එයා දගලලා දගලලා වැලි කාලා එනකල් මම ලමයගෙ තාත්තා වෙලා ඒ කොල්ලව පෝෂණේ කරනවා. එක නම් මදැ අරු නිකන් ප්‍රදර්ශනය බඩුවක් වගෙ. පපුවත් එළියෙ දාගෙන කොච්චර කිව්වත් අර ඉන්න එකාට නිදහස දියන් කියලා මෙහෙම තැන් වල තමයි මල නගින්නෙ. අම්මටසිරි වෙන්න...
"ඔයාගෙ තාත්තා එන පාටක් නෑ වගෙ නේද?"
"කමක් ලෑ එලා ලත්තනයි... අල අක්කලට් එලාට වහ වැටිලා..."
"එහෙනම් ඇයි ගිහින් තාත්තී කියලා ගිහින් බදා නොගන්නෙ... තාත්තීට ඔයාව අමතක වුනොත් ඔන්න මම නම් දන්නෙ නෑ..." ටීම් දෙක දැන් පැති මාරු වෙන්න පොඩි බ්‍රේක් එකක හිටියෙ. දැන් මුන් පැය ගානක් ඉදලා ගහනවා ඉවරයක් නෑ.
"ඕලේ ලෑ..."
"හරි ඉතින් මම දන්නෙ නෑ ඕවා... ඔයාව අමතක වුනොත් අර බලන්න එයා කෙල්ලොන්ට හිනා වෙනවත් එක්ක... සැක් මට දුකයි ඔයා ගැන..."
"පොද්දක් ඉන්නෝ..." කොල්ලා වට පිට බැලුවා කෙල්ලෙක් මොකක්ද කියන්න අරුගෙ ලගට ආවා. මූ වැඩේට සෙට් වෙන් නෑ වගෙ නිසා මටම ගේමට බහින්න වෙයිද මන්දා.
"තාත්තී... ගෙදල ලමු...." මෙන්න බොලේ කොල්ලා ලෙල්ලටම තිතටම දුවගෙන ගියා. අන්න මගෙ කොල්ලා....
"තදේට මහන්සිද?"
"තාත්ති අපි ලමු... මාමීටත් මහන්තීලු..."
"ආ... හරි එනම්... කෝ යමු..." ඔන්න එනවා දැන් පස්සත් වන වන... අම්මටසිරි වෙන්න...
"මොකො රවාගෙන..."
"එහෙම නෑ..."
"ඉරිසියා කරන්න එපා... තමුසෙ දැන් පොඩි එකෙක් නෙවේනෙ... වයස 28යි."
"හේයි මට 26 ඕකේ..."
"හරි හරි එහෙනම් දැන් යමුද?"
"මම ෆොටෝස් ටිකක් අරන් එන්නම්... තමුසෙ ළමයා බලාගන්නවා."
"කාගෙද අර චොකලට් කෙල්ලගෙද?"
"නෑ අර ෆෝන් එක දිග් කරන් ආව එකිගෙ..."
"තාත්තී මෙලා මොනාද කියම්නේ.."
"පිස්සු හැදිලා..."
"කෝ එන්න තදේ... බඩගිනිනේ... අපි කාලා ගෙදර යමු..." එයා මට එහෙම නම් මමත් එයාට එහෙමයි... රෙද්ද...
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️