BLACK MASK ON GOING

By PeshalaNilanjani

21.8K 3.4K 780

MISHEL YOU ARE MINE. ONLY MINE !! - JUNGKOOK - START... More

πŸ–€ 01 πŸ–€
πŸ–€ 02 πŸ–€
πŸ–€ 03 πŸ–€
πŸ–€ 04 πŸ–€
πŸ–€ 05 πŸ–€
πŸ–€ 06 πŸ–€
πŸ–€ 07 πŸ–€
πŸ–€ 08 πŸ–€
πŸ–€ 09 πŸ–€
πŸ–€ 10 πŸ–€
πŸ–€ 11 πŸ–€
πŸ–€ 13 πŸ–€
πŸ–€ 14 πŸ–€
πŸ–€ 15 πŸ–€
πŸ–€ 16 πŸ–€
πŸ–€ 17 πŸ–€
πŸ–€ 18 πŸ–€
πŸ–€ 19 πŸ–€
πŸ–€ 20 πŸ–€
πŸ–€ 21 πŸ–€
πŸ–€ 22 πŸ–€
πŸ–€ 23 πŸ–€
πŸ–€ 24 πŸ–€
πŸ–€ 25 πŸ–€
πŸ–€ 26 πŸ–€
πŸ–€ 27 πŸ–€
πŸ–€ 28 πŸ–€
πŸ–€ 29 πŸ–€
πŸ–€ 30 πŸ–€
πŸ–€ 31 πŸ–€
πŸ–€ 32 πŸ–€
πŸ–€ 33 πŸ–€
πŸ–€ 34 πŸ–€
πŸ–€ 35 πŸ–€
πŸ–€ 36 πŸ–€
πŸ–€ 37 πŸ–€
πŸ–€ 38 πŸ–€
πŸ–€ 39 πŸ–€
πŸ–€ 40 πŸ–€
πŸ–€ 41 πŸ–€
πŸ–€ 42 πŸ–€
πŸ–€ 43 πŸ–€
πŸ–€ 44 πŸ–€
πŸ–€ 45 πŸ–€
πŸ–€ 46 πŸ–€
πŸ–€ 47 πŸ–€
πŸ–€ 48 πŸ–€
πŸ–€ 49 πŸ–€
πŸ–€ 50 πŸ–€
πŸ–€ 51 πŸ–€
πŸ–€ 52 πŸ–€
πŸ–€ 53 πŸ–€
πŸ–€ 54 πŸ–€
πŸ–€ 55 πŸ–€
πŸ–€ 56 πŸ–€
πŸ–€ 57 πŸ–€
πŸ–€ 58 πŸ–€
πŸ–€ 59 πŸ–€
πŸ–€ 60 πŸ–€
πŸ–€ 61 πŸ–€
πŸ–€ 62 πŸ–€
πŸ–€ 63 πŸ–€
πŸ–€ 64 πŸ–€
πŸ–€ 65 πŸ–€
πŸ–€ 66 πŸ–€
πŸ–€ 67 πŸ–€
πŸ–€ 68 πŸ–€
πŸ–€ 69 πŸ–€
πŸ–€ 70 πŸ–€
πŸ–€ 71 πŸ–€
πŸ–€ 72 πŸ–€
πŸ–€ 73 πŸ–€
πŸ–€ 74 πŸ–€
πŸ–€ 75 πŸ–€
πŸ–€ 76 πŸ–€
πŸ–€ 77 πŸ–€
πŸ–€78 πŸ–€
πŸ–€79πŸ–€
πŸ–€ 80 πŸ–€

πŸ–€ 12 πŸ–€

228 40 4
By PeshalaNilanjani


වෙනදා වගේම මිෂෙල් යුනි ඉවර වෙලා ටේහියුන් එක්ක ගෙදරට ගොඩ වුණේ සින්දුවකුත් මුමුණන ගමන්මයි. සිංදුව මුමුණ මුමුණ ගෙට ඇතුලු වුණ මිෂෙල් දොර ගාවම නැවතුණේ එයා කියටවත් මේ මොහොතේ බලාපොරොත්තු නොවුණ කෙනෙක් සොෆාව මත ඉඳගෙන සිටි නිසයි.

