84

494 104 36
                                    

රෑ පුරාවටම එක තප්පරේකට මගෙ ඇහැට පෙන්න ඩැඩා ආවේ නෑ. කොච්චර බලන් හිටියත් එයා ආවේ නැති තැනම මම තීරණේ කරා කාමරේට ගිහින් නිදා ගන්න. හෙට මට පුදුම දවසක් වෙන්න ඕනේ. නෑ හෙටින් පටන් ගන්න දවස්....

ඇදට ගිහින් පොඩි එකා ළඟින් ඇල වෙලාම ඉන්දෙද්දි මම කැමරාවෙන් මගෙ ලස්සන ඇස් දිහා බලන් හිටියා. මම ඒ ඇස් වලට මුල ඉදන් බැදුනේ මටවත් හිතාගන්න, මාවවත් නවත්ත ගන්න බැරි විදියටයි. මම හිතනවා මිහිරාන් කියන නමට වඩා අනුත්තර කියන නමට මම ආසයි කියලා. එයාගෙ ඇස් දිහා බලලා මම ආසයි අනුත්තර කියන්න එකෙන් එන්නෙ වෙනමම ෆීලින් එකක්...

එයාගෙ ෆොටෝ එකට හාදුවක් දෙන ගමන් මම පපුවට තුරුල් කර ගත්තා. දවසක එයා වුනත් තේරුම් ගනි එයාට හොදම කෙනා මම කියලා. දැනටමත් එයා ඒක දන්නවා.

මම නිදාගන්න ගියත් මට නින්දක් නෑ දැන් 1ට වගෙ ඇති. මම සාමකට මැසෙජ් එකක් දැන්මේ අලුත් මුකුත් නැද්ද අහන්න. මම සමත්ගෙ වැඩ අල්ලන්න එයා ගාවට යන්නම වෙනවා. එත් සහස්ලා වගෙ ගිහින් ඇල්ලෙන්න බෑ. මට බෑ තවත් ගොනෙක් වෙන්න.

මම ඩැඩාගෙ රූම් එකට ගියා. එයත් තාම නැගිටලා මම ඒ දිහා බැලුවා. එයාගෙ පපුව උඩ තිබ්බ අම්මගෙ ඔලුව අත ගගා කදුලු පුරවන් එයා කල්පනා කරනවා. දොර අඩවල් කරලා ඒ දිහා බලාගෙන මම දැක්කා තාත්තලා දෙන්නෙක් දෙපැත්තක විදවනවා. මමත් දැන් තාත්තෙක් ඒ දැනෙන ගින්දර දැන් මට හොදටම දැනෙනවා.

"ඩැඩා..." මම හෙමින් දොර ඇරලා කතා කරා. එයා උඩ බිම බලනවා. මේ කවුද කියන්න වගෙ.

"විශු..."

"ඩැඩා මම දගයා..." එයා දැන් ඉන්නෙ මම කියලා අවිශ්වාස කරපු එක පුදුමයක් නෙවේ මොකද අජන්ත දන්නවා මම දැන් කලුවර කාමරේට වෙලා ගුලි ගැහෙනවා කියලා. මම ප්‍රශ්න වලට මූණ දෙන්න ගොඩක් බයයි. මම පොඩි කාලේ ඉදන් කරේ ප්‍රශ්න වලින් පැනලා ගිහින් අදුරු කාමරේක තනි වුන එක.

"ඩැඩා... ඔයාගෙ දගයා ආවා..."

"මගෙ දගයා මැරුනා..." ඇස් දෙකත් පිහදගෙන එයා ඇස් පියාගෙන කිව්වේ කේන්තියෙන්. මම එයාගෙ ඇද ගාවම දණ ගැහුවා.

"ඔයා මට මෙහෙම සලකලා නෑ ඩැඩා... මට රිදෙනවා."

"උඹ මෙහෙම වැඩ කරලා නෑ මීට කලින්..."

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now