අපේ ජිවිත කොයි තරම් වෙනස් වෙලාද? මේ අවුරුදු 4ට මම තනි හිතක් එක්ක ජිවත් වෙනවා. දැන් නම් බැලු බැල්මටම මගෙයි, විදුගෙයි වෙනස පේනවා. අද දවස මට විශේශයි.... අද වගෙ දවසක තමයි කෞෂිට ළමයා ලැබුනෙ. දැන් කොල්ලට අවුරුදු 4ක් වගෙ ඇති.
ඒ ඇස් තාමත් ඉස්සර වගෙද දන්නෙ නෑ. විශු බලන්න මම අනුරාධපුරේ පෑගුවට මොකද හිතේ තිබ්බේ හිනී ආසවක් මගෙ නොවන වස්තුවක් බලන්න... ඇයි දෙයියනෙ මම මෙච්චර කාලයක් ගිහිනුත් ඔය මනුස්සයට මෙච්චර ආදරේ.
කිව්වත් වගෙම මම විශුගෙ ස්ටේශන් එකට පාගලා කියලා හිතුවට මම පාගලා තියලා ගියාට වෙනදා පුරුද්දට මම ගිහින් තිබ්බේ සුව අරණට. වෙනදා වගෙ දැන් නෑ.. පාළුවට ගිහින්. ගරා වැටිච්ච බිත්ති තියෙන්නෙ. මමත් පුදුම වුනා. මේක පිරෙන්න හිටිය මිනිස්සු දැන් නෑ.
මම කාර් එක එළියෙම පාර්ක් කරලා ඇතුලට ගියා. මම නිදාගත්ත වහලේ දැන් කැඩිලා ගිහින්. පූස් මං එනකල් හිටිය ඉස්තෝප්පුව දැන් කඩතොලු වෙලා... බිත්ති සමහරක් පුපුරලා වැටෙන්න පාත් වෙලා. එයයි මායි හාර්ට් බීට් චෙක් කරපු තැන් දැන් සෙවල බැදිලා... සුව අරණ විනාශ වෙලා.. පොඩි උන්ගෙ හිනා හඩවල් එක්ක ආව බෙලිමල්, කොත්තමල්ලි සුවදවල් දැන් එන්නෙ නෑ.. මගෙ ඇහැට කදුලක් ඉණුවේ මේ ඔක්කොටම හේතුව මම නේද කියලා මම දන්න නිසා.
ඔය අස්සෙන් පොල් ගහෙ මිනිහෙක් ඉන්නවා.. බිම ගෑණු කෙනෙක් ඉදන් පොල් ඇහිදිනවා.
"මේ අක්කේ..." මම සද්දෙන් ගෑණිට කතා කරාම එකි මගෙ දිහා බැලුවා. මට පොඩ්ඩක් හුරු ගතියක් තියෙනවා. කොණ්ඩේ ගුලියක් ගහගෙන ඒ ඉන්නෙ සමීරා...
"සහස්ගෙ මල්ලි... අදුරගන්නත් බෑ කොණ්ඩෙත් වවලා..."
"ඔව් මම... හැමදාම එකම විදියට ඉන්න බෑනේ සමීරා... ඉතින් ඔයා මෙහෙ..." හඩු ගැහිච්ච චීත්තයක් පටලන් ගෑණිගෙ මුලු මූණම කළු වෙලා.
"ආ... ඔව්... එත් ඔයා මෙහෙ..."
"මම නිකන් ආවේ."
"සහස් අයියා හොදින් ඉන්නවද? කෞෂි නැති වුනාට පස්සෙ තුන් මාසෙන් ගියා ගියාමයි අයියා මෙහෙට ආවේ නෑනේ..." කෙල්ල හිටියෙ ෆට්ටටම මූඩ් අප්සෙට් කරගෙන. ඒ අතරේ මහ ගෝත පැටියෙක් එළියට ආවා අමුඩයක් වගෙ සරම් කොටයක් ගහගෙන.
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️