76

554 106 29
                                    

විහාර ද්වාරේ පාමුළ මම තනියම බලන් හිටියා. අතීතෙ මම දැන් විසදුවත් මගෙ වර්තමානෙ තියෙන ප්‍රශ්න එක්ක අනාගතේ අනිවාර්යයෙන් මම දුක් විදින්න නියමිතයි කියන අදුරු වලාව තියෙනවා. එදා මම හයියට, සැරට ලොකුට කිව්වට කවුරු අපි ගැන දැන ගත්තත් කමක් නෑ කියලා දැන් මට තේරෙනව එයා එදා කිව්ව දේ තේරුම.

මගෙ ඩැඩා අජන්ත... එයා කවදාවත් මාව පහළින් නොතිබ්බ කෙනෙක්. තමාගෙ අඩි පාරෙම යවන්න ඇගිලි ගැන්න කෙනෙක්. නිර්මල, පවිත්‍ර ප්‍රේමයක් කියන දේ ලෝකෙට අදාල නෑ සමලිංගිකයෙක් වුනාම. ඌන් බලන්නෙ තුන් වෙනි ඇහෙන්. මගෙ ඩැඩා කියලා මෙතනදි මම වෙනසක් දකින්නෙ නෑ. පටු ආකල්ප.

"මොකද?" බෝධිය නාවලා මගෙ ලගට ඇවිත් පූස් අහද්දි මම ගැස්සිලා ගියා.

"ඒ මේ මොකද? දැන් නිකන් මොකෙක්ද වගෙ ගැස්සෙන්නෙ පොඩ්ඩ ඇත්තම්."

"නිකන්... කෝ පුතා..."

"එයා මළුවේ... මම උඹව හොයන්න ආවේ."

"ආ එහෙනම් යමු..." මම ඉස්සර වෙන්න හැදුවට එයා ඉඩ දුන්නෙ නෑ... මගෙ අත තද කරලා මිරික ගත්තා...

"මොකක්ද අවුල... මම මෙහෙ ආව එක වැරදිද?"

"මම කොහොමද ලොකු ඔයාට එපා කියන්නෙ..."

"මාව පිස්සෙක් නොකර කියනවා එහෙනම්."

"නිකන්... මම දන්නෙ නෑ..." එයා එක කෙලින් මගෙ ඇස් දිහා බලාගෙන නඩු අහනවා. මට ඒ ඇස් වල එළිය තවත් බලන් ඉන්න බැරි නිසාම බිම බලගත්තා. එත් එයා කිසිම දෙයක් නොකියා අතින් ඇදලා එයාට තුරුල් කර ගත්තා.

"මේක ආරාමයක්."

"තමුසෙ අවුලෙන් ඕයි... මම හිතුවා තදයා වගෙ ආවට... තමුසෙ හොදින් නෙවේ..."

"අපි වර්තමානෙට මූණ දෙමු... අතීතේ අමතක කරලා."

"පුලුවන්ද? ඔය කියන බණ කරන්න පුලුවන්ද?"

එයාගෙ පපුවේ සද්දේ වැඩි. වෙනදට වඩා එක ගැහෙනවා. දරා ගන්න පුලුවන්ද? බැරිද? මම දන්නෙ නෑ. එත් අද මේ හාර්ට් බීට් එක බලන්න මට තව ඉන්න හිතුනේ නෑ.

"මොකද මේ.."

"මට කිව්වට තමුසෙත් හොදින් නෙවේ වෙදෝ ඉන්නෙ.. අපි මේවා නිදහසෙ කතා කරමු. මෙතන බෑ..." මම එයාගෙන් එහාට ගිහින් තදේ ගාවට ගියා. අපි වරුවකට වැඩි මේ ආරාමේ. ඒ නිසාම හෂිනිවත් යැව්ව නිසා අපි ඉක්මනින් එළියට යන්න හැදුවේ.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now