08

900 162 17
                                    

Gps ඕන් කරගෙන ඩෙමියල් හොටෙල් එකට මම යන්න ගත්තා. හොටෙල් එකක ඉදලත් අර මිනිහට කෑම ඕර්ඩර් කරන් කන්න මම එනකල් ඉන්න ඕනේ.  මූන් නම් මාව කන්නම උපන් ඩබලක්. නෙදකින්....

"තොපි කෑවද?" මම කොත්තු දෙකකුත් අරගෙන රූම් එකට එද්දි දෙන්නා පොඩි කාලේ වගෙ ගහගෙන ලේ පෙරාගෙන.

"තොපි පොර කෑවද?"
"උඹේ අයියගෙන් අහපන්..."

"තොපිව මරන් කෑවත් මදි... අපරාදේ මට දගයා කිව්ව වෙලේ ඒක මූට දැන්මා නම් නමේ තේරුම හරි හරියනවා."
"දගයෝ මූ මගෙ කලිසම ගලවන්න ආවා..." විශුවා ජුන්ඩට ඇගිල්ල දිග් කරලා කියනවා

"ජුන්ඩෝ මොකටද මූගෙ ජුන්ඩා බලන්න ගියෙ."
"මගුලකට නෙවේ බං කලිසම අස්සට දිමි කඩියෙක් රින්ගුවා. ඒක අයින් කරන්න."
"ඉතින් බං එහෙම රිංගුවා නම් තාම නොකෑවේ ඇයි..." ඇත්තනෙ බං රිංගුවා නම් ඉන්න ඕනේ. ඉන්නවා නම් කන්න එපැයි

"මම ඒකව විසික් කරාම තමයි මූ මාව උස්සලා පොළවේ ගැහුවේ. තොපි දෙන්නටම හොද කරන්න නරකයි."
"හරි අයියෙ උබ ඇයි මගේකාට ගැහුවේ." හේ හේ වේලාවකට මේ දගයා මේ ඩබල අතරේ සාමවිනිසුරු වෙනවා... ඒක සාමාන්‍යයයි.
"ආච්චි මූට ජුන්ඩා ජුන්ඩා කිව්වට ඌගෙ ජුන්ඩා දැක්කාම මූ කොලු කාරයෙක් කියලා පෙන්නෙ.."

"ආ බල්ලො තෝ මොකටද මගෙ ජුන්ඩා බැලුවේ..." ජුන්ඩා අයියට ගහනවා, අයියා ජුන්ඩට ගහනවා. හැබැයි අපේකාත් වැරදි මොකටද බං ජුන්ඩෝ බලන්න යන්නෙ... ඒ නිසාම අතුරු ආබාධ වලින් යම්තාක් ගැලවෙන්න ගෙනාව ජින්ජබියර් එකයි කොත්තුවයි බුදින ගමන් අරුන් හති වැටිලා එනකම් බලන් ඉන්න තමා දැන් තියෙන්නෙ.

මේ දෙන්නා මෙහෙමයි... පොඩි කාලේ ඉදන් රණ්ඩු වුනේ මාව බේදාගන්න බැරුව. මගෙ මෙමරි එක හරි නම් මම කොච්චර විශුට ආදරේ වුනත් වැඩියෙන් මම ගැවසුනෙ ජුන්ඩා එක්ක. ඒ නිසාම තමයි මමයි, ඌයි එකටම හිටියෙ. එත් අවුරුදු 19 වෙනකොට මම මගෙම පාත් එකෙ ගියා  ට්‍රැවලින්, ඒ පාත් එකට අකමැති නිසාම ජුන්ඩා, මාත් එක්ක ගැවසෙන එක අඩු කරේ. නැත්තම් ඌ මගෙ හැමදේටම මුලසුන හොබවන එකා...  ට්‍රැවලින් කියලා නෑ මම යමුමයි කිව්වොත් ඌ ඉක්මනින්ම මන් ගාව ඉන්නවා. එත් විශු එහෙම එන්නෙ නෑ.. මොකද ඌ මලෙන් උපම් කුමරෙක්නෙ

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Où les histoires vivent. Découvrez maintenant