..
..
..
..ටික් ටික් ට්ක්...
ඔරලෝසුව දෙපැත්තට දුවනවා..හුස්ම ගන්න වේගේ හා සමානව ඒකේ කටුත් තප්පරෙන් තප්පරෙට මාරු වෙනවා...නැවතීමක් ඇත්තෙම නෑ...නැවතෙන්න ඕනකමකුත් නෑ...හරියට මගෙ බ්‍රේක් නැති කකුල් දෙක වගේ....
..ඇයි තාම නැත්තේ....
මං යියිගේ කාමරේ ඉස්සරහට වෙලා ඇගිල්ලකුත් කටේ ගහන් කල්පනා කලා...හරි නම් දැන් එයාලා නැගිටින්න ඕනනේ...නවයත් පහු වෙලා..දෙන්නගෙන් කාටවත් කැම්පස් යන්න ඕන කියලා ගානක්වත් නැද්ද...යියි කෙසේ වෙතත් ජාන් මේ වෙනකොට නැගිටලා ඉන්න ඕනනේ...එයාවත් දොරට ගහන්න ඕන නෙද අරින්න කියලා...ඊයේ රෑ නම් එකදිගට පැය කාලක් විතර දොර අරින්න්න කියලා දැගලුවා..එකපාරටම සද්දෙ නැතුව ගියා ගියාමයි ආයේ මුකුත් ඇහුනේ නෑ....කොච්චර කන් දීගෙන හිටියත් මගෙත් ඇහැ පියවෙනකොට් නින්දෙන් වගේ කවුරු හරි උස් හඩින් කතා කරන එක විතරක් ඇහුනා..ඒකත් ඇත්තක්ද කියන්න දන්නෙ නෑ...ඒත් අනේ මන්දා...මට නම් දැන් පිස්සු වගේ..මේ දෙන්නා එලියට එන්නෙත් නෑ...අඩුම ගානේ කතා කරනවද...මන් ඇගිලිතුඩුවලින් ගිහින් දොරට කන තිබ්බා...ම්ම්...කිසිම සද්දයක් නෑ...මොනා උනත් කියන්න බෑ දෙන්නගෙන් කෙනෙක් හිතේ හිර කරන් හිටිය තරහක්වත් ඊයේ රෑ පිරිමැහුවද කියලා ...දෙන්නට දෙන්නා මරා ගත්තාවත්ද....නැත්නම් දෙපැත්තකට හැරිලා නිදාගත්තාවත්ද...කියන්න බෑනේ..පොඩි උන් වගේ හිටියට ඇත්තටම මුන් කරන්නෙ මොනාද කියන එක මටවත් වෙලාවකට තේරුම් ගන්න බෑ.....
..ගේ...ගේ...හ්හ්....
මන් දොරට තියන් හිටිය කනත් උස්සන් පිටිපස්සට පැන්නා...කන නෑ වගේ..යියි දොරේ එහා පැත්තෙන් ඉදන් උනත් ගහලා තිබ්බෙ මන් කන තියන් ඉන්න තැනටමයි..මේකට දිවැස් තියෙනවද මන්දා...
..ගේගේ අරින්නකෝ...ව්..මට බඩගිනි අනේ...
..ආ හා පොඩ්ඩක් ඉන්න...අගුල තාම හිර වෙලා...
කිව්වට එකපාර අරින්න බැරි නිසා මන් අගුල තද කරන් වට දෙකතුනක් හොලවලා හොල්වලා පොඩ්ඩක් කරකවලා දැන් හරි කියන ගමන් ලොක් එක පැන්නුවා.....ලොක් එක පන්නලා මන් හුස්මක් අරන් ඈත් උනා විතරයි උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන්න දොර ඇරිය පාරට මාවත් එක්ක විසි වෙලා ගියා....යාන්තම් වගේ කකුලක් පැත්තකට තියලා වැටෙන්නෙ නැතුව බේරුනු මන් ඉනටත් අත් දෙක තියන් යියි දිහා බැලුවා...කකුල හොල්ලන්නවත් බෑ කිව්ව කොල්ලා මේන් ජනාදිපති වැඩ බලනවා වගේ මූනත් උඩට කරන් මාව පාස් කරන් ගියා...යකෝ ඒකගේ ලොකුකම...කකුල ගැන ගානක්වත් නෑ...මන් කොහොමත් දැනන් හිටියා ඕක ඔය ඉරිසියාකාරයගේ වැඩක් කියලා...ඇත්තක් උනත් මන් කොහොමත් ජාන්ව කාමරේ ඇතුලට දාන්න තමා හිටියේ...ඒත් මේ කොල්ලා ඉන්න හැටි මට අල්ලන්නෙම නෑ..මොනාම හරි වෙලාද මන්දා...මූනත් ආඩම්බරෙන් පුම්බන්...හරියට මන් දිහා බලන්නෙවත් නෑ..මන් ඉන්නවද කියලා බැලුවෙත් නෑ...රටක් රාජ්‍යක් හම්බෙලා වගේ සතුටකට වඩා ආඩම්බරකමකින් වගේ කුස්සියට ගිහින් කන්න දෙයක් හොයනවා....මටත් හොද වැඩේනේ මුන් දෙන්නට උදවු කරන්න යනවට...උදවු ඉල්ලන්නෙ නැති වෙලාවට පැන පැන උදවු කරන්න යන හැම එකාටම ඔහොම වෙනවා..
YOU ARE READING
...💕IS IT LOVE 💕...( Yizhan Completed ff)
Fanfictionකියුට් කොල්ලො දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද.....