💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 06 🍁💙

469 60 5
By du-mi-001

මට පිටිපස්ස හරෝගෙන ඉදපු නිසා මම එයාලගෙ මූණු දැක්කෙ නෑ . ඒත් ලගට යනකොට ඒ ඉදියේ මධූ යශ් දෙන්න  😍

ඊයෙ කෝල් කලාම ගෙදර නෑ අද හොටෙල් එකට එන්නම් කිව්වට මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට එයි කියලා . කොහොමත්  මේ ඩබල වෙලාවට වැඩ කරන දෙන්නෙක් නෙවෙයිනේ 😄

මන් දුවලා ගිහින් දෙන්න බැක් හග් කලා  🤗 කාලෙකින් මට මගෙ යාලුවො ඔක්කොම හම්බුනේ.

ඒත් කොච්චර සතුටින් ඉදියත් එක පාරටම මගෙ ඔලුවට ආවෙ ඊයෙ රෑ . ඇත්තටම කවුරු වෙන්න ඇත්ද මගෙ මිනිස්සුන්ට ඇටෑක් කලේ 🤔 මට ඒක ලොකු ප්‍රශ්නයක් . මන් තාම රිශීටවත් අනූ අක්කිට වත් කිවුවෙ නෑ මේ ගැන .

බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඉවර වෙලා මන් අනූ අක්කිටයි රිශීටයි එන්න කියලා ගියෙ පූල් එක ලගට. මන් ගිහින් ටික වෙලාවකින් ඒ දෙන්න ආපු නිසා මන් ඊයෙ රෑ වෙච්ච දේ එයාලට කිව්වා . මන් ඒක කියපු ගමන් එතන තිබ්බ පුටුවක් උඩින් ගියා දැක්ක  😳 රිශීට හොදටම කේන්ති ගිහින්  ලග තිබ්බ පුටුව පොලේ ගහලා 🤦

මටත් කේන්ති මේ වැඩේට. ඒත් කලබල වෙලා මේ දේට උත්තර හොයන්න බෑ කියලා මන් දැනන් ඉදියා . ඒ නිසා රිශී කන්ට්‍රෝල් කරලා වට පිට බැලුවේ කවුරුවත් මේක දැක්කද බලන්න . මොකද අපි තුන් දෙනා ඇරෙන්න අනිත් අය මේ කිසිම දෙයක් ගැන දන්නෙ නෑ .

ඒත් මන් වටපිට බලනකොට දැක්කෙ ගාර්ඩ්න් එකේ ඉදන් අර බිස්කට් කොල්ලයි , යුන්ගි ඔප්පයි, හොබී ඔප්පයි  අපි දිහා බලන් ඉන්නවා. මන් ඉතින් යුන්ගි ඔප්පට මොන්ගල් හිනාවක් දාලා අනිත් පැත්ත හැරිලා හොටෙල් එක ඇතුලට ආවා.

මේ වෙන දේවල් එක්ක යුන්ගි ඔප්පා හිතනවා ඇති මට පිස්සු කියලා  🙈  කමක් නෑ ඉතින් මට කොහොමත් පිස්සුනෙ 😂

ටිකක් දවල් වෙනකොට ශේන්ගෙන් මට කෝල් එකක් ආවෙ ගුඩ් නිව්ස් එකකුත් එක්ක. ඒ අපේ කට්ටියට ගහපු කෙනා හොයා ගත්තා කියලා. ඒත් එක්කම මගෙ මූණට හිනාවක් ආවෙ ඒ කවුරු උනත් මගෙ මිනිස්සුන්ට අත තිබ්බට හොද පාඩමක් උගන්නන්න ඕනි නිසා ☺️☺️☺️☺️☺️ ඒ නිසා හවසට එයාලට ලෑස්ති වෙලා ඉන්න කිවුවෙ මන් හවසට එනවා කියලා.

හොටෙල් එකටම වෙලා ඉදලා කම්මැලි කියලා ඔප්පලා කොහෙ හරි ඇවිදින්න යන්න ඕනි කිව්ව නිසා අපි කට්ටිත් එයාල එක්ක ටිකක් ඇවිදින්න ගියා. ගොඩක් ඈතට නොයා හොටෙල් එක කිට්ටුවම කට්ටිය ටිකක් ඇවිදලා ආයි හොටෙල් එකට ආවා. මේ දවස් දෙකට ඔප්පලා අපිත් එක්ක ගොඩක් ෆිට් උනා .

