💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 09 🍁💙

352 51 3
By du-mi-001

               
Rithu pov  🌹🌹🌹...........                              




අපි කාර් පාර්ක් එකට යනකොට අර කෙල්ලො ටික පස්සෙන් ඇවිත් කතා කලා. හැබැයි ඔප්පලා බය උනා වගේ එයාලට නෙවෙයි මගෙ නලු අයියට 😂 එයාල ඇවිත් තියෙන්නේ චූටි අයියගෙන් ඔටෝග්‍රාෆ් එකක් ගන්න . අපේ චූටි අයියගෙත් හෙන ඇඩ් එක නිසා ඒ කෙල්ලොන්ට සෙල්ෆිත් ගහලා දීලා යැව්වෙ.

චූටි අයියා එහෙම්මම ආයි ගෙදර ගිය නිසා අපි කට්ටිය ආයි හොටෙල් එකට ගියා . අද දවස නම් අපි ගොඩක් විනෝද උනා . හොටෙල් එකට ඇවිත් අපි හැමෝම රූම් වලට ගියෙ ගොඩක් මහන්සි නිසා . මාත් වොශ් දාන් ඇදට වැටුනෙ නිදා ගන්න.




Next Day Morning ....





වෙනදා වගේම උදේ නැගිටලා පහලට ආවත් මන් කවුරුවත් දැක්කෙ නෑ . කට්ටිය ඊයෙ ගොඩක් මහන්සි උන නිසා නින්ද ගිහින් ඇති කියලා හිතලා මාත් කොෆි එකක් බිව්වා කට්ටිය එනකම් . ටිකකින් වූක් ඔප්පා එලියෙ ඉදන් ඇතුලට ආවා.

🌹 Good morning oppa ...... කෝ අනිත් අය තව නිදිද 😁

🤵 ඔව් රිතූ . එයාලට මහන්සි ඇති . හැබැයි යුන්ගියා නම් ඇහැරිලා. අන්න වතුර පාර  ලග. මන් මේ කොෆි එකක් ගිහින් දීලා ආවෙ.

🌹 මොකක් යුන්ගි ඔප්පා ඇහැරලා  😳

🤵 ඔව් ඔව් . පුදුමයි නේද 🤣🤣🤣

🌹 ඒකනෙ ඔප්පා  😊 හැම වෙලේම අයිනක් අල්ලන් නිදා ගන්න කෙනා අද උදේම ඇහැරලා කිව්වමා 🤗

🤵 එහෙනම් රිතූ මන් ගිහින් අනිත් අය පොඩ්ඩක් බලලා එන්නම්.

🌹 ආහ් හරි ඔප්පා 😁😁😁 ඔයා යන්න.

වුක් ඔප්පා අනිත් ගාඩ් ඔප්පලා දෙන්නට වඩා යුන්ගි ඔප්පා එක්ක එකතුයි . ඒ වගේම එයා හැමෝම ගැන ගොඩක් හොයලා බලනවා. ඒක එයාගෙ ජොබ් එක තමයි . ඒත් එයා ඉන්නෙ යාලුවෙක් වගේ ☺️☺️☺️

යුන්ගි ඔප්පා ඇල ලග කියපු නිසා මාත් මගෙ කොෆි එක බොන ගමන් ඒ පැත්තට ගියා . මන් යනකොට එයා එදා නිදන් ඉදපු ගහ යටට වෙලා ඉදගෙන කොෆි එක බොනවා. මාත් ගිහින් ඔප්පගෙ එහා පැත්තෙන් ඉද ගත්තා .

🌹 Good morning oppa  ......

😸  morning  .....

🌹 ඇයි ඔප්පා තනියම මෙතන ඉන්නෙ . වූක් ඔප්පා තමයි කිව්වෙ ඔප්පා මෙතන කියලා

😸 නිකන් ඉතින් . කම්මැලි නිසා ආවා මම.

🌹 හ්ම්ම්ම්........ ඔප්පා .....

😸 ම්ම්ම්ම්ම්.....

