"පොඩි මාමේ ඔයා දන්නවා කෞෂිට හැමදේම ඉක්මනින් අමතක වෙන විත්තිය. එහෙම එකෙ ඔයා ඇයි මට නොකියා එයාට කිව්වේ." තාම අරණට යන වැට ළඟ ඉදන් ඌන් ඌන් කතා කරනවා. මම එක වචනයක් කියන්න ගියෙ නෑ. මොකද වැඩක් නෑ මම කියන මෙලෝ දෙයක් අහන්න මෙතන එකෙක්වත් ප්‍රෝගෑම් වෙලා නෑ.
"පුතා වැඩක හිටියෙ..."
"දැන් වෙච්ච දේ වුනා. ආයෙ කොහෙ හරි යනවා නම් මට කියලා යන්න..." ආයෙ අන්තිම උත්තරේ එක වගෙ පූස් කිව්වාම පොඩි මාමාගෙ ඇස් බෝල වුනා.
"එත් දරුවෝ මම ගම නොදන්න කෙනෙක්ද?"
"ඔයාට නෙවේ මාමේ මේ වසවර්ථියාට... මම බය වෙනවා කියලා මේ මනුස්සයට තේරෙන් නෑ..." ඌ මගෙ දිහාවට ඇගිල්ල යවලා පෙන්නුවා.
"මම වෙනුවෙන් බය වෙන්න ඔනේ නෑ මිස්ට සහස්. මම ඔයා වගෙ අහිංසක පොඩි එකෙක් නෙවේ. මම ඔයාට වඩා සෝශල් මනුස්සයෙක්. අනික මගෙ ලෙඩෙ හොද වෙනවා කෙසෙවෙතත් මම තමුසෙ නිසා දැනටම දෙතුන් පාරක් ලැජ්ජ වුනා...."
"හොයපු එකද වැරදි."
"මං ගැන හොයන්න මම බබෙක් නෙවේ... ඕනේ තූත්තුකුඩියක ගිහින් මට තනියම එන්න පුලුවන්. මොකද මම දගයා... නැතුව දෙකට ගනින්න බෑ වගෙ ඉන්න අහිංසකයෙක් නෙවේ..." හින්ට් එක්ටත් එක්ක ඕකට කියන්න ඕනේ.
"විදු... දැන් ඇති..."
"ඔව් මටත් තේරෙනවා මෙතන හිටියා හොදටම ඇති කියලා."
"තමුසෙ නිකන් හැසිරෙන්නෙ මොකක් හරි වෙලා මිනිහා එක්ක තරහා වෙලා යන්න හදන ගෑණියෙක් වගෙනෙ..."
"හේයි මිස්ට සහස්... මම ගෑණියෙක් වගෙ පේනවද? මම නියම පිරිමියෙක්. මොනවා වුනත් ගෑණියෙක් ගාවට දුවන් නොයන ෆට්ට ෆිට්නස් තියෙන එළ පොරක්." ඌට වදින්නම එක්ක මම කිව්ව නිසාදෝ පූස් මාව ගනන් නොගෙන බිම බලාගත්තා. එයා ඔලුව ඉස්සුවේ නෑ... මෙතන තවත් මට ඉන්න බෑ. කැපුන කකුල අව්වට පිච්චෙනවා. මම ආව විදියටම රූම් එකට යන්න පිටත් වුනා.
"ඉන්න දරුවෝ කකුලට බෙහෙත් දා ගන්න..." පොඩි මාමාගෙ කටහඩ ඇහුනත් මම නැවතුන් නෑ.
"මොකක්ද වුනේ මාමේ.." සහස්ගෙ කට හඩත් එක්කම මම රූම් එකට ආවා.
ඇත්තටම මට හිතෙන්නෙ මෙහෙම දෙයක් ගෙදර ඉද්දි මගෙම තැනක් වගෙ දැනුනට මෙතන මගෙම වගෙ හැසිරෙන්නත් මගෙම කියලා කවුරුවත් නෑ මෙතන. ආස කෑම ඕනේ වේලාවට හදලා ලගට ගේන අම්මා, කමලාම්මා දෙන්නා නෑ... මොකක් ඕනේ කිව්වත්, අසනීපයි කිව්වත් දුවලා ඇවිත් ඒ දේ දෙන්න ඩැඩා නෑ, මට කරදර කර කර මගෙ වද ඉවසන් ඉන්න විශු නෑ... මගෙන් බයිට් වෙන්න මගෙ ලගටම මැලියම් වගෙ ඇලෙන ජුන්ඩත් මට දැන් නෑ. කාවවත්ම නොදන්න තැනක මම තනි වෙලා වගෙ දැනෙනවා. මිනිස්සු දාහක් හිටියත් මං වෙනුවෙන් එකෙක් නෑ කියන හැගීම තදටම මේ දවස් 2,3 ට මට තේරෙන්න අරන්.
KAMU SEDANG MEMBACA
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Nonfiksi✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️