කොච්චර හිනා වෙලා සතුටින් ඉන්න හැදුවත් ඔලුවට එන්නෙම අද රෑට ශේන් හම්බෙන්න යන එක. ඒ කෙනා ඇත්තටම කවුරු වෙන්න පුළුවන්ද  🤔 ශේන් හොයා ගත්තා කිව්වත් හවසට ඇවිත් බලනකම් කියන්න එපා කිව්වෙ ඒ කෙනා කවුද කියලා ගිහින්ම බලන්න ඕනි නිසා  .

.
.
.

Time past at night

අපි ඇවිදින්න ගිහින් ඉදපු වෙලේ මගෙ බයික් එක ශේන් හොටෙල් එකට එවලා තිබ්බා . කට්ටිය එක්ක ඩිනර් එකත් අරන්  08. 30 විතර වෙනකොට මම ලෑස්ති වෙලා රිශීගෙ රූම් එකට ලගට ආවෙ ඒකිත් මන් එක්ක යන්න ඕනි කියපු නිසා . අනූ අක්කි එන්න හදලා ආයි නැවතුනේ අපේ අනිත් තුන් දෙනාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන නිසා .

මන් රිශීගෙ රූම් එක ඉස්සරහ බිත්තියට කකුලකුත් තියන් හේත්තු  වෙලා මගෙ කොයින් එක කරකව කරකව ඉද්දි මන් දැක්ක අර අහන්කාර බිස්කට බෝයි රූම් එකෙන් එලියට එනවා. මන් දිහාත් බලලා එයා පහලට ගියා .

ටිකකින් රිශී ආපු නිසා අපි දෙන්නම යන්න කියලා පහලට ආවත් ඔක්කොම කට්ටියට පහලට වෙලා බලන් ඉන්නවා  😳 දැන් ඉතින් මෙයාල අහන ඒවට උත්තර දෙන්නත් වෙනවනෙ 😒😒😒

අඛී : කොහෙද රිතූ යන්නෙ දෙන්න .

යශ් : ඒකනෙ බන් . උබලා දෙන්නම කලු පාට ඇදගෙන හොරකමක්වත් කරන්න යනවද 😳

🌹 පිස්සුද බන් . අපි දෙන්න මේ යාලුවෙක් හම්බෙන්න යන්නෙ  😁 අනික කලු ඇදන් යන්නෙ හොරකම් කරන්න විතරද 😒

අඛී : දැන් අපි නොදන්න උබ තනියම හම්බෙන යාලුවා කවුද මේ රෑ  😒

🌻 මේ මේ එයා මේ. ශේන්  😁 ශේන් හම්බෙන්න අපි යන්නෙ. ගොඩ කාලෙකින් යන්න බැරි උනානෙ  🤗

යශ් : ඉතින් බන් කලින් කිව්ව නම් අපිත් එනවනෙ.

🌹 හරි හරි ඉතින් . අපි කට්ටියම දවසක යන්කො. දැන් අපි දෙන්න ගිහින් එන්නම් .

👩 හරි හරි ඔයාල දෙන්න දැන් යන්නකො. පරිස්සමින් ගිහින් එන්න හොදේ .

අඛී : ඒත් අක්කේ අපි ...

👩😡😡😡😡 මන් කිව්වනෙ දැන් ....

අම්මෝ වෙලාවට අනූ අක්කි බේර ගත්තෙ. කොහොමත් අපේ අය අනූ අක්කි කියන ඒවට පිටින් යන්නෙ නෑ . එයා ගොඩක් අහින්සක උනාට කේන්ති ගියොත් කොහොමද කියලා අපි ඔක්කොම දන්නවා.  නැත්තං මෙයාලගෙන් බේරෙන එක ලේසි වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් 😂 ඔප්පලා ටික කටවල් ඇරන් බලන් ඉන්නවා. මොකද අපි කියන කිසි දෙයක් එයාලට තේරෙන්නේ නෑනෙ  🤦

අපි දෙන්න එලියට ඇවිත් බයික් දෙක ලගට ගියාම රිශී  වට පිට බලලා ඒකිගෙ ඉනේ තිබ්බ ගන් දෙකෙන් එකක් මට දුන්න.මන් ඒකත් ඉනේ ගහ ගත්තෙ හදිස්සියෙ වත් ඕනි උනොත් කියලා . රිශී නම් කොහොමත් මේ වගේ ගමන්  යනකොට ගන් එක අරන් ගියත් මන් අරන් යන්නෙ කිනිස්ස. මොකද මන් හැම වැඩකටම යන්නෙ නෑ .

