💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 18 🍁💙

279 39 5
By du-mi-001

ආශ් ......... යුන්ගි ඔප්පගෙ ඇදුමක් 🤦 ඊයෙ චූටි අයියට දීලා තියෙන්නේ යුන්ගි ඔප්පා ඉන්න රූම් එක . අයියෝ මේ මෝඩ අයියා .

( ගන් එකක් කියපු අය කොනට යන්න පීස් 😌 )

" රිතූ මේ දැම්මම කියනවා මේක කාගෙද . කොහෙන්ද කියනවා ගෑණු ළමයි දෙන්නෙක් ඉන්න ගෙදරක පිරිමි ඇදුම් හම්බෙන්නෙ  🤨🤨 "

🌹 අයියෝ චූටි බලියන්නෙ නැතුව ඉන්නවකො අනේ . ඔය යුන්ගි ඔප්පගෙ ඇදුමක් අනේ  🤦

" ආ..... එහෙමද . එහෙනම් කමක් නෑ ඉතින් 😁😁😁😁 මන් හිතුවා මේ 😊😊😊 "

" හරි හරි මේ . ඒවෑන් වැඩක් නෑ . මන් යනවා නැන්දි බලන්න. එනවද . "

🌹 අද බෑ . මන් ලගදි ගියා. ඔයා යන්න . අද යුනි යන්න ඕනි .

" හරි එහෙනම් . මන් එන්න හවස් වෙයි . පරන යාලුවො බලන්න යන්නත් ඕනි . "

🌹 හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් ....... මට  ජුන් කී ඔප්පා කිව්වා. කෙල්ලො සෙට් එකක් ඉන්නවා කියලා ඔයාට බලන්න. මෙහෙ ඉද්දි ස්කූල් යනවට අමතර කෙල්ලොත් හුරතල් කලා කියලා මට ආරංචි  😌😌😌

" මොකක්ද කියන්නෙ ආ....... ඔහොම ඉන්නවා ........."

          චූටි අයියා එහෙම කියලා මගෙ පස්සෙන් පන්නනකොට මන් සාලෙ වටේ දිව්වා. කොහෙද මෙයාගෙන් බේරෙන්න බෑ . මන් ඊලඟට දිව්වෙ ගාඩ්න් එකට . ගාඩ්න් එක වටේ දිව්වත් බේරෙන්න බැරි උනා . මාව අල්ලගෙන වට දෙක තුනක් කරකෝලා බිමින් තිබ්බ චූටි අයියා එකපාරටම බිමට කඩන් වැටුනා . 😳 මන් බය වෙලා බලන් ඉද්දි මෙන්න මේකා තනකොල කකා හිනා වෙනවා. මාත් බිමින් ඉද ගත්තා 🤗 ගොඩක් කාලෙකින් චූටි අයියා එක්ක ඉන්න හම්බුනේ . ඊටත් දැන් එයා ගොඩක් සතුටින් වගේ . මගෙ චූටි අයියා විදපු වේදනා එක්ක දැන් හරි එයා මෙහෙම නිදහසේ සතුටින් ඉන්න එක ලොකු දෙයක් .

" දන්නවද දෝණි ...... "

🌹 ම්ම්ම්ම්......

                 චූටි අයියා මට දෝණි කියනකොට මට හිතුනා සීරියස් දෙයක් කියලා . චූටි අයියා විතරක් නෙවෙයි තාත්ති ඇරෙන්න අයියලා තුන් දෙනා මට දෝණි කියලා කතා කරන්නෙ සීරියස් දෙයක් කියනකොට විතරයි . අනිත් වෙලාවට එක්කො බබා, නැත්තං රිතූ ..... 😁

" අවුරුදු ගානකින් මන් හිත නිදහසේ හිනා උනා  😊  කොරියාව කියන්නෙ හරිම ලස්සන රටක්. මන් ගොඩක් ආස රටක්. එහෙදි වෙච්ච දේවල් එක්ක හිත හදා ගන්න මට උදව් කලේ මේ රට  මේ මිනිස්සු . ඉතින් මන් මෙහෙට ගොඩක් ආදරෙයි 😊"

( Author -  ඔයා විතරක් නෙවෙයි චූටි අයියේ මාත් ගොඩක් ආස රටක් කොරියාව 😌)

චූටි අයියට කොරියාව කියන රට නිසා තමයි ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුලුවන් උනේ . ලංකාවේ ඉදියා එහෙම නම්  එහෙ අම්මි මට දීපු වද වල හැටියට චූටි අයියා තාමත් කලින් විදිහමයි. ඒත් මේ රට මේ මිනිස්සු නිසා දැන් එයා එයාගෙම ගමනක් යනවා. ඇක්ටර් කෙනෙක් විදිහට . ඇත්තටම චූටි අයියා ගැන මට ගොඩක් ආඩම්බරයි .

🌹චූටි... ........

" ම්ම්ම්ම්ම් ........."

🌹 Miss you .......

" Me too baby ........."

            මන් එහෙම කියලා චූටි අයියට තුරුල් උනා . මන් දැක්කා චූටි අයියගෙ ඇස් වල කදුලු පිරිලා තියෙනවා .  ටික වෙලාවක් මාව බදාගෙන ඉදපු චූටි අයියා නැගිටලා දූවිලි පිහදාගෙන මගෙ ඔලුවත් අතගාලා නැන්දි බලන්න ගියා .

මාත් ඇතුලට ගිහින් රිශී අනූ අක්කි එක්ක ගියෙ අපේ කට්ටියට හම්බෙන්න . මොකද ඒ වෙනකොටත් ඩේව් මන් කියපු විදිහට තව විස්තර හොයාගෙන තිබ්බා. ඒත් එක්කම ක්ලබ් එකේ කෙනෙක් අපේ පැත්තට ගන්නත් පුලුවන් වෙලා. චූටි අයියා එනකොට හවස් වෙනවා කියපු නිසා අපි තුන් දෙනා මේන් හවුස්' එකට ගියා. ( යුන්ගි ඔප්පගෙ ගෙදර )

අපි යනකොටත් කට්ටිය ඇවිත් . හරි ඉතින් ඔක්කොම එන්න ඕනි නෑ තමයි . ගොඩක් අය නැවතිලා ඉන්නෙත් මෙහෙනෙ 😁

🌹 හරි මේ ඉන්නෙ අනූ....... අපි දෙන්නගෙ අක්කා. ඒ නිසා  අපි කියන දේවල් වගේම අද ඉදලා මෙයා කියන ඒවත් ඔයාල අහන්න ඕනි . මායි රිශී නැති ඕනිම වෙලාවක ගැන්ග් එකේ ඕනිම දෙයක් මෙයා එක්ක කතා කරන්න පුලුවන් .