🌹 ඔප්පා ඇත්තටම දැක්ක දේ නෙවෙයි එතන තියෙන්නේ . ඔප්පා දන්නවනෙ මගෙ ගැන දැන් ගොඩක් 😔

😸 හ්ම්ම්ම්ම් .... ඉතින් මොකක්ද උනේ....... ඇයි ගන්ස් පාවිච්චි කරන්නෙ .

🌹 ඔප්පා ......

මන් යුන්ගි ඔප්පට ඔක්කොම විස්තර කිව්වා. කොහොමත් එයා අම්මි ගැනයි මගෙ ෆැමිලි එක ගැනයි විස්තර දන්නවනෙ . ඒ නිසා මන් ඉතුරු ටිකත් කිව්වා . මොකද මන් කැමති නෑ කවුරුවත් මන් ගැන වැරදි විදිහට හිතනවට. 😔 මුල ඉදන්ම ඔක්කොම විස්තර කිව්වා.

ඔක්කොම කියලා ඉවර වෙනකොට පිටිපස්සෙන් ආපු සද්දෙට අපි දෙන්නම ඉක්මනට ඒ පැත්ත බැලුවා . එතකොට පිටිපස්සෙ හිටපු කෙනා ගල් වෙලා වගේ අපි දිහා බලන් ඉන්නවා  😳 ඒ වුකී ඔප්පා . එයාට අපි කියපු ඒවා ඇහිලා  😳

🌹 ඔප්පා .....

🤵 ආහ්... මේ මේ මම ආවෙ කට්ටිය කෑම කන්න බලන් ඉන්නවා කියන්න. මේ මේ .....

🌹 ඔ ඔ ඔයාට අපි කියපුව ඇහුනද 😳

🤵 ආ... මේ ඔව් 😁

😸 වූකා...... මේවා කාටවත් කියන්න එපා.  මන් උබට පස්සේ විස්තරේ කියන්නම්.

🌹 😔😔😔

😸 හරි අපි යන්. අර කට්ටිය බලන් ඇති . රිතූ යමු ඉතින්  😒

හිතුවෙ නැති විදිහට වූක් ඔප්පාට අපි කියපු දේවල් ඇහිලා . දැන් ඉතින් කරන්න දෙයක් නෑ . මගෙ හොදම යාලුවො වත් නොදන්න රිතූගෙ ඇත්ත දැන් වෙනත් රටක, අදුරන්නෙ වත් නැති කොල්ලො දෙන්නෙක් දැන් දන්නවා.

හ්ම්ම්...............

ලොකු හුස්මක් පිට කරලා ඔප්පලා දෙන්න පස්සෙන් මාත් හොටෙල් එක ඇතුලට ගියා. අපි යනකොට කට්ටිය බ්‍රෙක්ෆස්ට් ගන්න ලෑස්ති වෙනවා.

Time past ......

රිශීටයි අනූ අක්කිටයි මන් යුන්ගි ඔප්පා ගැන කිව්වා . එයාල නම් ඒකට මොකුත් කිව්වෙ නෑ . දැන් අපි හොටෙල් එකට ඇවිත් සතියක් වෙනවා. හැමදේම හරිම හොදින් වෙනවා. තාත්ති ආයි ලංකාවට ඇවිත් . මට ගෙදර එන්න කියලා කීප පාරක්ම කෝල් කලත් මන් ගියෙ නෑ .

ඔය අතරෙ අනූ අක්කිට හදිස්සියෙම පොඩි අයියා කෝල් කරලා එන්න කිව්වෙ අක්කි යටතෙ තිබ්බ බිස්නස් වගේක අවුලක් වෙලා නිසා . එයා ඉතින් මටයි රිශීටයි උපදෙස් ලොට් එකක් දීලා ආයි කොළඹ ගියා ඉක්මනට එනවා කියලා .

එදා බිස්කට් බෝයි මගෙන් සමාව ඉල්ලුවට පස්සේ එයා ගොඩක් වෙනස් උනා . කලින් වගේ නැතුව නිතරම මාත් එක්ක හිනා වෙලා කතා කලා. දැන් අනිත් ඔප්පලා වගේම එයත් මාත් එක්ක හිනා වෙලා කතා බහ කරනවා.

