🖤 special chaptලමයි🍻

1.2K 126 91
                                    

"ඩැඩා... ඩැඩා... මටත් ඔතනට එන්න ඕනේ..."

ආවා වගෙ නෙවේ ඕක තාත්තණ්ඩියා දැක්කොත් මගෙ ඔලුව ලෙෆ්ට් කරලා වෙනමම මෙමරි කාඩ් එකක් අප්ලෝඩ් කරයි.

"තදන මම ඔතනට එන්නම්... ඔතනට.... ඔහොම ඉන්න..." තාත්තෙක් වෙනවා කියන එකම වැලේ වැල් නැති වෙන රීල් එකක් එළියට ගන්නවා වගෙ කියන්නෙ මේක තමයි. ආතල් එකෙ ඉන්නම බෑ. කොහෙද අර මනුස්සයා මෙහෙ ආව දවසෙ ඉදන් ලෙඩ්ඩු ලෙඩ්ඩු ලෙඩ්ඩු.... යකෝ දැන් අනුරාධපුරේ සෙට් එක මදිවට එකි මෙකි නොකි වටෙන්ම ලෙඩ්ඩු. ඒ අයට නවාතැන් දීලාම දැන් මට හති.

මම තදේ ලගට ගිහින් කොල්ලාව පිටේ තියන් ස්වීම් කරන්න ගියෙ. මගෙ ෆිට්නස් කොහොම තිබ්බත් එකෙක් මාව දැක්ක ගමන්.....

"දගයෝඕඕඕඕඔ.... දැන්ම දැන්ම ගොඩට එනවා.."

"ඩැඩා තාත්ති ආවේ කොයි වේලාවෙද?" මගෙ පිට උඩ ඉදන් කුනු කුනු ගාන තදනගෙ මූඩ් එකම සවුත්තු වෙලා ගියා. මගෙ කියලත් විශේශයක් නෑ...

"දැන් මොනවා කරන්නද? දෙන්නත් එක්ක කසාය තම්බමු ගිහින්..." මම තදනට කියද්දි තදන මගෙ බෙල්ල බදාගෙන පිටේ ඔලුව හංග ගත්තා.

"දගයෝඕඕඕඕඕඕ, තදන..... දෙන්නම ගොඩට එනවලා..." පූස් ආයෙ කෑ ගහද්දි වැඩිය ගැඹුරු නැති තැනකින් මම තදනව තිබ්බා. මම පූස් දිහා එක එල්ලෙම බැලුවේ ඉර එළියෙන් හංගන්න එයාගෙ අත නලල උඩට තියන් ඉන්න නිසා. එත් ඉර එයාව හොයාගෙන පොඩ්ඩක් එඹෙන ගමන් තමයි තිබ්බේ. ඒ ඇස් වල කොලිටි එක අවුරුදු 26 තිබ්බ තරම් නෑ... එත් ඒ ඇස් ඉර එළියට කළු බබා චූටි වෙලා එළියට මෙරුම් පාට වගෙ දුඹුරු පාටක් වෙලා. මම මෙච්චර පරිසරේ එක්ක ආර්ගිව් කරත් ඒ පාටට කියන්න විදියක් තාම දැනන් හිටියෙ නෑ.

ඉස්සර නම් එයාගෙ ඇස් මිදුණු බොර පාටක් වෙනවා. එත් ඇන් ගොඩෝල් ලුක් එකෙන් එළි වෙලා අමුතු කලු ලපයක්... ම්ම්ම් ඒක ලස්සනයි එයාගෙ දිගටි නහට එක්ක ඉලිප්පිලා පේන නහය අද නම් හපන්නම හිතුනා. දැන් දවස් ගානක්ම නිදහසෙ එයාට මගෙ හාර්ට් බීට් එකවත් බලන්න්න වේලාවක් තිබ්බේ නෑ. දැන් දැන් එයා බිසි වෙලා... ඒ නිසා එයාගෙ වෙල්ල ළඟ ලපේ මම නැතුව ඇත්තෙ මාරම පාලුවෙන් වෙන්න ඇති.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now