හරි දැන් කියන්න මන් කියපු දේවල් හොයා ගත්තද.

" දේ මිස්........ ඉස්සල්ලම අපි ජැක්සන්ට උදව් කරන ඩොක්ටර් ගැන හොයා ගත්තා . එයා සර්ජන් ස්පෙශලිස්ට් කෙනෙක් . ඒ මිනිහගෙ මාර්ගෙන් තමයි හැමදේම වෙන්නෙ. සෝල් වල ගොඩක් ෆේමස් ප්‍රයිවට් හොස්පිටල් එකක තමා මිනිහා වැඩ කරන්නෙ . ඒත් මිනිහගෙම කියලා පොඩි තැන් දෙකකත් වැඩ කරනවා. "

🌹 හරි එතකොට අර ක්ලබ් එකේ විස්තර හොයා ගත්තද.මන් කියපු විදිහට ඒකෙ ඇතුලෙ කෙනෙක් අල්ල ගන්න පුලුවන් උනාද.

🤺 මිස් අපි එතන දෙතුන් දෙනෙක් සල්ලි වලට ගන්න හැදුවා. ඒත් ඒක ගොඩක් අමාරුයි . මොකද මේ ක්ලබ් වල වැඩ කරන අය ගොඩක් කට්ටියට මේ ජැක්සන්ගේ මිනිස්සු . ඉතින් ගොඩක් අමාරුවෙන් එතන වේටර් කෙනෙක් අල්ල ගන්න පුලුවන් උනා . තව එතන ගර්ල් කෙනෙකුත් අපි හොයා ගත්තා . ඒත් එතන පොඩි අවුලක් තියෙනවා . අපි එතන ගර්ල් කෙනෙක් හොයා ගත්තා . එයා එතන බාර් එකේ සර්වර් කෙනෙක් .

🌹 හරි දැන් මොකක්ද අවුල.

🤺 මේකයි මිස් ඒ ගර්ල් ටිකක් අමුතුයි . අපි සල්ලි වලට එයාව ගන්න හැදුවට එයා සල්ලි එපා කියනවා. ඒක ටිකක් සැකයි . ඊටත් එයාගෙ පවුල් පසුබිම හොයලා බැලුවම එයා එහෙම තැනක වැඩ කරන්න ඕනි කෙනෙක් නෙවෙයි කියලා අපි හොයා ගත්තා . එයා ඩේගු ඉදලා මෙහෙ ඇවිත් තියෙන්නේ ලගදි . ඊටත් එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එකපාරටම අතුරුදන් වෙලා තියෙනවා  මේ ලගකදි .  ඒක ගොඩක් සැකයි . ඊටත් ජැක්සන් නිතරම මේ ගර්ල් එක්ක කතා කරනවලු.

🌹 ම්ම්ම්ම්ම්.......... හරි ඒ ගර්ල් මට මීට් වෙන්න ඕනි . එයාව පුලුවන් ඉක්මනට මට මුනගස්සන්න. රිශී ...... වෙපන් වැඩේ බැලුවද . ශේන් මොකක්ද කිව්වෙ .

🌻 අපි එහෙදි වෙපන් ගත්ත රශියන් අයම මෙහෙත් අවි ජාවාරම් කරන නිසා අවුලක් නැතුව වෙපන් ටික ගන්න පුලුවන් වෙයි . ශේන් ඒ කට්ටිය එක්ක කතා කලා කියලා කිව්වා . ඒත් එයාල දැනටමත් එහෙන් පිටත් වෙලා නිසා අපිට ඕඩර් කරපු ඔක්කොම එකපාරට ගන්න බෑ . දැනට අපිට පහ හයක් ගන්න පුලුවන් එයාල අමතර අරන් එන ඒවෑන්. තව දවස් තුනක් යනකොට  එයාලගෙ නැවක් මෙහෙට එනවලු. ඒ නැවෙන් අපිට අපේ වෙපන්ස් ගන්න පුලුවන් . ශේන් එයාලත් එක්ක කතා කරලා තියෙන්නේ . සල්ලි දැනටමත් බාගයක් දීලා නිසා ඉතුරු ටික දීලා අපිට ගිහින් වෙපන් ටික ගන්න පුලුවන් . හැබැයි ලංකාවේ වගේ නෙවෙයි මෙහෙදි ගොඩක් පරිස්සම් වෙන්න වෙයි කියලා එයාල කියලා . මෙහෙ  NIS එක නිතරම එයාලට ඇටෑක් කරනවලු.

🌹 හරි එහෙනම් . ඒ වැඩෙත් හරි . දැනට වෙපන් ටිකක් හරි හම්බෙන එක හොදයි .  පුලුවන් ඉක්මනට අනිත් වෙපන් ටික ගන්න කියලා ශේන්ට කියන්න. අනූ අක්කි.... ඔයා ශේන් එක්ක ඒ ගනුදෙනු බලා ගන්න. සල්ලි මදි වගේ නම් පොඩි අයියට පොඩි බටර් පාරක් ගාලා ඉල්ල ගන්න  😁😁😁

🌹 හරි වෙපන් වැඩේ ඉවරයි . දැන් ඉස්සරහට මොනාද කරන්නෙ කියලා තීරනේ කරමු .

         වෙපන් ප්‍රශ්නෙත් ඉවර උන නිසා ඊලඟට අපි ජැක්සන්ගේ ඩ්‍රග්ස් ගැන , ඒවා එන්නෙ කොහෙන්ද යන්නෙ කොහෙටද , රිශාන් මොකක්ද කරන්න හදන්නෙ වගේ ගොඩක් දේවල් කතා කර ගත්තා . ඒ වගේම අර ක්ලබ් එකේ ඉන්න සර්වර් ගර්ල් හම්බෙන්න ක්‍රමයකුත්   හදා ගත්තා .