එදා යුන්ගි ඔප්පා වෙච්ච හැම දේම පස්සේ වුකී ඔප්පට කියලා තිබ්බා. දැන් එයාල දෙන්නත් මන් ගැන නිතරම හොයලා බලනවා. හැබැයි යුන්ගි ඔප්පා අනිත් අය ඉන්න තැන ඉතින් සුපුරුදු නපුරු පූසම තමා.

ඔය විදිහට නිදහසේ සතුටින් තව දවස් දෙකක් විතර ගියා . මේ අතරෙ ශේන් නිතරම කෝල් කරලා අපේ වැඩ ගැන විස්තර නිතරම කිව්වා .

එක දවසක් හවස එකපාරටම මට ශේන් ගෙන් කෝල් එකක් ආවා . ඒ ලොකු ඩ්‍රග් ඩීල් එකක් හෙට රෑට වෙන්න තියෙනවා කියලා . ඒත් එක්කම අපේ රටේ ගොඩක් වටින පැරණි පිළිම එක්ක තව වටින බඩු ගොඩක් පිට රටකට විකුනන්න ප්ලෑන් කරලා .

🌹📱 ok ශේන් . අවුලක් නෑ . වෙනදා වගේම අපි ඒ ටික ගමු.

💙📱 පිස්සුද රිතූ . ඒක එච්චර ලේසි නෑ . මේ පාර උන්ගෙ ගාඩ් එක වැඩී . ඊටත් අපේ අයට තාම හොදටම සනීප නෑ .

🌹📱 එහෙම කියලා බෑ . මේක කාලෙකින් අපි කරන ලොකු ගේම් එකක් . ඊටත් කාලෙකින් ඇටෑක් එකක් ආපු නැති නිසා උන ඕක එච්චර හිතන්නෙ නෑ . ඒ නිසා හෙට ලෑස්ති වෙලා ඉන්න .

💙📱 ඒත් රිතූ  ඒක.......

🌹📱 ශේන් ඒක හෙට වෙනවා. එච්චරයි . ගොඩක් අය ඕනි නෑ . ඔයත් එක්ක තව අපේ හොදම අයගෙන් පස් දෙනෙක් විතරක් අරන් එන්න. ආ...... තව දෙයක් . පොඩීටයි අනූ අක්කිටයි කියන්න එපා .

💙📱 ඒත් රිතූ අයියට ගොඩක් කේන්ති යයි මෙහෙම නොකිය කරනකොට . අනේ කියන් එක අහන්නකෝ...... රිතූ .. හෙලෝ රිතූ.......

ශේන් කොච්චර කිව්වත් මන් කිව්වෙ හෙට ලෑස්ති වෙන්න කියලා . මන් ඉක්මනට කෝල් එක කට් කලේ තව හිටියොත් ශේන් චුරු චුරු ගාලම මගෙ කන් දෙක පුරෝන හින්දා 🤦

කාලෙකින් ඇගේ හිරි ඇර ගන්න පුලුවන්  🤗🤗🤗 රිශානුත් එයිද දන්නෑ . මිනිහට දෙකක් අනින්න මන් කාලෙක ඉදන් ආසාවෙන් හිටියේ 😁😁😁😁😁 එහෙම හිතලා එවිල් හිනාවකුත් දාන් මන් ආවෙ රිශීට මේ විස්තරේ කියන්න.


Time past next day .........

කවදාවත් නැතුව අද උදේ ඉදලා මගෙ හිතට හරි නෑ . අනූ අක්කිත් ඉක්මනට එනවා කිව්වට ආවෙ නෑ . මේ ටික දවසට තාත්ති අයියලයි ආයි ගෙදර එන්න කියලා කිව්වත් මගෙ තියෙන මුරන්ඩු කමට මන් හොටෙල් එකටම වෙලා ඉදියා  😒

ශේන්ටත් කෝල් එකක් දීලා රෑ වැඩේ ගැන හැමදේම කතා කරගෙන මන් ගියා ආයිමත් අර ඇලපාර ලගට.  ෆෝන් එකෙන් සින්දුවකුත් දාගෙන එතන ඉදගෙන ඉන්නකොට ජන්කුක් ඇවිත් මට එහා පැතෙන් ඉද ගත්තා .

🐰 හායි ....... 😊

🥀 හායි  😁

🐰 මොකෝ මෙතන තනියම කරන්නෙ .