බයික් එකට නගින්න හදනකොටම මන් දැක්කෙ අපි දිහා බලන් ඉන්න යුන්ගි ඔප්පා . 😳 එයා ගන් එක දැක්කද දන්නෑ  😥 දැන් ඉතින් දැක්කත් මොනා කරන්නද. මේ මෝඩිත් ඒක රූම් එකේදී දෙන්නෙ නැතුව  මෙතනම දුන්නනෙ 😒

මේ දවස් දෙකට මන් දැන ගත්තා යුන්ගි ඔප්පා කාටවත් කිසිම දෙයක් කියන කෙනෙක් නෙවෙයි කියලා . එයා හරිම නිහඩ චරිතයක් 🤗 ඕනිම රහසක් කියන්න පුලුවන් විශ්වාසවන්ත කෙනෙක් . ඒත් මේ දැක්ක දේ එයා මොන විදිහට තේරුම් ගනීද 😥😥😥😥😥😥

කමක් නෑ එයා දැන් මන් ගැන ගොඩක් දුරට දන්න නිසා ඇවිල්ලම දැනගන්නවා එයා දැක්කද කියලා . දැක්කත් ඉතින් දැන් කරන්න දෙයක් නෑනෙ 😒😒😒😒

පැයකට විතර පස්සේ අපි දෙන්න ශේන් කියපු තැනට ආවා. ඒ ඊයෙ රෑ මම ආපු බිල්ඩින් එකමයි. ඇතුලට යනකොට තාමත් අර පස් දෙනා අත් කකුල් එල්ලගෙන ඉන්නවා . ඒ අය දැකලා රිශීට අර මිනිහා මරන්න තරම් කේන්ති ගිහින් . ඊට වඩා ඒකිට දුකයි . මොකද මටත් වඩා මේ මිනිස්සු එක්ක වැඩ කලේ රිශී . එයාලව  රිශී ආශ්‍රය කලේ යාලුවො වගේ .

🌻 ශේනා කවුද මේක කරලා තියෙන්නේ  😡 ඒ කවුද කියලා හොයා ගත්තද .

🌹  කවුද ශේන් ඒ. ඇයි මෙයාලට ගහලා තියෙන්නේ . මොකක්ද හේතුව . මෙහෙම අපේ අයට ගහන්න තරම් කවුද ඒ 😒

💙 අපි හොදට දන්න කෙනෙක් තමයි බන් මේක කරලා තියෙන්නේ . හැබැයි හේතුව තාම දන්නෑ

🌹 අපි දාන්න කෙනෙක්  🤔 කවුද ඒ .

💙 මේ එයා මේ 

🌻 තටමන්නෙ නැතුව කවුද මේක කලේ කියනවද 😡

💙 රිශාන් සමරනායක

🌻🌹 😳😳😳😳 මොකක්. රිශාන්.

මොකක් රිශාන්  😳 ඒක කොහොමද වෙන්නෙ . එයා ඇයි . කොහොමද මෙහෙම උනේ . ඒ කියන්නෙ එයා දැනගෙනද් මේවා කරන්නෙ මම  කියලා .නෑ එහෙම වෙන්න බෑ  😥 එහෙම උනොත් මගෙ ප්ලැන් හැම එකක්ම වතුරෙ යනවා. නෑ එහෙම කොහොමවත් වෙන්න බෑ .

💙 ඔව් ඒ රිශාන් තමයි . ඒත් එයා ඇයි මෙහෙම කරන්නෙ කියලා තාම දන්නෙ නෑ . හැබැයි මන් හිතෙන්නේ නෑ එයා දන්නවා කියලා මේ පිටිපස්සෙ අපි ඉන්නවා කියලා 

🌻 ඔව් එහෙම නම් හොදයි .ඒත් ඇයි අපේ අයට ගැහුවෙ .