Time past ..............

දැන් අපි  මේ යන්න හදන්නේ අර ක්ලබ් එකේ ගර්ල් හම්බෙන්න . එයාගෙ උදව් නැතුව අපිට ඉස්සරහට වැඩ කර ගන්න අමාරුයි . ක්ලබ් යන එක තහනම් උනත් මේක කරන්න ඕනිම වැඩක් නිසා අපිට යන්න උනා . ක්ලබ් එක ඇතුලෙදි එයාව හම්බෙන්නෙ නැතුව ඒ ලග තියෙන පටු පාරක් ලගදි එයාව හම්බෙන්න දා ගත්තෙ ක්ලබ් එක ඇතුලෙදි කතා කරන්න එයාට බෑ කියපු නිසා .
               

අපි හවස හතර විතර වෙනකොට ඒ පාර ලගට වෙලා ඉදියා .ටික වෙලාවක් යනකොට අර ගර්ල් ටිකක් කලබලෙන් වගේ අපි ඉන්න තැනට ඇවිත් ඉක්මනට අපේ වාහනේට නැග්ගා . ඒත් එයා ආපු වෙලේ ඉදලා නිතරම බය වෙලා වගේ පිටිපස්ස බලනවා. ෆෝන් එක දිහා බලනවා. ගොඩක් කලබලෙන් ඉදියේ .

ටිකකින් එයා සන්සුන් උනාම අපි කතා කලා. ඒත් කොයිම වෙලාවක වත් අපේ මූණු පෙන්නුවෙ නෑ . මොකද මෙහෙම එකපාරටම අපිට කෙනෙක් විශ්වාස කරන්න බැරි නිසා .

    ( හොන්ග් මූ යොන්ග් / මොලී )

ඒ ගර්ල්ගෙ නම  හොන්ග් මූ යොන්ග් . ඩේගු වල ඉදලා සෝල් ඇවිත් තියෙන්නේ එයාගෙ ජොබ් එක කරන්න . එයා සෝල් ආවට පස්සෙ ඉදලා තියෙන්නේ එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක. ඒත් දවසක් හදිස්සියෙම එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් මෙයාට එයාව දාලා යන්න කියලා . එයා හොදටම බය වෙලා ඉදලා තියෙන්නේ . හදිස්සියෙම ඇවිත් මෙයාට යන්න කියලා එයත් ඇදුම් ලෑස්ති කරගෙන ඉක්මනට ගිහින් . මූ යොන්ග් මොකුත් හිතා ගන්න බැරුව ඉද්දි එකපාරටම මෙයාල ඉදපු අපාර්ට්මන්ට් එකට කවුද කට්ටියක් කඩා වැදිලා අර බෝයි කෝ අහලා මූ යොන්ග්ට ගොඩක් කරදර කරලා . එයා නෑ කිව්වම ඒ කට්ටිය ආපහු ගිහින් තිබ්බත් දවස් දෙකකට පස්සෙ ආයිමත් ඇවිත් බලෙන්ම මේ ගර්ල් අරන් ගිහින් . ඊට පස්සේ එයාට තර්ජනේ කරලා .

එයාල එහෙම කරලා තියෙන්නේ අර බෝයි බිස්නස් එකකට කියලා මෙයාලගෙන් ණය අරන් ඒවා ගෙවා ගන්න බැරුව පැනලා ගිහින් නිසා.  අන්තිමට මොකුත් දන්නෙ නැතුව ජොබ් එකක් කරන්න සෝල් ආපු මේ අහින්සක කෙල්ල ඒ නරුමයන්ට අහු වෙලා .

ටික දවසක් හිර කරගෙන ඉදලා එකපාරටම මේ ගර්ල් ආයිමත් අපාර්ට්මන්ට් එකට ගෙනත් දාලා. ඒත් ඒ එනකොට මේ ගර්ල්ගෙ ජොබ් එකවත් ඉදපු අපාර්ට්මන්ට් එක ඒ හැමදේම මෙයාට නැති වෙලා . එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් අපාර්ට්මන්ට් එකට සල්ලි දීලා නැති නිසා ඒක අයිතිකාරයා ආයිම අරන් . යන එනමන් නැතුව ඉද්දි ආයිමත් අර මිනිස්සුන්ට අහු වෙලා . ඊට පස්සේ බලෙන්ම එයාව අරන් ගිහින් ක්ලබ් එකේ  වැඩට දාලා.

එහෙම ටික දවසක් ඉද්දි හදිස්සියෙම එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ආවා කියලා එයාව එක්ක ගිහින් . ඒත් මූ යොන්ග්ට හම්බෙලා තියෙන්නේ එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ඩෙඩ් බොඩි එක විතරයි .එයාල හොදටම ගහලා නයට හිලව් වෙන්න කියලා එයාගෙ අවයව අරන් . මූ යොන්ග් ඊට පස්සේ ක්ලබ් එකෙන් එන්න හැදුවත් එයාල බලෙන්ම තර්ජනේ කරලා එයාව ක්ලබ් එකේ තියන් ඉන්නවාලු අර බෝයිගෙ තව ණය තියෙනවා කියලා . ඉතින් දැන් මූ යොන්ග්ටත් ඕනි මේ ජැක්සන්ගෙන් පලි ගන්න . එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් මරපු එකට වගේම එයාට කරපු කරදර වලට. මේ විදිහට එයාල පොඩි පොඩි හේතු නිසා ගොඩක් අය එයාලගෙ බිස්නස් වලට ගන්නවලු තර්ජනේ කරලා .

ගොඩක් හදිස්සියෙන් එයාගෙ කතාව කියපු මූ යොන්ග් කදුලු පිහදාගෙන එයාගෙ නම්බර්  එකත් දීලා කලින් වගේම ගොඩක් කලබලෙන් අපි මොකුත් කියන්නත් කලින්ම ආයිමත් යන්න ගියා .