🌹 මන් මේ නිකන් කම්මැලි නිසා ආවෙ .

🐰 මන් මේ ආවෙ ඔයා ටවුන් එක පැත්තෙ යනවද කියලා දැනගන්න .

🌹 ඒ මොකටද . මොනා හරි ගන්න තියෙනවද. ඕනි නම් යමු ඉතින් .

🐰 ඇත්තටමද 😳 මට මේ මේ ස්නැක්ස් ටිකක් ගන්න ඕනි ඒකයි  😁😁😁 එහෙනම් යමුද 🤗

🌹 හරි . යමු . මාත් කම්මැලිකමේ ඉදියේ  😊

අනේ අනේ මේ ජන්කුක් නම් ....... එයාගෙ ස්නැක්ස් ඉවර වෙලා ගේන්න යමුද අහන්න ඇවිත් තියෙන්නේ  🤦 මන් දැකලා තියෙනවා මෙයා හැම වෙලේම ස්නැක්ස් කනවා. මන් ඉතින් යමු කිව්වම පොඩි එකෙක් වගේ හා දත් දෙකත් පේන්න හිනා උනා. අනේ එයා හිනා වෙනකොට හරි කියුට්  😍 හරියට හා පැටියෙක් වගේ ☺️☺️☺️  අල්ලගෙන ඉබින්න හිතෙනෝ 🤗

ආශ් මටත් මොනා හිතෙනවද දන්නෑ  😒😒😒

අපි දෙන්න ඉතින් හොටෙල් එක ඇතුලට ඇවිත් මගෙ කාර් එකේ කී එකත් අරන් අනිත් අයටත් කියලා එන්න හැදුවෙ . ඒත් මොන පිස්සුද . මෙයාගෙ අර නැටි දෙකටත් එන ඕනිමයි කිව්වා.😂 නැටි දෙක කිව්වෙ ටේ ජිමින් ඔප්පලා දෙන්නා. කොහෙ ගියත් තුන් දෙනාම එකට. එයාලගෙ ඒ බැදීම හරි ලස්සනයි  💖

කොහොම හරි අර තුන් දෙනා එක්ක සුපර්මාර්කට් එකකට ඇවිත් අරයගෙ ස්නැක්ස් ගත්තා . ඒ අස්සෙ ටේ ජිමින් ඔප්පලා දෙන්න පිස්සු නටනවා  😂 යන්තන් පොඩි බබ්බු තුන් දෙනා එක්කන් ආයි මම හොටෙල් එකට එන්න ආවා. ඒත් එකපාරටම ......

🐯 රිතූ ස්ටෝප්...........

ආශ් මේ ටේ ඔප්පා ..... එකපාරට ගිරිය කඩන් කෑ ගැහුවා. බය වෙච්ච පාරට මට ඉබේම බ්‍රේක් ගැහුනා. 🤦

🐰 යාහ්හ්හ්හ් ටේහ්‍යෝන් මොකක්ද උනේ . මොකද බලියන්නෙ 🤨 තව ඩින්ගෙන් බය වෙච්ච පාර මොනා හරි වෙනවා...

🐯 අයියෝ කුකියා .... අර බලන්නකෝ....... අර අර...

🐰 මෝ මොකක්ද .

🌹 මොකක්ද ඔප්පා . අර අයිස්ක්‍රීම් ශොප් එකද. ඔයාට අයිස්ක්‍රීම් කන්න ඕනිද  😒

🐯 අනේ නෑ නෑ . අර බලන්නකෝ අර පාරෙන් එහා පැත්ත . එන්නකෝ යන්න මන් පෙන්නන්න .

එහෙම කියලා ටේ ඔප්පා අපි තුන් දෙනාවත් ඇදගෙන පාරෙන් එහා පැත්තට ගියා . පාර අයිනෙ දාලා තිබ්බ කුනු කවර ටිකක් ලග හිටියෙ චූටි බලු පැටියෙක්  🤗 අනේ එයා හොදටම බය වෙලා . ටේ ඔප්පා ලගට ගිහින් එයාගෙ ජැකට් එක ගලවලා ඒ පැටියට දාලා එයාව වඩා ගත්තා .

