"තැඹිලි ගෙඩියක් බීලා ඉන්න..." අක්කා වීදුරු දෙකක් මටයි, තාත්තාටයි අල්ලනකොට මමත් ගත්තා.
"ඉතින් ඔයාලා මෙහෙ ආවේ..." සහස් ඇහුවේ තාත්තාගෙන්. මගෙන් නෙවේ. මම මොකටද උත්තර දෙන්නෙ. ශීයා මම කිව්වා නේද මගෙ ඇත්ත නම විතරක් කියන්න කියලා.
"මමයි... මමයි පුතයි... නෑ මමයි ද... නෑ නෑ මමයි විහස්‍යයි ආවේ බෙහෙත් කරන්න බලන්න." තාත්තාට වචන පටලැනවා. බලන්න මම කිව්වේ නැද්ද තාත්තාට මගෙ නම මතක නෑ කියලා.
"ආ මම දන්නවා හාර්ට් එකට නේද?" සහස් අහද්දි තාත්තා මගෙ දිහා බැලුවා.
"දගයෝ... මොකක්ද ඒ කතාව..."
"ඩැඩා...""ඔහෝ... මේකනේ මාමේ විදු මෙහෙ ආව දවසක මට එයාගෙ හාර්ට් ස්පීඩ් එකෙන් තේරුනා අවුලක් තියෙනවා කියලා."
"පුතාට පුලුවන් වෙයිද ඒක සනීප කරන්න."
"මම දක්ෂයි කියලා මට කියන්න බෑ... එත් මම හිතනවා මට පුලුවන් වෙයි උපරිම උදව් කරන්න."
"ම්ම්ම් එහෙනම් කොහොමද දරුවෝ වෙන්න ඕනේ පිළිවෙල..." ඩැඩා සහස් එක්ක කතා කරද්දි මම කෞෂි දිහා ඕනේකමින් බලන් හිටියෙ.එයා නෝර්මල් කට්ටිය එක්කම කතා බහ කරනවා, හිනාවෙනවා එත් එයා හැමෝවම දන්නවා. එත් එහෙනම් ඇයි මාව අදුරනොගත්තෙ. මට කියන්න එපා මම ඉන්නෙ ඉන්දියන් ඩ්‍රාමා එකක් ඇතුලෙ නම් මෙතන මේ කෙල්ලත් ටුවින්ස් වෙන්න ඕනේ. මගෙ ජිවිත කතාව එච්චර කුප්ප රසයක් තියෙයි කියලා හිතන්න නම් බෑ.
"දගයෝ..." අනේ මන්දා බං... මේ මනුස්සයා හෑවා ඉදගෙන. දගයෙක් මගුලක් ගාලා.
"ඇයි ඩැඩා..."
"එහෙනම් අපි වෙද මහත්තයා කිව්ව විදියටම කරමු." හුටා දැන් ඌ මොනවද කිව්වේ. මම බලන් හිටියෙ අර කෙල්ල දිහා නේද?"මොනවද ඩැඩා හරියට මට තේරුනේ නෑ..."
"තේරෙන්න උඹ අහගෙන හිටියද?"
"නෑ විදු මම කිව්වේ ඔයා මෙහෙ නැවතින එක හොදයි කියලා."
"ඒක කරදරයි සහස්. මොකද මම දැනටම ඇනෙක්ස් එකක් බැලුවා."
"එහෙම නෙවේ ඔයාට පුලුවන් එතකොට මහන්සියක් නැතුවම ට්‍රීට්මන්ට් කරගන්න. මෙහෙ සැප පහසුකම් නම් නෑ. එත් අනේමන්දා කැමැත්තක්..." අරු කියවන් යනවා කටර් එකක් වගෙ. මම ඌගෙ වචනේ ඉදන් බැලුවේ එදා ඉසුරුමුණියෙ තිබ්බ පෙනුම. නෑ එත් එතන වගෙ නෑ මෙතන. මොකක් හරි තියෙනවා බං... මොකක් හරි.
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️