මේ පරිසරය හරි වෙනස්... ඇහැට හුරු වුනාම මාරම ෆීල් එකක් ඇගට එන්නෙ. බිත්ති බිත්ති වලින් කොටු වෙලා අනුන්ගෙ ඕප දූප cctv වලින් බලන කොළඹ රටේ මම හුස්ම ගන්න එදා ඉදන් අකමැති එකයි. දියුණුව මොකා, කොතන හිටියත් ගන්න පුලුවන් දෙයක් මම හිතන්නෙ එහෙම. සුව අරණේ වටේටම තිබ්බේ ගහ කොළ තිබ්බ වැලි පාර නිසා දූවිලි ආවත් මෙහෙ රෝද වලින් රේස් කරන්න කවුරුත් එන්නෙ නෑ ඔය වැලි අවුස්සන්න කොහොමත්.
හොදට උඩට කරලා හුස්මක් ගත්තොත් මෙතන එන්නෙ බෙහෙත් සුවද. ඒ අර හොස්පිටල් වල වගෙ නහයට දරන්න බැරි එකක් නෙවේ බෙලිමල්, කොත්තමල්ලි, රණවරා එහෙම. මම කැමරාවත් අරන් ගිහින් මෙතන සිටුවේශන් එක වීඩියෝ කර ගත්තා. පූස් වුනත් මෙතන නිතරම හිනා වුන ගමන්ම ඉන්න කෙනෙක්. අවාරෙකට පායන හදක් වගෙ එයා නිකන් හිනා වුනත් මේ තැනෙදි එයාගෙ මූණෙන් හිනාව අයින් කරන්න බෑ...
පොඩි මාමා කියන්නෙ අපේ පූස් ගෙ මාමාලු. අම්මගෙ මල්ලි මම හිතන්නෙ. එයා තමයි අවුරුදු 3කට කලින් කෞෂි අක්කා එක්කයි, පූස් එක්කයි මෙහෙට ඇවිත් තියෙන්නෙ. මෙතන ඉන්න අයගෙන් පූස් ගෙ කෙනෙක්ට කියලා ඉන්නෙ ඒ මනුස්සයයි මල්ලිකා අත්තම්මායි විතරයි. අත්ගුණේ පිහිටුවට මේක කෞෂි අක්කගෙ මහා ගෙදරලු. වටෙන් පිටෙන් ඇහුන විදියට කෞෂි අක්කලා වලව් පැලැන්තියෙ. ඔය මල්ලිකා කියන්න පූස්ගෙ ආත්තම්මා. එයා තමයි පූස්ට අත් ගුණේ හුරු කරලා තියෙන්නෙ. එකනෙ එදා මමා කිව්වේ පුතාට නොගිය ගුණේ මුණුබුරාට ගියා කියලා. එත් මට තියෙන එකම අවුල මේක කෞෂි අක්කගෙ ගම නම් කොහොමද මෙතන වෙද ගෙයක් වුනෙ කියලා.
"අපේ මහත්තයා මෙතන තනියම..."
"අනේ නෑ පොඩි මාමේ... මම මේ ඔහෙ කල්පනා කර කර හිටියා..."
"මොනවා ගැනද?"
"ථූපාරාමේ එක්ක යන්නම් කිව්වට සහස් මහත්තයාට පුංචිවත් නිවාඩුවක් එන්නෙ රෑට විතරනෙ."
"අනේද කියන්නෙ. ඒ වේලාවට කොහොමත් සුදු නෝනා තනි කරන්න බෑ නිසා යන්ට වෙන්නෙ නෑ නොවැ." පොඩි මාමා විට කනවා ඉතින් වචන ගොඩක් දුරට අපි තේරුම් ගන්න ඕනේ..
"ඇයි ඒ?"
"සුදු නෝනා කලුවරට බයයි නොවැ... නරක හීන පේනවා. ඒ නිසා තනියම නිදි කරවන්නෙ නෑ..."
VOCÊ ESTÁ LENDO
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Não Ficção✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️