අනේ ඒ චූටි පැටියා ගොඩක් ලස්සනයි . හැබැයි ගොඩක් කුණු ගෑවිලා. බූල් පිරීලා 🤗 එයාගෙ කකුලකුත් තුවාල වෙලා අනේ  😥😥

🐯 අනේ අනේ අපි මෙයාව අරන් යමුකෝ  ..... අනේ ජිමිනා කුකියා අපි මෙයා අරන් යමුකෝ plz 🤗🤗🤗🤗 

🐰 පිස්සුද හියෝන්ග් අපි තුන් දෙනාටම බැනුම් අහන්න වෙන වැඩක්. ජුන් හියුන්ග් කීයටවත් ඔය දේට කැමති වෙන්නෙ නෑ .

🐯 අනේ අනේ 😭😭😭 අපි අරන් යමුකෝ ... මන් හියුන්ග්ලාට කියන්නම්.... අනේ  😭😭😭😭

🐣 අයියෝ ටේටේ අඩන්නෙ නැතුව ඉන්නවකො . මේ ගෑණු ළමෙකුත් ඉන්නවා මෙතන. ලැජ්ජ නැද්ද හොටු පෙරන් අඩන්න  🤦

🐯 අනේ ජිමිනා අපි මෙයා අරන් යමුකෝ  😭😭 මන් එයාව බලා ගන්නම්. අනේ අනේ අනේ ........😥😥

🌹 ජිමින් ඔප්පා අපි මෙයාව අරන් යන්. එයාට තුවාල වෙලත් එක්ක.

ටේ ඔප්පා ඒ පොඩි පැටියා අරන් යන්න ඕනි කියලා කියලා කදුලු පෙරන් අඩන්න ගත්තා . මටත් ඒ පැටියා ගැන දුක හිතුන නිසා අරන් යමු කිව්වෙ. මන් එහෙම කිව්වම නම් ජන්කුක්ගෙ මූණ ඇද වෙලා ගියා. හැබැයි ටේ ඔප්පා නම් කදුලු අතරින් හරි ලස්සනට හිනා උනා .

කොහොම හරි අපි බලු පැටියත් අරන් එයාට බෙහෙතුත් දාගෙන  අයිස්ක්‍රීමුත් කාලා ආයි හොටෙල් එකට ගියා. ඒ යනකොටත් ජින් ඔප්පා කෝල් තුනක් ගත්තා අපි පරක්කුයි කියලා  .

චූටි පැටියත් අරන් ගියාට පස්සේ ජුන් ඔප්පා ගත් කටටම කිව්වා එයාලත් එක්ක මෙයා අරන් යන්න බෑ කියලා . යුන්ගි ඔප්පගෙ මූණ පැටියා දැක්කම ඇද වෙලා ගියා. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම එයාට ගොඩක් ආදරෙන් සැලකුවා.



Time past ......

හැමෝම නිදා ගත්තට පස්සේ මායි රිශී දෙන්න හැමෝටම හොරෙන් හොටෙල් එකෙන් එලියට ආවෙ අද තියෙන වැඩේ කරන්න . මන් කවදාවත්  වැඩකට යන්න කලින් කාටවත් කියන්නෙ නෑ . ඒත් අද උදේ ඉදලා මට මහ අමුත්තක් දැණුන නිසා නිකමට වගේ මම යුන්ගි ඔප්පට මැසේජ් එකක් දැම්ම . මායි රිශී වැඩකට එලියට යනවා කියලා .

මගෙ යාලුවන්ටවත් නොකිය යුන්ගි ඔප්පට එහෙම මැසේජ් එකක් දාන්න හිතුනෙ ඇයි කියලා මන් වත් දන්නෙ නෑ .

ශේන් කියපු තැනට ගිහින් අපි කට්ටිය හැන්ගිලා බලන් ඉදියේ වෙන්නෙ මොනාද කියලා . අපි හිතපු තරම් ගාඩ් එකක් තිබ්බෙ නැති නිසා හොද වෙලාවක් බලලා අපි එකපාරට ඇටෑක් කලා. ඒත් එතන ඉදපු ඔක්කොම හොදට ෆයිට් කරන්න පුලුවන් අය කියලා අපි හිතුවෙ නෑ .

