කැමරාවක් වුනත් සර්විස් නොකරොත් ඒක සවුත්තු වෙනවා වගෙ තමා. ලව් එකත්. ඒවත් ළඟ නොහිටියොත් සවුත්තුම වෙලා යනවා. කමක් නෑ විරාග් එක්ක හරි සතුටින් හිටියා නම් ආයෙත් බර බාගෙකට ඔලුව හප්ප ගන්න යනවා ලැජ්ජාවක් නැතුව. ආයෙ ඉතින් අමු ගවයා. සියලු සංස්කාර ධර්මයෝ අනියතයි කියලා කියන්න තිබ්බා මම රහත් වුනා නම්. ඇයි යකො...
මම රත්නපුරේට යන්න ගියා තමයි එත් කිසිම මූඩ් එකක් නෑ. මේ මාස තුන ඇතුලේ සිද්ද වෙච්ච දේවල් නිසා ඒ මිනිහා ආයෙ වෙනස් වුනා එහෙනම්. දුක කියන්න කට කපලා කල ගෙඩියයි. එහෙන් මේ ඉලව්ව රින්ග් වෙනවා ඉවරයක් නැතුව.
"මොකද යකෝ..."
"ඕයි... උඹ ඔය කෙලින්ම ආරාමෙට රිංගන්න යන්නෙ ඇයි?"
"මට ඉක්මනින් මේවා විසද ගන්න ඕනේ. තොටත් වෙන වැඩක් නැද්ද මොනිටරේ ඔලුව ඔබන් මගෙ දිහාම බලන් ඉන්නෙ."
"මම නොහිටියා නම් කෙරිලා තියෙයි. මගුල් හිතන් නැතුව පලයන්. හරියට වැඩේ කරපන් දගයො. අනික මට තව මිනිස්සුන්ගෙ ප්‍රෝගෑම් ගොඩාක් බලන්න තියෙද්දි තෝ වෙනුවෙන් ඉන්නෙ රෙද්ද?"
"උඹ කියනකල් මම මේ හිටියෙ."
මම ෆෝන් එකත් දමලා ගහලා රත්නපුරේ යන්න තියෙන තැන් සර්ච් කරා.
කටුගස්තොට ඇල්ල තමයි දැන් මගෙ ඔලුවේ තියෙන්නෙ වෙන තැන් වලට ගිහින් රස විදින්නවත් මූඩ් එකක් මට නෑ... එයා මොන ප්‍රශ්නයක් ඔලුවේ දා ගන්න යනවද මං දන්නෙ නෑ.
මම ඇල්ල ලගට ගිහින් මුකුත්ම නැතුව ඉදගෙන හිටියා. කැමරාවෙන් ගත්ත ෆොටෝස් ෆෝකස් කර කර. මගෙ පිටිපස්සෙන් ලාවට පේන ඡායාව දිහා මම නොබලා හිටියට ඌ සද්ද කරනවා වැඩි දැන්. පස්සෙන් එනවා නම් පොඩ්ඩක් සද්ද නොකර වරෙන් මට යකා නැගලා තියෙන්නෙ.
කමක් නෑ කියලා ඇල්ලෙන් මූණත් හෝදගෙන මම රෙස්ට් එකකට රිංගුවේ කන්න බලාගෙන. මොනවා නැතත් අයිස්ක්‍රීම් එකක් දැන් ඕනේ. බඩගිනි.
මම චීස් කොත්තුවක් එක්ක egb එකක් ඕඩර් කරලා රෙස්ටුවරන්ට් එකෙ ජනේල්ලෙ ගාව ටේබල් එකක ඉද ගත්තා. කොරිඩෝ එකෙ තිබ්බ නිසා මේක ලස්සනට පේනවා එලියට. කොච්චර නම් හිතුවත් මට තාම එයා මේ කරන දේ හොදක් පෙන්නෙ නෑ. සමරනායක ඇත්ත දැනගත්තොත් කලු ගලක ඔලුව හප්ප ගන්නවා වගෙ වෙනවා.
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️