ඒ වෙන කවුරුත් නෙමෙ ලීජන්ග්.

ලීජන්ග් සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවලට ගෙදර නොයෙන නිසයි මිෂෙල් ලීජන්ග්ව දැකලා පුදුම වුණේ.  ලීජන්ග් ගොඩක් වෙලාවලට කාලය ගත කරේ තමන්ගෙ කාර්යාලයේ. ඒකට ලොකුම හේතුව වුණේ මිෂෙල්ව මගහරින්න තිබ්බ ඕනකම. මොකද ලීජන්ගෙ හිතේ තදින්ම කා වැදිලා තිබ්බ දෙයක් තමයි එයා නිසා මිෂෙල්ට කරදරයක් වෙයි කියන එක. හරියට නිකන් මීට අවුරුදු ගාණකට කලින් තමන්ගෙ බිරිඳ තම ඇස් ඉදිරිපිටම මේ ලොව දාලා ගියා වගෙ.

තම පියාගෙ පැමිණිම පුදුම සහගත වුවත් කිසිවක් කතා නොකිරීමට උනන්දු වුනෙ නැති මිෂෙල් පඩි නගින්න පටන් ගත්තෙ තමා දැන් ලීජන්ග් එක්ක කතා කරොත් ඔහුට බාධාවක් වෙයි කියලා හිතලා. මොකද ලීජන්ග් හිටියෙ සඟරාවක් කියවමින්. 

ඔහොම නවතින්න මිෂෙල්.

පිටුපසින් ඇහුණ ගැඹුරු හඬට අවනත වුණ මිෂෙල් පිටුපස හැරි ලීජන්ග් දෙස බැලුවේ ඇයි කියලා අහන්න වගේ.

මෙතනින් ඉඳ ගන්න. මට කියන්න දෙයක් තියෙනවා. 

තමා හිඳ සිටි පුටුවට ඉදිරියෙන් තිබෙන පුටුව පෙන්නන ගමන් ලීජන්ග් කියනකොට මිෂෙල් කරෙ කරේ දමන් සිටි බෑගය අතට ගන්න ගමන් ලීජන්ග් වෙතට ඇවිදගෙන ගිය එක.

බෑගය ගලවා පැත්තකින් තිබු මිෂෙල් ලීජන්ග් දෙස බැලු විට ලීජන්ග් අතෙ තිබු සඟරාව පැත්තකින් තබා මිෂෙල් දෙසට නැඹුරු වුණා.

ම්ම්ම් මට කියන්න ඕන වුණේ හරියටම තව සතියකින් ඔයාගෙ මැරේජ් එක වෙනවා කියන්න. 

එක පාට්ට ලීජන්ග් එහෙම කියනකොට කලබල වුණ මිෂෙල්ගෙ කටින් වචන පිටවුනෙ නැති තරම්. මොකද කෙල්ල හිටියෙ ඒ තරමටම ශෝක් වෙලා.

තමන්ගෙ මැරේජ් එක. ඒකත් තව සතියකින්?

අප්පා.

ඔව් මිෂෙල් තව සතියකින් ඔයාගෙ වෙඩින් එක. ඒකට ලැස්ති වෙන්න.

Are you kidding me appa ? මොන වෙඩින් එකක් ගැනද කියවන්නේ.

ලීජන්ගෙ වචන මිෂෙල්ට නොතේරුන නිසා එසේ ඇහුවත් ලීජන්ග් කරේ මුකුත් නොකියා පැත්තකින් තැබු සඟරාව නැවත අත් අතර හිර කර ගත්ත එක.

අප්පා! මට උත්තර දෙන්න මොන වෙඩින් එක ගැන ද කියන්නේ ඔයා?.

ඔයාගෙ වෙඩින් එක ගැන මිෂෙල් මන් කතා කරන්නෙ.

වට්? මගේ ?

