් ගන්න වගේ .

🌹 යාහ්හ්හ්හ් ශූට් කරන්න කලින් ඕකට බුලට් දාගෙන එනවා 😂

රිතූ බොහොම අමාරුවෙන් එයාගෙ හිනාව පාලනේ කර ගෙන ගන් එක ජැක්සන්ට ඒම් කලේ ජැක්සන්ගේ ඇස් ටීක් බෝල සයිස් ලොකු වෙද්දී . ඒත් එකපාරටම රිතූ එයාගෙ ගන් එක ඉන පිටිපස්සෙ ගහ ගත්තෙ ජැක්සන් දිහාට අමුතු බැල්මක් දාලා.

🌹 ගනන් ගන්න එපා මිස්ට ජැක්සන් මගෙ එකෙත් බුලට් ඉවරයි 😁

" මෝ 😳 "

🌹 පුදුම වෙන්න එපා . මන් කලින් දැනගෙන ඉදියා හැබැයි මගෙ එකේ බුලට් ඉවරයි කියලා 😁

රිතූ එහෙම කියනකොට ජැක්සන්ට පුංචි හිනාවක් ගියෙ මෙච්චර හිස් ගන් එකක් අතේ තියාගෙනත් බය නැතුව ඉදපු එක ගැන හිතලා .

( Author - මේ දෙන්න හිනා වෙලා ඉවර නම් ඔය වැඩේ කන්ටිනිව් කරනවද. අපිට ඔය විකාර බලන් ඉන්න බෑ . 😒 )

(🌹 ඌප්ස් .... සොරි ...... )

එකපාරටම හිනාව නවත්තලා අතින් පයින් ෆයිට් කරන්න ගත්තෙ දෙන්නගෙම ගන් වල බුලට් නැති නිසා .

විනාඩි විස්සක් විතර ෆයිට් කලත් තාම දෙන්නම කෙලින්. ජැක්සන්ට පුදුමයි මේ කෙල්ල ගැන . මොකද මෙච්චර හොදට ෆයිට් කරන්න පුලුවන් කෙනෙක් එයාගෙ ගැන්ග් එකේවත් නෑ .

ෆයිට් එක අතරෙදි නොහිතපු විදිහට රිතූට පිටිපස්සෙන් ගන් එකක් ඒම් වෙන්නෙ ජැක්සන්ගේ දෙවෙනියා අතින්. කට කොනකට හිනා වෙලා රිතූ ලගට ආපු ජැක්සන්

" සෝ....... මාෆියා ක්වීන් .... දැන් මොකද කරන්නෙ 😏 "

කියලා අහද්දිම කට කොනකට හිනා උන රිතූ ඇස් වලින් ජැක්සන්ට කිව්වෙ පිටිපස්ස බලන්න කියලා . 😏

ජැක්සන් පිටිපස්ස බලනකොට රිතූගෙ ඔලුවට තියලා තිබ්බා වගේම ගන් එකක් ජැක්සන්ගේ ඔලුවටත් ඒම් කරගෙන ඉදියේ ඩේව් 😏 ඩේව්ට රිතූ ගිය පැත්ත හොයා ගන්න ටිකක් අමාරු උනත් කොහොම හරි එයා රිතූ ඉන්න තැන හොයාගෙන තිබ්බා.

" ඔය ගන් එක බොස්ගෙන් අයිනට ගන්නවා. නැත්තං ඔහේගෙ මේ ගෑණිගෙ ඔලුව කුඩු වෙන්න තියනවා. "

🤺 දැන් එතකොට ඔයා මිස්ට ශූට් කරනකම් මන් බලන් ඉදීද ආ......😏 එහෙම උනොත් ඔහේගෙ මේ බොස්ගෙ ඔලුවත් කුඩු වෙයි 😂

ඩේව්ගෙයි ජැක්සන්ගේ දෙවෙනියගෙයි කතාව දිග් ගැස්සුනේ දෙන්නම තම තමන්ගෙ බොස් ආරක්ෂා කර ගන්න් දගලන නිසා . ඒත් එකපාරටම ජැක්සන්ගේ දෙවෙනියා කියපු දේ නිසා ඩේව්ගෙ කට කොන්කට හිනාවක් ආවෙ ඒකා ඉල්ලගෙන කන්න හදන්නේ කියලා දන්න නිසා .

