59

541 116 29
                                    

දවල්ට කාලා තදන නිදාගන්න ගියෙ මාත් එක්ක දගලලා දගලලා තාත්තීගෙන් හොදටම බැනුන් අහලා. අපි දෙන්නා අශ්වයා පිටේ ගියා... මම එයාට සෙල්ලම් ගෙවල් හැදුවා. එයාගෙ ලස්සන ලස්සන ෆොටෝස් ගොඩාක් ගත්තා. මට සාමාන්‍යයෙන් චිත්‍ර අදින්න බෑ එයාගෙ තාත්තීට වගෙ. එත් මම ට්‍රයි කරා ඉතින්.  මෙහෙමයි ඒක දැකලා අර පූස් තඩියා මට නොසැහෙන්න හිනා වුනා. ඇත්තටම මම ඇන්දේ දිය ඇල්ලයි, කපුටෝ දෙන්නෙකුයි, ඉරයි, ඇයි අනේ ළමයි අදින්න ඕනේ එහෙම. මේ තදන වගෙ එක එක දාර්ශනික මගුල් අදින්න හොද නෑ.. මේ පූසා කොල්ලව නරක් කරනවා.

"මේවා තමයි පොඩි ඌන් අදින්න ඕනේ." මොකෙක්වත් නෑ. ඔක්කොම මට අස් කරන්න දාලා ඒ දෙන්නා වොශ් දාගෙන නිදාගන්න ගියා. දගයා බලු වුන තරමක්. නෙදකින් තූ...

"නෝන්ඩි නොවි කිව්වා නම් ඉවරනෙ පේන්ටින්ග් බෑ කියලා..."

"අනේ මේ පූස් තඩියෝ මට බැරි නෑ ඒ ලමයගෙ වයස එක්ක ඕනේ මම ෆයිට් කරන්න..."

"හා හා පොඩි බේබී... ඔය ටික පිළිවෙලක් කරලා එහෙනම් කාමරේට එන්න.."

එයා දන්නෙ කියලා යන්න විතරයි. මම එපැ වැඩ කරන්න. ඔන්න ඔහෙ මේවා නම් කවදා අස් කරන්න බැරිද? යමු අනේ පොඩ්ඩක් කතා කරන්න... මම ෆ්‍රීජ් එකෙ තිබ්බ අපි දෙන්නාගෙ අයිස් ක්‍රීම් එකකුත් අරගෙනම කාමරේට එබුනා. එයා පෙන්න නෑ. මට එන්න කියලා කොහෙ ගියාද?

"දැන්ම ආවේ... අස් කරලා ඉවරද?"

"යන්න කලින් කරන්නම්.."

මම ඇදෙන් ගිහින් ඉදගෙන අයිස් ක්‍රීම් එක කන්න ගත්තා. මොනවා කරන්නත් කලින් කාලා ඉන්න ඕනේ. ඔය අතරේ තමයි එයා මගෙ ලගට ආවේ. මගෙන් අයිස්ක්‍රීම් එක උදුරගෙන එයා කනකොට මට තනියම හිනා යකො මූව තදන එක්ක ඉස්කෝලේ යවලාවත් දෙයක් කද්දි හලා ගන්නෙ නැතුව කන්න කියලා දෙන්න ඕනේ... කට පුරාම කැපචිනෝ... මම අතෙන් ඒක පිහදාන්න යද්දි එයා අත අල්ල ගත්තා.

"ඉතින් කැපචිනෝ අයිස්ක්‍රීම් කන්න කැමති නැද්ද? නිකන්ම නිකන් පිහදාන එක අපරාධයක්..." ඔය පේනවනෙ ගොනා එන්නෙ පොල් පැලේ ගිලින්න...

මම එයා අල්ලන් හිටිය මගෙ අත අත්තැරගෙන එයාගෙ නිකට අල්ල ගත්තා.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin