18

682 136 28
                                    

මෙහෙමයි ඉතින් මම එයාට ලව් වුනාට එයාට එහෙම නැතුව ඉන්න පුලුවන්. අනික මම සෙල්ලම් කරන්නෙ ජිවිත දෙකක් එක්ක නෙවේ තුනක් එක්ක. කෞෂිගෙ ළමයා, කෞෂි අක්කා, පූස් මේ තුන් දෙනා එක්කම ලොකු නාඩගමක් මම ඉස්සරහට නටයි කියන බය මට තියෙන්නෙ. මට කවදාවත් එහෙම බලු වැඩක් කරන්න හිතෙන්න එපා...

"උඹ මොනවද ඔච්චර හිතන්නෙ."

"ආ තෝවත් අරකෙ ඇතුලට දාලා සුද්ද කර ගන්නවද කියලා..."

"අපෝ... තෝ නම්... තොට හොද කරන්න බෑ දගයෝ."

"ඉතින් කරන්න එපා.. උඹ දැන් මෙහෙ ගෑටුවේ මොකද?"

"උඹව බලන්න..."

"බලාගත්තා නම් දැන් පලයන්."

"ඕයි ඕයි උඹට අර වෙදාව ආරූඪ වුනේ මොකද?"

"ඒ මට මේ ජිවිතේ එකාකාරි බං... නැද්ද වෙනසක් එහෙම.."

"යමුද අඩියක් ගහන්න..." ඔන්න පෙනවනෙ මම සුරාවෙම් සූදූවෙන් තොරයි කියලා මේ මැටි හරකට අමතක වෙලා ගිය හැටියක්.

"උඹට මතක නැද්ද මම ඕවායෙන් තොර මිනිහෙක් කියලා."

"ඊයා බං... මේ අවුරුදු 22 කොල්ලෙක් කියන දෙයක්ද?"

"ඔව් ඉතින් නොකිව්වා නම් උඹට ඇහෙන්නෙ නෑනේ."

"උඹ බොන්න එපා එහෙනම්... මම බොනවා මම කෑල්ලගෙන් බූට් කෑවා..."

"හරිනෙ උඹ මෙහෙ ගාටපු හේතුව ඕකයි. අනේ තෝත් ගෑණුන්ට දෙකට නැවෙන්න එපා බං..."

"අනේ නිකා පලයන් යන්න. තෝත් ලව් කරන්න ගද්දි දෙකට නෙවේ බඩ ගායි..."  හැබැයි මචන් ඇත්තක් නැත්තෙමත් නෑ... ගෑණියෙක්ට මම ආදරේ නොකරත් ආදරේ කරන මිනිහා කියන කියන පැත්තට හැරෙන එකෙන්ම මම ඒක තේරුම් අරන් දැන් ඉන්නෙ...

"හරි එහෙනම් යමන්... අයියෙ... වාහනෙ රෙඩි කරලා තියන්නකො. එක නෙවේ වයින් ෂෝප් එකක් නැද්ද මේ ළඟ පාතක..."

"ම්ම්ම්ම් අතන නම් කොල්ලෝ එකක් තියෙනවා. හැබැයි ගනන් නම් සැරයි. ඔක්කොම පොශ් ලයින් ඕකේ."  සර්විස් එකෙ අයියා ඈතක තිබ්බ හොටෙල් එකක් වගෙ එකක් පෙන්නලා කියද්දි මම එයාට හිනාවක් දැන්මා.

"අවුලක් නෑ අයියා... තැන්ක්ස් ආ... අපි සුටුස් ගාලා ගිහින් සුටුස් ගාලා එන්නම්.."

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now