💙 එයාලව හම්බෙලාම තමා ඒක දැනගන්න වෙන්නෙ . කොහොමත් මේ මගෙ මිනිස්සු කියලා රිශාන් දන්නවා . ඒ නිසා මට ගිහින් අහන්න පුලුවන් ඇයි ගැහුවෙ කියලා . රිශී උබත් එනවද.

🌻 හරි මාත් එන්නම්. කොහොමත් මට මතකයි මන් මෙයාල එක්ක ඉන්නකොට දෙපාරක් විතර රිශාන් හම්බුනා . ඉතින් මේ මගෙත් යාලුවො කියලා ඌ දන්නවා .

💙 හරි එහෙනම් අපි යමු . රිතූ අපි ගිහින් එනකම් ඔයා මෙතන ඉන්න . අපි ඉක්මනට එන්නම්.

🌹 නෑ. මාත් එනවා යන්න. මටත් දැනගන්න ඕනි මේකට හේතුව .

🌻 ඒත් රිතූ අපි රිශාන් හම්බෙන්න යන්නෙ . උබ එන්න ඕනි නෑ . නැත්තං ආයි වෙන්නෙ උබේ හිත රිදෙන එක .

🌹 නෑ . කමක්  නෑ . මන් එනවා. එයාලට පෙන්නන්න ඕනි ඉස්සර ඉදපු අහින්සක රිතූ දැන් නෑ කියලා . එයාල නිසා වෙනස් උන රිතූව පෙන්නන්න ඕනි .

මන් එහෙම කිව්වත් ආයි ඒ පරණ  අතීතෙට යන්න මට ඕනි උනේ නෑ . ඒත් රිශාන්ලා දැන ගන්න ඕනි කලින් ඉදපු රිතූ දැන් නෑ කියලා  😒 රිශී ශේන් දෙන්න එපා කිව්වත් මන් එන්නම් කිව්වෙ මටත් මේකට හේතුව හොයා ගන්න ඕනි නිසා 😔

බයික් එකේ යන්නෙ නැතුව අපි තුන් දෙනා ශේන්ගෙ කාර් එකේ රිශාන් මීට් වෙන්න ගියා. කාර්
එකේ සීට් එකට ඔලුව තියන් ඇස් වහ ගත්තෙ පරන අතීතෙ ආයි ඇස් ඉස්සරහ මැවිල පෙනෙද්දි.










මගෙ අම්මි. මන් කතා කරන්න අකමැතිම මාතෘකාව. මන් ඉපදිලා මාස ගානකින් මගෙ අම්මි මාවයි අයියලා තුන් දෙනයි තාත්ති දාලා වෙන කෙනෙක් ලගට ගිහින් . එතකොට මගෙ චූටි අයියටයි පොඩි අයියටයි අවුරුදු හතරක් විතර ඇති . ලොකු අයියට  අවුරුදු හතක් අටක් ඇති .

ඒ කාලෙ තාත්තිගෙ බිස්නස් ගොඩක් දියුණු නැති නිසා අම්මි තාත්ති අපියි ඇතෑරලා සල්ලි බලය තියෙන  වෙන කෙනෙක් ලගට ගිහින් . ඒ කෙනත් ඊට කලින් මැරි කරලා ඉදපු කෙනෙක් . එයාටත් පුතාලා දෙනෙක් ඉන්නවා . එයාගෙ පොඩි පුතාට අවුරුද්දක්  විතර ඇතිලු අම්මි අපි දාලා එයාල ලගට යනකොට. මෙච්චර පුංචි අපිව දාලා අම්මි ගිහින් වෙන ළමයින්ට අම්මා උනා 😔😔😔

ඒත් තාත්ති කවදාවත් අපිට අම්මි නැති අඩුව දැනෙන්න දුන්නෙ නෑ. අම්මිගෙ අඩුව පුරවන්න වෙන කෙනෙක් ගෙනාවෙත් නෑ . මොකද තාත්ති බය උනා  අලුතින් ගේන අම්මා අපිට වෙනස්කම් කරයි කියලා . ඒ වගේම අම්මි නිසා තාත්තිට ආයි වෙන කෙනෙක් ගැන හිතන්න පුලුවන් කමක් තිබිලා නෑ.අම්මි ඒ තරම් තාත්තිට කරදර කරලා. හැම වෙලේම තාත්තිගෙ බිස්නස් වට්ටන්න තාත්තිව මානසිකව වට්ටලා.

