💕...12...💕

456 99 23
                                    



..


..


..



..යීයී..මොකද මෙතන කරන්නෙ ආ..මම කිව්වා නේද ගෙදරින් එලියට එන්න එපා කියලා...

   මං ජාන්ගෙ පිට අතගාන ගමන්ම එකපාරටම කඩාපාත් උනු යියිගෙ දිහා රවලා බැලුවා...ඒත් ඉතින් ඒක දකින්නත් එයා මං දිහා බලන් ඉන්න එපැයි..ආව වෙලාවෙ ඉදන් බලන් ඉන්නෙ ජාන් දිහා..පොඩි එකා ඔලුවවත් උස්සන්නෙ නැතුව තව තව මගෙ අස්සෙ හැංගෙද්දි යියි ඇස් කරකවන ගමන් ජාන්ගේ ඇස් දෙක හරි හොයාගන්න දැගලූවා..ඒත් නෑ..කොල්ලා ගම් ගාලා වගේ මටම ඇලිලා ඉද්දි යියි මූනත් දෙක කරන් අහන්නෙ බලන්නෙ නැතුවම මං ලගට ආවා..ඒ ඇවිල්ලත් ජාන් දිහාම.බලන්.ඉන්නවා..ජාන්ව අල්ලන්න හදලත් ආයෙම අත ඇදලා ගත්තා...පවු...ජාන්ගෙ හිත රිදිලා..ඒ..ත් එයා මෙහෙම ඉන්නවා දැකලා යියිගේ හිත ඊටත් වඩා රිදිලා.....මං එක අතක් දික් කරලා එයාව මගෙ ලගට ඇදලා ගත්තා...ජාන් මගෙ ඇගම බදාගෙන ඉන්න නිසා මං වටෙන් අත් දාලා එයාව මගෙ උරහිසකට බර කරගත්තා..

..තනියමද ආවේ දරුවෝ..

..ම්ම්..

..මේ තරම් දුරක්...මට කියන්න තිබ්බෙ නැද්ද ආ....

..ඔලී එක්ක..

..මොකක් කිව්වා..ඔලී එක්ක ආවා...කොහෙදිද එයාව හම්බ උනේ..

...............

..උත්තර දෙන්නකෝ ලමයෝ..ඇයි කතා කරන්නෙ නැත්තේ...

..මං එහෙ ගියා..

..එහෙ ගියා..

..ම්ම්..

..මෙහෙ එන්න ඕන නිසාද...

..ම්ම්..

..ඔයා.රන්ඩු උනාද..

..ම්හ්ක්..

..කෝ දැන්..

..දන්නෑ...

..ඇයි ලමයෝ ඔච්චර පොඩි උත්තර දෙන්නෙ..වෙනදට ඔහොම නෑනේ ඔයා..

..................




     යියිගේ කටහඩ කනට ඇහෙන නෑහෙන තරම් වෙද්දි ඒ දුන්නු උත්තරත් කවදාවත් නැතුව  පුදුම තරම් කෙටි උනා....ඔලුව හරවලා බලද්දිත් මං දැක්කේ යියීගෙ ඇස් තියෙන්නේ ජාන් ගාව කියන එක....එක්කෙනෙක්ට කතා කරන්න ඔනකම තිබ්බත් අනිත් කෙනාට අහන් ඉන්න ඕනකම නෑ..ඉතින් මං මොකද කරන්නේ...දෙන්නව යාලු කරන්නත් ඕන..මෙහෙම දෙපැත්තට වෙලා හූල්ලන්න දෙන්න පුළුවන් ද.....




...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now