එයා ගියාට පස්සේ මොකුත් හිතා ගන්න බැරුව මූණට මූණ බලා ගත්ත අපි ආයිමත් එන්න ආවෙ කරන්නෙ මොනාද කියලා කතා කර ගන්න ගමන්. මායි රිශී ගේ ලගින් බැහැලා ඉතුරු ටික ඇවිදගෙන ගියෙ චූටි අයියා දැනටමත් ගෙදර ඇවිත් නිසා . මොකද ඉතින් යුන්ගි ඔප්පගෙ ඇදුමක් අහු වෙලා නටපු නාඩගමේ හැටියට කොල්ලො ටිකක් එක්ක වෑන් එකකින් ඇවිත් ගේ ලගින් බැස්සම මොනා වෙයිද කියලා හිතා ගන්න පුලුවන්නෙ 😂😂😂

අනූ අක්කි ඉදපු නිසා අජ්ජුම්මා ඉක්මනට ගෙදර ගිහින් . ඉතින් අද රෑට කන්න තියෙන්නේ අනූ අක්කි උයපු ලංකාවේ කෑම. 😋😋 ගොඩ දවසකින් සුපුරුදු කෑම කන්න හම්බෙන්නෙ. මොකද මෙහෙ ආපු අලුත අපි දෙන්න හදා ගෙන කෑවට පස්සේ පස්සේ ගැන්ග් එකේ වැඩත් එක්ක අජ්ජුම්මා උයලා තිබ්බ දෙයක් කන්න පුරුදු උනා  😁

අද දවසටම කුකී කතා කලෙත් නෑ . රෑට කෑමත් කාලා කුකීට කෝල් එකක් ගත්තත් එයාගෙ ලයින් බිසී . ටික වෙලාවක් ඉදලා ආයිත් ගත්තා . ඒත් නෑ . මේ තරම් වෙලා කා එක්ක කතා කරනවද දන්නෑ  😒 පුංචි දුකක් එක්ක කේන්තියක් එද්දී ෆෝන් එක ඕෆ් කරලා මන් නිදා ගන්න ගියා . ඒත් පාන්දර එක දෙක වෙනකනු නින්දක් නම් මන් ලගට ආවෙ නෑ .

උදේම මන් ඇහැරුනේ ගේ උඩ යන්න කවුරු හරි හිනා වෙන සද්දෙ ඇහිච්ච නිසා . නිදි මතේම පඩිපෙළ බහිනකොට පහල ඉන්න කට්ටිය දැකලා එක පිම්මට ආයිමත් රූම් එකට දිව්වා .  ඒ අස්සෙ අනූ අක්කි වොශ් එකක් දාගෙන ඉක්මනට එන්න කියන එක විතරයි හරියට මට ඇහුනේ. අපොයි දෙයියනේ  🤦 ඔප්පලා ඔක්කොම ගෙදර ඇවිත් . අද එයාලට නිවාඩුද දන්නෑ . මාත් මෝහිනීගෙ නංගි වගේ කොන්ඩෙත් අවුල් කරගෙන කුනු කෙල පිටින් පහලට ගියානෙ 🤦

යුන්ගි ඔප්පයි වුකී ඔප්පයි නම් කමක් නෑ මොකද එයාල මාව ඒ විදිහට ඕනි තරම් දැකලා තියෙනවා . අනේ ඒත් එතන කුකීත් ඉදියනෙ. අනේ දෙයියනේ කෙල්ලෙක්ට ඊට වඩා ලැජ්ජාවක් තවත් තියෙනවද. 🙈 ඒත් මෙච්චර උදෙන් මෙයාල මොනාද මෙහෙ කරන්නෙ. මන් ෆෝන් එක හොයලා වෙලාව බලන්න හදනකොට ඒක ඕෆ්........... ආශ් .........මේ වෙලාවට තමයි ඔක්කොම පොලේ ගහන්න හිතෙන්නෙ. ෆෝන් එක ඔන් වෙනකම් ඒක දිහා බලන් ඉදලා එපා වෙලා ඉදියේ .

( ඇත්තටම ෆෝන් එක ඔන් වෙනකන් ඒක දිහා බලන් ඉන්න එක තරම් එපා කරපු දෙයක් මේ ලෝකෙ නෑ . විශේෂයෙන්ම SAMSUNG ෆෝන් 😑😑😑 )

අපොයි දෙයියනේ වෙලාව උදේ දහයයි 🤦 මට උදේ උනාට අනිත් අයට මේ උදේ නෙවෙයිනේ 😄 දැන්ම පහලට යන්නත් බැරි නිසා මන් උදේම නෑවා. මොකද හවසට නෑවම කොණ්ඩෙ වේලන්න ගියාම එපා වෙනවා. වෙලාවකට දිග කොණ්ඩයක් තියෙන එකත් මහ කරදරයක් 😒😒😒😒😒 ඒත් ඉතින් මේ අයියලා තුන් දෙනයි තාත්ති එක්ක මට කොන්ඩේ කපන්න විදිහක් නෑ . මන් කොන්ඩේ කැපුවොත් එයාලා මගෙ බෙල්ල කපයි 😁 මොකද එයාල මට වඩා ආදරේ මගෙ කොන්ඩෙට  🤧

ඉක්මනට නාලා ටවල් එකකුත් ඇදගෙන තව එකකින් කොන්ඩේ පිහදදා රූම් එකට එනකොට දැක්ක දේ නිසා තව ඩින්ගෙන් මට හාට ඇටෑක් හැදෙනවා 😳

       ආශ් කුකී .........එයා ඇද උඩ ඉදගෙන ෆෝන් එක ඔබනවා. මන් එලියට එන සද්දෙට මේ පැත්ත බලපු කුකී  කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා 😳   ටික වෙලාවක් ඇස් පිල්ලම් වත් ගහන්නෙ නැතුව මන් දිහා බලන් ඉදපු කුකී එකපාරටම රතු වෙන්න පටන් ගත්තා . මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉදපු මන් හරි සිහියට ආවෙ කුකී නැගිටලා මන් දිහාවට එනකොට . අපොයි දෙයියනේ මන් ඉන්නෙ ටවල් එක පිටින් නේද  😳 ඊටත් ඒක ගොඩක් කොටයි . මන් එහෙන්මම රූම් එකට ආවෙ මගෙ රූම් එකට කවුරුවත් එන්නෙ නැති නිසා . ඊටත් ඉතින් මේ ගෙදර පිරිමි ඉන්න එකක්යෑ . ඉතින් හැමදාම මන් මෙහෙමයි . ඒත් අද. 🤦

