72

550 109 26
                                    

හිතම කීරි ගැහෙනවා. පැයෙන් ජිවිතේ වෙනස් වෙන කතා මම පොත් වල දැකලා තිබ්බා. බරක් පතලක් නැතුව ක්ලාස් එකෙ වල බැහැලා ෆොටෝ ගහපු කොල්ලෙක් හිටියා. දැන් මට ඒ කොල්ලාව මගඇරිලා මට හිතෙනවා. ආසාවෙන් තුරුලු කරගත්ත කැමරාව දැන් දුරට ගිහින්. අතොරක් නැතුව ජුන්ඩා එක්ක කියවපු කතා දැන් ගොලු වෙලා ගිහින්. විශුව බයිට් කරලා ගත්ත ආතල් හීනයක්ම වෙලා... අපි කැමති දේම අපේ ලග නවතින්නේ නෑ. එක මම දැන් දන්නවා. අහස්‍ය අවිනාශ් වෙන මටත්, මගෙනුත් දේවල් නැති වෙනවා කියලා මට දැනිලා ඉවරයි.

මේ දගයා නිතරම මහන්සි වුනා හිනා වෙලා ඉන්න. දකින පොඩි හරි දේකින් මට සතුටු වෙන්න ඕනේ වුනා. ඩැඩාගෙ හුරතලේට හැදුන මට, ඕනේ කියලා හිතුන දේ එවෙලෙම ලැබුන මට, අසනීපෙ නිසා හිතුවක්කාරෙට හැදුන මට, දැන් වෙලා තියෙනවා, මම කැමති දේවල් මගෙන් ඈතට යනකොට විදවන්න. මට ඕනේ දේවල් රකින්න ෆට්ට ගේමක් ගහන්න. මගෙ දෙවල් විදවනවා ඇස් වලින් බලන්න.

සීතලෙන් පෙගුණ මගෙ අත් තදේගෙ අත් අල්ලන් ඒ මූණ දිහා බලන් හිටියා. ඒ  රූපේ පූස්ට ගොඩක් සමානයි. ඒ ඇස් එයාගෙ වගෙමයි මම වහ වැටුන එයාගෙ රූපේ මේ වගෙමයි. ඉතින් මම තවත් එයා දිහා බලන් හිටියා එයාගෙ ජිවිතේ මගෙ වගෙම ගෙවෙන කාලකණ්නි ෆීලින් එකට මම හිතින්ම දෙස් දෙවොත් තියන ගමන්.

"කන්න එන්න..." පූස් මා ගාවට ඇවිත් කතා කරත් මම එයාව ගනන් ගත්තෙ නෑ. නිදාගෙන ඉන්න මගෙ පුතා දිහාම මම බලන් ඉන්නවා.

"පොඩි කමු... දැන් රෑත් වෙලා..." මම හෙලවුනේවත් නැති නිසාම එයාට කේන්ති යන්න ඇති. එක නෙවේද සාමාන්‍යයෙන් වෙන්නෙ. ඉතින් මම අද ගනන් ගත්තෙ නෑ. මගෙ උරහිස්සට උණුසුමක් දැනෙද්දී මගෙ බෙල්ල වටෙ අතක් දැවටෙද්දි මම ඇස් වහ ගත්තා.

"පොඩි.... ඔහොම ඉන්න එපා..." එයාගෙ කැඩුන ස්වර පරාසය මට පැහැදිලි කරා අද දවසෙ මම එයාව ගොඩාක්ම රිද්දුවා කියලා.

"ඔයා අහසක් වගෙ ඉන්න ඕනේ මනුස්සයෙක්. මෙහෙම විදවන්න ඕනේ කෙනෙක් නෙවේ ඔයා. තේරෙනවද කියන දේ..."

"මම ඉන්නෙ අහස වගෙ තමයි ලොකු."

"නෑ ඔයා දුකින් හිරවෙලා. මම ආස නෑ..."

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now