ලොකු අයියා ඒ වෙනකොටත් අම්ම ගැන දැනගෙන ඉදලා තිබ්බත් චූටි අයියටයි පොඩි අයියටයි  අම්මි නැති අඩුව දරා ගන්න බැරි වෙලා . මොකද එයාල අවුරුදු හතරක පුංචි ළමයි ඒ වෙනකොට. මන් එතකොට ගොඩක් චූටි නිසා මට ඒ ගැන තේරුමක් තිබිලා නෑ .

ටික කාලයක් යනකොට තාත්තිගෙ බිස්නස් දියුණු වෙලා තාත්ති රටේ නමක් දිනා ගන්නකොට අම්මිට ඒක බලන් ඉන්න බැරි උනා . ඒ නිසා එයා නිතරම ඇවිත් අපිට කරදර කලා. ඒකට ප්‍රධානම හේතුව එයාගෙ හස්බන්ඩ්ට තියෙන තැන තාත්ති ගනී කියලා තිබ්බ බය. අම්මි නිතරම ඇවිත් අයියලට කරදර කලා. ඒත් මට අම්මි ගැන මතකයක් තිබ්බෙ නැති නිසා අයියලා කියනකොට තමයි මම අම්මි ගැන දැනගත්තෙ.

ඒත් කොච්චර අම්මි කරදර කලත් චූටි අයියටයි පොඩි අයියටයි ඕනි උනේ අම්මිව. මොකද එයාල අම්මිට ගොඩක් ආදරේ කලා. ඒත් ලොකු අයියා අම්මි ගැන දැනගෙන ඉදපු නිසා එයා හැම වෙලේම අපි තුන් දෙනා අම්මිගෙන් ඈත් කරලා තිබ්බා.

ඒත් මම අට වසරෙ ඉද්දි දවසක් අම්මි ස්කූල් එකට ආවා. ඒ ආවෙ එයාගෙ පොඩි පුතා අපේ ඉස්කෝලෙට බාර දෙන්න . එයා  නවය වසරට බාර දීලා අම්මි ගියා . ස්කූල් ඇරුනට පස්සේ මම ශේන් රිශී එක්ක ගේට් එක ලගට ගියෙ චූටි අයියයි පොඩි අයියයි මාව ගන්න එන නිසා. මේ කාලෙ වෙනකොට ලොකු අයියා මෙඩිකල් කොලේජ් එකේ ඉදපු නිසාත් අනිත් දෙන්න O/L  රිසාල්ට් එනකම් ගෙදර ඉදපු නිසා ඩ්‍රයිවර් අන්කල් වෙනුවට ඒ දෙන්න හැමදාම මාව ගන්න ස්කූල් එක ලගට ආවා.

මම ගේට් එක ලග ඉන්නකොට අම්මි ආවා එයා උදේ ගෙනත් දාපු බෝයි ගන්න. මන් ඒ පැත්ත බලන් ඉදියේ අම්මි එයාට කොච්චර ආදරේද කියලා හිතන ගමන්. ඒ එක්කම අයියලා දෙන්න කාර් එකෙන් බැහැලා මන් ඉන්න තැනට ආවා. එයාලත් අම්මි දැක්ක . චූටි අයියායි පොඩි අයියයි අම්මි ලගට ගියෙ මාත් එක්කමයි. අපි පස්සෙන් ශේන් රිශී දෙන්නත් ආවා.

ඒත් එක්කම චූටි අයියා අම්මි කියලා අම්මිව හග් කලාම අම්මි චූටි අයියා අහක් කරලා එයාගෙ කම්මුලට ගැහුව . පොඩි අයිය අල්ලගෙන ඉදපු මගෙ අතත් ඇතෑරලා ඉක්මනට චූටි අයියා ලගට ගියෙ ඇස් වල කදුලු පුරවන්.

