61

540 117 47
                                    

"ඇයි මට මෙතන මුකුත් තේරෙන්නෙ නැත්තෙ."

"මොලේ කැපැසිටි එක නිසා වෙන්න ඇති විශු..." හිනා වෙන්න මම තාම විදි හොයනවා. දැන් මම ඉන්න ඕනේ නම් මෙහෙම නෙවේ හරි නම් මම මේ වෙද්දි ඔලුව බදාගෙන කල්පනා කරන්න ඕනේ. එත් මට මුන් දෙන්නාගෙ මූණු දැක්කාම නම් එහෙම වෙන්න හිතෙන්නෙ නෑ. ඇයි යකො ඒ තරම්ම ජෝක් එකක්...

"දගයෝ... උඹට මේ වගෙ ටයිම් වල වත් සිරියස් වෙන්න බැරිද?"

"ඉතින් දැන් මමද ඇහුවේ"

"මම එහෙම ඇහුවා නම් උඹ පැහැදිලි කරන්න ඕනේ නැද්ද?"

"මෙතන මොන්ඩිසෝරියක් දාන්නද මෙයාට කියන්නෙ..." ඉදලා ඉදලා කනේ පාරක් දුන්නා වගෙ පූස් කියද්දි අපේ එකාගෙ මූණ තද රතු වුනා කියපන්කො.

"මට පෙන්නෙ ඔහෙවයි මොන්ඩිසෝරි යවන්න ඕනේ."

"ආ මම ගියා... ඒ නිසා මේ පොඩි දේ මට තේරෙනවා."

"මේක පොඩි වෙන්නෙ කොහොමද?"

"විශු අපි මුකුත් හරියට දන්නෙ නෑ ජුන්ඩා ඇයි මෙහෙම කරේ කියලා. සෝ මේවා අමතක කරන්න..."

"ඇත්තටම පොලිසියට ගිහින් අල තම්බනවද මන්දා." පූස් එන්නෙම හරහට. යකෝ මගෙකා මූට මොන වැරැද්දක් කරාටද ඔය.

"ඌට මාත් එක්ක මොකක්ද තරහක් තියෙනවා වගෙ"

"ඔයාටත් නෑ වගෙ නෙවේනෙ..."

"දගයෝ උඹ මොකද ඌ වගෙ කතා කරන්නෙ දැන්."

"තොට පිස්සු..." පූස් ගියෙ තදේ නිදන් හිටිය රූම් එකට. මමත් ගිහින් ලට්ට ලොට්ට සේරම කාර් එකෙන් එළියට ඇද්දා... අම්මා දීපු මල් පැලේ ඉදන් මම එළියට ගද්දි විශුවා ඔලුවට අතක් ගහගත්තා.

"මේවා මොකටද බං..."

"උඹට හිටවන්න කියලා අම්මා ඕවා දුන්නෙ."

"තව මොනවද?"

"ආ මෝජුවක් දාලා ඔය තව මොනවද ඇඹුල් තියල් ටිකක් හදලා දුන්නා."

"කෝ දැන්... කලින් දෙන්න එපැයි... මම හාල් එකක් තියාගන්නවනෙ."

"අනේමන්දා හැබැයි කොහෙද කියලා. එහෙනම් ඒ ටික දෙන්නම් මෙන්න මේ පැළ ටිකත් අරන් තියපන්කො ගිහින්." මම විශුට එව්ව හැම එකම ඌ ලව්වම අස් කරලා දැන්මා. ආයෙ මට මොකට මහන්සි වෙනවද?

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now