10

906 148 28
                                    

හේයි හේයි මේ දැන් හිතන්න එපා මම අර යකාගෙ ඇස් දෙක බලන්නයි එහෙ ගාටන්නෙ කියලා. එහෙම එකක් නෑ හරිද? මම මේ කටට ආවාට කිව්ව එකක් මිසක හිතලා මතලා කිව්ව එකක් නෙවේ ඒ.

"මොකක්ද අජන්ත ඔයා මේ කියවන්නෙ."
"ඩලෝ... මේ අහන්න කොල්ලා දැන් ලොකු ළමයෙක්."
"අනේ මේ අඩියක් හොල්ලන් නෑ ගේ ඇතුලෙන්. දවසක් දෙකක් ගෙදර නැති වුනාම පපුව දනවා.. එහෙව් එකෙ මගෙ කොල්ලව මාස ගානකට පිට යවන්න. එකත් මේ රටේ මැදටම."
"එයා හොද වෙන්න ඕනේ නිසා."
"අජන්ත මේ අහන්න මට පුලුවන් මගෙ කොල්ලා පරිස්සම් කරන්න."

"මමත් දගයා එක්ක යනවා." රෑ කෑම මේසෙ එකම එක බතක්, මාලුවක් කවුරුත් කන්නෙ නෑ.. ඔක්කොම ශෝකෙ ප්‍රකාශ කර කර ඉන්නෙ. හදපු ඉදිආප්ප කවුරුත් කන පාටකුත් නැති නිසාම මම බෙදාගත්තා.

"විශු මගෙන් බැනුම් අහන්න එපා..."
"ඩැඩා මට ආදරේ නෑ... ඔයා නිතරම එහෙමයි..."
"ආදරේ දිග පළල හොයන්න කලින් පොඩ්ඩක් පොළවේ පය ගහලා ඉන්න බලපන්... මල්ලිට වහන් වෙලා ඉන්න බලන්නෙ නැතිව."

"අජන්ත මොකද ඔයා ඔය කතා කරන විදිය. මට මතක් කරවන්න දෙන්න එපා විශු ඔයාගෙ පළවෙනි පුතා කියලා."
"මට ඒක අමතක නෑ ඔයාගෙ හුරතලේ නිසා තමයි මේ ඔක්කොම වුනෙ."
"නෑ විශු හොද ළමයෙක්. ඔයාගෙ හුරතලේ නිසයි දගයා මෙහෙම වෙන්නෙ."

හෝව් හෝව් හෝව්... ස්ටෝප් ඇයි හැමවෙලෙම ස්ටාර්ට් එකත් මගෙන්ම අරන් එන්ඩ් එකත් මගෙන්ම වෙන්නෙ. යකෝ මේක මාර ලෝකයක්නෙ. අහිංසක මාවමයි මූන්ට පෙන්නෙ...

"ඇයි මම..." මම ඉදිආප්පෙත් කටේ පුරවන් ඉන්න ගමන් ඇහුවා.

"මොනවා වුනත් දගයා අනිද්දා මාත් එක්ක අනුරාධපුරේ ඔය කියන මනුස්සයා ගාවට යනවා." තාත්තා අන්තිම උත්තරේ දුන්නා.

"මමත් යනවා."
"විශු මට අමතක වුනා ඔයා මාසයක් මගෙ බිස්නස් හැඩල් කරන්න ගන්න ඕනේ..." තාත්තා මුකුත්ම කෑවේ නෑ. කමක් නෑ තාත්තා කන්න කලින් මම කාලා ඉන්න ඕනේ... මම ආයෙත් කටේ කෑම පුරව ගත්තා.

"තාත්තා කියන ඩොක්ට කවුද දගයෝ..."
"මම දන්නෙ නෑ... එයා තමා කිව්වේ..."

"අනික් දේ දගයෝ ඔයා යන්න ලෑස්ති වෙන්න..." ආයෙත් තාත්තා ඔලුව දාලා කියද්දි මම විශුගෙ ප්‍රශ්න වලින් හොද වේලාවට ගැලවුනෙ. අනේ අම්මපා සංසාරේ ගන්දස්කාරේ... සියලු සංස්කාර ධර්මයෝ අනියතයි කියලා ඉන්න තමා තියෙන්නෙ.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now