" අත් දෙක උස්සලා ඔලුව පිටිපස්සෙන් තියා ගන්නවා. "

ගන් එක රිතූගෙ ඔලුවට තියාගෙනම රිතූට එහෙම කියනකොට

🤺 මචං ඕක කරන්න එපා . උබ ඉල්ලගෙන කන්න හදන්නේ 😏

" උබ කට වහ ගනින්. .... හා ඉක්මනට ඔලුව පිටිපස්සෙන් තියා ගන්නවා අත් දෙක . "

🤺 හරි එහෙනම් කියන එක අහන්නෙ නෑනෙ . ඕනි දෙයක් කර ගනින්. 😏

ඩේ එහෙම කියනකොට ජැක්සනුත් බලන් ඉදියේ මොකක්ද වෙන්නෙ කියලා . මොකද ජැක්සන් කොච්චර උනත් රිතූ ගැන සුලුවෙන් හිතුවෙ නෑ . ඒ නිසා ඩේව් කියපු දේත් එක්ක ලොකු දෙයක් වෙනවා කියලා ජැක්සන්ට තේරුනා . ඔලුව පිටිපස්සෙන් අත් දෙක තියා ගත්ත රිතූ ජැක්සන්ගේ දෙවෙනියට හිතන්නවත් වෙලාවක් නොදී රිතූගෙ ඔලුවෙ ගහන් ඉන්න කොණ්ඩ කූරෙ කිනිස්සෙන් අර මනුස්සයගෙ ගන් එක තිබ්බ අතට ඇනගෙන ඇනගෙන ගියෙ ගන් එක අතින් ඇතෑරෙද්දි .

ඒත් නොහිතපු විදිහට ඒකා රිතූට පයින් එකක් ගහද්දි අඩි ගානක් දුරට රිතූ විසික් උනා . ඒකට කලබල වෙච්ච ඩේව් ඒ දිහා බලද්දී ජැක්සන් ඩේව්ට ගහලා එතනින් ටවුන් එක පැත්තට පැන ගත්තෙ පැනගන්න හම්බෙන්න අන්තිම චාන්ස් එක ඒක විතරයි කියලා දන්න නිසා .

රිතූව නැගිට්ටවලා අරූ ලගට ගිය ඩේව් නැගිටින්න බැරි වෙන්න උට ගහලා කකුලට ශුට් කලේ ජැක්සන් පස්සෙන් යන්න ඕනි නිසා .

රිතූ ඩේව් එක්කම ජැක්සන් ගිය පැත්තට යද්දි එයාලගෙ කනේ තිබ්බ බ්ලූටූත් වලින් ඇහුනෙ දෝයුන් කතා කරන හඩ.

📱" නූනා... ඔයාලට තව ඉස්සරහට එන්න බෑ . මීටර් 500 විතර ඉස්සරහින් CCTV තියෙනවා . ඒ නිසා ඔයාල ඒවට අහු වෙයි. "

📱🌹 CCTV හැක් කරන්න දෝයුන් . කොහොම හරි අද ජැක්සන් අල්ල ගන්න ඕනි . මිනිහා ටවුන් එක පැත්තට ගියෙ.

📱" ඒත් නූනා මට මෙච්චර දුර ඉදලා හැක් කරන්න බෑ . ඒත් ජැක්සන් යන්නෙ කොහෙටද කියලා කියන්න පුලුවන් . "

📱🌹 හරි දෝයුන් අපි මොනා හරි කරන්නම් . ඔයා ජැක්සන් ගැන ඇහැ ගහගෙන ඉන්න. පුලුවන් නම් CCTV ගැන පොඩ්ඩක් බලන්න.

📱" හරි නූනා මන් මොනා හරි කරන්නම්."

රිතූල තව ඉස්සරහට ගියොත් කැමරා වලට අහු උනත් රිතූටයි ඩේව්ටයි වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ . මොකද ජැක්සන් අද අල්ල ගන්නම ඕනි . ඒ නිසා එයාලා ටවුන් එකට යන්න තීරනේ කලා.

🤺 මිස් මිස්ගෙ මාක්ස් එක . ඒක නෑ .

🌹 ආහ්.... ඔව් අර බූරුවා ඒක ගැලෙව්වා.මොකක් හරි ලේන්සුවක් නැද්ද ඩේව්. මෙහෙම යන්න බෑ . එහෙම උනොත් අපිව කැමරා වලට අහු වෙයි.

🤺 ඉන්න බලන්න.

ඩේව් හොයලා හොයලා එයාගෙ සාක්කුවක තිබ්බ ස්කාෆ් එකක් රිතූට දුන්නෙ මේ වෙලාවෙ ඒකත් වටින නිසා . උස්කාෆ් එකෙන් මූණ වහගෙන රිතූ ඩේව් එක්ක දෝයුන් කියන පාරවල් දිගේ ජැක්සන් හොයාගෙන ගියෙ පුලුවන් තරම් කැමරා මගාරින ගමන්.

ඔය අතරෙ වුකී ශේන් දෙන්නත් ෆැක්ට්‍රි එකේ දිගටම ෆයිට් කලා. මොකද ජැක්සන්ගේ ටීම් එකක් වැඩිපුර ආපු නිසා එයාලටත් ලේසි නෑ . ශේන්ගෙ අතකට වෙඩි වැදිලා තිබ්බත් ලොකු ප්‍රශ්නයක් නැති නිසා එයාල දිගටම ෆයිට් කලා.

රිශාන් අල්ලන්න ගිය රිශීත් යූ ජන් එක්ක රිශාන් අරන් ඇවිත් එයාලගෙ තැන හිර කලේ රිතූ රිශාන්ට සීරීමක්වත් කරන්න එපා කියපු නිසා . ඒත් රිශාන් රිශීගෙන් පැනලා යද්දි වාහනේකට හැප්පෙන්නෙ එයාගෙ කකුලක් ගොඩක් ඩැමේජ් වෙන විදිහට . කරන්න දෙයක් නැති නිසා රිශී එයාලගෙ ඩොක්ටර් ගෙන්නලා රිශාන් චෙක් කලත් කකුලෙ අවුල ඇරෙන්න වෙන කිසි ප්‍රශ්නයක් රිශාන්ට තිබ්බෙ නෑ .

( Author - හනේ.... මගෙ ලව් එක . රිතූ කිව්වා නේද රිශී සීරීමක්වත් නැතුව ගේන්න කියලා . මොකක්ද මේ කලේ 😭😭😭😭😭😭 )

රිශාන් බලා ගන්න යූ ජන් එක්ක ගාඩ්ලා දාලා රිශීත් රිතූලට උදව් කරන්න ආවෙ දෝයුන් කියපු නිසා . රිශීත් ආවම රිතූ ඩේව් රිශී තුන් දෙනා ජැක්සන් ඉදපු තැන තුන් පැත්තකින් වට කරලා ජැක්සන් අල්ල ගත්තත් ආයිමත් ඒකා පැනලා යන්න හැදුවෙ ඩේව්ට ගහලා. ඒත් රිතූ තුවක්කුවක් දික් කරලා ඒක නතර කලේ තව දුරටත් මේක දිගට අදින්න ඕනි නැති නිසා .

අන්තිමට ජැක්සන්වත් රිශාන් ඉදපු තැනටම ගෙනල්ල පුටු දෙකකින් ගැට ගහලා රිතූලා ගියෙ ඉතුරු කට්ටිය තාම ආවෙ නැති නිසා .

ඔය අතරෙ ගෙදර ඉදපු දෝයුන්ට දුර ප්‍රශ්නෙ නිසා කැමරා හැක් කරන්න බැරි උන් නිසා යුන්ගි දෝයුන් එක්ක එන්නෙ රිතූලා ආපු පාර දිගේ තියෙන කැමරා වල තිබ්බා ෆොටේජ් අයින් කරන ගමන්.

ඒ එද්දි රිතූලා නොදැන ඉදියට මුලින්ම ජැක්සන් එක්ක ෆයිට් එක ගිය තැන මුඩුක්කුවක් උනත් එතන කැමරාවක රිතූලගෙ ෆයිට් එක සම්පූර්ණයෙන්ම සටහන් වෙලා තිබ්බා. දෝයුන් ඒකෙ කොපි එකක් අරගෙන අනිත් ඒවා වගේම ඩිලිට් කරලා දැම්මෙ ගැන්ග් එක වෙනුවෙන් එයාට කරන්න පුලුවන් ඒ දේ විතරක් නිසා .

.
.
.

Time past .......
.

හැමදේම පාන්දර දෙක තුන වෙනකොට ඉවර කර ගන්න පුලුවන් වෙච්ච කට්ටිය හැමෝම මේන් හවුස් එකට එකතු උනා .

රිතූගෙ කට්ටිය අතින් ජැක්සන්ගේ ගොඩක් අය අවසන් වෙද්දී ඉතුරු අයව එහෙමම දාලා ශේන් වුකී දෙන්නා එයාලගෙ මිනිස්සු අරන් ඇවිත් තියෙන්නේ මැරිච්ච කට්ටියවත් අරගෙන .

රිතූගෙ පැත්තෙනුත් සැලකිය යුතු පිරිසක් තුවාල වෙලා වගේම ගොඩක් අය මැරිලා තිබ්බෙ මේ එයාල කරපු දේ බරපතකකම පෙන්නන්න වගේ .

තුවාල වෙලා ඉදපු අයගෙන් ගොඩක් අමාරු කට්ටිය හොස්පිටල් යවලා ඉතුරු අයට මේන් හවුස් එකේම ට්‍රීට්මන්ට්ස් කලේ ජන්හියුන්ග්ගෙ හොස්පිටල් එකට ගියත් එතනත් ප්‍රශ්නයක් ඇති නොවෙන්න.

ශේන්ගෙත් අතකට වෙඩි වැදිලා තිබ්බ නිසා එයාවත් හොස්පිටල් යැව්වෙ යන්න බෑම කියලා ඒකා පොඩි ළමයා වගේ නහයෙන් අඩද්දි . මොකද කොච්චර ලොකු උනත් මාෆියා වැඩ කලත් පොඩි කාලෙ ඉදලා ශේන් බය එකම දේ හොස්පිටල් 🤭 නම ඇහුනත් ඇති නහයෙන් අඩන්න ගන්නවා.

එලි වෙන්න කලින් හැමදේම ඉවර කරන්න ඕනි උන නිසා රිතූ රිශීට කිව්වෙ මිස්ට බෙකීට එන්න කියන්න කියලා . මොකද මිස්ට බෙකී රිතූලට උදව් කරන්න කැමති උනේ ජැක්සන්ගේ අන්තිම මොහොතෙ එයා එතන ඉන්න ඕනි කියන පොරොන්දුව පිට. මොකද මිස්ට බෙකීගෙ එකම දුවගෙ මරනෙට සාදාරනයක් කරන්න මිස්ට බෙකීට ඕනි උනා .

බෙකීත් ආවම හැමෝම එක්ක රිතූ ජැක්සන්ලා තියලා තිබ්බ තැනට ගියෙ අදින් හැමදේම ඉවර වෙන නිසා . ඒත් හැමදේම අදින් ඉවර වෙයිද. නෑ ප්‍රශ්න පටන් ගන්නෙ මෙතනින් පස්සේ කියලා රිතූ නිකමටවත් හිතන්න නැතුව ඇති .

රිශානුයි ජැක්සනුයි ලගට ගියාම රිතූගෙ ඇස් එක තප්පරේකට ගැස්සුනේ රිශී මෙච්චර වෙලා රිශාන් ගැන රිතූට නොකියපු නිසා .

🌻 සොරි රිතූ ...... අපෙන් පැනලා යන්න හදද්දි අයියාව වාහනේකට හැප්පුනා. 😥

🌹 දැන් මොකද තත්වෙ . ප්‍රශ්නයක් නෑ නේද .

🌻 ප්‍රශ්නයක් නැත්තෙම නෑ . අවුරුදු දෙකක්වත් යනකම් එයාට නැගිටින්න බැරි වෙයි කියලා ඩොක්ටර් කිව්වා. වෙන ප්‍රශ්නයක් නෑ .එක කකුලක් විතරයි ඩැමේජ් වෙලා තියෙන්නේ .

🌹 ආශ්...... ශිට්..... 😒 මන් කිව්වා කලිම්ම රිශී ඔයාට.

🌻 😔😔😔

රිශීටත් කෑ ගහලා රිතූ රිශාන් ලගට ගියෙ පුටුවට බැදලා තිබ්බ විදිහටම එයාට නින්ද ගිහින් නිසා . මොකද ඩොක්ටර් දීපු බෙහෙත් වලට රිශාන්ට නින්ද ගිහින් තිබ්බෙ.

🌹 ඩේව්...... රිශාන් ලෙහලා අරන් අර ටේබල් එක උඩින් තියන්න.

🤺 ඒත් මිස් ...

🌹 මන් කියපු දේ කරන්න ඩේව්.

ඩේව්ත් සද්ද නැතුව රිතූ කියපු විදිහට කලේ මේ වෙලා තියෙන දෙයින් රිතූට ටිකක් කේන්ති ගිහින් තියෙන නිසා . හැමෝම ඒක කේන්තියක් වගේ දැක්කත් ඇත්තටම රිතූට තිබ්බෙ දුකක් කියලා කවුරුවත් දැනගෙන ඉදියේ නෑ .

රිතූගෙ එක සංඣාවකින් මිස්ට බෙකී ජැක්සන් ලගට ගිහින් ජැක්සන් බැදලා තිබ්බ පුටුවත් එක්ක බිම වැටෙන්න පයින් එකක් දුන්නෙ මෙච්චර දවසක් එයාගෙ හිතේ තිබ්බ කේන්තිය දුක හැම දෙයක්ම එලියට ගන්න ගමන්. බිම වැටිලා ඉන්න ජැක්සන්ට බෙකී හොදටම ගැහුවෙ හිතේ තියන කේන්තිය පිටකර ගන්න.

ලෝකෙට කොච්චර දරුණු කෙනෙක් උනත් මිස්ට බෙකී එයාගෙ දුවට ගොඩක් ආදරේ තාත්තා කෙනෙක් . ඇත්තටම එකට ඩීල් කලාට එයා රිතූට සැලකුවෙත් දුවෙක්ට වගේ . එයාගෙ දුවට වෙච්ච දේවල් එක්ක මෙච්චර කල් එයා එයාවම පාලනේ කරගෙන ඉදියත් අද මේ විදිහට ජැක්සන් තමන්ගෙ ඉස්සරහට ආපු නිසා එයාගෙ ඒ පාලනේ එයාගෙන් ගිලිහුනේ එයාටත් නොදැනී .

වුකීත් මේ වෙන දේවල් බලාගෙන ඉදියේ එයාගෙ කේන්තිය උපරිමේටම පාලනේ කරගෙන . මොකද මාසයක් ගියත් තාම සුකීට සිහිය ආවෙ නෑ . ඒ නිසා වුකී පිටින් ශක්තිමත් කියලා පෙන්නුවත් එයා මානසිකව ගොඩක් වැටිලා ඉදියේ .

🌹 මිස්ට බෙකී ...... ඔන්න ඔයා කියපු විදිහට ජැක්සන් දැන් ඔයාගෙ ඉස්සරහ ඉන්නවා. ඉතින් දැන් අපි මොකක්ද කරන්නෙ.