කුකී ටික ටික මගෙ ලගට එද්දි මාත් ටික ටික පිටිපස්සට ගියා . කලින් ජම්බු ගෙඩියක් වගේ රතු උන කුකීගෙ මූණෙ දැන් නම් තියෙන්නේ මහ අමුතුම බැල්මක් . මන් කවදාවත් කුකීව ඒ විදිහට දැකලා නෑ . කට කොනේ හිනාවක් එක්ක හොට්ම හොට් ලුක් එකක් දාගෙන ටික ටික මන් ලගට ලන් වෙන කුකීගෙන් මන් දැක්කෙ වෙනදට ඉන්න ආදරණීය හුරතල් කුකී නෙවෙයි .

පස්සෙන් පස්සට ගිය මන් නැවතුනේ බිත්තියෙ වැදිලා . කුකී මායි අතරෙ දැන් තියෙන්නේ අඩි දෙකක විතර පරතරයක් . ඒකත් නැති කරලා දාලා මගෙ උරහිසට උඩින් එක අතක් තිබ්බ කුකී මගෙ මූණට පාත් උනා . දැන් නම් මට දාඩියත් දානවා 😥

🐰 හේයි බේබ්....... මොකෝ මේ බය වෙලා ම්ම්....😏😏😏

        අම්මෝ ඒ ටෝන් එක . කුකී එහෙම අහනකොට ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ . කතා කරන්න වචන එන්නෙත් නෑ . ඔලුව පිහ දදා ඉදපු ටවල් එකත් ඉස්සරහට අරන් අත් දෙකෙන්ම පපුවට තියලා තද කර ගත්තෙ මේ වෙලේ ඇත්තටම මන් බය වෙලා ඉදපු නිසා . ටික වෙලාවක් මගෙ දිහා බලන් ඉදපු කුකී එයාගෙ අනිත් අත මගෙ ඉන වටේ දාලා මාව එයා ලගට ඇදලා ගත්තා . එකපාරටම ඒ වෙච්ච දේ නිසා මගෙ අතේ තිබ්බ ටවල් එක බිමට වැටිලා මගෙ අත් ගිහින් නතර උනේ කුකීගෙ පපුවෙ . මගෙ ඇස් දිහාම බලන් ඉදපු කුකීගෙ ඇස් මගෙ තොල් වල නතර උනා . ඒත්  එක්කම මට හිතන්න වත් වෙලාවක් නොදී කුකී මගෙ තොල් වලට බර උනා . කිසිම කලබලයක් නැතුව ඇසුත් පියාගෙන හරිම සන්සුන්ව මගෙ තොල් අතරෙ එහා මෙහා යන කුකී දිහා මන් බලන් ඉදියා. ටිකකින් මාත් ඇස් පියාගෙන කුකීගෙ හාදුවට ප්‍රතිචාර දැක්කුවෙ කුකී කොහොමත් මේක දැම්ම නතර කරන්නෙ නෑ කියලා දන්න නිසා ☺️☺️☺️☺️☺️

තප්පර ගානක්.........නෑ විනාඩි ගානක් මගෙ තොල් අතරෙ එහා මෙහා ගිය කුකීගෙ අත මගෙ ඉනේ ඉදලා පහලට ඇවිත් මගෙ කලවා ලගින් නතර වෙනකොට ගැස්සිලා කුකීව එහාට කරපු මම ඇස් වලින් කුකීට කිව්වෙ එපා කියලා . එයත් ගොඩක් කලබල උනාද කොහෙද . හොදටම රතු වෙලා .

🐰 මියානේ රිතූ 😔 මියානේ....

බිම බලාගෙනම පස්සට යන ගමන් මගෙන් සමාව ඉල්ලන කුකී දිහා මන් බලන් ඉදියේ දුකින් . මන් දන්නවා එයා ඒක හිතලා කලේ නෑ කියලා . බිම තිබ්බ ටවල් එකත් උරහිස් උඩින් දාගෙන මන් කුකී ලගට ගියෙ තාමත් එයා බිම බලන් ඉද්දි . මන් කතා කලත් කුකී මන් දිහා බැලුවේ නෑ . ඒකට නම් මට දුක හිතුනා 😥 මන් හින්ද කුකීගෙ හිත රිදුනද දන්නෑ .

🌹 කුකී මේ බලන්නකෝ......... කෝ ඉතින් .......

🌹 අයියෝ කෝ ඉතින් මගෙ දිහා බලන්නකෝ. ඇත්තටම මන් ඒක හිතලා කලේ නෑ . එකපාරටම ඔයා එහෙම කරනකොට මන් ටිකක් බය උනා ඒකයි . අනේ කුකී ඔයා මාත් එක්ක තරහද 😔

🐰 අනේ නෑ රිතූ .......ඔයාට පිස්සුද  ...... මමයි වැරදි . මන් මොකටද ඔයා එක්ක තරහ වෙන්නෙ. අනේ සොරි මැණික  😔 මන් ඒක හිතලා කලේ නෑ . අනේ ඇත්තටම සොරි .....😔😔😔😔 මට මට මොනා උනාද කියලා හිතා ගන්න බෑ . අනේ සොරි  😔😔😔

කුකීගෙ මූණෙ තිබ්බෙ ලොකු වැරැද්දක් කරපු හැගීමක් . මන් දන්නවා එයා ඒක හිතලා කලේ නෑ කියලා . තාමත් එයා හරියට මන් දිහා බලන්නෙ නෑ . එක අතකින් බෙල්ල පිටිපස්ස අතගාන ගමන් බිම බලන් ඉන්නවා . මන් කුකීගෙ අතින් අල්ල ගත්තෙ තාමත් එයා ඒ ගැන පසුතැවෙන හින්දා.

🌹 කුකී මේ අහන්නකෝ........ දැන් ඒක අමතක කරන්න හරිද. මන් දන්නවා ඔයා ඒක හිතලා කලේ නෑ කියලා . කෝ ඉතින් දැන් මන් දිහා බලන්නකෝ...... ම්ම්ම්..........