" කවුද තමුන්ලගෙ අම්මි. ඇයි මට අම්මි කියන්නෙ. ඔයාල මගෙ කවුරුවත් නෙවෙයි . මේ ඉන්නෙ මගෙ පුතා . ඒ නිසා ආයි අම්මි අම්මි ගගා මගෙ ඇගේ එල්ලෙන්න එන්න එපා "

අම්මි එහෙම කියනකොට චූටි අයියා කම්මුලත් අල්ලගෙන ගොඩක් ඇඩුවා  😥 පොඩි අයියත් හොරෙන් කදුලු පිහදානවා දැක්ක . ඇයි අම්මි එහෙම කියන්නෙ. එයාගෙ ඇස් වල තිබ්බෙ අපි ගැන කේන්තියක් විතරයි .

" ඒත් ඇයි අම්මි ඔයා එහෙම කියන්නෙ . ඔයානේ අපේ අම්මා. ඇයි ඔයා අපිව දාලා ගියෙ . ඔයා අපිට ආදරේ නැද්ද  😥 අපි ඉස්සර කොච්චර සතුටින් ඉදියද "

පොඩි අයියා කදුලු පුරෝගෙන අම්මිගෙන් එහෙම අහනකොට මගෙත් ඇස් වලට කදුලු ආවා.

" තමුන්ල වගේ හිගන්නො එක්ක ඉන්න මට ඕනි නෑ. මන් දැන් කොච්චර සතුටින් ඉන්නවද. හිගන පැටව් 😒 ඒ වගේම තමුන්ල මගෙ ළමයි නෙවෙයි . ඒ නිසා ආයි මට අම්මා ගාගෙන එන්න එපා 😡 මේ ඉන්නෙ මගෙ පුතා. ඒ වගේම ආයි මට පේන්න එන්නත් එපා තමුන්ල "

අම්මි ඇගිල්ලකුත් දික් කරලා එහෙම කියලා එයාගෙ පුතා එක්ක යන්න ගියා. අම්මි ගිය ගමන් චූටි අයියා එහෙමම බිම ඉදගෙන අඩන්න ගත්තා 😭 පොඩි අයියත් අම්මි ගිය දිහා ගොඩක් වෙලා බලන් ඉදලා චූටි අයියා නැගිට්ටවන්න හැදුවත් බැරි උනා. පස්සේ ශේන්වත් අඩගහගෙන පොඩි අයිය  චූටි අයියව කාර් එකට දා ගත්තා .

රිශී ශේන් දෙන්නටත් වෙච්ච කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා පොඩි අයියා එයාලවත් ගෙවල් ලගින් දාලා ගෙදර ආවා. ගෙදර තාත්ති ලොකූ අයියයි ඉදපු නැති නිසා අපි කාමර වලට ගියා . ටිකකින් වොශ් එකකුත් දාන් මන් අයියලගෙ කාමරේට ගියාම චූටි අයියා තාමත් කම්මුලට අත තියාන අඩනවා.

එතකොටම පොඩි අයියා වොශ් එකක් දාන් වොශ් රූම් එකෙන් එලියට ආව. අපි දෙන්න කොච්චර කිව්වත් පොඩි අයියට අඩන්න එපා කියලා එයා අඩන එක නවත්තන්න අපිට බැරි උනා.

සෙල්ලම් කරද්දි රන්ඩු උනත් ගහ ගත්තත් අපේ ගෙදර කවුරුවත් චූටි අයියට අඩන්න දීලා නෑ . එයා ඒ තරම් හුරතල් විදිහට ගෙදර ඉදියේ .  ඒත් චූටි අයියා අද හොදටම අඩනවා 😭😭😭  පොඩි අයියයි මායි කොහොම හරි චූටි අයියා අඩන එක නවත්ත ගත්තත් එයා එකම දිහාවක් බලන් කල්පනා කරන්න පටන් ගත්තා .

චූටි අයියා දැන් අඩන්නෙ නැති නිසා පොඩි අයියයි මායි පහලට ආවෙ සොෆියා අම්මා තේ බොන්න කතා කරපු නිසා . අපි දෙන්න තේ දෙකත් අරන් ගාර්ඩ්න් එකට ගියෙ සොෆියා අම්මට චූටි අයියට තව ටිකකින් තේ දෙන්න කියලා.

