04

1.2K 199 22
                                    

නින්ද නම් එන්ටර් වෙන්නෙම නෑ. යකෝ මුන් නිකන් පූස් පැටව් දෙන්නෙක් වගෙනෙ. පුරු පුරු ගානවා වගෙ ගොරවනවා. ඊයා ලොම් පිරිච්ච හැත්ත මට ඕකුන්ව පේන්න බෑ. කියද්දිත් ඇගේ මයිල් කෙලින් වෙනවා. හැබැයි මට පෙනියන විදියට පුරු පුරු ගාන එක මගෙ බඩත් කරනවා වගෙ. සව් බීලා, බීම බීලා, අයිස්ක්‍රීම් කාලා, කහ බතකුත් දත කලා කාපු එකාට බඩගින්නක් එනවා කියන්නෙ එක වෙනමම දෙයක්. ඇත්ත කතාව නම් ඒවා නිකන් කැලණි ගගට ලොසින්ජරයක් දැන්මා වගෙ දෙයක් විතරයි.

"ෂූෂූ... බලන්න කැඩපත කොතරම් අගනේය රූ සපුවක්ද? කුඩා නමුත් ඝනකම් නිදහස් කෙහෙ රැල්ල සමග දිගැටි වූ ඇහි බැමියට සාපේක්ෂව සෑදි ඇති අලංකාර දෑසක් හිමි... තරම් ඝන තොල් ඇති මේ තරුණයා... රටට දැයට කොතරම් නිධානයක් ද?" කොන්ඩෙත් පස්සට කරන ගමන් මම කැඩපතින් ඇහුවා. වල් පරයා මූ නෙවේ වචනයක් කිව්වේ... පාට්ටිගෙ රෙද්ද.

"කොච්චර බැලුවත් ඔය ලස්සනෙ ඇති වැඩක් නෑ..." මගෙ එහා පැත්තෙම හිටගෙන විශු කියද්දී මම මෑන්ස්ගෙ මූණ බැලුවා.

"ඒ කිමද සොයුර ඒ..."
"කෙල්ලෙක් දැක්කාමත් එතනින් දුවන මිනිහෙක්ට මොකටද බං ලස්සනක්"

"අපෝ ඔය ටැප් අරින වර්ගයා එක්ක මගෙ නෑනේ ආර්ගිව්මන්ට්... කොච්චර ලස්සන වුනත් බලපන් ටැප් එක අරින්න ගත්තාම ජල සම්පාදනෙත් ඉවරයි. අනික මේ 22ට මොන කෙල්ලොට උට්ටො..."
"22 කියන්නෙ හොදම ඒජ් එක..."
"මේ මේ මේ විශුවෝ උඹට කෑල්ලක් ඉන්නවා නේද?"
"පිස්සුද මම තමුසෙ යාලුවෙනකල් ඉන්නෙ. මට නිදිමතයි..." විශු කාරයා ඒක එහෙන් මෙහෙන් ගස්සලා ආයෙත් නිදාගන්න ගියා.

'උඹ මට හංගලා ගහන්න යන ගේම සක්සස් වෙන්නෙ මේ මල්ලි අන්ධයෙක් වුනොත් තමයි විශු... හැබැයි පස්සෙ කියන්න එපා මම නරකයි කියලා...'

මහන්සියටම නිදා ගත්තට මොකද බං... ඇග නිකන් කඩලා දාලා වගෙ. මොකො ඉතින් කියන තරම් ලේසිද කන්කරච්චල් දෙකක් මැදින් ඉදන් සුක්කානම කරකවන එක. අනේ අපොයි සංසාරේ ගන්දස්කාරේ.. කුණු කෙළ පෙර පෙර ඩබලම නිදි මගෙ දෙපැත්තෙ. මූන් ලී කීතු කීතු කරන්න වගෙ ගොරවන්නෙ. අන්තිමේට මේ කාමරේ තියෙන සිවිලින් ෆෑන් එකත් බිමට කඩන් වැටෙයි කියලයි මට සැක.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now