" මට ඕනි මේ මිනිහා මගෙ දුවට කරපු දේවල්ම කරලා මරලා දාන්න . ඒත් මට එහෙම කරන්න බෑ 😥 මොකද ඔයානේ මෙයා අල්ල ගත්තෙ . දැනටමත් ඔයා මොනා හරි හිතලා ඇති . ඉතින් ඔයාම මෙයා ගැන බලා ගන්න . ඒත් මන් කැමති මේකව අපායට යනවා නම් . "

🌹 කොහොමත් මෙයාට ස්වර්ගෙට යන්න බෑ . අපායටම තමා යන්නෙ. 😏

මිස්ට බෙකී ජැක්සන් ලගින් අයින් උනේ රිතූට ඕනි දෙයක් කර ගන්න කියලා . ඒත් ඒ හැමදේම එයා පැත්තකට වෙලා බලන් ඉදියේ එයගෙ දුවගෙ මූණ මැවි මැවී පේද්දි.

රිතූගෙ කීමට රිශී අරන් ආපු ඩොකියුමන්ට් වගේකට බලෙන්ම ජැක්සන්ගෙන් අත්සන් ගත්තෙ මෙච්චර කල් එයා කරපු දේවල් එයාටම කැරකිලා එන විදිහට .

ඒ ඩොකියුමන්ට් වල තිබ්බෙ එයාගෙ මරනෙන් පස්සේ අවයව හැම එකක්ම හොස්පිටල් එකට ඩොනේට කරනවා කියලා . ඒ ඩොකියුමන්ට් රිතූ කලින්ම ජන්හියුන්ට කියලා හදවගෙන තිබ්බෙ දින වෙනස් කරලා.

සයින් එක ගත්තට පස්සේ යූ ජන්ට රහසින් මොන මොනාද කියපු රිතූ ආයිමත් හැරුනේ ජැක්සන්ගේ දෙවෙනියා පැත්තට . මොකද කලින් ඩේව් මිනිහට ගහලා කකුලකට වෙඩි තියලා දාලා ආවත් එයාලගෙ මිනිස්සු දම්මලා එයාවත් පොට් එකට ගෙනත් තිබ්බෙ රිතූට ඒකා එක්ක වෙනම ගනුදෙනුවක් තියෙන නිසා .

රිතූගෙ කීමට සීතල වතුර පාරක් ඩේව් ගහද්දි ඒකේ සැරට සිහි නැතුව වැටිලා ඉදපු ඒ මිනිහට සිහිය ආවෙ ඩේව් වෙඩි තිබ්බා කකුලත් අල්ලගෙන කෑ ගහන ගමන්.

කට කොනකට හිනා වෙච්ච රිතූ විසිල් එකක් ගහපු ගමන් සුහෝ එක්ක ආපු කෙනා දැකලා අර මිනිහගෙ ඇස් ලොකු උනේ වෙන්න යන්නෙ හොද දෙයක් නෙවෙයි කියලා එයාටම තේරිච්ච නිසා වෙන්න ඇති .

.
.
.
.
.
.
.
.

ඔන්න තව එකක් . ෆයිට් එක ලියන්න දවස් ගානක් ගියා. ඒත් ඒක මගෙ හිතට හරි නෑ අනේ 😒

ඉතින් කවුරු වෙන්න ඇතිද ආවෙ . ජැක්සන්ට මොනා කලොත්ද හොද. මරමුද 😁

හනේ රිශාන් . කොල්ලගෙ කකුල කැඩිලා 😭 රිතූ කියලත් මෙයාලට පරිස්සමින් එක්ක එන්න බැරි වෙලානෙ 😭

ගොඩක් වැඩ අස්සෙ ලිව්වෙ. සමහරු නම් දන්නවා ඇති මන් කොච්චර මේ දවස් ටිකේ බිසීද කියලා 😁 ඒ නිසා පරක්කු වෙනවට සොරි . පුලුවන් ඉක්මනට කතාව ඉවර කරන්න බලාගෙන මම ඉන්නෙ. ඒත් දිග් ගැස්සෙනවා අප්පා 😥😥🙂🙂🙂🙂🙃🙃🙃🙃🙃🙃🙃🙃

Happy new year 2022 🎊️🎁🎈🎉️

Continue Reading

You'll Also Like

808K 49.1K 114
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
37.2K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
21.7K 4.6K 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්...
9.8K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...