ගාර්ඩ්න් එකට ආව ගමන් පොඩි අයියා අඩන්න පටන් ගත්තා. චූටි අයියා ලග  කොච්චර කදුලු  පාලනේ කරන් ඉදියත් තව දුරටත් පොඩි අයියට එයාගෙ කදුලු පාලනේ කරගන්න බැරි උනා 😔😔😔

ඒ වෙලාව අම්මි එක්ක මට ගොඩක් කේන්ති ආවා. කවදාවත් අඩන්නෙ නැති පොඩි අයියා අඩනවා. මගෙ අයියා උනත් මුලු පවුලෙම හුරතලේ පොඩි එකා වෙගේ  ඉන්න චූටි අයියා බලාගත්ත අත බලන් ඉන්නවා. මට තවත් මේවා බලන් ඉන්න බැරි උනා 😔😔😔  ඇයි අම්මි මෙහෙම කරන්නෙ .

මන් පොඩි අයියා බදා ගත්තෙ එයා තව හයියෙන් අඩද්දි 😭 මටත් ඇඩුනා එයා එහෙම අඩනකොට. දැන් නම් මට අම්මි ගැන ගොඩක් කේන්ති  😡😡 පොඩි අයියා ටිකකින් අඩන එක නැවැත්තුවා . එයා කිව්වා ආයි කවදාවත් එයා අපේ අම්මා නෙවෙයි කියලා . ඒ වගේම මේ ලෝකෙ එයා වැඩියෙන්ම වයිර කරන කෙනත් අම්මි කියලා .

අපි දෙන්න ටිකක් ගාර්ඩ්න් එකට වෙලා ඉදලා තේ දෙකත් බීලා ගෙට යන්න හදනකොට එකපාරටම සොෆියා අම්මා කෑවා ගැහුව. මායි පොඩි අයියයි ඉක්මනට ගෙට ගියෙ ඒ මොකද බලන්න  .

සොෆියා අම්මා තාමත්  කෑ ගහනවා. ඒ සද්දෙ චූටි අයියා ඉදපු රූම් එකෙන් ආපු නිසා අපි දෙන්න ඉක්මනට ඒ රූම් එකට ගියා . අපි යනකොට  😳😳😳😳😳

..................................................................

මන් අතීත මතක අස්සෙ ඉද්දි ශේන් රිශාන් ඉන්න තැනට ඇවිත් තිබ්බ. රිශී කතා කලාම මන් ඉක්මනට මගෙ ඇස් වල තිබ්බ කදුලු බින්දු දෙක පිහදාගත්තත් ඒ වෙනකොටත් රිශී ශේන් ඒක දැකලා ඉවරයි  😥

💙 දැන් පරන දේවල් මතක් කරන්න එපා රිතූ . ඒවෑන් වෙන්නෙ ආයි අපේ හිත් රිදෙන එක විතරයි  😔 

🌻 ඔව් රිතූ . ඒවා ගැන දැන් හිතන්න එපා . ඉස්සර ඉදපු දුර්වල කෙල්ල නෙවෙයිනේ දැන් ඉන්නෙ .

🌹 හ්ම්ම්ම්ම් ......... ඒක ඇත්ත . අපි යමු දැන් . මේවට හේතුව ඉක්මනට දැනගන්න ඕනි .

අපි තුන් දෙනා කාර් එකත් පාර්ක් කරලා රිශාන් ඉන්න කැෆේ එකට ගියා . අපි ඇතුලට යනකොට ..........










..................................................................

ඔන්න අතීත කතාව ඇතුලෙ තව කතාවක් තියෙනවා 😁😁😁 චූටි අයියට මොනා වෙන්න ඇත්ද ළමයි . ඇයි සොෆියා අම්මා කෑ ගැහුවෙ .

කට්ටිය රිශාන් ලගට යනකොට මොනාද දකින්න ඇත්තෙ. ඇයි රිශාන් රිතූලගෙ මිනිස්සුන්ට ගැහුවෙ .

ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද . ඉක්මනට චූටි අයියට මොකක්ද උනේ කියලා කියන්නම් අම්මි හෙන නපුරුයි නේද  😒 මේ කොටස නම් බෝරින්ග් ඇති නේද  😔😔😔😔


බිස්කට් බෝයි  😍😍😍

Continue Reading

You'll Also Like

5.5K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
Fake Love By :)

Fanfiction

150K 3.5K 50
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
31.3K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
3.3K 739 17
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා