"දගයෝ... දගයෝ..."
"කියන්න අම්මා..."
"මාව සුදු පුංචිගෙ දිහාවේ ගෙනියන්නකො..."
"ඒ මොකටද? ඇයි රත්නෙ අන්කල් නැද්ද?"
"නෑ අද ඒ මනුස්සයා කොළඹ ගියා තාත්තා කියලා."
"ඔයත් වේලාවකට මල ඇණයක් අම්මා." උදේ පාන්දර නිදි ඇදින්ම මෙහෙම ටොෆි සෙට් වෙන එකට මම වෛර කරනවා අම්මපා. යකෝ මේක අම්මගෙ තියරියක්නෙ. ඔව් ඔව් මේක අම්මගෙ තියරියක්.
"අම්මා දන්නවා මම ඔහෙ බඩ ගාන්න අකමැති බව."
"අනේ මේ මගෙන් ගුටි නොකා පහළට ඇවිත් කාලා ලෑස්ති වෙනවා. ලොකු දෝණිගෙ වෙඩින්ග් එක ලගයි. ඒ නිසා හැමෝම වැඩ... තමුන් නොගිහින් හිටියොත් හොද නෑනේ."
"ලොකු දෝණි නෙවේ අවුල චූටි ප්‍රින්සස්..."
අපේ අම්මට ඉන්නෙ එකම එක නංගි කෙනයි. එයාට ඉන්නේත් දූරු දෙන්නෙක්. බර අත්තක් කර ගැහුවා කියලා අපේ අම්මට නොකිව්ව කතාවක් නෑ ඔය පුංචි. මාසෙන් කසාදේ කැඩෙනවා කියලත් කිව්වා කියපන්කො. ඒ කරපු ගෑනි අපි දෙන්නව හම්බුන දවසෙ කියලා මාව නම් මැරෙනවා කියලා. ඔහොම කියපු ඒ ගෑණිට නම්බු දෙන්න කියලා අම්මා මට කියන වේලාවට තමයි ඇගේ මාළු වෝටර් ෆූල් එකෙ ඩාන්ස් කරන්නෙ.
ඔන්න ඔහොමයි අපේ නෑයෝ... ඉතින් මම මෙච්චර අවුල් රාශියක් මැද මූන්ගෙ මූණු ඉඹින්න යනවා කියන්නෙ මගෙ හාර්ඩ් ඩිස්ක් එකට බරටම ශොට් එක වදින දෙයක්.
"දගයෝ... මම කිව්වා... එක පාරක්..."
"හරි හරි... අපරාදේ මම ගෙදර ආවේ..." මූණත් බුකෝගෙන මම වොශ් රූම් එකට යද්දී අම්මට ෆුල් රවනවා. ඔහෙ ගාටන හැමදාම මම මෙහෙම තමා ඉතින්.
"දගයෝ... මේ මල් ගස් ටිකත් කාර් එකට දාගන්න..."
"ඇයි ඒ..."
"පුංචිට ඕනේ ඕනේ කිය කිය හිටියෙ."
"ඉතින් එයාට කඩෙන් අරන් හදාගන්න කියන්න. ඔයා හිතුවද මගෙ කාර් එක ලදු කැලෑවක් කියලා මේවා දාන් එහා මෙහා යන්න."
"උඹේ කට වැඩි දා ගනිය මේවා..."
ශිට් පූස්ගෙන් විදින වද මොනවද කියලා හිතෙන්නෙ මෙන්න මේ වේලාවට තමා. මොන දේ කරත් පූර්ණ සතුට වෙනුවෙන් එයා හැමදේම හරි ගැස්සුවා. මම පොඩ්ඩක් හිටියා නම්... ඉවසුවා නම්...
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️