අපි හිතුවට වඩා ෆයිට් එක ටිකක් දුර ගියා. අතින් පයින් විතරක් නෙවෙයි අපි ලග තිබ්බ කිනිසිත් අපිට යූස් කරන්න උනා. මොකද එයාලත් ඒවා යූස් කලා. එයාලත් හැදුවෙ කොහොම හරි බඩු ටික බේර ගන්න .

එකපාරටම මගෙ පිටිපස්සෙන් ආපු කෙනෙක්  මන් හිතන්නත් කලින් මට ඇටෑක් කලා. ඒත් දන්න ශිල්ප දාලා ලොකු අවුලක් නැතුව බේරුනත් මගෙ බඩ ලගින් කැපිලා ගියා . ඒකට බය වෙලා මගෙ ලගට දුවන්න හදපු රිශීගෙ අතත් එක්කෙනෙක් අතින් කැපුනා. ශේන්ගෙ කකුලට පොලු පාරක් වැදිලා බිම වැටුනා .

මෙයාල දෙන්න ගුටි කෑවෙ මන් නිසා  😥 මට එවෙලෙ නම් හොදටම කේන්ති ගියා ......... මට අවුලක් නෑ කියලා අර දෙන්නටත් ඉගි කරලා  අරුන්ට නැගිටින්න බැරි වෙන්න නෙලුවා 😒 අපි කට්ටිය එතන ඉදපු  ඔක්කොම බිම දැම්මට පස්සේ ශේන් කලින් කියලා තිබ්බ නිසා හින්දි ෆිල්ම් වල වගේ අන්තිමට පොලිසියෙන් ආවා 🤦🤦🤦

පොලිසියෙන් එන්න කලින් ඉක්මනට අපි වාහන ලගට ආවත් ශේන්ට එන්න අමාරු උනා එයාගෙ කකුල නිසා . මායි රිශී දෙපැත්තෙන්ම අල්ලගෙන ශේන් ගෙනත් කාර් එකට දැම්ම .

💙 රිතූ රිශී ඔයාලට අවුලක් නෑ නේද .

🌹 අපිට අවුලක් නෑ . ඔයාගෙ කකුල ගොඩක් ඩැමේජ් වෙලා වගේ . ඉක්මනට හොස්පිටල් ගියොත් හොදයි .

💙 ආශ් රිතූ පිස්සුද . මේ විදිහට අපි හොස්පිටල් ගියොත් මොනා වෙයිද .

" මිස් මිස්ගෙන් බ්ලීඩ් වෙනවා  😳අපි දැම්ම යමු හොස්පිටල් . මිස්ලා දෙන්නම කැපිලා . "

🌹 නෑ නෑ . එච්චර අවුලක් නෑ . පොඩ්ඩයි කැපුනෙ. මේ විදිහට අපිට හොස්පිටල් යන්න බෑ . ඒ නිසා ඔයාල සර් අරන් යන්න . අපි දෙන්න යන්නම්.

💙 රිතූ ඒත් ඔයාල තනියම යන්නෙ කොහොමද . දෙන්නටම තුවාලයි. අනූ අක්කිත් නෑ .

🌹 අයියෝ ශේනා... අපිට එච්චර අවුලක් නෑ අනේ . දැන් ඔයා යන්න. අපි බෙහෙත් දා ගන්නම්.

අනිත් අයටත් යන්න කිව්වෙ බෙහෙත් දා ගන්න . යන්න කලින් ශේන් එයාගෙ ජැකට් එක ගලෝලා මගෙ බඩේ ගැට ගැහුවෙ බ්ලීඩ් වෙන එක නවත්තන්න . ඊට පස්සේ මායි රිශී ආයි හොටෙල් එකට එන්න ආවා.

එන මගදි මගෙ වටේටම කලු වෙලා ඇස් පියවෙනවා වගේ දැනුනා . රිශී මට කතා කලත් ඒ කිසි දෙයක් මට ඇහුනෙ නෑ . ඇස් පියවෙන්න කලින් මන් අන්තිමට රිශීට කිව්වෙ යුන්ගි ඔප්පට කෝල් කරන්න කියලා .

🌹 ආහ්.....  වතුර .......

මන් ඇස් අරිනකොට මන් හිටියේ මගෙ රූම් එකේ. මගෙ එහා පැත්තෙ රිශී නිදන් හිටියා. එයාට ඇහැරෙන්නෙ නැතුව නැගිටින්න හැදුවත් බඩ ලගින් ආපු ලොකු වේදනාව නිසා එහමම ඉදියා .

එහෙම ඉන්නකොට යාන්තම් මට රූම් එකේ සෝෆා එකේ කවුරු හරි ඉන්නවා වගේ දැක්කත් ඔලුව විතරක් උස්සලා බැලුවේ ඒ කවුද කියලා . ඒ යුන්ගි ඔප්පා .

🌹 ඔප්පා ......

යුන්ගි ඔප්පා ....... නැගිටින්නකෝ......... ඔප්පා

මන් ඔප්පට ටික වෙලාවක් කතා කරනකොට එයා ඇහැරලා මන් ඉන්න තැනට ආවා. ඇවිත් රිශීට ඇහැරෙන්නෙ නැති වෙන්න මාවත් නැගිට්ටවලා ඇදට හේත්තු කලා.

එයා කියපු විදිහට ඊයෙ එද්දි මට සිහි නැති වෙලා. රිශී ඔප්පට කෝල් කරපු නිසා ඔප්පා වූක් ඔප්පත් එක්ක ඇහැරලා ඉදලා අපි එනකම්. අපි ආවම කාර් එකෙන් බැහැලා රිශී පිස්සුවෙන් වගේ අඩන්න අරන්. යුන්ගි ඔප්පා රිශී ලගට යද්දි වුකී ඔප්පා මාව අරන් රූම් එකට ඇවිත් . ඊට පස්සේ එයාල මට බෙහෙත් දාලා.

ගොඩක් බ්ලීඩ් උන නිසා තමයි මට සිහි නැති වෙලා තියෙන්නේ . මට බෙහෙත් දාලා  ඉවර වෙලා ඔප්පලා යන්න හදනකොට තමා රිශීගෙ ජැකට් එක දිගේ  බිමට ලේ වැටිලා තියෙන්නේ . ඊට පස්සේ යුන්ගි ඔප්පා බලන් වගේ රිශීගෙ තුවාලෙටත් බෙහෙත් දාලා .

රිශීටත් නින්ද ගිය නිසා ඔප්පා අපි දෙන්න ලග නතර වෙලා. ටිකකින් රිශීට ඇහැරුන නිසා එයාගෙ උදව්වෙන් වොශ් එකකුත් දාගෙන රූම් එකටම වෙලා ඉදියේ පහලට යන්න අමාරු නිසා .

ටිකකින් වුකී ඔප්පා දුවගෙන මගෙ රූම් එකට ඇවිත් ඉක්මනට පහලට එන්න කියපු  නිසා අමාරුවෙන් උනත් පහලට ගියෙ මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැන ගන්න.

මන් යනකොට හැමෝම පහල එකම තැනකට වෙලා මොකක් හරි දිහා බලන් ඉන්නවා . මාත් ඉක්මනට ඒ පැත්තට ගියෙ  ඒ මොකක්ද බලන්න . මන් යනකොට කට්ටියම ටීවි එකේ ගිය නිව්ස් එකක් දිහා කටවල් ඇරගෙන බලන් ඉන්නවා .  හැබැයි ඒ නිව්ස් එක දැක්කම මගෙත් ඇග සීතල වෙලා ගියා .

ඒකෙ තිබ්බෙ ඊයෙ රෑ අපි කරපු ෆයිට් එක . ඒක කොහොමද  cctv වලට අහු උනේ. ඒ හරියෙ කැමරා නෑ කියලා ශේන් ශුවර් කරලම කිව්වනෙ. ඊටත් කැමරා තියෙන තැනක ඩීල් කරන්න රිශාන්ටයි අම්මිටයි පිස්සු නෑනෙ 😒😒😒😒

