💕...10...💕

414 105 19
                                    






..


..



..








..ගේගේ...




  මං හිතන්නේ ඒ ගෙවුනු පැය ගානටම යීයි කතා කරපු පලවෙනි වචනේ..දැන් ඒ කටහඩේ කේන්තියක් ඇත්තෙම නෑ..තියෙන්නෙ තනිකරම ඇගේ ඇතිල්ලෙන එන පූස් පැටවු දාන පුරු පුරු සද්දෙ වගෙ තමා එයා කතා කරන්නේ..ඒකත් නිකන් නෙවේ ස්වර් කියනවා වගේ ගේගේ කියන එක අදීනවා..එයාට නම් කේන්තියයි තරහා මරහයි සේරම එය රැයක් නිදාගෙන නැගිට්ටහම ඉවර ඇති.ඒත් මට එහෙම නෑ...මට කේන්ති ගිහින් නෙවේ දැනුයි හරියටම කේන්ති ඇවිත් ඉන්නේ..

..ගේගේ...


  කතා කරල විතරක් නැවතෙන්නෙ නැතුව ඉක්මනටම හොස්පිටල් දුවන්න ලෑස්ති වෙලා කෑම හදන ගමන් හිටිය මාව පිටිපස්සෙන් බදාගත්තා...මං කතා කලාට ඔලුවවත් ඉස්සුවෙ නැති කොට මං තරහා වෙලා කියන එක තේරිලා වගේ එයා පුළුවන් තරන් ඇගේම එල්ලෙන්න හැදුවා...මං අහකට කලත් පොඩි එකෙක් වගේ ආයෙම ඇතිල්ලෙන්නමයි එන්නේ..වැඩක් කරගන්න දෙන්නෙම නෑ...ඒ අස්සෙන් මට පරක්කුත් වෙලා....මන් ඉක්මනටම සැන්විච් ටික බේක් වෙන්න දාලා යියිට කිරි එකක් හදලා දුන්නා..ඒක දෙද්දිවත් මං එයාගේ මූන දිහා බැලුවෙ නැති කොට කොල්ලා ආයෙම මූන බෙරි කරගත්තා.....

..අනේ..හ් මගෙ ගේගේ..ඔහොම ඉන්..න එපා..යියිට දුකයිනේ..

..ම්ම්...

..ගේගේ..

..ආ..මං.මේ බිස්කට් එක ඔයා ආස නිසා ගෙනාවේ..බඩගිනී නම් මේක කන්න...




     මං මූන දිහා නොබලාම ඔරියෝ බිස්කට් එකක් එයාගේ දිහවට තල්ලු කලා..ඒකත් අරගෙන යියි නාහෙන් අඩාගෙන වගේ පැන්ට්‍රිය උඩ ඉදගෙන කිරි එකේ බිස්කට් එක පොගවලා කන්න පටන් ගත්තා...මං හිටියේ උයන වැඩවලට හිර වෙල උනත් මගෙ ඇස් කොනකට අහු උනා යියි හොරෙන් වගේ වහලා තිබ්බ ජාන්ගේ කාමරේ දොර දිහා බලනවා..මොනා හරි අහන්න කියලා මං දිහා බලනවා..ඒත් ආයේ බිම බලාගන්නවා..අහන්න කටත් හදනවා..නාහා ඉන්නවා...බිස්කට් එකත් අතේ පොඩි කරගෙන කිරි එකත් කරකව කරකව ඉදලා හොර ගල් අහුලන කොල්ලා අන්තිමට කොන්ද කෙලින් කරන් ඉදගෙන කතා කලා...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now