මන් එහෙම කිව්වම නම් කුකී ආයිමත් ලස්සනට මන් දිහා බලලා එයාගෙ බනී ස්මයිල් එක දැම්මා. දැන් නම් හරි වගේ ☺️☺️☺️ එකපාරටම මන් අල්ලගෙන ඉදපු එයාගෙ අතින් මාව ඇදලා ගත්ත කුකී ආයිමත් මගෙ ඉන වටේ අත් දෙක දා ගත්තා .  අනේ මන්ද මට හිතා ගන්න බෑ මේ කුකී ගැන . ලස්සන හිනාවක් එක්ක මන් දිහා බලන් ඉදපු කුකී මගෙ නලලට කිස් එකක් දීලා මියානේ කියන ගමන් මාව ඇතෑරියා .

🌹😳😳

🐰 මොකෝ බලන් ඉන්නෙ ඔහොම බලන් ඉදියොත් නම් මට කන්ට්‍රෝල් නැති වෙයි හොදේ  😏 දැන් ගිහින් ඇදුමක් දාගෙන එන්න ඔහොම ඉදලා මාව තව අවුස්සන්නෙ නැතුව  😏😏

මොකක් 😳 මෙයාට එකපාරටම මොකක්ද උනේ .දැන් මෙච්චර වෙලා මූඩ් ගහලා ඉදලා දැන් එකපාරට ආයිමත් අර ඇග හිරි වැටෙන ටෝන් එකෙන් කතා කරනවා.

🐰 දැන් මන් කිව්වෙ ඇදුමක් දාගෙන එන්න කියලා . ඔහොම මගෙ ඉස්සරහ ඉදලා පස්සේ පසුතැවෙන්න වෙයි හොදේ  😏😏😏

ආශ් ........... කුකී එහෙම කියනකොටයි මට මතක් උනේ තාම මන් ඉන්නෙ ටවල් එක පිටින් නේද කියලා . 😊 යටි පතුලේ ඉදලා රතූ වේගෙන් එනකොට මන් ඉක්මනට ඇදුමක් අරන් ආයිමත් වොශ් රූම් එක අස්සට රින්ග ගත්තා . 🙈

මන් ඇදුමක් දාගෙන එනකොට කුකී රූම් එකේ ඉදියේ නෑ . පහලට ගිහින් ඇති කියලා මාත් පහලට ගියෙ තාම වේලිලා නැති කොන්ඩේ අතින් ගසන ගමන්.

🐣 යාහ්හ්හ්හ් රිතූ ....... මෙච්චර වෙලා මොනා කලාද.

          ජිමින් ඔප්පා එහෙම අහනකොට මට එකපාරටම බැලුනෙ කුකී දිහා . මෙයා මොකුත් දන්නෙ නැති විදිහට  ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. අනේ මන්ද  ඉතින් ............

🌹 මෙන්න මේ කොන්ඩේ වේලන්න ගියාම පරක්කු වෙනවා ඔප්පා ඒකයි පරක්කු උනේ  😁

කියන්න දෙයක් නැතුව කටට ආපු බොරුව දිගාරිනකොට රිශී යුන්ගි ඔප්පා වගේම ටේ ඔප්පත් මන් දිහා බල ඉදියේ බොරු කියන්න එපා වගේ බැල්මක් දාගෙන .

ඔප්පලා අද ඇවිත් තියෙන්නේ චූටි අයියා ආපු නිසා . ඔප්පලට නිවාඩු නිසා අද දවසම මෙහෙලු. කුකීට නම් මාව මතකත් නෑ . චූටි අයියා එක්ක බර කතාව. මස්සිනාලා එකතු වෙලා මාව අමතක වෙලා  🤧 ටිකක් දවල් වෙනකොට නැන්දිත් ආවා හිරූ ඔන්නි එක්ක. දවල්ට කෑම එහෙම කාලා ආයිමත් කට්ටිය එක එක්කෙනාගෙ කතා වල. නැන්දියි අනූ අක්කියි ජින් ඔප්පයි ජුන් ඔප්පයි එක්ක කතාවක. චූටි අයියායි හිරූ ඔන්නි ටේ ජිමින් කුකී ඔප්පලා එක්ක තව කතාවක්. එතකොට රිශී ..... ඒකි හොබී ඔප්පා  එක්ක කැකිරි පලනවා . මේ අහින්සක මන් හැමෝම දිහා බලන් ඉන්නවා  🤧 ආ එතකොට මගෙ ආදරනීයයි පූස් ඔප්පා . එයා ගැන කතා කරලා වැඩක් නෑ . සුපුරුදු පරිදි අපේ ගාර්ඩ්න් එකේ තියෙන චෙරි ගහ යට බෙන්ච් එකේ නිදි. 🤦

කරන්න දෙයක් නැතුව මාත් ඔහේ කට්ටිය දිහා බලන් ඉදියා . දැන් මෙයාලට මන් ඉන්නවද කියලා ගානක්වත් නෑ . මාත් ගිහින් චූටි අයියා ලගින් ඉදගෙන එයාලගෙ කතාවට කන දාගෙන ඉදියා .අපි හිටියේ ගාර්ඩ්න් එකේ . ඒත් ඉතින් මෙතනට ගේ ඇතුලෙ ඉන්න ජින් ඔප්පලව හොදට පේනවා.  ඒ අතරෙ මන් ගොඩක් දේවල් හොයා ගත්තා  😁  රිශී එක්ක කතා කර කර කර ඉන්න හොබී ඔප්පගෙ ඇස් නවතින්නෙම අපේ අනූ අක්කි ලග. එතකොට අපේ හිරූ ඔන්නි ....... එයා ගැන කතා කරලා වැඩක් නෑ ඇග මෙතන තිබ්බට හිත තියෙන්නේ නැන්දි එක්ක කතා කරන ජුන් ඔප්පා ලග. චූටි අයියා කියපු විදිහට ඒ කාලෙ ඉදලම අපේ හිරූ ඔන්නි ආමි කෙනෙක් . බයස් ජුන් ඔප්පලු. මන් දැක්කා ඉතින් සැරින් සැරේ අපේ ජුන් ඔප්පත් හිරූ ඔන්නි දිහා බලනවා. ඒකත් හරි යයි වගේ ☺️☺️☺️

🐯 සනී නූනා ..... නූනා....