මන් කෙලින්ම බැලුවේ අපේ කට්ටිය දිහා. ඔක්කොම කටවල් ඇරගෙන බලන් ඉන්නවා. වෙලාටව ඔක්කොම කලු ඇදලා කැප් මාක්ස් දාන් හිටියේ . එතන කෙල්ලො දෙන්නෙකුත් ෆයිට් කරනවා කියලා හොයන්න බෑ . වෙලාවට මායි රිශී හැමදාම අදුරන්න බැරි වෙන්න යන්නෙ. නැත්තං ඔය වීඩියෝ එක වයිරල් උනාට කලින් " ප්‍රසිද්ධ ව්‍යාපාරික mr. ජයසූරියගෙ  දුව සමග helth minister ගෙ පුතා සහ ඔවුන්ගේ මිතුරන් ආයුධ සන්නද් පිරිසක් සමග ගැටුමක් " කියලා හෙඩ් ලයින් එකත් එක්ක නිව්ස් යයි 😁 

ඒ නිව්ස් එක දැකපු වෙලේ ඉදලා යුන්ගි ඔප්පා හොල්මන් දැක්කා වගේ මායි රිශී දිහා මාරුවෙන් මාරුවට බලනවා 😂 වූක් ඔප්පා නම් හැමෝටම හොරෙන් නියමයි කියලා  👍 අතින් පෙන්නුවා. ඒකට නම් මට පොඩි ආඩම්බරයක් හිතුනා 🙈







Author - ස්....ස්..... යුන්ගි ඔප්පා ......

😸 - ඇයි මොකෝ  ස්... ස්.... ගාන්නෙ නයෙක්ද 🤨

Author -  නෑ මේ ඔයා කලින් එකක කිව්වා නේද ඔයාගෙ කෙල්ල.හරියට රෝ......ස  මලක් වගේ කියලා  🤭 දැන් දැක්කද රෝස මලගෙ වැඩ.

😸 - ඔව් ඒ අනාගතේ හරිද. දැන් මෙහෙම උනාට ඉස්සරහට මෙහෙම නෑ එයා . මගෙ කෙල්ල හරි අහින්සකයි 😒 හරි ඉතින් කාටද ආඩම්බර  😊

Author -  හාකො හාකො 😂😂  අපි දන්නෑ ඉතින් 😁😁😁😁

😸  අනේ මේ කට කියන් කතාව ලියනවද. අනුන්ගේ කුණු අවුස්සන්නෙ නැතුව  🤨

Author -  ok ok කේන්ති ගන්න එපා අපි යනෝ....... 😂😂










                         ඒ නිව්ස් එක දැකපු වෙලේ ඉදලා අපේ කට්ටියගෙ කටේ තියෙන්නෙම ඒ ෆයිට් එක ගැන . ඇගට ටිකක්  අමාරු නිසා මන් කට්ටියට ඔලුව රිදෙනවා කියලා බොරු කියලා රූම් එකට ආවා.මැහුම් දාන්න තරම් තුවාලෙ ලොකු උනත් හොස්පිටල් යන්නවත් ඩොක්ටර් කෙනෙක් ගෙන්නන්න වත් පුලුවන් කමක් අපිට තිබ්බෙ නෑ . ඒ නිසා වූක් ඔප්පා බෙහෙත් දාපු නිසා තුවාලෙ පෑරෙන්නෙ නැති වෙන්න ඇදටම වෙලා ඉදියා .

ටිකකින් යුන්ගි ඔප්පා රිශී එක්ක ජූස් එකකුත් අරන් රූම් එකට ආවා. මන් ඒක බොනකොට එකපාරටම රූම් එකේ දොර හයියෙන් ඇරුණා. අපි තුන් දෙනාම බැලුවේ කවුද ආවෙ කියලා . හැබැයි ඇවිත් හිටපු කෙනා දැක්කම නම් මට තරු පෙනුනා .




















..................................................................





කවුරු වෙන්න පුලුවන්ද ආවෙ 🤔🤔🤔🤔 රිතූ එච්චර බය වෙන්න තරම්  😏


Continue Reading

You'll Also Like

1.2K 346 14
•••මට හැගෙනවා ඒවා මා තුළ වැඩෙනවා.... මේ පිපෙන මල් සියල්ලත් ඔබ වගෙයි සුන්දරයි... මරණීයයි...🌹
31.3K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
37.2K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
816K 49.8K 114
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...