32

655 130 31
                                    

සුදු වැලි තරලයට මම තනි වුනා. කකුල් වලට දැනෙන පෙන පෙන මුහුදු රැල්ල මට හිතෙන්නෙ මගෙ කකුලම බදු අරන් කියලා. කෞෂි අක්කව සහස් උඩට කතා කරපු වේලාවේ ඉදන් මම තනියම මෙතන ඉන්නවා. පාලු සොහොනක තනි වුනා වගෙ දැනෙන මේ හැගීම් ජාලාවේ අවසානයක් නෑ. හිත එහෙ මෙහෙ යද්දි මට ඇස් පියාගත්තත් පෙන්නෙ ශුංගාරය උතුරන පූස්ගෙ ඇස් දෙක. මම ගොඩාක් කල්පනා කරලා කරලා දරාගන්නම බැරි තැන ඇස් ඇරියා.

බැසගෙන යන ඉර ලස්සනට අහසෙ දිස්නෙ දෙද්දි දැන් තමයි හොදම වේලාව ෆොටෝ එකක් ගන්න. මම දන්නවා දැන් තමා එක වෙන්න ඕනේ. ඒත් මම ඉන්නෙ කැමරාවෙන් ගොඩාක් දුරක. මම සහස්ගෙ මූණ දිහා බැලුවේ එයා තුරුල් කරන් වගෙ ඉන්න කැමරාව නිසාමයි. නැත්තම් මට එපා තවත් එයාගෙ ඇස් මතක් කර ගන්න...

"මෙන්න ගන්න..." මා ගාවට ඇවිත් කැමරාව සහස් දුන්නා. මගෙ ඇස් උඩ ගියා. අච්චර බයයි කියලා හිතන කෞෂි අක්කාගෙන් මේ මනුස්සයා හංගන්න හදන ඒවා එළි කරගෙන මොනවද මේ නටන්නෙ.

"ඉක්මනින් යන්න... මෙතන ඉන්න එපා..." කැමරාව ගන්න ගමන්ම මම ඒ වචන කියලා මගෙ දර්ශනේ එක්ක බැදුනා. මට පුලුවන් නම් කැමරාව ළඟදී වෙනම මිනිහෙක් වෙන්න මම ආයෙ පූස් නිසා මගෙ චරිතේ නැති කර ගන්නෙ නෑ මම එක හිතින් ඒක තමයි අද හිතාගත්තෙ. නිල් අහස පුරාවට කහා පාට වෙලා අවසානයෙ තැඹිලි පාටෙන් වහාගෙන ඉර යන්නම යන්න ගියා. හරියට මේ අහසින් ලගදිම සහස් කියන ඉරට යන්නම යන්න වෙනවා වගෙ

'එත් දගයෝ හෙට ආයෙම ඒ ඉර ඔය අහසේ පායනවා...' කොහෙද හැංගිලා හිටිය මගෙ යටි හිත එහෙම කියනකොට මම ගැස්සිලා හිත හදාගත්තා. එහෙනම් අදින් පස්සෙ මට පුලුවන් වෙයි පූස්ව මගෙ ළඟ අගුලු දා ගන්න... එහෙම හිතාගෙනම හුස්මක් අරන් මම වෙරළට යන්න ගියා.

"පොඩි... ඇදුම දා ගන්න..." මම වෙරළට ආව ගමන්ම පූස් කොහෙද ඉදලා කිව්ව නිසාම වටපිට බැලුවේ කෞෂිව හොයන්න.. එත් අක්කා පෙන්න නෑ.. මගෙ අතේ තිබ්බ කැමරාව එයා අරගෙන මට නිකන්ම නිකන් සීතල මූණක් දුන්නෙ මගෙ හිස් පපුව දිහා බලලා...

"එයා විහාර එක්ක කඩේ ගියා.." ලොකු හුස්මක් අරන් පූස් මගෙ ලගට අඩියක් තියෙනවා කියලා මට තේරුනා ඒ නිසාම වෙන්න ඇති මම කළබල වෙලා වටපිට බැලුවේ අපිට වැටෙන්නෙ එසෙ මෙසෙ තොප්පි නෙවේනෙ...

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now