ඔව් ඔයාගෙ. මන් ඔයාගෙ අනාගතේ ගැන හිතලා තමා මේ තිරණේ ගත්තෙ මිෂෙල්. 

පැළඳ සිටි උපැස් යුගලය ගලවන ගමන් ලීජන්ග් කියනකොට මිෂෙල් කරේ සමච්චලේට හිනාවුණ එක.

You are crazy! මට ඕන වෙඩින් එකක් නෑ අප්පා. අනික මට තාම අවුරුදු 20 යි. මන් තාම යුනි ගිහින් ඉවරත් නෑ අප්පා. ඔයා මොනාද මේ කරන්න හදන්නෙ?.

මන් එක පාරක් කිව්වා මිෂෙල් ඔයා මෙකට කැමති වුණත් අකමැති වුණත් මේක තමා මගේ අන්තිම තිරණේ. !!!

හඩ ගැඹුරු කර ලීජන්ග් කතා කරණකොට මිෂෙල්ගේ ඇස් වලට කඳුලු ඉනුවේ මොන දේ තමන්ට දරා ගන්න පුළුවන් වුණත් තමන්ගෙ අප්පගේ ගැඹුරු හඬට මිෂෙල් දරා ගන්න බැරි වුණ නිසා. 

අප්පා ඔයා කොහොමද මේ වගේ තීරණයක් ගන්නෙ. අනික කවුද මන් මැරි කරන්නේ.?

ඇස්වල පොරකන කඳුලු වලට පිටතට එන්න නොදි මිෂෙල් කතා කරණකොට ලීජන්ග් ඒ දිහා නොබලා ඉන්න වග බලාගත්තා.

මොකද ඒ හිතේ තියන එකම දුර්වලකම මිෂෙල්ගේ කඳුලු.

ජොන් ජන්කුක් ඔයා මැරි කරන්නේ එයාව මිෂෙල්.

ම්. මොකක් අර මාව බේර ගත්ත කෙනා.

ඔව්.

ඒත් අප්පා එයා මට වඩා ගොඩක් වැඩිමල්. ප්ලිස් අප්පා ඔයා මේක නවත්තන්න. 

පාලනයකින් තොරව මිෂෙල්ගේ කඳුලු කම්බුල් දිගේ ගලන් යන්න පටන් ගත්තෙ ලීජන්ග් ඒ දිහා බලන් ඉද්දී. කෙල්ලගේ කඳුලු ඉදිරියේදි ඒ හිත දුකින් කෑ ගැහුවත් තමන් අද මේ දේ ඉවසන් නොහිටියොත් පසුව පසුතැවෙන්න වෙයි කියලා ලීජන්ග් හොඳාකාරවම දැන ගෙන හිටියා. 

අවුරුදු 35 ක් කියන්නේ මහා ලොකු වයසක් නෙමෙ මිෂෙල්. ඔයාගෙ ඔම්මගෙයි මගෙයි වයස් පරතරේ ඊට වඩා වැඩි. 

කෙල්ලගේ කඳුලු ගැන තැකීමක් නොකරපු ලීජන්ග් එහෙම කියනකොට මෙච්චර වෙලා කෙල්ලගෙ හිතේ තිබ්බ දුක යටපත් වෙලා කේන්තිය පිට පැන්නෙ තමන්ගෙ ඔම්මාව මතක් කර නිසයි.

ඔයා. ඔයා මන් ගැන මොනාද අප්පා හිතන ඉන්නෙ!!!! මන් බෝනික්කෙක් කියලා හිතුවද අප්පා ? ඔයා කියන කියන එක කරන්න. මාත් මනුස්සයෙක් !  මුලින් ගෙ ඇතුලේ හිරකාරියක් වගේ හිරකරන් ඉදලා දැන් කියනවා තව සතියකින් මගේ වෙඩින් එකලු. ඔයා පොඩ්ඩක්වත් මට ආදරේ කරේ නැද්ද අප්පා? ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි? ඇයි ඇයි?????  ඔම්මා හිටියනම් මට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ!

