"උඹලා කාගෙ කීමටද දැන් ආවේ..."
"අවිනාශ් සද්දේ නැතුව වෑන් එකට නැගපන්. නිකන් සද්දේ දාලා නෝන්ඩි නොවි."
"නෝන්ඩි කියන දේ මේ අවිනාශ් දන්නෙ නෑ බං..."
"කයිවාරුව නැතුව නැගපන් බං..." යකෝ මම කැමැත්තෙන් යන්න ඕනේ ගමනක් වගෙනෙ මූන් මේ රංගනේ දාන්නෙ. මම ගනන් නොගෙන මගෙ කාර් එකට නගින්න කකුල තියද්දිම මට හෙවණැල්ලෙන් පේනවා එකෙක් ආවා කියලා මාව අල්ලන්න මාව අල්ලන්න ආව අත රවුමට කරකවලා මම ඌගෙ අත අඹරලා කා එකට ඔලුව හිර කෙරෙව්වා. ඒ ටික වේලාවකින් ඌගෙ කල්ලියම මගෙ පැත්තට එනවා වගෙ තේරුනත් මම වැඩිය කෙයා කරේ නෑ.
සෙට් එකෙම 4ක් වගෙ ඉන්න ඇති. ඌන් ඔක්කොම මගෙන් කද්දි එකෙක් විතරක් මට ඇටැක් එකට ආවා. ඌ මගෙ පපුවට දුන්න තද පාරට මම විසික් වෙලා යද්දි මගෙ කටින් ලේ ගලනවා මට දැනුනා.
"උඹලා ආවේ වැරදි මිනිහා අල්ලන්න..." බෙල්ල මුලට එරිලා නස්පුක් වුනත් මේ දගයා ඌගෙ ලොකු ලයින් නම් අමතක කරන්නෙ නෑ ජිවිතේට...
එකෙක් මගෙ බෙල්ල අල්ලන්න එද්දිත් මම එහාට පැනලා ඌගෙ දණ පොල්කට්ටට පාරක් දුන්නා. ඒක නම් රිදෙන්න ඇති. එත් ඒ තප්පරේම තව එකෙක් මගෙ අත මිරිකලා අඹර ගත්තාම තව එකෙක්ගෙන් වෙඩිල්ලක් තියවුනා... එත් මට නෙවේ ඌට ඒක වැරදිලා තියවුනේ.
එත් තප්පර ගානක් යන්න ඇති. වේගවත් අතක් මගෙ බෙල්ල අල්ල ගත්තා. නහර ඉලිප්පුන මගෙ අත මිටිමෙලවිලා ඌ දිහාට හැරුනේ මරන් කන්න කේන්තියෙන්...
"ලොකු...."
"මම තොපිට කිව්ව දේ නෙවේනෙ තොපි කරන්නෙ..." ලොකු අරුන්ට කෑ ගහලා මට ගැහුව එකාගෙ හකු වලට ගැහුවා...
"මෙයා..." තව එතනම හිටිය එකෙක් කියන්න යද්දි
"මම තොපිට කිව්වා මූට රිද්දලා උඹලා මැරෙන්න එපා කියලා..."
පූස්ගෙ මූණ ඉදිමිලා වගෙ. අඩලමද? නැත්තම් ඇයි? අතේ නහර වල කලු පාට පෙනකොට මම එයා දිහා බැලුවා. එයාගෙ කලබල ඇස් කේන්තියෙන් පෙගවිලා. අතේ ගන් එක තිබ්බ කොල්ලා වෙව්ලනවා. අරු ඌ දිහාවට ඇවිදන් යද්දි
"ලොකු..." අරු අර කොල්ලා ගාවට තිබ්බ අඩි ස්ලෝ කරලා ආයෙත් මගෙ පැත්ත හැරුනා. එයාගෙ ඉස්සල්ලා තිබ්බ මූණ විනාඩියට වෙනස් වෙලා හිනාවක් මූණට ආවා. මම හිතුව තරම් එයා අහිංසක නෑ කියලා මම දැනන් ඉන්නෙ...
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️