ඉපදුන ගමන්ම වලලලා දාන ආදරයක්. මම මෙච්චර දවසක් මෙහෙ හිටියෙ නැත්තම් මට මෙච්චර දුකක් එන එකක් නෑ. හැබැයි මෙතන වුන හැමදේම එකක් නෑරම ඒවා මගෙ තීරණ. මෙහෙට එන්නත් තීරණේ කරේ මම. එයාට ලං වුනේ මම, එයා එක්ක ගැවසුනේ මම, එයාගෙ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්නෙ මම, එයාගෙන් ඈත් වෙන්නෙත් මෙහෙන් යන්නෙත් මම.
මගෙ ලගට තුරුල් වෙලා ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න හාර්ට් ගෙ ඔලුව අත ගාන ගමන් ඉම්බාම මට ආවේ පූස්ගෙ සුවද. මම එච්චරට මේ දේවල් වල හිර වෙලා. බේබි සබන් සුවදට දැන් මම රැවටිලා. දැන් කියන්න බෑ මුලින්ම ඇස් පස්සෙන් ගියාට තාම මම ඇස් මත්තෙ ඉන්නෙ කියලා. එයාගෙ නිස්කලංක ඇස් දෙක මගෙ ජිවිතේ අදුරුම මතකයක් වෙන්න කලින් මම මෙතනින් නොගියොත් ගෙවාගන්න බැරි පවක් මගෙ අතින් වෙයි. එයාගෙ කිස් එකයි, එයාගෙ වචනයි මට ගොඩාක් ලොකු දුරක් කලින් පෙන්නුවා. එයා මට ආදරේයි කිව්වට එයාට බෑ එයාගෙ ජිවිතේ දැන් තියෙන දේවල් මම වෙනුවෙන් කැපකරන්න. මට තේරුනේ මම නිකන්ම නිකන් වදයක් වෙනවා කියලා විතරයි. අනික මම දැන ගත්ත දේවල් සදහටම මාත් එක්ක වැලලිලා ගියාවේ. එහෙම හිතලම මම පිට්සා ස්ටේශන් එකට පය තිබ්බා.
"ජුන්ඩෝ නැගිටපන්... අපි ගෙදර යනවා." තාමත් මහා පාන්දර. මම ජුන්ඩා හිටිය රූම් එකට ඇවිත් මූවත් කුදලන් කොළඹ යන්න හදන්නෙ. තව පැය භාගයක් යන්න කලින් මම මෙහෙන් පිටට නොගියොත් මාව සහස් හොයන් එනවා කියලා මගෙ හිත කිව්වා.
"මට පොඩ්ඩක් නිදාගන්න දියම්කො..."
"හුත්තො නැගිටපන්... කුණු බේබද්දෙක් වගෙ ගහල ගහලා ලැජ්ජ නැද්ද තොට..."
නිදිමරගාතෙන්ම නැගිටලා ඇස් පොඩි කර කර අමාරුවෙන් නැගිටින්න හදනකොට මම අතින් ඇදලා ගත්තා.
"ඉක්මනින් යමන්... මේ වේලාවේ එහෙට මෙහෙට වෙන්න වේලාවක් නෑ..."
"මොන යකෙක්ද මේ ළඟදී ඉදන් උඹට වැහුනෙ..."
"කිව්වා කියලා හිතාගෙන නැගිටපන්... මම බෑග් කාර් එකට දාගෙන තියෙන්නෙ."
"අනේ මන්දා උඹ ඩ්‍රියිව් කරපම්. මට නිදිමතයි."
කරන්ට් වැදුනා වගෙ විසිරුන කොණ්ඩෙත් කස කස මෙන්න මේ ඈනුම් අරිනවා. රටක් ලෝකයක්ම පාලුයි... සිරා සිද්දිය මම කොච්චර ශෝක මූඩ් හිටියත් මේ වගෙ වෙලාවට එන්නෙම කුප්ප අයිඩියා.
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️