ඇහැ පියවුන තප්පරේම කෝල් එනවා. වෙනදා ඔහෙ රින්ග් වෙයන් කියලා දාලා තියෙන සයිලන් එක දැන් වොලියුම් 100ට දාලා.
"හලෝ..."
"හලෝ.... දගයෝ..." එහා පැත්තෙ ඉන්නෙ ජුන්ඩා. මට කලකිරෙනවා. මම දන්නෙ නෑ එත් මට දැන් ජුන්ඩගෙ කට හඩත් අප්පිරියයි.
"කියන්න."
"වෙදාට කොහොමද?"
"උඹට මොකටද?"
"උඹ මට සමාව දුන්නා නේද බං..."
"උබට සමාව දුන්න නිසා මට වෙච්ච දේවල් හොදරටම ඇති." මම ෆෝන් එක කට් කරා. අමතක කරන්න ඕනේ දෙවල් බදාගෙන වැලපෙන්න බෑ කියලා හිතෙන පලවෙනි පාරෙන්ම මගෙ හිත කවුරු හරි කඩනවා. උරුමේ කරුමෙ කර ගත්තාම මේ දෙවල් සාමාන්‍යයයි. ඇස් තදින් පියවන් ඉද්දි මට ආයෙත් කෝල් එකක් ආවා. සැරටම ආන්සවර් කරලා කනේ තියාගත්තෙ ආයෙත් ජුන්ඩා කියලා හිතලා.
"මොකද බං..."
"ඔයා අද මෙහෙ එන්නෙ නැද්ද?" මට ඇහුනේ ගොරෝසු කට හඩක්. කනෙන් ෆෝන් එක අරගෙන මම ඩිස්ප්ලේ එක චෙක් කරේ කට හඩ අදුර ගන්න බැරි වුන නිසා නෙවේ මටම ඒ දේ විශ්වාස කරන්න බැරි නිසා.
"ලොකු...."
"නොකියම ගිහින් තිබ්බා. ම්ම්ම්ම්ම්... එකයි..." අර සැර ගතියට තිබ්බ ස්වර වලට මොනවා වෙලාද මන්දා. ඒවා ඇහෙන්නෙම නැති තරම්. එයා කතා කරන වචන හරියට වැරදෙයි වගෙ....
"ඔයා නිදි සුදු මහත්තයෝ මම යද්දි... එකයි පුතාට බලාගන්න දීලා ආවේ."
"ම්ම්ම්ම් මම හිතුවා..."
"මුකුත් හිතන්න එපා... මම එන්නම්... හරිද?"
"ඉක්මනින් එනවද?"
"ම්ම්ම්..." එයා බයෙන් වගෙ කතා කරේ. දැන් හොදටම කලුවර වෙලා. මම දඩිබිඩියෙ පඩි පෙළත් බැහැලා යද්දි අම්මා මූණටම හම්බුනෙ මගෙ උරුම දේ ආයෙත් මට මතක් කරලා දීලාමයි.
"දරුවෝ... කොහෙද මේ යන්නෙ."
"අම්මා... හදිස්සියක්.." අම්මගෙ නලලට කිස් එකක් දීලා මම යන්න හදද්දි අම්මා මගෙ ඔලුවට අත තියලා කලින් වගෙම මගෙ නලලට කිස් එකක් දුන්නා.. එත් මට පොඩි වේදනාවක් ඒ වේලාවේ ඔලුවෙන් දැනුනා.
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️