"අපි යමු..." කැමරා කේස් එක උරහිස්සෙ දාන් කැමරාව වම් අතින් අල්ලන් හිටිය පූස් මට ඇස් ගස්ස ගස්ස කියනවා. මේ වෙද්දි අර සෙට් එක ගොඩක් ඉස්සර වෙලා ගිහින් තිබ්බා.
"අර අයව මිස් වුනානෙ... අපි ගෙදර ඉමු.."
"බෑ යමු.... මට යන්න ඕනේ." මෙන්න මූ කිසිම හුරතල් කමක් නොකර හිනා වුනා කියපන්කො ඇස් පුංචි කරලා. මූ රහස් ආයුධ තියාගෙන බැලැක්මේල් කරන්නෙ...
"හේ හේ... යමු යමු... තන්ගුස් නූලට අතත් කපාගෙන තියෙන එකෙ..." මම එයාගෙ අත් දිහා බලලා කිව්වට අල්ලන්න එඩිතර වුනෙ නෑ... මෙහෙමයි මට අල්ලන්න ඕනේ එත් ඒ කියලා මම ඇල්ලුවොත් මෙතන වෙනම කතාවක් යයි කියලා බයට තමා එහෙම නොකරේ...
මමයි පූසුයි සමාන්තරව ඇවිද ගෙන යන වැලි පාර දෙපැත්තෙ පුංචි පුංචි ගෙවල් තියෙන්නෙ... ඒවා මහා ලොකු නෑ. පොඩි... ගස් තියෙනවා එත් වැඩිපුර තියෙන්නෙ කහ පාටට හුරු ඒවා... ඒවායෙ ලොකෙශන් එක්ක බලද්දි පුංචි වුනත් ඒවා මාරම ලස්සනයි... මම දැක්කෙ පුංචි එකෙක් හෙලු වැල්ලෙන් බාල්දියක් තියන් එළියෙ ඉන්නවා.
"කෝ මේක අරන් ඕක දෙන්න..." මගෙන් නූල් බෝලෙත් එක්ක සරුංගලේ එයාට ගන්න හදන ගමන් පූස් කියද්දි මටත් පුදුම වෙලා මම ඒ පැත්ත බැලුවේ.
"කෝ... පව් නේ මගෙ පොඩි එකා..." මගෙ ඔලුවත් අත ගාලා එහෙම හුරතල් කරද්දි මට දෙන්න හිතුනා.... උම්ම්මා එකක්...
"ඕක දා ගත්තාම කතා නොකර ඉන්න එපා... හානේ..." බෙල්ලත් ඇද කරලා හිනා වෙන්නෙත් ඇස් වලින්. මූ හොදටම ලස්සනටම ගන්න හිනාව එන්නෙ මෙන්න මේ වේලාවට. ඒවා ඩිම්පල් එක්ක එන ලස්සන එකක්... කැමරාව අතට අරන් මම ගොනා සහ දැළඹුවා වගෙ ආයෙත් ෆොටෝ ගන්නෙ අර පූසව...
"මාව ගන්න එපා පොඩි එකො... දැන් ආසාවෙන් ඔය ඇස් වලින් බලපු තැන් ගන්න..."
"මම මොන තැන ආසාවෙන් බැලුවත් නවතින තැනෙ තමයි ෆොටෝ ගත්තෙ..."
"පූහ්.. මිනිහා රෝමැන්ටික් වෙන්නත් දන්නවා."
"නෑ ඇත්ත කියනවා..."
"යමුද එහෙනම් සත්‍ය මහත්තයෝ..."
"යමු..." දැන් ඉතින් මගේ කට ශිප් තමා... ඇන්ගල් එක හරි නම් ලෙන්ස් ටික රෙඩි නම් ලොකෙශන් ෆට්ට නම් එතනින් එයා මොනවද ඕනේ...
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️