කරුම ගෙවන්න තියෙනවා නම් ඒක වෙදෙක්ගෙ රූපෙන් හරි එනවා. මෙහෙ ආවාට මොකද මූ හදන්නෙම මාව කන්ට්‍රෝල් කරන්න. මට මරුවා නගිනවා ඉතින්. යකෝ කොහොම හිටිය මිනිහෙක්ටද මෙහෙම දෙයක් වුනෙ. ථූපාරාමේ යමුයි කියලා මිසින් වෙලා ගිය මිනිහා දැන් පැය 2කටත් කිට්ටුයි. තාම නෑ. මූ හිතුවද දන්නෙ නෑ මම දිය වෙන්නම නානවා කියලා. පාට්ටිගෙ චිත්තේ.
"අප්පේ අපේ දරුවෝ... නිදි නොවැ..." පොඩි මාමා ආවාම මම බිම නිදාගෙන ඉදලා නැගිට්ටෙ.
"මොකො දරුවෝ බිම ඈදිගෙන ඉන්නෙ."
"නෑ පොඩි මාමා ඇද පොඩ්ඩක් ගලක් වගෙ."
"ඉන්නකො මම ඔය දරුවට ඇදි රෙද්දක් ගෙනත් දෙන්නම්.."
"එපා මාමේ. මට මේවා හුරුයි. මම කලු ගල් උඩ නිදාගත්තෙ.""ඉතින් කලු ගල් උඩ නිදාගෙන පුරුදු නම් ඇදේ නිදාගන්න බැරි ඇයි?" ඔන්න ඔන්න ටකරම ආවා...
"අනේ පුස් මම කලු ගල් උඩත් නිදාගන්නවා. එත් ඔයාගෙ මෙට්ටෙ බෑ..."
"මල විකාර... යමන් කන්න.""අනේ කන්න කතා කරන විදිය මරු හැබැයි..." මම ඌ කියන කියන දේට එකට එක කියන නිසාම ඌ රතු වෙලා. මට හිතාගන්න බැරි මම මූවම ඇයි අහිංසකයෙක් විදියට දැක්කෙ කියලා. ඒ කියලා පුස් යන්න යද්දි ඌගෙ සරම ඇණෙක පැටලිලා පොඩ්ඩක් ඉරිලා ගියා. මට මතක් වුනෙ අර ලුණුමිරිස් සීන් එක. එතකොට එතන හිටිය නොසැලකිල්ල තිබ්බ ඒ කොල්ලා මෙයාම තමා. දැන් මේ ව්ක එක මූණු ආරූඪ කරගෙන පිප්පුවට...
"සුදූ බේබී නම් පොඩි එකෙක් වගෙම තමා. මල්ලිකා හාමිනේ කියන විදියටම..." පොඩි මාමා එහෙම කිය කිය හිනා වෙනකොට මම පුස්ගෙ බැනියම විනිවිද ගෙනිච්චා. පිරිමි කම උතුරන්න තිබ්බ මිනිහෙක් ඒ. පපුවේ ඉලිප්පුන මයිල් ඌගෙ නපුරු කම හොදටම කියනකොට අද ආයෙ මම ඒ ඇස් දෙක දිහා බැලුවා. ඒවායෙ පිහිටිම නිකන් ලංකාවේ පිහිටීම වගෙ. බලන බලන තැන ලස්සනයි. ඌගෙ බෙල්ලෙ කොනට වෙන්න තියෙන බර්ත් මාර්ක් එක. උඩ රැවුලත් එක්ක බෝල්ට් එකට කපපු රැවුල ඉත්තෑකූරු කොණ්ඩේ වැටිච්ච පටු නලල කණ ළඟින් වැටෙන බිංදු බිංදු දාඩිය ටික වගෙම ඌගෙ ඇස් මාව පිස්සු වැට්ටුවා. මම කාගෙන්වත් බලාපොරොත්තු නොවුන තරමේ අංගසම්පූර්ණ රූපයක් මගෙ ඉස්සරහා ඉන්න පූස් ට තිබ්බා. එයාගෙ ඇස් දෙක හිනාවෙනකොට මම ඒවා දිහා බලන් හිටියෙ පිස්සුවෙන් වගෙ. ඔක්කොටමත් වඩා හිනාවෙද්දි එන ඩිම්පල්. මේ මනුස්සයා බොලිවුඩ් යන්න තරම් මගෙ ඇස් වලට ලස්සනයි.
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️