" ආහ්....... ඕ ඕ ... ඇයි ටේ ..... "

🐯 මොන ලෝකෙද අනේ ඉන්නෙ. මන් දැන් කොච්චර කතා කලාද.

😸 යාහ්හ්හ්හ් ........ කිම් ටේහියෝන් ...... බෙරිහන් දෙන්නෙ මොකද කියනවා . නිදහසේ නිදා ගන්න වත් දෙන්නෙ නෑ . 😒😒😒

        අපොයි ඇහැරිලා කම්මැලි පූසා  😂 යුන්ගි ඔප්පා නිදිමතේම බැන බැන ඇවිත් ජිමින් ඔප්පා ලගින් ඉද ගත්තා.

😸 හරි දැන් මට කියනවද කවුද සනී 🤨

🐯 ආ හියෝන්ග් ...... සනී කියන්නෙ මේ නූනට  😁

😸 මොකක් 😳 එතකොට හිරූ කියන්නෙ කවුද  🤔

" ආ..... යුන්ගි හියුන්ග් . ගනන් ගන්න එපා . මේ මැටි මෝලටම තමා හිරූ කියන්නෙ. හිරූ කියන නම මෙහෙදි කියන්න බෑ කියලා තමා ඔය සනී කියලා දාගෙන තියෙන්නේ  😂😂😂 "

" ආශ්..... චූටි අයියා.... ඔයා මගෙන් කනවා හොදේ 😁😁 "

     චූටි අයියා එහෙම කිව්වම හිරූ ඔන්නි හිනා වෙවී චූටි අයියාට ඇන ඇන සිංහලෙන් බනිනවා  😂😂😂😂 ඔන්නි හිනා වෙවී බනිනකොට ඔප්පලා දන්නෙ නෑනෙ බනිනවා කියලා . අනේ මන්ද ඉතින්  😂 හිරූ ඔන්නිට මෙහෙ අය කියන්නෙ සනී කියලා . හිරූ කිව්වට එයාගෙ යාලුවො වත් දන්නෙ නෑ . පවුලේ අට විතරයි දැන් මෙයාට හිරූ කියන්නෙ. කොරියාවෙ සිංහල නමක් දාගෙන ඉන්න බැරිලු.

හිනා වෙලා, කතා කරලා , ගොඩක් විනෝදෙන් ගෙවුණු දවසකට පස්සේ ඔප්පලා ටිකයි නැන්දිලයි ගෙවල්  වලට ගියා . හදිස්සියෙම ශූට් එකක් වැටිච්ච නිසා චූටි අයියත් හෙට හවසට ආයිමත් ලංකාවට යනවා. දැන් ඉතින් ආයිමත් මාස ගානක් යනකම් මේ විදිහට චූටි අයියා එක්ක ඉන්න හම්බෙන්නෙ නෑ . ඒ නිසාම නිදා ගන්න ගියාම මන් මගෙ කොට්ටෙත් අරගෙන චූටි අයියා හොයාගෙන ගියා.

මට දුක හිතුනම, පාලු දැනුනම පොඩි කාලෙ ඉදලම මන් අයියලා තුන් දෙනා එක්ක නිදා ගන්න පුරුදු වෙලා ඉදියා. මොකද මට පොඩි කාලෙ ඉදන් ඉදියේ ඒ තුන් දෙනා විතරයි . හැමදාම අම්මා නැති අඩුව දැනෙන්න නොදී ඒ තුන් දෙනා මාව බලා ගත්තා 🤗  . ඒත් ඉතින් හැමදාම වගේ මගෙ තනියට  වැඩිපුරම ඉදියේ පොඩි අයියා . මොකද තාත්ති බිස්නස් එක්ක බිසී වෙනකොට ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා . ලොකු අයියා මෙඩිකල් කොලේජ් ඉදපු නිසා එයත් වැඩිය ගෙදර නෑ . ගෙදර ඉදියත් ගොඩක් රෑ වෙනකම් පාඩම් කරනවා. චූටි අයියා අවුරුදු ගානක් ඉදියේ කොරියාවෙ . එයා ලංකාවට ආවත් ශූට් වලට එහෙ මෙහෙ යන නිසා ගොඩක් වෙලාවට ගෙදර නෑ . ඉතින් මට පාලු දැනුනම, දුක හිතුනම, හැම දේකටම මට ලග ඉදියේ පොඩි අයියා විතරයි .

දැන් මාස ගානකට පස්සේ චූටි අයියා මන් ලග. ඒත් එයා හෙට යනවා. ඉතින් මට දුකයි . තාත්ති අයියලයි නැතුව මට පාලුයි . මන් චූටි අයියා ඉදපු රූම් එකට යනකොට මන් එනවා කියලා දැනගෙන වගේ එයා ඇද වියලට හේත්තු වෙලා දොර දිහා බලන් ඉන්නවා .

" මන් දැනගත්තා එයි කියලා "

🌹 😁😁 ඔව් ඉතින් හෙට මගෙ චූටි මාව දාලා යනවනෙ 😥 ඉතින් මට පාලුයි  😔

" අයියෝ හරි හරි . මූණ එල්ල ගන්න ඕනි නෑනෙ. මන් දන්නවනෙ ඉතින් . හැබැයි ඉතින් ඔහොම මූණ එල්ලගෙන ඉද්දි නම් මට ලගට ගන්න හිතෙන්නේ නෑ . හරියට මලපෙරේතයෙක් වගේ හලෝ. මොකට අච්චර හැන්ඩ්සම් කොල්ලෙක් මේ වගේ එකියක් එක්ක යාලු උනාද මන්ද 🤔 ඇස් බලවා ගන්න කියන්න ඕනි. මොනා උනත් පව් ඒ කොල්ලා "

