"දෙන්නෙ හොම්බට පලයන් ගිහින් ඇවිදලා වරෙන්..." අතකුත් මිට මොලවන් මම ජුන්ඩාට කිව්වා.
"ඉතින් මම ඇවිදලා බං ආවේ... තව කොහෙ ඇවිදින්නද?" මම දැක්කා පූස් කොල්ලා අර ආච්චිත් එක්ක ඈත යනවා. දැන් ඌව අල්ලනවා බොරු...
"මගෙ කරුමේ උඹේ උරුමේ දැන් යමන් එහෙනම් ඇවිදලා එන්න. අපේකාව හම්බුනාද?" මම කැම් එකෙන් ෆෝකස් කරලා අර කොල්ලගෙ ෆොටෝස් බැලුවා. සමහරක් බොද වෙලා එත් සමහරක් ෆට්ට ලස්සනට වැදිලා."ඌ සිල් ගන්නවා ඇති... උඹ මොනවද බං ඕකේ ඔච්චර බලන්නෙ..." මගෙ අතින් කැමරාව ඇදලා බලන්න හදද්දි මම ඌට එරෙව්වා එරවිල්ලක් ආයෙ ආවේ නෑ... මෙහෙම තමා ඌ ඌගෙ ලිමිට් පනින්නෙ බිව්ව වේලාව්ට විතරයි ඉතින්...
"උඹම තියාගනින් ඔය ලබ්බ..." මම කැමරාව බෙල්ලෙ එල්ලන් ඉන්න නිසාම ජුණ්ඩා කටපියන් හිටියා.
"මේක විශුටවත් නොදෙන මම උඹට දෙයිද බල්ලෝ කොහොමත්..."
"යැයි යැයි තමා...""ඕයි දන්සලකටවත් යමන්කො..." පූස් කොල්ලගෙ ෆොටෝ ආයෙ ආයෙ මම බලනවා. යකෝ ඌගෙ ඇස් මට නිකන් පිස්සු වගෙ දැනෙන්නෙ...
"ඉතින් ගිහින් වරෙන්." මම ඒ ඩිංගට මිස් වුන පූස් කොලු හොයන ගමන් බිසි වෙලා ආච්චි ආවා විතරනෙ දැක්කෙ කොල්ලා කොහොමද මිසින් වුනේ. සැක් දුක පුරෝලා කල ගෙඩියයි... සියලු සංසාර ධර්මයෝ අනියතයි කියලා මම අපේ රට හරකා දිහා බැලුවා.
"තොට මොන යකෙක් වැහිලද? යමන් දන්සලකටවත්..." අරූ ආයෙ කියද්දි වැඩක් නෑ මූට කියන කට හොදයි නෑ එක්කෝ ඒකත් ඕනේ නෑ... දුකින් ඉන්නෙ දුකින්.
"යමන් යමන්..." මම අරුට කියද්දී මූ මගෙ කරට අතක් දා ගත්තා. මොකට කියනවද අවුරුදු 22ක් තිස්සෙ විදින වදේ තමයි මේ...
"අඩෝ අඩෝ අන්න වීවා දන්සලක්..."
"බලපම් ඒකෙ පෝලිම..."
"යකෝ ඒක ඉක්මනින් යනවා. යමන්..." වෙන වේලාවට ඉක්මන් වෙන්නෙ මම තමයි. එත් දැන් මට ඉක්මන් වෙන්න වෙන දෙයක් තියෙනවා වගෙ දැනෙනවා. අරු පෝලිමට යද්දි මමත් කැමරාවෙන් අර පොරගෙ ෆොටෝස් චෙක් කර කර ගියා."ඕක පොඩ්ඩක් එහාට දාලා ආතල් එකෙ යමන්කො බං... මට කම්මැලිනෙ රෙද්ද" මූණත් පුලුටු කරන් මූ කියද්දි දුකක් ප්ලේ වුන නිසාම මම කැමරාව එහාට කරලා ඌ එක්ක යන්න ගියා. මොනවා වුනත් ජුන්ඩා මගෙනෙ... නෑ නෑ ඌගෙ ජුන්ඩා නෙවේ... ඌ මගෙ යාලුවානෙ...
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️