"ඊලග ස්ටේශන් එක කොහෙද අයියෙ..." ඊයෙ රෑ සෙට් වුන සෙට් එකෙ කොල්ලෙක් මගෙන් අහනකොට මම බෑග් රෙඩි කර කර හිටියෙ.
"කෙලින්ම මඩොල්සියමට..." මම හිනාවෙලා සැලුට් එකක් ඒ කොල්ලට ගහලා කන්ද බහින්න ආවා...
"එත් ඒක ගොඩක් දුරනෙ සිංහරාජේ යමුද? අපි එක්ක."
"නෑ.... ඒක බර වැඩි... ගුට් බායි..." මම ආයෙත් හිනාවෙලා අත වනලා කන්ද පාමුලෙන් බිමට ආවා.
සිංහරාජේ මට දැන්ම යන්න බෑ... කවදා හරි ගියොත් එදාට මම ශක්තිමත් මිනිහෙක් වෙන්න ඕනේ...
අඩිය තියලා පහලට බැහැලා නවත්තපු කාර් එකට බඩු ටික දා ගත්තා. ඕෆ් වෙලා තිබ්බ ෆෝන් එක චාර්ජ් කරගන්න කේබල් එකට සෙට් කරලා මම ආයෙම මගෙ ගමනාන්තයට යන්න හදන්නෙ. මඩොල්සිමට.... යන්න ආසාවක් තිබ්බත් මට යන්න බැරි වුන තැනක්. ඉතින් දැන් ගමන පටන් ගමු....
ලාවට සිංදුවක් ප්ලේ කරන ගමන්ම මම ආයෙත් බදුල්ලට මැප් ඕන් කර ගත්තා. එක අතකට මේක නිදහස්. ඩැඩාගෙ බිස්නස් මීටින් නෑ, විශුගෙ කන්දෝස්කිරියාව නෑ, අම්මගෙ මෙලෝ රහක් නැති කෑම නෑ, කමලාම්මාගෙ විහිලු නෑ... තව මොනවද මට නැති වුනේ... මගෙ නිදහස් හිනාවත් නෑ. ඉතින් මේක හොද නැද්ද මගෙ ජිවිතේ...
ෆෝන් එක ඕන් කරා විතරයි කෝල්ස්. ඔන්න මට එපාම කරලා තියෙන දේ. විශුවාගෙන් වෙනදා වගෙම.
"හලෝ..."
"ඕඔ මොකො කෝල් කලේ."
"කොහෙද ඉන්නෙ..."
"ඇයි උඹ එන්නද අහන්නෙ."
"තොට හොදින් කතා කරන්නම බැරිද බල්ලො."
"අනේ ආදරණීය බල්ලො... මොකටද මම ඉන්න තැන අහන්නෙ බල්ලො..."
"කම්මැලි ඕයි. ලබන සතියෙ මගෙ ප්‍රෝමෝශන් එක. මං ආයෙ කොළඹට මාරු වෙනවා. උඹ එනවද මාව ගෙනියන්න."
"මට කොළඹ තහනම්... උඹ දන්නෙ නැද්ද?"
"විකාර නැතුව වරෙන්. ඩැඩාට බම්බු ගහන්න කියලා..."
"ඩැඩා ඇහුනද විශු මට කිව්ව දේ.."
"දගයෝ.. මොන... නෑ ඩැඩා... මම... නෑ... මම තියනවා." එක පාරම කෝල් එක කට් කරා. අනේ මන්දා මෙහෙමත් බයක්. ඌට මට වුන දේවල් වෙන්න තිබ්බේ. ඇත්තටම ඩැඩාට බයක් හිතුන් නැද්ද දන් නෑ මම ට්‍රැවල් වලට ඇවිත් කොල්ලො ගහයි කියලා.
ESTÁ A LER
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Não ficção✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️