💕...15...💕

389 97 55
                                    



..


..


..









  කාලේ ගෙවිලා යනවා හිතාගන්න බැරි තරම් ඉක්මනට...මං හිතන්නේ ඒ අපි තුන්දෙනාම තුන් පැත්තක ඉදන් හිර වෙලා ඉන්න නිසා වෙන්න ඇති...මගෙ කටේ බලේටම යියි සතියට දවස් හතරක්ම ක්ලාස් යනවා...ඒ එන්නෙත් හැබැයි මුට්ට කර ගැහුවා වගේ අත් දෙකයි කකුල් දෙකයි පාතට දාන් මැරෙන්න ලගයි වගේ....ඊට පස්සෙ මට වෙන්නේ තියෙන වැඩත් අත්‍රෑරලා එයාගේ රිදෙනවා කියන තැන් අතගාන්න...ක්ලාස් ගියාම ඇග රිදෙනවා කියලද...ගිහින් දානවා එක්කම් යනවා  ..අඩි දහයක්වත් පයින් යන්න නෑ..ඒකට මොකද කන් කරච්චලේ නම් මං නිසාලු මේ තරම් එයා දුක් විදින්නේ...මේ තරම් රිදෙන්නෙත් මං ක්ලාස් දැම්ම නිසාලු..යකාගේ කතාවක්නේ ඒක..මං දන්න හැටියට ක්ලාස් ගියාම වැඩිම උනොත් ලමයෙක්ගේ ඔලුවක් රිදෙන්න ගනි..පයින් ගිහින් කකුල් රිදෙයි...මේ හැමදේම අතට පයට කරලා දෙන කොල්ලට ලොවෙත් නැති අමාරු එන එක තමා මටත් තියෙන පුදුමේ....ඒත් ඕවට මුකුත් කියලත් බෑනේ...වැරදි වචනයක් හරි පිට උනොත් අඩන්න  ගන්නවනේ මං ආදරේ නෑ කියලා..කොහෙන් පුරුදු වෙනවද මන්ද මේව නම්..මහ පිස්සු කොල්ලෙක්...ක්ලාස් දැම්මාම මැරෙන්න හදනවා ටෙඩි නැතුව පාළුයි කියලා..ගෙදර ආවාම ඒ පොඩි එකාව අහකට කරලා මගෙ ඇගෙ එල්ලෙනවා...ඇහුවොත් දවසම ටෙඩි මං එක්ක හිටිය නිසා එයාට දැන් මාව ඕනලු...ඊට පස්සෙ එතනත් දෙන්නගෙ යුද්දේ..දවසක මට මැරෙන්න වෙන්නෙ මගෙ වෙලාව ආවාම නෙවේ මේ දෙන්නගෙ මැද්දට හිර වෙලා ඉදලා තමා...


  අනිත් එකා ජාන්...ඒකා පෙනුමට විතරයි පොඩි..ශෙන්ග් පත්වීම හදන් මේ හොස්පිටල් එකටම ඇවිත් නිසා මං ජාන්ව එයාට බාර දුන්නා...නැත්නම් මගෙ වැඩත් එක්ක මට එයාව බලාගන්නවා කියන්නෙ කරන්න අමාරු දෙයක්...ශෙන්ග් ජාන්ගේ ට්‍රීට්මන්ට් ගැන බලන නිසා එයාගේ ඔලුවට ගහපු පාර නිසා ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ, ව්‍යාකූලතා දැන් අඩු වෙලා තියෙන්නෙ..ට්‍රීට්මන්ට් කරන්න ගත්ත මුල් කාලේ එයාට ලොකුවට ඔලුවෙ කැක්කුමක් ආවත් දැන් ඒක අඩුයි...අඩුයි කියන්නෙ මෙහෙමයි...මට ශෙන්ග්ගේ ට්‍රීට්මන්ට් විශ්වාසයි...පැත්තකට වෙලා හිටියට වෙන දේ ගැන මාත් දන්නවා..අපි නිගමනය කරලා තියෙන්නෙ කාලයත් එක්ක වේදනාව අඩු වෙනවා කියලා..ඒත් මේ හොර කොල්ලා සමහර වෙලාවට බොරුවටත් එක්ක එක එක අමාරු ගන්නවා...යියි එක්ක රන්ඩු කරලා මාව බෙදාගන්න බැරි උනාම එයා කරන්නේ ඔලුව අල්ලන් බිම ඉදගන්න එක...ඒක කොච්චර තාත්විකව කරනවද කිව්වොත් අඩලා කෑ ගහලා රිදෙනවා කියන්නෙ නෑ..ඇත්තක් කිය්ලා පේන්නම සෝෆා එකේ කොනක් අල්ලන් කට තද කරගෙන කදුලු හලනවා...ඉකි ගහනවා වගේ උරහිස් දෙකත් හොල්ලනවා....පේන්න නැති නිසා හොයන්න ගත්තාමයි අපි දන්නෙ මෙයා අඩනවා කියලා..එතකොට ඉතින් යියිගේ හුරතලෙත් ඉවරයි...අපි දෙන්නම වට වෙලා පොඩි එකාව නලවන්න ඕන....ඔය කරන්නෙ බොරුවක් කියන එක මං හොයාගත්තේ රිදෙනවා කියලා අතගාන්න ගිහින් වැරදිලා මගෙ ඇගිල්ලක් එයාගේ ඔලුවට තද උනාම..රිදෙන්න ඕන උනත් කොල්ලට ගානක් නැති වෙද්දි මං හොයාගත්තා බොරුවක් තමා කියලා...ඒත් ඉතින් අඩලා හරි එයා හොයන්නෙ ආදරේ  , අවදානේ වෙද්දි මං දැක්කෙ නෑ වගේ පැත්තකට උනා....





...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now