💕..23...💕

315 80 16
                                    


..

..

..




...ටෙ...ඩී...හ්හ්හ්.....


  එයා දිගින් දිගටම කෙදිරි ගානවා..උන විකාරෙන් වගේම ජාන් අපිව දාලා යන්න ගිය එක දරාගන්න බැරිව මගෙ පොඩි එකා තාමත් එයාගේ නම කියනවා....මොනාද මට කරන්න පුළුවන් ...බය වෙන්න ගේගේ ළඟ ඉන්නවා කියලා මං කියන්නද..මං ටෙඩීව ගෙනත් දෙන්නම් කියලා කියන්නද....බොරුවක් කියලා උනත් මට හැමදාටම එයාව රවට්ටන්න පුළුවන් ද....මං දැක්කා..ඒ වගේම මට දැනුනා ඒ දෙන්නා එකිනෙකාට කොයිතරම් ලගද කියන එක...මට හැමදාම එයාලා පොඩි උන් දෙන්නෙක් විතරක් උනු මං නොදැකපු පරිනතකමක් ඒ ඇස් අස්සෙ හැංගිලා ඒ දෙන්නා වෙනුවෙන්ම හැගීමක් ඇති වෙලා තිබුනා. වෙන් වීමක් ගැන නොහිතාම....දවසක ඈත් වෙයි කියලා දැනන් හිටියත් අමතක උනා වගේ ඒ දෙන්නා අදහා ගන්න බැරි තරමට එකිනෙකාට ලන් වෙලා හිටියා...නෑ නෙවේ..සමහර වෙලාවට මට යියිව මග ඇරෙනවා....ඕනකමින් නොකලත් මට නිකන්ම  මගෙ රාජකාරිය එක්ක එයාව අතෑරෙනවා....ඒත් ජාන්...එයාගේ මුලු දවසම..මුලු වෙලාවම එයාට යියි වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කමක් තිබුනා....මං ට්‍රීට්මන්ට්වලට එක්කන් නොගිය සමහර දවස් තිබුනා රන්ඩු වෙලා අඩාගෙන උනත් ජාන් යියි අස්සටම වෙලා හිටිය....ඒ වගේම සමහර වෙලාවල් තිබුනා....දෙන්නගේ රන්ඩුවලදි මං බොරුවට උනත් වේවැලක් කඩා ගත්තහම ගහන්නත් කලින් එයා යියිව බදන් අඩපු....සමහර අවස්ථාවල ජාන් යියිගෙන්ම ගුටි කාලා ඇස් රතු වෙනකම්ම අඩලා මගෙ අස්සෙ රින්ගනවා වෙනුවට යියිගෙම පිට බදාගෙන නිදාගත්තා....සහෝදර බැදීමකට යාලුකමකට වඩා එහා ගිය එයාලගේ බැදීම එයාලටම තේරුම් ගන්න බැරි උනත් වෙලාවල් තිබුනු ඒක මට තේරුනු....එයාලා සමාජෙත් එක්ක ගැටිලා ලොකුවට තැලිලා පොඩි වෙලා නෑ..කොටින්ම ජාන්....ඒ හින්දම ඒ බැඳීමට නමක් දෙන්න දන්නෙ නැතුව එයාලා ඕනතරම් අවස්තාවල අනිත් අය ඉස්සරහ අසරන උනා කියන එක මට දැනුනා.....මං උත්සහා කලා නමක් හොයලා දෙන්න..නෑ මං දැනන් හිටියා...ඒ...ත් අන්තිමට අපි දෙන්නම පරක්කු උනා...ආදරේ කියන්න් වගේම ඒක තේරුම් කරවලා දෙන්නත් අපිදෙන්නම පරක්කු උනා....සමහර විට ආයෙම අවස්තාවක් නොලැබෙන තැනටම....

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now