"මුකුලු කරලා ඉවර නම් යමුද සර්..." පිටිපස්සෙන් ඇහුන ඒ බැරැන්ඩි ගොරෝසු හඩෙන් මට ඒ දිහා නොබලම කියන්න පුලුවන් ඒ කවුද කියලා. එත් මට කියන්න බැරි එක දෙයක් තියෙනවා. එයා ඇයි මෙහෙ... මම පිටිපස්ස බැලුවේ ඒ ප්‍රශ්නාර්තෙත් එක්කමයි. මොනවා කරනවද කියලා තේරෙන් නෑ ඇත්තටම.
"ඔයා මෙහෙ..."
"මොකො නිකන් බය වෙලා... මම හිතුවා සතුටු වෙයි කියලා.."
"කෝ පුතා."
"ගෙදර..."
"පූස්... කෝ දරුවා. ඒ ළමයා ලෙඩින් ඉන්නේ... කොහොමද මෙහෙම කෙයාලස් විදියට වැඩ කරන්නෙ." මම පූස් ගාවට ගියෙ බෑග් ටිකත් අමතක කරලා. යකෝ කේන්ති යන වැඩ නෙවේද මූ මේ කරන්නෙ.
"රූම් එකට යමු." පූස් රිසෙප්ශන් ගර්ල් දිහත් අමුතු විදියට ඇහැ දාලා ඉස්සර වුනා. මමත් ඉතින් බෑග් අරන් නාට්ටාමියා වගෙ ඒ පස්සෙ වැටුනා. හුම්ම්ම් නෑ. එත් මම බය වෙලා. මම අඩන සීන් එකට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසාම තමයි ඉතින් මට කෙල්ලො වගෙම පොඩි ඌන් අල්ලන්නෙත් නැත්තෙ. එත් තදන ගැන මගෙ හැගීම ඊට හාස්පසින්ම වෙනස්. පූස්ගෙ ළමයා නිසාද මම දන්නෙ නෑ. එත් මම දන්නෙ මම මේකට බැදිලා කියලා. පූස් රකින්න හදන හැමදේම මගෙත් වෙනවා.
"ඔයා දැන් කියන්න යන්නෙ නැද්ද?"
"කියන්නෙ මොනවද?"
"මනුස්සයො කෝ දරුවා..."
"දැන් කිව්වේ ගෙදර."
"ඔයා නිතරම මෙහෙම මීටින් වලට එනවද?"
"නෑ... මේ ෆර්ස්‍ට් ටයිම්."
"ඇත්ත කියන්න එන්න තරම් මොකක්ද වුනේ..."
"මොනවා වෙන්නද? හැමදාම වගෙ මම ආවා.."
"මෙතන මොකක් හරි ලොකු දෙයක් වෙන්න නේද යන්නෙ. ඔයා සාමාන්‍යයෙන් තදනව දාලා ආවා කියන එකම මට පුදුමයක් ලොකු."
"මොනවා වෙන්නද ඕවර් තින්කින්."
"මම එහෙම තමයි. ඉතින් කියනවා."
"මිහි... පුතා බය වෙනවා ඔයා නැතුව... එයාට තනියම ඉන්න බෑ... කොහොමද එයාව දාලා ආවේ.."
"වෙන මොනවා කරන්නද? මම ආවට සතුටක් නෑ වගෙනෙ..."
මට හිතෙන්නෙම කන පලන්න දැන් නම්... කියන මෙලෝ දෙයක් නොතේරෙනවා වගෙ ඉන්නෙ මොන මගුලකටද?
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️