🌹 යාහ්හ්හ්හ් .... මොකක්ද කියන්නෙ ආ...........🤨

මන් කෑ ගහගෙනම චූටි අයියගෙ ඇගට පැනලා ගහන්න ගත්තා . ඒත් ටික වෙලාවයි මිත්‍ර වරුනි. මාව අනිත් පැත්තට පෙරල ගත්ත චූටි අයියා මට කුචි කවන්න ගත්තා  🤧 හිනා වෙලා හිනා වෙලා බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ගමන් මන් චූටි අයියගෙ පපුවට තුරුල් උනේ හෙට ආයිමත් මෙයා ගියාම මට ගොඩක් පාලුයි නේද කියලා හිතලා 😔

" අනේ සොරි බබා........ මන් ටික දවසක් ඔයා එක්ක නවතින්න ආවෙ . ඒත් ඉතින් මේ දවස් වල මන් රගපාන ෆිල්ම් එකේ ශෙඩූල් එක හදිස්සියෙම වෙනස් වෙලා නිසා මට යන්න වෙනවා.  අනේ ඇත්තටම සොරි බබා.... "

🌹 කමක් නෑ . මන් ඉක්මනට ආයිමත් ලංකාවට එනවනෙ. තව මාස දෙකයිනෙ  😁

       මන් එහෙම කියලා හිනා උනත් එකපාරටම මට මතක් උනේ තව මාස දෙකකින් ආයිමත් ලංකාවට යන්න වෙනවා නේද කියලා . එතකොට කුකී  😥😥😥 එක එක දේවල් හිත හිතා ඉද්දි චූටි අයියා මගෙ ඔලුව අතගගා ඉද්දි මටත් එයාගෙ උනුසුම් පපුවෙ රස්නෙට නින්ද ගියා .

උදේම නැගිටලා මායි රිශී යුනි ගියෙ දවස් කීපෙකින්ම යන්න බැරි උන නිසා . මායි රිශී යුනි ගිය අතරෙ අනූ අක්කි චූටි අයියා එක්ක ඇවිදින්න ගිහින් . මායි රිශී යුනි ගිහින් ආවට පස්සේ හවස තිබ්බ ෆ්ලයිට් එකේ ආයිමත් චූටි අයියා ලංකාවට ගියා . චූටි අයියා ගියාට පස්සේ අපි මේන් හවුස් එකට ගියෙ අද රෑට වෙපන් ටික ගේන්න යන්න ඕනි නිසා .

.
.
.
.
.

Author Pov 🖋️🖋️🖋️🖋️ .....

අනූව ගෙදර යවලා  රිතූ  රිශී දෙන්නා ලෑස්ති උනේ වරායට යන්න. පාන්දර එක විතර වෙනකොට ඩීලර්ස්ලා  වරායට එනවා කියපු නිසා 12. 30 විතර වෙනකොට රිතූලා වරායට කිට්ටු උනා . කරන හැමදේම පරිස්සමින් කරන්න උනේ මෙහෙ  NIS එකෙන් හැමවෙලේම ඇටෑක් එන නිසා .

රිතූ රිශී එක්ක වුකී ඩේව් වගේම  තව තුන් දෙනෙක් ආවෙ මෙතන මොන වගේ තත්වයක් ඇති වෙයිද දන්නෙ නැති නිසා . මොකද මෙහෙ මේ විදිහේ ඩීල් ඉවර වෙනකොට ලොකු ලොකු ගැන්ග් පොඩි ගැන්ග් ගන්න වෙපන් මගදි ඇටෑක් කරලා ගන්නවලු. ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. ශේන් කලින්ම හැමදේම කතා කරලා තිබ්බත් මේක ලංකාව නෙවෙයි නිසා හිතේ රිතූගෙ හිතේ පොඩි බයක් තිබ්බා.විනාඩි විස්සක් විතර ගියාම ශේන්ගෙන් කෝල් එකක් ආවෙ එයාල දැන් වරායට ඇවිත් කියලා . ඒ නිව්ස් එක ආපු ගමන් රිතූලා වරාය ඇතුලට ගියා .

රිතූලා යනකොටත් ඒ ආපු රශියන් අය තව කට්ටියක් එක්ක ඩීල් එකක. රිතූලගෙ  වාහන දෙක ගිහින් නවත්තනකොට ඒ කට්ටිය ටිකක් කලබල උනත් එතන හිටපු රශියන් ඩිලර් කියපු දෙයක් නිසා අර කට්ටිය සන්සුන් උනා. රිතූ කාර් එකෙන් බැහැලා ගිහින් කාර් එක  ඉස්සරහින් හේත්තු උනේ එයාගෙ  කොයින් එක කරකවන ගමන්. රිතූගෙ දෙපැත්තෙන් වුකී ඔප්පයි රිශී ඇවිත් හිට ගද්දි අනිත් කට්ටියත් වාහනෙන් බැහැලා ඇවිත් රිතූගෙ පිටිපස්සෙන් හිටියා . ඒ හැමෝම කලු ඇදලා මාක්ස් කැප් දාලා ඉදපු නිසා කාටවත් අදුන ගන්න බෑ .

රිතූ කොයින් එක කරකව කරකව ඉද්දි අර කට්ටියත් එක්ක ඩීල් එක කරපු කෙනා එතන ඉදපු කෙනෙක්ට  මොනා හරි කියලා  හිනා වෙවී රිතූ  ඉන්න පැත්තට ආවා. ටිකක් ලගට එනකොට තමා රිතූ ඒ කෙනාව හරියට  දැක්කෙ . ඒ හිටියේ ...........😳




..................................................................

මේකෙන් පස්සේ රොමෑන්ටික් කෑලි නෑ ළමයි 🤗 කොහොමත් මට ඒවා ලියන්නත් බෑ 🙈

මන් මේක ඩීල් එක ඉවර වෙන තැනට ලිව්වා. ඒත් දිග වැඩී. ඉතින් බාගයක් කොට කලා 🙂🙂

දැන් තමා ගේම් එක පටන් ගන්නෙ. ඒ වගේම ප්‍රශ්නත් 😏 එහෙනම් ඉතින් මාත් එක්කම ඉන්න හොදේ 😁😁😁😁



එයාල ගොඩක් සතුටින් නේද 🤩🤩🤩



මගෙ ගෝනිබිල්ලා 😍


😍😍😍😍

Continue Reading

You'll Also Like

5.5K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
9.8K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...
398K 12K 93
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
545K 19.6K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...