ඉදන් හිටිය තැනින් නැගිටලා කෙල්ල කෑ ගහලා කිව්වත් ලීජන්ග් හිටියෙ හරියට මිෂෙල් කියන දේවල් නැහුන ගාණට. ලීජන්ගේ හැසිරීමට තවත් තරහා ගිය මිෂෙල් පැත්තක තිබ්බ බෑග් එක අතට ගත්තෙ ලීජන්ග් දිහා කේන්තියෙන් බලාගෙන.

අයි හේට් යූ අප්පා!! අයි හේට් යූ!!!

එහෙම මිශෙල් ලීජන්ගේ මුණටම කියලා වේගෙන් වේගෙන් පඩි නැග්ගෙ තරහට අඩි පොළොවේ ගහන ගමන්.

පඩි නගින කෙල්ල දිහා ඔලුව උස්සලා බලපු නැති ලීජන්ග් වේගෙන් වැහුන මිෂෙල්ගේ රූම් එකේ දොර දිහා බැලුවේ හැඟීම රහිතව.

මියානේ මැණික අප්පට වෙන කරන්න දෙයක් නෑ. එයාට තමා ඔයාව බලාගන්න පුළුවන්. 

තමන්ටම මුමුණ ගත්ත ලීජන්ග් අතේ තිබු සඟරාව පැත්තකින් තබා ඉදන් සිටි තැනින් නැගිට කිම් නිවසින් පිටව ගියේ හිතේ වේදනාවෙන්.

ලීජන්ගෙ කැබ් රථය පිටව යන හඩ ඇහුණ මිෂෙල් වේගෙන් වැහුව දොරටම පිටුපාලා බිම ඉඳ ගත්තෙ කකුල් අතර මුණ හන්ගගන්න ගමන්.

ඔයා කෝ ඔම්මා? ඇයි ඔම්මා අප්පා මට මෙහෙම සලකන්නෙ ?

කෙල්ල අඩන ගමන් එක අතක් පපුවට තියාගෙන බිත්තියෙ එල්ලා තිබු ඉූන්ජිගේ පිංතූරය දෙස බලා සිටියෙ කිසි දෙයක් කර ගන්න බැරුව අසරණකමින්.

ඇයි ඔම්මා ඔයා මාව දාලා ගියේ? ඇයි ඔයාට බැරි වුණේ මාවත් ඔයා ළඟට ගන්න? මට තවත් මේ ලෝකේ ඉන්න බෑ ඔම්මා! මට බෑ!!!

කෙල්ල අඩ අඩ ඉයින්ජිගේ පිංතූරයේ තම ඇගිලි යැව්වෙ කියා ගන්න බැරි දුකකින්. ඒ එක්කම ගිහින් ඇද උඩ ඉඳ ගත්ත කෙල්ල ඇද පැත්තකට විසික් කරපු බෑග් එක ළඟට ගත්තෙ ඒක ඇතුලේ තිබ්බ ෆෝන් එක අතට ගන්න.

ෆෝන් එක අතට ගත්ත මිෂෙල් උඩින්ම තිබ්බ නමට ටච් කරේ ඇස් වල තියෙන කඳුලු පිහින ගමන්

📞 යොබුසෙයෝ මිෂියා. 

එහා පැත්තෙන් ඇහුණ ජිමින්ගේ කටහඬත් එක්කම මිෂෙල්ට හයියෙන් ඇඩුණේ ජිමින්ව ගොඩක් බය කරන ගමන්.

📞 මිෂියා ආයු ඕකේ? මොකද මැණික මේ අඬන්නේ. 

ජිමින් කතා කරත් කෙල්ල අඩනවා මිස උත්තරයක් නැති නිසාම කොල්ලා තව බය වුණා.

📞 මිෂියා!!! මොකද රත්තරනේ මේ . ඇයි මේ අඬන්නේ? ප්ලිස් මැණික අඬන්නේ නැතුව මාත් එක්ක කතා කරන්න! අංකල් මොනා හරි කිව්වද? අනෙ මිෂියා ප්ලිස් ඔය අඩන එක නවත්තන්න.

📞ජ්. ජිමිනි.

කඳුලු පිහිද ගත්ත කෙල්ල කතා කරණකොට ඒහා පැත්තෙන් කතා කරන ජිමින්ට ඒ වෙලාවෙ තමා හිතට සහනයක් දැනුණේ.

📞 ඔව් මැණික කියන්න මන් අහන් ඉන්නෙ.

📞 ජිමිනි අප්පා.

📞 ඔව් මැණික මොකද වුණේ?

📞 ජිමිනි අප්පා හදන්නෙ මාව බන්දන්න.

📞 ව්.වට්?

කෙල්ලගේ වචන එක්ක කලබල වුණ කොල්ලට කටෙන් වචන පිටවෙන්නේ නැති තරම්.

📞 අනෙ ජිමිනි මට බෑ.මට බෑ මැරි කරන්න. ම.මන් මොකද කරන්නේ කියන්නකෝ ජිමිනි.

📞 ශ්... කුල් මිෂියා. ඔයා ඔහොන්මම ඉන්න මන් ඉක්මනටම එන්නම්.ඕකේ.

📞 අනෙ ජිමිනි---

📞 අහන්න මැණික මන් ඉක්මනටම එන්නම්. එතකන් ඉන්න.

එහෙම කිව්ව කොල්ලා කෝල් එක කට් කරාම කෙල්ල කරේ ෆෝන් එක පපුවට තද කරගෙන ඇඳෙන් ඇල වුණ එක.

_________________________________________

අප්ඩෙට් පරක්කු වුණාට සමාවෙන්න මෝචිස්....

ඔයාලගෙ අදහස් කියන් යමු නේත?

මොකද කියන්නේ අපි මිෂෙල්ව ජන්කුක්ට බන්ඳමුද 🤭😅

සරන්හෙ මගේ මෝචිස්....

Next එක අරන් ඉක්මනටම එන්නම්....

Continue Reading

You'll Also Like

588K 36.8K 73
Β« αž”αž„αžŸαž“αŸ’αž™αžΆ αž”αž„αž˜αž·αž“αž²αž’αŸ’αž“αž€αžŽαžΆαž˜αž€αž’αŸ’αžœαžΎαž’αŸ’αžœαžΈαž˜αž€αž›αžΎαž’αžΌαž“αž”αžΆαž“αž‘αžΎαž™ αž’αžΌαž“αž‚αžΊαž‡αžΆαžšαž”αžŸαŸ‹αž”αž„αž‡αžΆαž”αŸ’αžšαž–αž“αŸ’αž’αžšαž”αžŸαŸ‹αž”αž„αž˜αŸ’αž“αžΆαž€αŸ‹αž‚αžαŸ‹ Kim Taehyung Β» Β« αž˜αž·αž“αžαžΆαž’αŸ’αž“αž€αžŽαžΆαž“αŸ„αŸ‡αž‘αŸαž²αžαŸ‚αž αŸŠαžΆαž“αž”αŸ‰αŸ‡αž–αžΆαž›αŸ‹αž”αŸ’αžšαž–αž“αŸ’αž’αž€αžΌαž“αž™αžΎαž„αžŸαžΌαž˜αŸ’αž”...
7.8K 1K 22
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
293K 50.2K 62
ࢩේ ΰΆ…ΰΆΈΰ·ŠΰΆΈΰ·”.... ࢱා ΰΆ‹ΰΆ±ΰ·ŠΰΆ±ΰ·™ΰΆΊΰ·’ ΰΆšΰ·ΰΆ―ΰ·’ΰΆ½ΰ·’ΰΆšΰ·ŠΰΆšΰ·’ΰΆ»ΰ·šΰΆ±ΰ·Š ❀ (ΰΆ΄ΰΆ»ΰ·’ΰΆ±ΰΆ­ ΰΆ…ΰΆ±ΰ·ŠΰΆ­ΰΆ»ΰ·ŠΰΆœΰΆ­ΰΆΊΰΆšΰ·’...)
621K 59.2K 36
Taekook πŸ’œ ( Own Creation )