33

659 132 44
                                    

"දගයෝ... උඹේ හාර්ට් බඩගින්නෙ ඇත්තෙ... අපිත් මොනවා හරි කන ගමන් ඌටත් මොනවා හරි අරන් යමන්."

"කන බනෙම නවත්තපන් බල්ලො... අපි මේ කට්ට කලුවරේ යන්නෙ."

"බෑ බෑ... මට නිදිත් මතයි." ජුන්ඩා රණ්ඩු වෙනවා කෞෂි අක්කා නම් නිදි.... පූස් පුරු පුරුවත් ගාන්නෙ නෑ.

"පොඩි මම ඩ්‍රයිව් කරන්නම්..."

"ඔයා නිදාගන්න..."

"මම කිව්වේ මම ඩ්‍රයිව් කරන්නම්... තමුසෙ මේ රේස් යන විදියට මට වෙන්නෙ මිනී වලක යට වෙන්න."

"පූස්..."

"මට දෙනවා මනුස්සයෝ තමුසෙට ගොඩක් මහන්සි... උදේ ඉදන් කැරකෙව්වා... මහන්සි නැද්ද?"

"මහන්සි වෙන්නෙ නෑ මූ පැලන්ට් එකකින් ආව ඒලියන් කෙනෙක්. මොකක්ද බං අර බැන්ඩ් එක එහෙම ආව... ආ exo ඒ පැලන්ට් එකෙන් ආවේ." ජුන්ඩා මොන මගුලක්ද මන්දා කියවන්නෙ. ඇත්තටම මූට ඔය කොරියන් පිස්සුව ආවේ කෙල්ලෙක්ගෙන් එකිව ටෝක් කරන්න මූ ඔය කොරියන් මගුල් ඇහුවා අන්තිමේට එකි නෑ. කොරියන් ඉතුරු වෙලා..

"පොඩ්ඩක් කට වහගනින්කො බං..." මට වඩා හයියෙන් කේන්තියෙන් පූස් ජුන්ඩාට කිව්ව ගමන් ඌ සයිලන්ට්... ජුන්ඩාගෙ කට වහන්න පුලුවන් එකෙක් හොයාගත්තා එහෙනම්

"තමුසෙටත් මම ආයෙ කියන්න ඕනෙද? නැත්තම් මම මේකෙන් පනින්නද?"

"ඉන්නවා ඉන්නවා මම නවත්තන්නම්..." මම කා එක නැවැත්තුව ගමන්ම පූස් කා එකෙන් බැහැලා මම ඉන්න පැත්තට ආවා.

"බහිනවා..." මම තාම කැමති නෑ පූස් මේක ඩ්‍රයිව් කරනවට... එත් ආයෙත් ග්ලාස් එකට තට්ටුවක් දාලා බහින්න කියනවා. මේ අප්පච්චිගෙන් බේරෙන එක කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්.

"කෑ ගහන්න එපා පූස්... අක්කා නිදි..." මම බැනගෙනම බහිද්දි ඌගෙ ඇස් තිබ්බෙම මගෙ අත් දිහාවට.

"රතු වෙලා පොඩි අත් දෙක..." මගෙ අත් දෙක අරගෙන එයා අත මිරිකනවා... එයාගෙ ඇගෙන් මට අමුතු රස්නයක් දැනෙන්නෙ... මම නිකන් මත් වෙලා වගෙ... නිතරම මම කාන්දමකට ආරෝපණේ වෙන්න වගෙ නිතරම එයාට ඇදෙනවා.

"ලොකු..." මම එයාගෙ උරහිස්සට ඔලුව ඔබාගෙන ඇස් එයාගෙ උරහිස්සෙ හංග ගත්තා.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now