47

654 140 27
                                    

මීටින් ඔක්කොම ඉවර වෙලා ටයි එකෙන්ම බෙල්ලෙ වැල දා ගන්න හිතෙන්නෙ. තේරුන මගුලකුත් නෑ එත් මහන්සි බං. ඩේටා ඔක්කොම ඉරේස් කරගෙන මම ඇදට වැටෙන්නෙ කීයටද කියලා ඇගිලි ගැන ගැන ඉද්දි තවත් ආතල් ගන්නවා ඩැඩා.

"දගයෝ රෑට පාර්ටි එකක් තියෙනවා.. ඔයා කම්පැණි එකෙ වැඩ බාර ගත්තට."

"ඩැඩා මම කවදද වැඩ බාර ගත්තෙ.."

"දගයෝ..." සද්දෙ එන්න එන්නම වැඩි වෙනවා මගෙ ඔලුවත් පුපුරන්න රිදෙනවා. යකෝ මීටින් පාර්ටි ඊයෙත් නින්දක් නෑ. නහයත් බර වෙලා හොදටම. මට හෙන අමාරුයි බං. ජිම් විතරක් ගිහින් මේ අවුරුදු ගානටම වැඩක් කරලා ඇග මහන්සි කරේ නෑ. ළඟදි ඉදලා මට මාර මහන්සියක් දැනෙන්නෙ.

"ඩැඩා මට මහන්සි..."

"අදට විතරක් ඉවසන්න... අපි ලොකු අවුලක ඉන්නෙ.." මගෙ ඔලුවත් අත ගාලා හග් එකක් දුන්නා. ඔය පේනවනෙ ඉමෝශනල් ඩැමේජ්. මමත් ආයෙත් පොඩි එකා වගෙ රවලා ඔහෙ ඉන්නවා.

අද පාර්ටි එක රෙඩි කරේ ෆට්ට ප්ලේස් එකක. ඒක නම් ෆට්ටම ෆට්ට. කොළඹින් පොඩ්ඩක් ඈත. කලුතර බෝධියයි, පාලමයි, චුට්ටක් එහායින් කලුතර බීච් එකයි එකම තැනක ඉදන් එතන ෆෝකස් කරන්න පුලුවන්. රෑ නිසාම ලයිට්ස් වලින් වෙනමම ගතියක් ගෙනාවේ. අම්මපා හිතින් හිතුවේ සූටියා මගෙ ලග නෑ නේද කියලා. පූස් ආවේ නැති නිසාම මට පාර්ටි එකෙ කිසිම ෆන් එකක් නෑ. එයා තදේ තනියම තියන්න බැරි නිසා යන්න ඇති. ඊයෙත් හොදටම කොල්ලා අසනීප වුන එකට බයකුත් ඇති. එහෙම හිත හිත මම කළු ගග පේන ඈතක බංකුවකින් ඉද ගත්තා. වටේටම කඩෝලාන වගෙ අහසත් කලුවර වුනාට අඩ හදක් තියාගෙන ඉන්නවා. අතට අත දීලම මහන්සි. නිදහස් වුන විනාඩියෙම රිදෙන උරහිස්සත් මිරිකගෙන අහස දිහා බලන් හිටියා...

'මට හරි මහන්සි ලමයෝ....' ඇස් දෙකත් පොඩි කරගෙන මම ලාවට මවාගත්තෙ පූස්ගෙ මූණ. මම ඒකට ඇබ්බැහි වෙලා දැන්. පේනවනෙ කොච්චරද කියනවා නම් මම එයාට බැදිලා. මම මහන්සි වුන හැමවේලාවකම මම එයාට තුරුල් වෙලා එහෙම කිව්වා මට මතකයි.

"සර්... මම මුකුත් කන්න ගේන්නද?"  ගෑණු කට හඩක් ආවේ. එත් ගෑණු කොහෙද බං මෙතනට ආවේ.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Donde viven las historias. Descúbrelo ahora