⚠️️101✖️

1.3K 144 124
                                    

"මේ මගෙ අනික් පුතා..." මාත් එක්කම හිටපු ලොකුව ඩැඩා පිලිගත්තේ නෑයෝ ඉස්සරහා එහෙමයි. එයා එහෙම පිලිගත්තෙ නිකන් නෙවේ ලොකුගෙ කරට අතකුත් දාගෙන හරි උජාරුවෙන්.

මේ රටේ අපිට මෙතනින් පිට යන්න වෙන විදියක් නෑ කියලා දන්න නිසා මම මේ විදියට ඇත්තටම ආසයි.

ජෝඩුව පෝරුවේන් බැහැලා නෑදෑයෝ හම්බවෙලා සතුටින් ඉන්න වේලාවේ මගෙ ලගට වෙනදා වගෙම දුවන් ආව විශු මගෙ මූණ ඇල්ලුවා.

"දගයෝ එයා ආවා..." මම විශු මට පෙන්නුව දිහාට ඇස් හැරෙව්වා.

"ජුන්ඩා..." ලස්සන බූසි කොණ්ඩේ එක්ක හරි ලස්සන හිනාවක් ජුන්ඩගෙ මූණේ තිබ්බා. නිල් පාට සූට් එකට කොල්ලා හරි ලස්සනයි. රැවුල මුඩු වෙන්නම කපලා හරි හැඩයි.

"දගයෝ... මම ආවා..." ජුන්ඩා මගෙ ලගට ඇවිත් ඌගෙ නලල මගෙ නලලට මූට්ටු කරද්දි බර තොප්පියක් වගෙ එකක් දාගෙන හිටිය විශුත් අපි දෙන්නට එකතු වුනා. දුර ඉදන් මගෙ දිහා බලන් ඉන්න ලොකු හිනා වෙලා ඔලුව වනද්දි මම එයාට තොල් පුම්බලා කිස් එකක් පා කරලා යැව්වා.

එදා කැහැටු විදියට මැරෙන ලයින් එකෙ හිටිය ජුන්ඩා අද තල්මහෙක් වගෙ ලස්සනට හිනා වෙනවා. මේවා කාගෙ වෙද කර්මද? මගෙ ලොකු දේව දූතයෙක්. එයාට එච්චර දේවල් කරලත් ම්ම්ම නිසා ජුන්ඩට සමාව දුන්න කෙනෙක්. මම නිසා ලෝකෙම නවත්තන්න ඉස්සරහට එන මිනිහෙක්. තවත් මට සැක කරන්න දෙයක් නෑ.

"උඹ සනීප වෙලා..."

"උඹේ වෙදාට පිං සිද්ද වෙන්න... මම මෙහෙම ඉන්නවා." ලොකුව පෙන්නලා ජුන්ඩා මට එහෙම කිව්වා...

"බලපන් මට බූට් එක තියලා උඹේ අයියා කෙල්ලෙක් කරේ ගහගත්තා දගයෝ... දැන් උඹවත් මත් එක්ක සෙට් වෙයන්." බොරුවට වගෙ මගෙ ලගට ඇවිත් මගෙ බෙල්ල අස්සෙ ඇස් හංගගෙන ජුන්ඩා ඇඩුවා.

"උඹ සනීප වුන අතකින් මැරුම් කන්න ආස නැත්තම් ජුන්ඩෝ එහාට පලයන්..." විශුවා එහෙම කොදුරද්දි ගැස්සිලා වගෙ ජුන්ඩා එහාට වුනා. යකෝ මගෙ යාලුවාව මෙච්චර මූ බය කරලා නේද? අපි මුකුත් නෙවේ වගෙ ඉමු කිව්ව එකා මෙන්න ඇවිත් කරට අත දාගන්නවා.

"ලොකු... මොකද මේ."

"නිකන්... වටේ ඇස් එච්චර හොද නෑ..." ලොකු වට පිටාවෙ පෙන්නලා කියද්දි හැමෝම අපි දිහා බලන් ඉන්නවා.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Wo Geschichten leben. Entdecke jetzt