එකෙ හිටියෙ පොඩි මාමා... පූස්ගෙ ගෙදර හිටිය. අපේ සෙරමනි එකට ඇවිත් කෑ ගහලා හිටිය මිඩීයා කාරයෝ ඉස්සරහා විශුව අල්ලන් කෑ ගහලා.

"දැන් සතුටුද? මගෙ කෙල්ල මරලා වෙන එකෙක්ව ඇතුලට දාලා උඹලා මෙතන ජොලි කරනවා නේද?"

"පේනවද මූන් පොරවන් ඉන්න ඇත්ත මූණු සල්ලි වලින් යට වෙලා... මගෙ අහිංසක කෙල්ලයි කොල්ලයි පාඩුවේ හිටියා මූ අපේ සුව අරණට එන්න කලින්... මූ ඇවිත් ඔක්කොම විනාශ කරා... මූ මගෙ කෙල්ලවයි, මල්ලිකා වෙද නෝනාවයි මැරුවා. මේ අවිනාශ් කියන එකා ඇතුලේ ඉන්නෙ සතෙක්... එත් ඇතුලෙ ඉන්නෙ සල්ලි වලින් කට වස්සපු පොඩි කොල්ලෙක්. මූන් අපිව විනාශ කරා සහස් පුතේ..." කියලා අඩනවා. අපේ ඩැඩාගෙ බොඩිගාර්ඩ්ලා ඌව එළවන්න බලන බලන පාරට මිඩීයා එකෙන් ඌට ලං වෙනවා. ඩැඩා එතන තිතට හිර වුනා වගෙ. හිගන්නෙක්ගෙ සීන් එකෙන් මිනිහා ආවේ. පිස්සු සීන් එකෙන්. ඕක අනිවා පිස්සු කේස් ගොඩට දාලා ඩැඩා ප්‍රශ්නේ විසදන්න බලයි. ඇත්ත නම්

"මට අමතක වුනා පොඩි මාමා කෝ කියලා අහන්න.." මම තොල් මැතිරුවා. මම ඉන්නෙ බය වෙලා ඒක ඇත්ත. අවුරුදු ගානකට පස්සෙ ඇයි මේවා එළියට එන්නෙ. මම අලුතින් ජිවිතේ පටන් ගන්න හදද්දිම ඇයි මගෙ ජිවිතේ කඩලා බිදලා දාන්නෙ.

"ඌ මෙච්චර කාලයක් හිටියෙ කොහෙද? ශාලුක දන්නවා ඇති... අහපන් ඕකාගෙන්.." විශුත් කලබල වෙලා. මම තරමට. නෑ මට වැඩිය.

"එත් විශු..."

"දැන් කියන්න එපා. ඌ දන්නෙ නෑ... ඌව ගාවගන්න බෑ කියලා."

"ඒ රෙද්දක් නෙවේ බල්ලො... පොඩි මාමා කියන එකා දැනන් හිටියෙ එක විදු කෙනෙක්ව විතරයි. මල්ලිකා ඇක්සිඩන්ට් වෙනකල්ම. මාව හරියට දැනන් හිටිය එකම කෙනා පූස් විතරනෙ."

"මට කියන්න එපා... මේවා කරන්නෙ ඒ මිනිහා කියලා."

"කොයි මිනිහද?"

"ශාලුක..."

"පිස්සුද මනුස්සයෝ... ඌට ඕක එහෙනම් ඔයිට කලින් කරන්න තිබ්බා. අනික දැන් එයා දන්නවා මම නෙවේ ඇක්සිඩන්ට් එක කරේ කියලා.."

"අනේ මේ උඹේ ඔය මගුල් විශ්වාසෙ නවත්තපම් බං... දැක්කනෙ ජුන්ඩා කෙලවපු විදිය අවුරුදු 27ක් එකට ඉදලත්." විශු කියද්දි මට සැක හිතෙනවා  පොඩ්ඩක්. එත් ඇයි දෙයියනෙ මේක අදම වුනේ...

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Tahanan ng mga kuwento. Tumuklas ngayon