67

549 116 27
                                    

අශාවයි, ආදරේයි කියන්නෙ දෙකක්. ප්‍රශ්නයක් එන්නෙ නැත්තෙ නෑ ඔය දෙකෙන් කෞෂි අක්කා ගැන ජුන්ඩාට තිබ්බේ මොකක්ද කියලා. ෆීලින් මිනිස්සුන්ට එනවා මම එක දන්නවා. අපි ආදරේ කරන මිනිහෙක් ළඟ ඉන්නවා නම් ඒකට වට පිටාවත් රෙඩි නම් සෙක්ස් කියන්නෙ නතින් කේස් එකක්. එත් එහෙම නෙවේ ඔය කියන වටපිටාව සෙට් නැත්තම් අපිට බෑ ආදරේ කරන කෙනාට රිද්දන්න වැඩ කරන්න.

මම ගෙදරට ආවේ ෆට්ටම මහන්සියකින්. මගෙ ඇග නිකන් කුඩු පට්ටම් වෙලා වගෙ.

"අම්මා... අම්මා..." ගේ ඇරලා දාලා මොකෙක්වත් නෑ වගෙ. වෙනදට නම් කමලාම්මා හරි එළියට එනවා.

අහන්නවත් කෙනෙක් නෑනේ. අද අර ගල් දෙකනෙ අක්කගෙ වෙඩින් එක වත්ද? නෑ එහෙම නම් මට කියලා අඩලා හරි එහෙට ගෙනියනවනෙ. ෆෝන් එක අරගෙන අම්මාගෙ නම්බර් එක ඩයල් කරත් එයාගෙ ෆෝන් අන්සවර් කරන්නෙ නෑ. අම්මපා රත් වෙනවා අම්බානෙකට....

"මොන මගුලක්ද මේ... කෝ මුන්..." මම බය වෙලා... ආයෙත් ඩැඩාගෙ නම්බර් එක ඩයල් කරත් නෝ අන්සවර්. අනේයියා... මොන හුත්තක්ද... ආයෙ ආයෙ ගන්නකොට තමයි ඩැඩා ෆෝන් එක ගත්තෙ.

"ඩැඩා අම්මා කෝ... ගෙදර කට්ටිය කෝ..."

"දගයෝ අම්මා අසනීප වෙලා... හොස්පිටල් නැවැත්තුවා..." කනට හෙණයක් ගැහුවා වගෙ එක දැනෙද්දි මට හුස්ම ගන්නත් අමාරුයි. වෙනදා වගෙම බිම බලාගෙන මගෙ තොල් පොඩි වුනා. එතනින් එහා මොනවා කරන්නද අහන්නද බැරුව මම ගොලු වෙලා...

"ඩ්... ඩ්... ඩැඩා..."

"දගයෝ... දගයෝ..." මම ගොත ගහනවා... හුස්ම හිර කරගෙන වගෙ එකට බය වෙලා ඩැඩා මට ආයෙත් කතා කරාම.

"අම්මා කොහෙද?"

"බය වෙන්න එපා..."

"ඩැඩා අම්මා කෝ..."

"මම ඉක්මනින් ගන්නම්... ඩොක්ට කතා කරනවා..."

"ඩැඩා... මගෙ අම්මා කෝ..." මම ආයෙ ආයෙම එකම දේ අහන්නෙ... එත් ඩැඩා මුකුත්ම නොකිව්ව නිසා දොර කඩම බිම ඉදගෙන මම කල්පනා කරේ අම්මා හොදින්ද කියලා... අනේ මගෙ පපුව රිදෙනවා. එයාට මුකුත් වුනොත් මම මොකද කරන්නෙ... හෝ ගාලා මට එන පූස්ගෙ කෝල්ස් ඔක්කොම කට් කරේ මට දැන් කෝල් එකක්වත් ගන්න මූඩ් එකක් නෑ නිසා. එත් අන්තිමේට එයා ගත්ත කෝල් එක මම ආන්සර් කරලා කනේ තියාගත්ත ගමන්ම...

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now