💕...29...💕

300 91 21
                                    


..

..

..





   බලන් හිටියා....එයා උත්තරයක් දෙනකම්..එකට තද උනු රෝස පාට තොල් දෙක ඈත් කරලා එන්න කැමති කියලා කියනකම්....කලබලෙන් වගේ කැරකුනු බෝල ඇස් මගෙ ඇස් එක්ක නතර වෙලා හිත නිවන්න පුළුවන් උත්තරයක් දෙනකම්....

..යෝජනාවට තෑන්ක්‍යු ශිශි...ඒත් මට ඕනනෑ මාව දකින්නවත් අකමැති අය ඉන්න තැනකට ඇවිත් කාටවත් කරදරයක් වෙන්න....

  මාව ගැස්සුනා..කිසිම හැගීමක් නැතුව කියපු ඒ වචනවලට....එයා කියන කතාවේ වැරැද්දක් නෑ..හැමදේම ඇත්ත...ඒ උනත් මගෙ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තිබුනා එයා ආයේ ආවොත් කැඩුනු අපේ බැදීම මට ආයෙමත් එකතු කරන්න පුළුවන් වෙයි කියලා....

..මං වෙනුවෙන්වත් බැරිද ජාන්...

..ඔයා වෙනුවෙන් ඕන දෙයක් ශිශි..ඒත් මේ දේ ඇරෙන්න...මන් නිසා කාගෙවත් නිදහසට බාදාවක් කරන්නවත් මගෙ හිත රිද්දගන්නවත් මට ඕන නෑ...හිත බිදෙන වේදනාවට වඩා ඈත් වෙලා ඉදන් විදින වේදනාව සැපයි...

..හැමදේම යියි නිසා නේද..

..නෑ මං නිසා..තාමත් මට ඔය දෙන්නට මූන දෙන්න හිත හදාගන්න අමාරුයි ..

..උන දේ මට කියන්න බැරිද..ම්ම්..

..මට කාලයක් දෙන්න...මං ඉක්මනටම කියන්නම්....

..අවුරුදු තුනක් ගියා ජාන්...

..ඒකමයි මාත් කියන්නේ..අවුරුදු තුනක් ගිහින්...හැමදේම වෙනස් වෙලා...අපේ බැදීම පවා...

..ආයෙමත් අවස්තාවක් දෙන්න බැරිද..

..මං හිතන්නෑ...

...උත්සහ කරලා බලන්න බැරිද...

..උත්සහා කලත් වැඩක් තියෙනවද..

..ඒක කරලම බලන්න පැටියෝ..කිසිම දෙයක් නොකර ඒ දේ කරන්න බෑ කියලා හිතන්න එප..ම්ම්...අවස්තාවක් දීලා බලන්න...දැන්ම උත්සහ නොකළොත් ඕනකම තිබ්බත් ආයේ හරිගස්සන්න බැරි තරමට මේ බැදීම අන්තෙට වැටෙයි..ආයෙත් පාරක් එහෙම වෙන්න දෙන්න ඕනද..අපි තුන් දෙනා ආයෙමත් තුන් පැත්තකට වෙලා ඉන්න ඕනද....ම්ම්..ඔයාම ටිකක් හිතලා බලන්න...අපේ බැඳීමට අවස්තාව දෙන්න ඕන අපි දෙන්නගෙන් කෙනෙක් නෙවේ ඔයයි...






...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now